
ඇමෙරිකාවේ රුසියා තානාපති ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව්ගේ මරණය අබිරහසක් බව විදෙස් මාධ්‍ය පවසයි. ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් මියගිය බව රුසියානු විදේශ කටයුතු අමත්‍යාංශය නිවේදනය කළේ ඊයේ (11) දිනයේය. මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙයි.
මියයන විට 66 හැවිරිදි වියෙහි පසුවුණු ඩාර්චියෙව්ගේ මරණයට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.
ඩාර්චියෙව් හදිසියේ අභාවප්‍රාප්ත වූ බව නිවේදනය කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ, ඩාර්චියෙව් 'සුවිශේෂී වෘත්තීයවේදියකු' ලෙස හඳුන්වා දී තිබේ.
'ඇලෙක්සැන්ඩර් ඩාර්චියෙව් රුසියානු විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම අභියෝගාත්මක ක්ෂේත්රයක සේවය කළ අයෙක්. ඔහුගේ පවුලේ අයට සහ හිතවතුන්ට අපගේ බලවත් ශෝකය පළ කර සිටිනවා" යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
බටහිර රටවල් දැඩි ලෙස විවේචනය කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයකු ලෙස සැලකෙන ඩාර්චියෙව්, 2025 වසරේ මාර්තු මාසයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් වොෂින්ටනයේ තානාපතිවරයා ලෙස පත් කරනු ලැබීය. තානාපති ධුරයට පත්වීමට පෙර ඔහු රුසියානු විදේශ අමාත්‍යාංශයේ තනතුරු කිහිපයකම සේවය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd