IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලක් කතට අත හිත දෙන්න ඇමරිකාවෙන් එයි

ලොව පුරා කාන්තාවන්ගේ ගැටලූ පිළිබඳ වන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තානාපතිනි කැත්රින් රසල් දෙදින නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණියාය.

ශ්‍රී ලංකා සංචාරයේදී ඇය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

රසල් මහත්මිය මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් ,ආගමික නායකයින්ද හමුවී මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

ලිංගිකත්වය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය ,කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීම ,සාමය හා ආරක්ෂාව ඇතුළත් කාන්තා ගැටලූ පිළිබඳ අදාළ සාකච්ඡා වලදී අවධානය යොමු කිරීමට රසල් කටයුතු කරනු ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.



අදහස් (0)

ලක් කතට අත හිත දෙන්න ඇමරිකාවෙන් එයි

සුරංගි Wednesday, 28 October 2015 11:01 AM

ලෝකය පුරා කාන්තාවන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ මැදපෙරදිග... කාන්තාවන්ට හොදින්ම නිඅහස ඇත්තේ ඇමරිකාව ඇතුලු බටහිර රටවල... ලංකාවේ මිනිස්සු බටහිරට බැන බැන මැදපෙරදිගට කාන්තාවන් මෙහෙකාරකමට යවනවා..(බ)

:       0       0

මල්ෂා Wednesday, 28 October 2015 11:16 AM

සුරන්ගිගේ කතාව ඇත්ත. මම ඉගෙනගන්නේ ඇමරිකාවේ බොස්ටන් වල, මෙහේ අපිට තියෙන නිදහසින් හා අවස්ථා වලින් 1/10 ලංකාවේ බොහෝ ගැහැණුළමයින්ට නෑ. (ර)

:       0       0

ඉනෝකා Wednesday, 28 October 2015 11:45 AM

බටහිර රටවල් වල කාන්තාව බුක්ති විඳින ආරක්ෂාව, ,නිදහස,සමානාත්වය, ආර්ථික පහසුකම් කවදා අපේ රටේ කාන්තා පරපුර බුක්ති විඳීදෝ......! (බ)

:       0       0

නඩරාජා Wednesday, 28 October 2015 11:31 PM

ඇමරිකාවේ කත හොඳට ඉන්නවාද? මේවා ඉතින් හොඳයි අපිටම (නි)

:       0       0

වල්ගම Thursday, 29 October 2015 01:27 AM

ඉනෝකා, ලංකාව කියන්නේ ඇමරිකාව නොවෙයි. ඔබට ඔහේ හොඳ නම් ඔහෙටම වෙලා ඉන්න. හැම රටකම ඒ රටට අදාළ සංස්කෘතියක් තිබෙනවා. අරාබි කාන්තාවන් ගැන මොකද කියන්නේ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 28 October 2015 01:03 PM

ඇය පළමුව සෞදියට ගියා නම් හොඳයි කියා සිතෙනවා (නි)

:       0       0

රෙජි-සිඩ්නි Thursday, 29 October 2015 02:38 AM

ඔය කියා තිබෙන කිසිම දෙයක් ඒ රටේ සිදුවන්නේ නැහැනේ. ඒක තමයි ඒ නෝනා අපේ රටට එන්න ඇත්තේ. (නි)

:       0       0

ටෙෂාන් Wednesday, 28 October 2015 02:41 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

සමන් Wednesday, 28 October 2015 03:32 PM

ඉනෝකා මම අපේ ගෑනිට නිදහස දෙන්න හදනවා හදනවා එ්ත් මේ ගෑනි එපාම කියනවා. මම දැන් උසාවි ගිහින් හරි ගෑනිට නිදහස අරන් දෙන්න බලන්නේ හොඳ නැහැනේ මගේ පැත්තෙන් මම උපරිම සහය දෙනවා කාන්තාවන්ගේ නිදහස සම්බන්ධයෙන්. කවද හරි මගේ ළමයි කියයි අපේ තාත්ත අපේ අම්මට නිදහස දෙන්න හුඟක් මහන්සි වුන කියල (බ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 05:37 AM

අපරදිග සහ පෙරදිග සංස්කෘති අතර බරපතල වෙනස්කම් තිබේ. බුදු දහමින් සුපෝෂිත වූ අපේ මව්බිම අපටම අනන්‍ය වූ හැදියාවකින් යුක්තයි. කාන්තාවකගේ අගය ලොවට පැහැදිලිව කියා දුන්නේ බුදුන් වහන්සේයි. ඇමරිකන් නෝනලාගේ උපදෙස් ගැනීමට පෙර යටපත් වෙමින් පවතින අපේම අදහස් මතු කර ගනිමු. ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය අවම කර ගැනීම සඳහා පන්සිල් පද පහ යතාර්ථයක් කර ගැනීමට අපි දැනුවත් වෙමු. (ර)

:       0       0

කුමුදිනී Thursday, 29 October 2015 05:52 AM

අප්පුහාමි මහතාගේ, ධර්ම ජයවික්‍රම මහතාගේ අදහස් හරියටම හරි. (ර)

:       0       0

අප්පුහාමි Wednesday, 28 October 2015 04:01 PM

වැඩක් කළොත් හොඳයි. ඒ වුනාට ඔය නෝනලා එන්නේ අපට ඇති ආදරයකට නෙවෙයි.තම තමන්ගේ ආයතන පවත්වාගෙන යන්න, ඒවාට ආණ්ඩුවෙන් සල්ලි ගන්න රිපෝට් ලියන්න. රිපෝට් නැතිවුනොත් සල්ලි නෑ. ඔය එන නෝනටත් රස්සාව නෑ. අපේ රට වල මිනිස්සුන්ගේ උද්දච්ච මානසිකත්වය වෙනස් කරන්න ඔය කට්ටියට බෑ.අපිම හැදෙන්න ඕන. (බ)

:       0       0

ඉනෝකා Wednesday, 28 October 2015 05:05 PM

සමන්, ඇයි එහෙම කිවුවේ කියලා මට තේරෙන්නේ නැහැ. හැම පැත්තකම දෙපැත්තක් තිබෙනවා නේද....? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2593 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 8 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 59 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 60 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 12 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 329 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site