ලෝක ප්‍රකට ඇමෙරිකා ගායක ගීත රචක ලයනල් රිචී (62)අද සවස ඩුබායි සිට එමිරේට්ස් ගුවන් යානයකින් දිවයිනට පැමිණියේය.ඔහු ගිත රචකයෙකි සංගීතඥයයෙක් හා නළුවෙකි.
ඔහුගේ ගිත තැටි දස කෝටියකට වඩා ලොව පුරා අලෙවි වී ඇත.
ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ උපත ලැබු රිචී ඕබන් සරසවියෙන් උපාධිය දිනා ගත්තේය.
ඇක්සස් සමූහ ව්‍යාපාරයේ 25 වැනි සංවත්සරයට මොහු ඇතුළු වාදක මණ්ඩලයේ 8 දෙනකු පැමිණි අතර ඔවුන් සහභාගීවන ඇක්සස් ආයතනයේ සංවත්සර ප්‍රසංගය ඔක්තෝබර් 11 වැනිදා කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදි පැවැත්වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත්, සුනෙත් මහපොළවේ පයගහල කතාකරන එක ගැන මගේ ප්‍රණාමය. ආණ්ඩුවේ සමහර වැඩ මටත් පෙන්නන්න බෑ. එ්ත් ඉතින් එත් ඉතින් හැම දේටම ආණ්ඩුවට දොස් කියා කියා උඩ බලගන ඉන්නේ නෑ මම. හැම වෙලේම තමන්ට කියල සාධාරණ යමක් කරලා පාඩුවේ ජීවත් වෙන්න තමා බලන්නේ. (නදී)
හෙලෝ ගීතය ගොඩක් ජනප්‍රියයි. (නි)
මං හැමදාම ආස ලයනල් රිචීගේ හලෝ ගීතයටයි. (නදී)
සමහර අයගේ අදහස් දැක්කහම මට හරිම පුදුමයි. එක්තරා සිදුවීමක් නිසා ලංකාවේ වෙනත් දේවල් සිදු නොවිය යුතුයි කියන අඩු මානසිකත්වයක් තියෙන අයට කියන්ට තියෙන්නේ ' බලන් කඩතුරා හැර දෑසේ ' කියලයි. (නදී)
ලංකාව ලෝකයේ දියුණු රටක් බව මින් ඔප්පු වෙනවා නේද? ඇමෙරිකාවේ වර්ජන නැද්ද? අනේ විරාජ් ඔයා දන්නා අල ගෙඩිය (නදී)
ලයනල් රිචි වගේ ගායකයෙක් ලංකාවට ආ එකම ලොකු ආඩම්බරයක් (නදී)
නියම ගායකයෙක්. (නදී)
ඇක්සස් කියන්නේ ආණ්ඩුව නෙවෙයි මෙයාව ගෙන්නුවේ ආණ්ඩුව නෙවේ. දුම්රිය වර්ජනයට ඇක්සස් සම්බන්ද නැහැනේ. අදාල නැති කතා වැඩක් නෑ එයාගේ සින්දුවලට කැමති අය ගිහින් තමන්ගේ සල්ලි වියදම් කරලා ටිකට් අරගන සින්දු අහයි. ඉතින් එ්කට අපිට මොකද. (නදී)
මෙයාව ගෙන්නන්න ඇක්සස් සමාගම කොච්චර ගෙවන්න ඇති කියල හිතන්න පුළුවන් ද ? (නදී)
රණසිංහ හරි. (නදී)
මේක ආණ්ඩුවෙන් කරන වැඩක් නෙමේ නේ. රටේ අාර්ථිකය කඩන් වැටුනු කාලේ සමහරුන්ගේ ආණ්ඩුවලින් යු බි 40 ගෙන්නපු ඒවා මෙයාලට මතක නැහැ (නදී)
චින්තක ඇක්සස් සමාගම වියදම් කරපුවා ආණ්ඩුවේම කොන්ත්‍රාත් අරගන ඇක්සස් සමාගම හොයාගන්නවලු. අපි ඔය කොහේ හරි පොදු ක්‍රීඩාංගනයක තියෙන සංගීත සංදර්ශනයක් බලලා අප්පුඩියක් ගහල විසිල් පාරක් දාල ඉමු. ලබන ආත්මේ සල්ලි ගොඩක ඉපදෙන්න (දේශපාලකයෙක් නම් තමා හොදම) කියල ප්‍රර්ථනා කරමු. (නදී)
මැතිවරණ එහෙම කිට්ටු නිසා අපේ වේදිකාවලට ගැලපෙන සින්දු දෙක තුනක් ඔය ගමන්ම ගායනා කරවා ගම්මුද? එයා ඉන්න ඕන නැහැ වේදිකාවේ. අපේ බයිලා කට්ටිය වැඩේ දෙයි. පසුබිමෙන් රෙකෝඩ් එක දාන්න විතරයි ඕනා. (නදී)
රිචී හොඳ ගායකයෙක් බවට තර්කයක් විරුද්ධත්වයක් නැහැ. එහෙත් අප හෙළයන් විධියට මේවා කෙසේ දරාගමුද ? සංගී ප්‍රසංගය, ස්වර්ණ කුණ්ඩල, ආරාධනා, කම්පන ආදී සම්භාව්‍ය නාද රටා සත්සර සමග 70 දශකය නිර්මාණය කළ ඒ උසස් රසිකත්වය පර දෙසින් හමා එන විවිද චන්ඩ මාරුතයන්ට හසුවී ගසාගෙන ගොස් ඇති යුගයක. (නදී)
තේරෙන්නේ නැති වුනත් මේ මහත්තයාගේ සින්දු අහගන ඉන්න පුළුවන් අඩුම ගානේ සද්දේ විතරක් වත්. අපේ අය කියන සමහර ඒවා සද්දෙවත් අහන් ඉන්න බෑ. කනට පොල්ලකින් ගහනවා වගේ හින්දිත් අපි අහන්නේ භාෂාව දැනගන නෙවේනේ එත් අහගන ඉන්න ආසයි. (නදී)
නාලි සංගීතය කියන්නේ සිංහල සංගීතය විතරක් නෙවේ. කනට මිහිරි දේ මොන භාෂාවකින් කිව්වත් කවුරුත් අහන්න කැමතියි. සංගීතය කියන දේ බලෙන් අස්සවන්න බැහැනේ. සමහරු කැමතියි වේග රිද්ම වලට සමහරු කැමතියි ශාස්ත්‍රීය සංගීතයට ඒක එක එක්කෙනාගේ කැමැත්ත. (නදී)
සොයුරු හේරත්, රිචී මා කැමති ගායකයෙකු බව මුලින්ම කීවා. මෙතන තියෙන්නේ විවිධ රටවල සංගීත විධි හෙලා දැකීම නොවෙයි. සම්භාව්‍ය නිර්මාණ වලින් රටක සුන්දර භාෂාව , සාහිත්‍ය , ආගමික සිතිවිලි, මවුපිය ගුණ වැනිදේ පමණක් නොවේ මානව දයාව සහ ආදරය වැනි සංකල්ප වලින් පවා මිනිස් චිත්ත සන්තානය සුන්දර කරනවා. අද හෙළය තුල ගිලිහී ඇත්තේ එයයි. වේග රිද්ම ගායනා සාදයකදී වැනි තැනක අපිත් ගයනවා. එහෙත් වර්තමානයේ අපේ රටේ ගීත කියා ගයන්නේ මොනවාද ? විද්‍යුත් නාද ප්‍රතිහාර්යන් පමණක් නොවේද ? පුරාන ග්‍රීසියේ මහා ශිෂ්ටාචාරය ගොඩ නැගුවේ ශාෂ්ත්‍රීය සංගීතයෙන් සහ ක්‍රීඩාවෙන්. අද ඔය දෙකම සම්භාව්‍ය පැත්තෙන්, ආචාර ධර්ම වලින් පිරිහිලා. මහා පඬි රවීන්ද්‍රනාත් තාගෝරයන්ගේ මේ අදහස බලන්න. " ලෝකය විවිධ රටවලින් එන සුළඟට ඔබේ පෙනහල්ලට ඇතුළුවන්නට දෙන්න , ඔබේ ස්වදේශීය අනන්‍යතාවයට හානි නොකර " (නදී)
රට අභ්‍යන්තරයේ සිදුවෙන බොහොම දේවලට මම කැමති නැහැ. එහෙමයි කියලා මගේ රට ලෝකේ කොහේවත් හැංගිලා හොයාගන්න බැරිතැනක අදුරේ තියනවා දකින්නත් මම කැමති නැහැ. ඒ නිසා මෙවැනි දේවලටත් පුංචි ඉඩක් ලැබුනොත් හොදයි ගොයියනේ (නදී)
කුසලාවතී නංගී...වේලාසනින් ඔය බවක් කීවානම් ළමා තැනීට කුද ගහ ගන්න කියලා අන්තර් ජාලයෙන් ටිකටුත් අරගෙන. දැන් ප්‍රමාදයි ! එ්ත් බලන්න නංගී රිච් ධන කුවේරයෙක් වෙලත් ටී ෂර්ට් එකක් හැදගෙන චාම් අන්දමින් ආ හැටි. මයිකල් ජැක්සන් වගේ බොරු ෂෝ කාරයෙක් නොවන බව..ඉතා පැහැදිලියි (නදී)
"ඉපදුන දවසෙ ඉඳලා අපි අහපු සිංදු හොඳටම ඇති" ඉපදුන දවස කියන්න එතකොට අපි කියන්නම් හොඳ සින්දු අහල තිබෙනවද කියලා. (නදී)
බස් වල දාන ටකරන් සින්දුද ඕනේ ? (අ)
ආදරණීය ගායකයාණෙණි,ඔබව ආදරයෙන් පිළිගනිමු. (නදී)
මේ වගේ ලෝක ප්‍රසිද්ධ ගායකයින්ට මේ පුංචි රට මතක් වීමත් ලොකු දෙයක්.(හේ)
වෙල්කම් ටු ශ්‍රී ලංකා! (මොකද එයාට සිංහල බැරුව ඇති) (නි)
හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඇති. හිතන්න. එක තැටියකට රුපියල් 5 ගණනේ ලාබය තිබ්බත් කෝටි 50 ක්. ඔය ප්‍රසංගය බලනවා තියා ඇතුළු වෙන්නවත් අපිට බැරිවේවි (නි)
මගේ ප්‍රියතම ගායකයා. ලංකාවට සාදරයෙන් පිළිගන්නවා! (නි)
සාදරයෙන් පිළිගනිමු, අපේ අසහාය ගායක ලයනල් රිචී මහතාව! ආයුබෝවන් ලයනල් රිචී! (නි)
මට කියන්න තියෙන්නෙත් අර විරාජ් කියපු දේම තමා. (නදී)
ලංකාවේ දේශපාලනය හරියට හින්දි චිත්‍ර පටියක් වගේ හරි අඩු තක්සේරුවෙන් ජනතාව ගැන හිතන්නේ. (නදී)
මගේ ප්‍රියතම ගායකයෙක් ලයනල් රිචි. ලංකාවේ හිටියනම් මමත් ෂෝ එක බලන්න යනවා. සුබ ගමන් .(නදී)
ගාමිණී අඩුම ටිකට් එක රු 5000 යි. වැඩිම රු ලක්ෂයයි. රු 5000 දෙකක් වෙන්කරලා දෙන්නද? (නදී)
සාදරයෙන් පිළිගනිමු. ලොව කීර්තිමත් පුද්ගලයින් පැමිණීම අපේ රටට ගෞරවයක්. මම නම් මෙයාගේ සින්දු වලට එතරම් කැමති නැහැ. අපේ කපුගේ දිවුල්ගනේ එයිට වඩා හොදයි කියලා හිතෙනවා. (නදී)
රිචි එද්දී ඔහොම නම් නිකන් හරි ඔබාමා කොහේ හරි යන ගමන් වතුර ටිකක් බිල යන්න ලංකාවට පැයකට බැස්සොත් එහෙමනං චීන ජනපති කැලේට දුවන පිළිගැනීමක් දෙයිනේ. මම කියන්නේ නිකන් වතුර ටිකක් බිලා යන්න පැයකට ගොඩ බැස්සොත් (නදී)
මත්තලට එයිද ? (නදී)
කුසලාවතී නංගී ,5000/= කියන්නේ ගැලරිය. මටයි ළමා තැනීටයි ලක්ෂයේ ටිකට් දෙකක් වෙන්කර දෙන්න. සමහරවිට දැනටමත් ඉවර නම්, වලව්වේ සිට ටී.වී එකෙන් බලන්නයි වෙන්නේ (නදී)
දැනට අපිට එච්චරයි අඩු. දුම්රියත් ස්ට්‍රයික්නේ. ලයනල් රිචීගේ සින්දුවක් අහගෙන නිස්කලංකයේ ඉන්න පුලුවන් (නි)
ගාමිණී පැටියෝ ටිකට් දෙක මම කිව්වේ ඔයාටයි මටයි (නදී)
"දැනට අපිට එච්චරයි අඩු. දුම්රියත් ස්ට්‍රයික්නේ. ලයනල් රිචීගේ සින්දුවක් අහගෙන නිස්කලංකයේ ඉන්න පුලුවන්" ඔව් දුම්රියත් ස්ට්‍රයික් නිසා සියලුම දේවල් වහල දාල අපි පිළිකුල් බාවනාව කරමු . පරාජිතයින්ගේ විකාර. ඔබයි මමයි ඕව නොබැලුවට බලන අය ඉන්නවා ඒගොල්ලන්ට අවස්තාව දෙමු. (නදී)
මම තවමත් ආස ගායකයෙක්. මෙතුමාගේ හුගක් ගීතවල තියෙන අමුතු බව හුගක් අගය කරනවා. සාදරෙන් පිළිගන්නවා. (නදී)
අධිරාජ්‍යවාදීන්ට කොහොම කට්ටිය බැන්නත් පිළිගන්නේ නම් කොහොමද? (නි)
ඉපදුන දවසෙ ඉඳලා අපි අහපු සිංදු හොඳටම ඇති (නි)
ලංකාවට සාදරයෙන් පිළිගන්නවා! (නි)
ලයනල් රිචී ඉතාමත්ම හොඳ ගායකයෙක්. මම හරිම ආසයි 'හෙලෝ' සිංදුවට. මමත් ලංකාවේ හිටියා නම් යනවා බලන්න. ගාන කීය වුණත් කමක් නැහැ. (නි)
මට පුදුමය ලංකාවේ සිට පිටරටවලට හිය කිසිම ඇමතිවරයෙකුගේ හෝ කිසිම ගායකයෙකුගේ නමක් පිටරට පත්තරවල යන්නේ නැති නමුත් පිටරටවලින් අපේ රටට එවන් කෙනෙකු ආවිට දෙවි කෙනෙක් ආවා සේ සළකන ආකාරයයි (නි)
ගාමිණි , ලක්ෂයේ ටිකට් කියන්නේ (ගැලරිය - ඉස්සරහ ආසන ) 5000 කියන්නේ බැල්කනි (පිටුපස ආසන ) (නදී)
හොඳ මිනිසෙක් සහ සංගීතවේදියෙක්. (නි)