IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලක් ඇතින්නට වද හිංසා කරයි

ලංකාවේ සිට ගෙන්වාගත් ඇතින්නකට වද හිංසා කිරීම ගැන එංගලන්තයේ සර්කස් කණ්ඩායමක හිමිකරුවකු වරද කරු කරමින් නඩු තීන්දුවක් දී ඇත. එංගලන්තයේ සතුන් යොදාගනිමින් පවත්වාගෙන ගිය අවසාන සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ බොබී රොබර්ට් සහ එම කණ්ඩායමේ සිටි ‘‘ඈන්’’ නම්  වූ ශ්‍රී ලංකා ඇතින්න බලාගත් රුමේනියා ජාතික ඇත්ගොව්වාට විරුද්ධව මෙම නඩුව පවරා තිබුණේ නොත්හැම්ටන් උසාවියේය. දැනට 58 වන වියේ පසුවන එම ඇතින්න සර්කස් කණ්ඩායමට ගෙන්වාගෙන ඇත්තේ පැටවකු කාලයේදීය. බොහෝ දිනවල ඇය දන්වැල් යොදා එකම තැනක බැද තැබීමත් මීට දිග මුල්ලූවකින් පහරදීමට ඉඩහැරීමක්, වයස්ගත ඇතින්නට වෛද්‍ය පහසුකම් ලබාදීමට පියවර නොගැනීමත් සර්කස් කණ්ඩායම් හිමිකරුට නැගුණ චෝදනා විය. සතුන්ගේ සුභසාදනය පිළිඳ සොයා බලන එන්ජී ඕ සංවිධානයක් බොබී රොබර්ට්ස්ට විරුද්ධව නඩු පවරා ඇත. වසරකටත් වඩා දිගු කාලයක් පැවැති නඩු විභාගයේදී ඇතින්න බැඳ සිටි කුඩාරමේ තිබූ ආරක්‍ෂක කැමරාවල පටිගත වී තිබූ දර්ශන ප‍්‍රධාන සාක්ෂි වශයෙන් උසාවියට ඉදිරිපත් කර තිබිණි. ඇතින්නට වදහිංසා කිරීමට ඉඩ හැර ඇස් කන් පියාගෙන සිටීම පිළිබඳව 69 හැවිරිදි රොබර්ට්ස් වරදකරු වූ අතර අවුරුදු තුනක ශරීර ඇපයක් මත කොන්දේසි සහිතව නිදහස් කැරිණි. සර්කස් කණ්ඩායම්වල සතුන් යොදාගැනීම පිළිබඳව සර්කස් ලෝලයින්ගෙන් මතු වූ අප‍්‍රසාදය නිසා රොබර්ට්ස් සර්කස් කණ්ඩායම බංකොලොත් භාවයට පත් විය. ‘‘ඈන්’’ ඇතින්න දැන් එංගලන්තයේ ඇති හොඳම සතුන්වත්ත වන ලෝන්ග්ලීට් වන උයනේ සතුටින් නිදැල්ලේ ජීවත් වන්නීය. පහරදෙන ඇත්ගොව්වා ඈන් ඇතින්න රොබට්ස් සර්කස් කණඩායමේ සිටි අවදියේ ලෝන්ග්ලීට් වන උයනේ සතුටින් නිදැල්ලේ ජීවත්වන ඈන් සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ බොබී රොබර්ට්



අදහස් (0)

ලක් ඇතින්නට වද හිංසා කරයි

අමිල කටුනායක Monday, 26 November 2012 05:18 PM

ඇතින්නටත් තිබුණේ සර්කස් එකක් පෙන්වන්න (ස)

:       0       0

ප්‍රේමරත්න Monday, 26 November 2012 05:30 PM

සත්තු ඇති කරනවානම් සල්ලි විතරක් නොවෙයි සත්තු ගැනත් හිතන්න (දී)

:       0       0

සමීර Monday, 26 November 2012 05:24 PM

මේ අයට හොදක් වේවිද? (නි)

:       0       0

නිමල් කුමාර Monday, 26 November 2012 05:49 PM

පව් කාර කම

:       0       0

රූපා Monday, 26 November 2012 05:55 PM

ගැට ගහලා ගහන නිසා චන්ඩියා වගේ ගහනවා

:       0       0

නන්දිත Monday, 26 November 2012 05:48 PM

මේ වෙනුවෙන් පියවරක් ගන්න ඕනේ

:       0       0

දිලාන් Monday, 26 November 2012 06:07 PM

කටින් කියන්නද මනුස්සයෝ එපා කියලා

:       0       0

තරින්ද Monday, 26 November 2012 06:20 PM

මේ ඇත්ගොව්වා නම් තිරිසනෙක්, මොහු සමහරවිට මානසික අබාධයකින් පෙලෙන්නෙක් විය හැකී.(ස)

:       0       0

හේමන්ත Monday, 26 November 2012 06:19 PM

මේවා කවදා හෝ පල දෙනවා

:       0       0

හේමා Monday, 26 November 2012 06:42 PM

කවුද මූව ලංකාවෙන් මෙහේට දෙන්න මුල් වුණේ? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 27 November 2012 06:51 AM

දැන් හොදින් ඉන්න එක ගැන සතුටුයි (දී)

:       0       0

ලලිත් Monday, 26 November 2012 07:15 PM

සත්තුන්ට මෙහෙම වැඩ හිංසා දෙන්න එපා කටින් කියන්නද මට එහෙම කරන්න එපා කියලා (දී)

:       0       0

හේරත් Saturday, 01 December 2012 07:57 AM

බලන් ඉන්න බැරි විදිහටනේ ඒ සතාට සලකන්නේ (දී)

:       0       0

හර්ෂණ Monday, 26 November 2012 08:54 PM

එයාලත් ඒ විදියටම වධ හිංසා කළා නම් ඒවායේ වේදනාව තේරෙයි. (නි)

:       0       0

ෂාෆික් Monday, 26 November 2012 03:29 PM

ඇස් දෙකෙන්ම පේනවා ඒ සතාගේ අසරණකම හා වියපත් බව (ස)

:       0       0

ගජබා Monday, 26 November 2012 03:30 PM

සත්තු කවුරුත් අහිංසකයි

:       0       0

උදයංග Monday, 26 November 2012 03:39 PM

ටිකක් හරි පින් කරලා තියෙනවා අවසාන කාලේ හරි සැප විදින්න (ස)

:       0       0

ප්‍රසාද් Monday, 26 November 2012 03:37 PM

අනුමත කරන්න බැහැ

:       0       0

වරුණ Monday, 26 November 2012 03:38 PM

මේ සතා නුහුරු නුපුරු තැනකට පටවපු අයට මේ විපාක විදින්න ලැබෙයි (ස)

:       0       0

අමල් Monday, 26 November 2012 03:48 PM

ඇත්තටම මෙයා ඇතින්නක් නෙමේ . මෙයා " කෙනෙරක් " නේද(ස)

:       0       0

විභූෂ Monday, 26 November 2012 04:00 PM

මේ අමනුස්සයට දීපු දඩුවම මදි (ස)

:       0       0

පනාගොඩ Monday, 26 November 2012 04:15 PM

කොහේ ගියත් අලීන්ටමයි මේ ඔක්කොම කරදර, හරිම අපල කාලයක් (ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 26 November 2012 04:22 PM

මේ අසරණ ඇතින්න රැලෙන් වෙන්කරලා විදෙස් රටකට යවන්න මුල් වුණ අයටත් දිනක විපාක ලැබේවි (ස)

:       0       0

ටිල්මි Monday, 26 November 2012 10:27 PM

අහිංසක සතා පවු. (නි)

:       0       0

ශ්‍රියානි Monday, 26 November 2012 04:29 PM

මොකාද මෙ සතාව වික්කේ කියල හොයල දඩුවම් දෙන්න ඔන. අනිවාර්යෙන්ම දේශපාලකයෙක් සම්බන්ධ ඇති (ස)

:       0       0

එරංග Monday, 26 November 2012 04:28 PM

අපිටත් මේවා දරා ගන්න අමාරුයි

:       0       0

ජගත් Monday, 26 November 2012 04:37 PM

මේ වගේ උතුම් සත්ක්‍රියාවන් කරන මිනිසුන්ට අපේ ප්‍රණාමය...!!! මෙවැනි උතුම් ගුණ පිරුණු මිනිසුන් ලෝකයේ ඉදීම ගැන අපි සතුටුවියයුතුය .....!!! මුදල් උදෙසාම සිත ගත යොදවන මිනිසුන්ට මෙන්න හොද පාඩමක් ....!!! සියලුසත්වයෝ නිදුක්වේවා ....! නිරෝගිවේවා ...!! (ස)

:       0       0

හේරත් Monday, 26 November 2012 04:40 PM

වහාම ඒ මනුස්සයාට විරුද්දව කටයුතු කරන්න (දී)

:       0       0

වැලිකඩ Monday, 26 November 2012 04:57 PM

මෙහෙට අරන් එමු. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 26 November 2012 05:15 PM

මම නම් කියන්නෙ සත්තු හුවමාරුව නතර කරොත් හොදයි කියලා. මේ ඇතින්නට වයස්ගත කාලෙ සීතල උහුලන්න පුළුවන්ද ...කියලා සැකයක් ඇති වෙනවා..? මෙයා උපන් රටින් වෙන්ව ප්‍රිතිමත් ජීවිතයක් ගත කරනවා කියන එක නම් වැරදි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 359 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 934 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1410 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 191 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 785 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 900 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25653 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site