IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලෝ පරසිදු ගායකයා ලංකාවේ

ලෝක ප්‍රකට ඇමෙරිකා ගායක ගීත රචක ලයනල් රිචී (62)අද සවස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.ඔහු ගිත රචකයෙකි සංගීතඥයයෙක් හා  නළුවෙකි.

ඔහුගේ ගිත තැටි දස කෝටියකට වඩා ලොව පුරා අලෙවි වී ඇත.

ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ උපත ලැබු රිචී ඕබන් සරසවියෙන් උපාධිය දිනා ගත්තේය.

ඇක්සස් සමූහ ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරයට මොහු ඇතුළු වාදක මණ්ඩලයේ 8 දෙනකු පැමිණි අතර ඔවුන් සහභාගීවන ඇක්සස් ආයතනයේ සංවත්සර ප්‍රසංගය ඔක්තෝබර් 11 වැනිදා කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි පැවැත්වේ.

Still1009_00001 Still1009_00006

 



අදහස් (0)

ලෝ පරසිදු ගායකයා ලංකාවේ

සමන්ති Friday, 10 October 2014 01:06 AM

ගාමිණි , ලක්ෂයේ ටිකට් කියන්නේ (ගැලරිය - ඉස්සරහ ආසන ) 5000 කියන්නේ බැල්කනි (පිටුපස ආසන ) (නදී)

:       0       0

ලුම්බිණි Friday, 10 October 2014 01:10 AM

හොඳ මිනිසෙක් සහ සංගීතවේදියෙක්. (නි)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 09 October 2014 12:28 PM

හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඇති. හිතන්න. එක තැටියකට රුපියල් 5 ගණනේ ලාබය තිබ්බත් කෝටි 50 ක්. ඔය ප්‍රසංගය බලනවා තියා ඇතුළු වෙන්නවත් අපිට බැරිවේවි (නි)

:       0       0

පාලිත ගලපිටිය Thursday, 09 October 2014 12:32 PM

මගේ ප්‍රියතම ගායකයා. ලංකාවට සාදරයෙන් පිළිගන්නවා! (නි)

:       0       0

සේරම් පැරිස් Thursday, 09 October 2014 12:45 PM

සාදරයෙන් පිළිගනිමු, අපේ අසහාය ගායක ලයනල් රිචී මහතාව! ආයුබෝවන් ලයනල් රිචී! (නි)

:       0       0

උපාලි Friday, 10 October 2014 01:40 AM

මැතිවරණ එහෙම කිට්ටු නිසා අපේ වේදිකාවලට ගැලපෙන සින්දු දෙක තුනක් ඔය ගමන්ම ගායනා කරවා ගම්මුද? එයා ඉන්න ඕන නැහැ වේදිකාවේ. අපේ බයිලා කට්ටිය වැඩේ දෙයි. පසුබිමෙන් රෙකෝඩ් එක දාන්න විතරයි ඕනා. (නදී)

:       0       0

සුනිල් වෙරෝනා Thursday, 09 October 2014 01:26 PM

මට කියන්න තියෙන්නෙත් අර විරාජ් කියපු දේම තමා. (නදී)

:       0       0

චමීර Friday, 10 October 2014 02:30 AM

හෙලෝ ගීතය ගොඩක් ජනප්‍රියයි. (නි)

:       0       0

රංග ප්‍රදීප් Friday, 10 October 2014 03:03 AM

මං හැමදාම ආස ලයනල් රිචීගේ හලෝ ගීතයටයි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 10 October 2014 03:11 AM

සමහර අයගේ අදහස් දැක්කහම මට හරිම පුදුමයි. එක්තරා සිදුවීමක් නිසා ලංකාවේ වෙනත් දේවල් සිදු නොවිය යුතුයි කියන අඩු මානසිකත්වයක් තියෙන අයට කියන්ට තියෙන්නේ ' බලන් කඩතුරා හැර දෑසේ ' කියලයි. (නදී)

:       0       0

කර්තිනි Friday, 10 October 2014 03:13 AM

ලංකාව ලෝකයේ දියුණු රටක් බව මින් ඔප්පු වෙනවා නේද? ඇමෙරිකාවේ වර්ජන නැද්ද? අනේ විරාජ් ඔයා දන්නා අල ගෙඩිය (නදී)

:       0       0

ලාල් Saturday, 11 October 2014 11:27 AM

ආදරණීය ගායකයාණෙණි,ඔබව ආදරයෙන් පිළිගනිමු. (නදී)

:       0       0

අසෝක Sunday, 12 October 2014 02:51 AM

මේ වගේ ලෝක ප්‍රසිද්ධ ගායකයින්ට මේ පුංචි රට මතක් වීමත් ලොකු දෙයක්.(හේ)

:       0       0

විල්බට් Thursday, 09 October 2014 02:27 PM

ලංකාවේ දේශපාලනය හරියට හින්දි චිත්‍ර පටියක් වගේ හරි අඩු තක්සේරුවෙන් ජනතාව ගැන හිතන්නේ. (නදී)

:       0       0

කුමාරසිරි Friday, 10 October 2014 03:37 AM

ලයනල් රිචි වගේ ගායකයෙක් ලංකාවට ආ එකම ලොකු ආඩම්බරයක් (නදී)

:       0       0

සමන් Thursday, 09 October 2014 02:44 PM

මගේ ප්‍රියතම ගායකයෙක් ලයනල් රිචි. ලංකාවේ හිටියනම් මමත් ෂෝ එක බලන්න යනවා. සුබ ගමන් .(නදී)

:       0       0

ශාන්ත Friday, 10 October 2014 04:01 AM

නියම ගායකයෙක්. (නදී)

:       0       0

කුසලාවති Thursday, 09 October 2014 03:00 PM

ගාමිණී අඩුම ටිකට් එක රු 5000 යි. වැඩිම රු ලක්ෂයයි. රු 5000 දෙකක් වෙන්කරලා දෙන්නද? (නදී)

:       0       0

රණසිංහ Friday, 10 October 2014 04:01 AM

ඇක්සස් කියන්නේ ආණ්ඩුව නෙවෙයි මෙයාව ගෙන්නුවේ ආණ්ඩුව නෙවේ. දුම්රිය වර්ජනයට ඇක්සස් සම්බන්ද නැහැනේ. අදාල නැති කතා වැඩක් නෑ එයාගේ සින්දුවලට කැමති අය ගිහින් තමන්ගේ සල්ලි වියදම් කරලා ටිකට් අරගන සින්දු අහයි. ඉතින් එ්කට අපිට මොකද. (නදී)

:       0       0

චින්තක Friday, 10 October 2014 04:07 AM

මෙයාව ගෙන්නන්න ඇක්සස් සමාගම කොච්චර ගෙවන්න ඇති කියල හිතන්න පුළුවන් ද ? (නදී)

:       0       0

සුනෙත් Friday, 10 October 2014 04:13 AM

රණසිංහ හරි. (නදී)

:       0       0

සනත් Friday, 10 October 2014 04:17 AM

මේක ආණ්ඩුවෙන් කරන වැඩක් නෙමේ නේ. රටේ අාර්ථිකය කඩන් වැටුනු කාලේ සමහරුන්ගේ ආණ්ඩුවලින් යු බි 40 ගෙන්නපු ඒවා මෙයාලට මතක නැහැ (නදී)

:       0       0

සඳුනි Thursday, 09 October 2014 03:35 PM

සාදරයෙන් පිළිගනිමු. ලොව කීර්තිමත් පුද්ගලයින් පැමිණීම අපේ රටට ගෞරවයක්. මම නම් මෙයාගේ සින්දු වලට එතරම් කැමති නැහැ. අපේ කපුගේ දිවුල්ගනේ එයිට වඩා හොදයි කියලා හිතෙනවා. (නදී)

:       0       0

රණසිංහ Friday, 10 October 2014 04:23 AM

චින්තක ඇක්සස් සමාගම වියදම් කරපුවා ආණ්ඩුවේම කොන්ත්‍රාත් අරගන ඇක්සස් සමාගම හොයාගන්නවලු. අපි ඔය කොහේ හරි පොදු ක්‍රීඩාංගනයක තියෙන සංගීත සංදර්ශනයක් බලලා අප්පුඩියක් ගහල විසිල් පාරක් දාල ඉමු. ලබන ආත්මේ සල්ලි ගොඩක ඉපදෙන්න (දේශපාලකයෙක් නම් තමා හොදම) කියල ප්‍රර්ථනා කරමු. (නදී)

:       0       0

රණසිංහ Friday, 10 October 2014 04:29 AM

සනත්, සුනෙත් මහපොළවේ පයගහල කතාකරන එක ගැන මගේ ප්‍රණාමය. ආණ්ඩුවේ සමහර වැඩ මටත් පෙන්නන්න බෑ. එ්ත් ඉතින් එත් ඉතින් හැම දේටම ආණ්ඩුවට දොස් කියා කියා උඩ බලගන ඉන්නේ නෑ මම. හැම වෙලේම තමන්ට කියල සාධාරණ යමක් කරලා පාඩුවේ ජීවත් වෙන්න තමා බලන්නේ. (නදී)

:       0       0

බෙනට් Thursday, 09 October 2014 03:44 PM

රිචි එද්දී ඔහොම නම් නිකන් හරි ඔබාමා කොහේ හරි යන ගමන් වතුර ටිකක් බිල යන්න ලංකාවට පැයකට බැස්සොත් එහෙමනං චීන ජනපති කැලේට දුවන පිළිගැනීමක් දෙයිනේ. මම කියන්නේ නිකන් වතුර ටිකක් බිලා යන්න පැයකට ගොඩ බැස්සොත් (නදී)

:       0       0

නාලි Friday, 10 October 2014 04:33 AM

රිචී හොඳ ගායකයෙක් බවට තර්කයක් විරුද්ධත්වයක් නැහැ. එහෙත් අප හෙළයන් විධියට මේවා කෙසේ දරාගමුද ? සංගී ප්‍රසංගය, ස්වර්ණ කුණ්ඩල, ආරාධනා, කම්පන ආදී සම්භාව්‍ය නාද රටා සත්සර සමග 70 දශකය නිර්මාණය කළ ඒ උසස් රසිකත්වය පර දෙසින් හමා එන විවිද චන්ඩ මාරුතයන්ට හසුවී ගසාගෙන ගොස් ඇති යුගයක. (නදී)

:       0       0

හේමන්ත Friday, 10 October 2014 04:47 AM

තේරෙන්නේ නැති වුනත් මේ මහත්තයාගේ සින්දු අහගන ඉන්න පුළුවන් අඩුම ගානේ සද්දේ විතරක් වත්. අපේ අය කියන සමහර ඒවා සද්දෙවත් අහන් ඉන්න බෑ. කනට පොල්ලකින් ගහනවා වගේ හින්දිත් අපි අහන්නේ භාෂාව දැනගන නෙවේනේ එත් අහගන ඉන්න ආසයි. (නදී)

:       0       0

හේරත් Friday, 10 October 2014 04:51 AM

නාලි සංගීතය කියන්නේ සිංහල සංගීතය විතරක් නෙවේ. කනට මිහිරි දේ මොන භාෂාවකින් කිව්වත් කවුරුත් අහන්න කැමතියි. සංගීතය කියන දේ බලෙන් අස්සවන්න බැහැනේ. සමහරු කැමතියි වේග රිද්ම වලට සමහරු කැමතියි ශාස්ත්‍රීය සංගීතයට ඒක එක එක්කෙනාගේ කැමැත්ත. (නදී)

:       0       0

රෝයි Thursday, 09 October 2014 04:26 PM

මත්තලට එයිද ? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Thursday, 09 October 2014 04:33 PM

කුසලාවතී නංගී ,5000/= කියන්නේ ගැලරිය. මටයි ළමා තැනීටයි ලක්ෂයේ ටිකට් දෙකක් වෙන්කර දෙන්න. සමහරවිට දැනටමත් ඉවර නම්, වලව්වේ සිට ටී.වී එකෙන් බලන්නයි වෙන්නේ (නදී)

:       0       0

නුවන් Thursday, 09 October 2014 05:16 PM

වෙල්කම් ටු ශ්‍රී ලංකා! (මොකද එයාට සිංහල බැරුව ඇති) (නි)

:       0       0

කුසලාවති Thursday, 09 October 2014 05:38 PM

ගාමිණී පැටියෝ ටිකට් දෙක මම කිව්වේ ඔයාටයි මටයි (නදී)

:       0       0

බමුණු Thursday, 09 October 2014 05:52 PM

"දැනට අපිට එච්චරයි අඩු. දුම්රියත් ස්ට්‍රයික්නේ. ලයනල් රිචීගේ සින්දුවක් අහගෙන නිස්කලංකයේ ඉන්න පුලුවන්" ඔව් දුම්රියත් ස්ට්‍රයික් නිසා සියලුම දේවල් වහල දාල අපි පිළිකුල් බාවනාව කරමු . පරාජිතයින්ගේ විකාර. ඔබයි මමයි ඕව නොබැලුවට බලන අය ඉන්නවා ඒගොල්ලන්ට අවස්තාව දෙමු. (නදී)

:       0       0

රජින්ද Thursday, 09 October 2014 05:55 PM

මම තවමත් ආස ගායකයෙක්. මෙතුමාගේ හුගක් ගීතවල තියෙන අමුතු බව හුගක් අගය කරනවා. සාදරෙන් පිළිගන්නවා. (නදී)

:       0       0

සිරියලතා Thursday, 09 October 2014 05:57 PM

අධිරාජ්‍යවාදීන්ට කොහොම කට්ටිය බැන්නත් පිළිගන්නේ නම් කොහොමද? (නි)

:       0       0

නාලි Friday, 10 October 2014 06:30 AM

සොයුරු හේරත්, රිචී මා කැමති ගායකයෙකු බව මුලින්ම කීවා. මෙතන තියෙන්නේ විවිධ රටවල සංගීත විධි හෙලා දැකීම නොවෙයි. සම්භාව්‍ය නිර්මාණ වලින් රටක සුන්දර භාෂාව , සාහිත්‍ය , ආගමික සිතිවිලි, මවුපිය ගුණ වැනිදේ පමණක් නොවේ මානව දයාව සහ ආදරය වැනි සංකල්ප වලින් පවා මිනිස් චිත්ත සන්තානය සුන්දර කරනවා. අද හෙළය තුල ගිලිහී ඇත්තේ එයයි. වේග රිද්ම ගායනා සාදයකදී වැනි තැනක අපිත් ගයනවා. එහෙත් වර්තමානයේ අපේ රටේ ගීත කියා ගයන්නේ මොනවාද ? විද්‍යුත් නාද ප්‍රතිහාර්යන් පමණක් නොවේද ? පුරාන ග්‍රීසියේ මහා ශිෂ්ටාචාරය ගොඩ නැගුවේ ශාෂ්ත්‍රීය සංගීතයෙන් සහ ක්‍රීඩාවෙන්. අද ඔය දෙකම සම්භාව්‍ය පැත්තෙන්, ආචාර ධර්ම වලින් පිරිහිලා. මහා පඬි රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ මේ අදහස බලන්න. " ලෝකය විවිධ රටවලින් එන සුළඟට ඔබේ පෙනහල්ලට ඇතුළුවන්නට දෙන්න , ඔබේ ස්වදේශීය අනන්‍යතාවයට හානි නොකර " (නදී)

:       0       0

බමුණු Friday, 10 October 2014 03:27 PM

"ඉපදුන දවසෙ ඉඳලා අපි අහපු සිංදු හොඳටම ඇති" ඉපදුන දවස කියන්න එතකොට අපි කියන්නම් හොඳ සින්දු අහල තිබෙනවද කියලා. (නදී)

:       0       0

සෝමා Thursday, 09 October 2014 06:48 PM

ඉපදුන දවසෙ ඉඳලා අපි අහපු සිංදු හොඳටම ඇති (නි)

:       0       0

හෂාන්ති Thursday, 09 October 2014 07:11 PM

ලංකාවට සාදරයෙන් පිළිගන්නවා! (නි)

:       0       0

රූපවතී Friday, 10 October 2014 07:07 AM

රට අභ්‍යන්තරයේ සිදුවෙන බොහොම දේවලට මම කැමති නැහැ. එහෙමයි කියලා මගේ රට ලෝකේ කොහේවත් හැංගිලා හොයාගන්න බැරිතැනක අදුරේ තියනවා දකින්නත් මම කැමති නැහැ. ඒ නිසා මෙවැනි දේවලටත් පුංචි ඉඩක් ලැබුනොත් හොදයි ගොයියනේ (නදී)

:       0       0

ජානක Saturday, 11 October 2014 07:43 AM

බස් වල දාන ටකරන් සින්දුද ඕනේ ? (අ)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 10 October 2014 07:25 AM

කුසලාවතී නංගී...වේලාසනින් ඔය බවක් කීවානම් ළමා තැනීට කුද ගහ ගන්න කියලා අන්තර් ජාලයෙන් ටිකටුත් අරගෙන. දැන් ප්‍රමාදයි ! එ්ත් බලන්න නංගී රිච් ධන කුවේරයෙක් වෙලත් ටී ෂර්ට් එකක් හැදගෙන චාම් අන්දමින් ආ හැටි. මයිකල් ජැක්සන් වගේ බොරු ෂෝ කාරයෙක් නොවන බව..ඉතා පැහැදිලියි (නදී)

:       0       0

චමින්ද Thursday, 09 October 2014 11:13 PM

ලයනල් රිචී ඉතාමත්ම හොඳ ගායකයෙක්. මම හරිම ආසයි 'හෙලෝ' සිංදුවට. මමත් ලංකාවේ හිටියා නම් යනවා බලන්න. ගාන කීය වුණත් කමක් නැහැ. (නි)

:       0       0

විරාජ් Thursday, 09 October 2014 12:12 PM

දැනට අපිට එච්චරයි අඩු. දුම්රියත් ස්ට්‍රයික්නේ. ලයනල් රිචීගේ සින්දුවක් අහගෙන නිස්කලංකයේ ඉන්න පුලුවන් (නි)

:       0       0

අශෝක Friday, 10 October 2014 12:00 AM

මට පුදුමය ලංකාවේ සිට පිටරටවලට හිය කිසිම ඇමතිවරයෙකුගේ හෝ කිසිම ගායකයෙකුගේ නමක් පිටරට පත්තරවල යන්නේ නැති නමුත් පිටරටවලින් අපේ රටට එවන් කෙනෙකු ආවිට දෙවි කෙනෙක් ආවා සේ සළකන ආකාරයයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 111 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 468 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 498 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 315 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 905 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site