IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලක්- අැමරිකා සහයෝගීතා ගිවිසුම වොෂින්ටනයේ

ශ්‍රී  ලංකා පාර්ලිමේන්තුවේ සහ ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී  මණ්ඩලයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මන්ත්‍රී මණ්ඩලය අතර හවුල්කාරීත්වය වර්ධනය කිරීම අරමුණු කොට ගත් සහයෝගීතා ගිවිසුම වොෂින්ටන් ඩී.සී හිදී එළිදැක්වුණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් කථානායක කරු ජයසූරිය ද ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මන්ත්‍රී මණ්ඩලයේ සභාපති පීටර් ජේ. රොස්කට් මහතාත් ගිවිසුමට අත්සන් තැබීය.

එක් එක් රටෙහි ව්‍යවස්ථාදායක පද්ධති පිළිබඳ තොරතුරු හුවමාරුව පහසු කිරීම, දැනුම හුවමාරුව, ඵලදායී ව්‍යවස්ථාදායක කළමනාකරණය පිළිබඳ උපදෙස් සැපයීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ව්‍යවස්ථාදායක කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පුහුණු ලබාදීම් තුලින් එකිනෙකාට සහාය දැක්ම යන මූලධර්ම දෙරට අතර වන සහයෝගීතාවයට පදනම සකසා ඇත. 

unnamed_87 1h_87654



අදහස් (0)

ලක්- අැමරිකා සහයෝගීතා ගිවිසුම වොෂින්ටනයේ

ධම්ම Tuesday, 20 September 2016 05:51 PM

අපි නම් දැන් ‘සුද්දා‘ කියන්නේ අපේ රට යටත්විජිතයක්ව තිබූ එංගලන්තේ අයට විතරයි. (නි)

:       0       0

නෞෆර් - ඇමෙරිකාවේ සිට Wednesday, 21 September 2016 12:07 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්නට කලින් අමෙරිකාවෙන් උපදෙස් ලබාගත්තා නම් හොඳයි නේද? (නි)

:       0       0

කමල් Wednesday, 21 September 2016 02:45 AM

මේකෙන් වෙන්නේ අර පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාටම නිව්යෝර්ක් වල හොඳ ට්‍රිප් එකක් ලැබෙන එක. නිකන් බොරු වැඩ.... (නි)

:       0       0

සජී Wednesday, 21 September 2016 03:06 AM

චතුරි, සුද්දෝ මේ රටට යමක් කළා තමයි. හැබැයි ඒ එන්ගලන්තයේ සුද්දෝ (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Wednesday, 21 September 2016 03:54 AM

ඔහොම තමයි වැඩේ පටන්ගන්නේ. අවුරුදු 10 ක් යනකොට ශ්‍රී ලංකාවේම පාලනය ඇමරිකාවට නතුවේවි. අනේ මෙහෙමත් මිනිස්සු! යහපාලන ආණ්ඩුවේ තියෙන්නෙම සෝබන විතරයි. චතුරිලා වගේ අය නෙමෙයිනේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. එහෙම වුණොත් රට දියුණු වේවි. (නි)

:       0       0

චතුරි Tuesday, 20 September 2016 01:39 PM

සුද්දා සමග අපේ. කට්ටිය. මාස හයක පුහුණුවක් ලැබුවා නම් අපේ රටත් දිව්‍ය ලෝකයක් කරන්න. පුළුවන්. ආසාව,බලතන්හාව ,පෙරේත කම මේ හැම දෙයක්ම ඇත ඇරලා රට සහ ජනතාව ගැන පමණයි හිතන්නේ. පුරුදුවෙන්නේ අදිකාලේ අපේ රට සුද්දට බාරව තියෙනකොට කොච්චර. ලස්සනද .දැන් (අ)

:       0       0

අසංග Wednesday, 21 September 2016 04:45 AM

චතුරි, ඔයා ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් කියන්න පුලුවන්ද (නි)

:       0       0

කාශ්‍යප Tuesday, 20 September 2016 04:51 PM

ඉතින් චතුරි, අපි එහෙනම් සංහිඳියාවේ නාමයෙන් සුද්දන්ටයි, මෙහි සිටින සුළු ජාතින්ටයි මේ රට බාරදෙමු. ඊටපස්සේ, පන්සල්, බුද්ධ ධර්මය, නිවන කියලා දෙයක් ඕනෑත් නැහැ. මේ රට දිව්‍ය ලෝකයක් කරමු. (නි)

:       0       0

අධිකාරී Tuesday, 20 September 2016 05:17 PM

චතුරි වගේ අය නිසා තමයි රට විදේශිකයන්ට කොල්ලකන්න පුළුවන් වුණේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 634 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1043 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 78 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 742 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 337 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1001 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site