IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ලක් චන්ද්‍රිකාව පමාවේ

චීනයේ සීවෑන්ග් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන් අද අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව යැවීම තව දින පහක් පමණ ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි සුප්‍රිම් සැට් ආයතනය පවසයි. තාක්ෂණික කරුණු කිහිපයක් තහවුරු කැර ගැනීමට කාලය අවශ්‍ය වීම සහ චීනය අවට අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ටී.ආර්.විජිත් පීරිස් මහතා කියයි. ඒ මහතා පවසන්නේ සුඑ හෝ තාක්ෂණික දෝෂයක් සිදුනොවන ආකාරයෙන් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බවයි.



අදහස් (0)

ලක් චන්ද්‍රිකාව පමාවේ

බන්දු Thursday, 22 November 2012 01:18 PM

ජයවේව

:       0       0

සිල්වා Thursday, 22 November 2012 01:24 PM

සමහරු උපතින්ම අනුන්ට මඩගහන්න දක්ෂ කිසිම දෙයකින් තෘප්තිමත් නැති පිරිසක් වෙලා (ස)

:       0       0

විජේතිලක Thursday, 22 November 2012 01:34 PM

ශා නියමයි පුතා... මොකක් වුණත් ඕවා දකුණේ වැඩනේ ..(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 08:26 AM

පමා වුණත් මොකෝ වැඩේ හරියට වෙනවනම් .නාසා ආයතනයෙත් ඔහොම වෙන්නේ (ස)

:       0       0

වරුණ Thursday, 22 November 2012 08:20 AM

අයියෝ සල්ලී (ස)

:       0       0

වසන්ති Thursday, 22 November 2012 01:36 PM

හුගක් ‍හොදයි. ඔහොම තමයි පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනෑ. (නි)

:       0       0

චතූ Thursday, 22 November 2012 08:22 AM

තාක්ෂණික දෝෂයක් සිදුනොවන ආකාරයෙන් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතකිරීමට අවශ්‍යයි ඒක ඇත්ත........හදිස්සියට වරාය විවෘතකරා මතකයිනේ (ස)

:       0       0

ජනක Thursday, 22 November 2012 07:00 PM

හැම වෙලාවෙම මෝඩ මිනිස්සු මොනවා කියනවද මන්දා? ඇයි මිනිසුනේ, ඇයි මේ අපහාස කරන්නේ? (නි)

:       0       0

නිමල් Thursday, 22 November 2012 08:54 AM

රාජකීය නැකැත් කරුගේ උපදෙස් මත කල් දමන ලදී !(ස)

:       0       0

මාරසිංහ Thursday, 22 November 2012 09:03 AM

අනේ ඒක නම් කමක් නැහැ... ඔහොම දේවල් වෙනවානේ.. ඒත් අර මෙහෙන් ගිය ඇමතිගේ හෝටල් බිල දවස් පහක් වැඩි වෙන එක තමා ගැටළුව..!(නු)

:       0       0

සරත් Thursday, 22 November 2012 09:03 AM

හොඳයි කියනවා ඇර වෙන මොනවා කියන්නද (ස)

:       0       0

ලාල් Thursday, 22 November 2012 08:11 PM

අයියෝ සල්ලි

:       0       0

සම්පත් Thursday, 22 November 2012 09:05 AM

මේකට මුදල් කාගෙන්ද ??? (ස)

:       0       0

අමිල කටුනායක Thursday, 22 November 2012 09:07 AM

ඕක උඩ යද්දි බඩු මිලත් උඩ යාවිද ??? (ස)

:       0       0

ශීලා Thursday, 22 November 2012 09:10 AM

දවස් 5 ක් කල් යද්දි අර මෙහෙන් ගිය අයට හෝටල් බිල් ගෙවන්නත් එපැයි (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 22 November 2012 09:13 AM

පටු අදහස් දුරුකරලා, රටක් ලෙස අප තබන මේ යෝධ පියවර ශ්‍රී ලාංකිකයන් ලෙස අප හැම සුභ පැතුම්.. ජයසිරි.. භවතු සබ්බ මංගලම් - රක්ඛන්තු සබ්බ දේවතා.!(නු)

:       0       0

හර්ෂණ Thursday, 22 November 2012 09:21 AM

"මේඩ් ඉන් චයිනා " වගේ වේවිද දන්නේ නෑ !! (ස)

:       0       0

නිලූ Thursday, 22 November 2012 09:22 AM

හැම දේම වෙන්නේ හොඳටයි (ස)

:       0       0

හේරත් Thursday, 22 November 2012 02:19 PM

කනගාටුයි

:       0       0

අජිත් Thursday, 22 November 2012 09:32 AM

මෙදා පාර නැකැත් කරුගේ හඳහනත් බලන්න වෙයි වගේ (ස)

:       0       0

දිලන්ක Thursday, 22 November 2012 09:49 AM

අනිවාර්‍යයි ඕක කඩන් වැටෙනවා (ස)

:       0       0

අචිනි Thursday, 22 November 2012 09:51 AM

ඕක උඩයවන වෙලාවට යට ඉන්නේ බලාගෙනයි.. මතකනෙ නොරොච්චෝලෙට චීනයෙන් ගෙනාපු ටර්බයින්.. ඒ වගේද දන්නෙ නැහැ..!(නු)

:       0       0

බණ්ඩාර Thursday, 22 November 2012 09:05 PM

මේකත් "මේඩ් ඉන් චයිනා" නේද? (නි)

:       0       0

මංගල Thursday, 22 November 2012 09:09 PM

මේක ඇත්තටම උඩ යාවිද? (නි)

:       0       0

සමන්ත Thursday, 22 November 2012 09:50 AM

දිලන්ත මොනවාද මේ කියන්නේ.. මේක මේක අසාර්ථක වෙන්න බලන කොටසකුත් ඉන්නවා..!(නු)

:       0       0

ඩයස් Thursday, 22 November 2012 02:37 PM

සන්තෝසයි....

:       0       0

රණසිංහ Thursday, 22 November 2012 10:02 AM

වරුණ කොහොමද මේ සල්ලි අපරාධයක් වෙන්නේ.. අනික අපිට ඉන්න හොදම හිතවතා චීනයයි.. වරදින එකක් නැහැ ගුවනත් ජය ගනී ළගදිම..!(නු)

:       0       0

කෙවින් Thursday, 22 November 2012 10:05 AM

රටවත් හරියට පාලනය කරගන්න බැරි අයට මොන චන්ද්‍රිකාද?(නු)

:       0       0

ශාන් Thursday, 22 November 2012 10:00 AM

දිලන්ත ඔබ හරි වගෙයි.. මටත් ඔය අදහස නිකං ආවා.. බලමු ඔක්කොම දෙවියන්ගේ අතේ තියෙන්නේ..!(නු)

:       0       0

නන්දන Thursday, 22 November 2012 10:02 AM

කොහොමත් පරක්කුයිනේ. (ස)

:       0       0

ටිකිරි Thursday, 22 November 2012 09:49 PM

අනිවාර්‍යයි ඕක කඩන් වැටෙනවා මට ඉර හඳ වගේ විශ්වාසයි (ස)

:       0       0

බණ්ඩාර Thursday, 22 November 2012 09:53 PM

දැන් අපිට අඩු චන්ද්‍රිකාව පමණද? (නි)

:       0       0

වසන්ත Thursday, 22 November 2012 10:12 AM

ඔය දිලික්ක කියන ඕවා පරණගම අයට මැජික්. ඒකයි ඔක කඩාගෙන වැටෙනවා කියන්නේ.. (නු)

:       0       0

බණ්ඩාර Thursday, 22 November 2012 09:58 PM

"කන්න නැතිව මා මැරුණත් මගේ රට දියුණුවෙනවානම් වෙන සතුටක් තවත් නැත..!" අනේ! මෙහෙමත් මෝඩයෝ ඉන්න රටකනේ මම ඉපදුණේ? (නි)

:       0       0

අනුර Thursday, 22 November 2012 09:51 PM

චන්ද්‍රිකාව රූමස්සලට ඉහළින් තිබුණොත් තමයි නියම ස්ථානය. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ද මේ බව සදහන් කර ඇත. ඹබගේ අදහස් සදහා විවෘතය. (නි)

:       0       0

නාමල් Thursday, 22 November 2012 03:00 PM

වැඩේ නම් හොදයි

:       0       0

අමිල Thursday, 22 November 2012 10:15 AM

මොනවා කළත් මුලට එන්නේ රාජපක්ෂ කෙනෙක්..!(නු)

:       0       0

ලලිත් සෞදි Thursday, 22 November 2012 10:22 AM

දිලංකගෙ මෝඩ කතා.. සිහංලයාගේ හැටි ඔහොම තමයි.. හොද දේටත් නරකදේටත් අසුභවාදී ලෙසමයි පේනේනෙ.. චන්ද්‍රිකාව කියන්නේ මොකද්ද කියලා පොත පතෙන් ඉගෙන ගෙන එන්න..!(නු)

:       0       0

රණසිංහ Thursday, 22 November 2012 10:15 AM

දිලංක මෝඩ කතා කියන්න එපා.. අපිත් නැගිටින්නම් ඕවත් කරන්න වෙනවා.. ආශිර්වාද කරන්න..!(නු)

:       0       0

ලාල් ' Thursday, 22 November 2012 03:08 PM

ලත් තැනම බාධයි (දී)

:       0       0

ශානක නුවර Thursday, 22 November 2012 10:17 AM

හිටපු චන්ද්‍රිකාවත් හැමදාම පරක්කුයිනේ..!(නු)

:       0       0

හේරත් Thursday, 22 November 2012 10:23 AM

රුපියල් කෝටි 750ක් කියන්නේ අපේ වගේ රටකට පොඩි ගානක් නෙමෙයි.. සමහරුන්ගේ පොඩි කාලේ ඉදලා තිබ්බ පොඩි පොඩි බලාපොරොත්තු ඉටු කරගන්න ගිහිං පොඩි පොඩි මිනිස්සුන්ට ලොකු ලොකුවට දැනෙන වැඩ කරන්නේ ඇයි..?(නු)

:       0       0

වසන්ත Thursday, 22 November 2012 10:38 AM

නිලූ.. ඔයාගෙ එකත් කැඩිලා වැටුනාද?(නු)

:       0       0

ශිරාස් Thursday, 22 November 2012 10:36 AM

මේක බාල චන්ද්‍රිකාවක්ද?(නු)

:       0       0

ප්‍රබුද්ධ Thursday, 22 November 2012 10:53 PM

සුබ අනාගතයක්.....!!! ග්‍රී ලංකා ආශ්චර්යය ලෝකෙටම පෙන්නන්න. (නි)

:       0       0

ලසන්ත Thursday, 22 November 2012 03:34 PM

මේකේ අපේ සමහරුන්ගේ පින්තූර ගහලා යැවුවා නම් පිටසක්වල අයගේ ඡන්ද ටික ගන්න තිබුණා. (නි)

:       0       0

ෆාසල් Thursday, 22 November 2012 11:08 PM

රට බන්කොලොත් (ස)

:       0       0

රොෂාන් Thursday, 22 November 2012 03:43 PM

නමේ මොකක්හරි අවුලක්ද දන්නේ නැහැ. ඒ නම ගෑවුණත් පරක්කුව තමා මතක් වෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Thursday, 22 November 2012 10:54 AM

දිලංක ඔයාගේ කතාවට මිනිස්සු බනින්නේ ඔයා හදපු අහිංසක මව්පියන්ට..!(නු)

:       0       0

ජීවන් Thursday, 22 November 2012 11:12 AM

චන්ද්‍රිකාව හොද දෙයක් උනත් ඇයි කිහිපදෙනෙක්ගේ උවමනාවට අපේ බදු සල්ලි වලින් රොකට් අරින්නෙ..!(නු)

:       0       0

අසන්ක Thursday, 22 November 2012 11:14 AM

දිලන්තලා වගේ මිනිස්සු නිසා තමයි අද අපේ රටට මෙහෙම විනාශයක් වෙලා තියෙන්නේ. (නි)

:       0       0

සම්පත් Thursday, 22 November 2012 03:43 PM

මේක යවන්නෙ ශ්‍රි ලංකා දුම්රිය දෙපර්තමේන්තුවෙන්ද....................????? (ස)

:       0       0

නිමල් සිරි තිස්ස Thursday, 22 November 2012 11:17 AM

මෙහි තිබෙන අදහස් දැක්කහම කියන්න තියෙන්නෙ ඉන්නෙ අඥානයින් කියලයි. මොන දේ කළත් වැරදියි. මෙයාලට බැරිද දන්නෙ නැහැ රට පාලනය කරන්න. (නි)

:       0       0

කුමාර Thursday, 22 November 2012 11:17 AM

දිලංක ඔහේලා වගේ මිනිස්සු නිසයි මේ රටට හරි යන්නෙ නැත්තේ.. කරුණාකරලා වෙන රටක් හොයාගෙන යන්න. ඔය අදහස් එන්නෙ තමන්ගේ රටට ආදරයක් නැති අයටයි.. කන්න නැතිව මා මැරුණත් මගේ රට දියුණුවෙනවානම් වෙන සතුටක් තවත් නැත..!(නු)

:       0       0

නදී Thursday, 22 November 2012 11:18 AM

අනේ! සාර්ථක වෙලා හොද ප්‍රතිඵල ලැබෙන්න ඕනෑ. (නි)

:       0       0

මධුෂාන් Thursday, 22 November 2012 11:44 AM

නිමල්සිරි මහතා තිස්ස ඔබේ අදහස් සහතික ඇත්ත.. මෙවැනි නිරතුරුවම කෑම සදහා කට ඇරන් බලාන් ඉන්න පිරිසක් ඉන්න රටක් කවදා ඉදිරියට යන්නද? ඔය අදහස් දාන අයට බැරිද කියන්න වගේ රට දියුණු කරන්න.. කියවිල්ල පැත්තක තියලා තමන්ගේ රාජකාරිය හරියට කරන්න..!(නු)

:       0       0

භාග්‍යා Thursday, 22 November 2012 04:23 PM

මේවා කරන්න කලින් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න ඕනෑ. (නි)

:       0       0

මදු Friday, 23 November 2012 01:37 AM

ඕක සාර්ථක වේවිද? (නි)

:       0       0

ඉන්දික Thursday, 22 November 2012 11:49 AM

මෙතන හුගක් අයට තියෙන ප්‍රශ්නේ මේක විපක්ෂය මැදිහත්වෙලා නොකරපු එකයි. (නි)

:       0       0

නාලක Thursday, 22 November 2012 11:57 AM

මම හිතුවෙ 2004 චන්ද්‍රිකාව උඩ යැව්වා කියලා.!(නු)

:       0       0

ජයලත් Friday, 23 November 2012 03:46 AM

ඉන්ද්‍රජිත්ලා,චතුලා, වගේ රටේ දියුණුව දකින්න බැරි නායකයන් පවා රටේ ඉන්නවා. මේ අය සිංහලයන්ද? ලැජ්ජාවෙ බැහැ. (නි)

:       0       0

පුෂ්පෙ Thursday, 22 November 2012 12:03 PM

මේක ලක් නෙමෙයි චයිනීස්. අපේ වෙන්නෙ යම් කාලයක් ගියහම. වැඩි කොටසක් දාල තියෙන්නෙ ච්යිනවලින්. අනික මේ සුප්‍රීම් කියන්නෙ චීනෙට අනුබද්ධිත කොම්පැණියක්නෙ.(ස)

:       0       0

තුසිත Saturday, 24 November 2012 01:40 PM

ජ්‍යාත්‍යන්තර බලපෑමක්ද

:       0       0

චන්දි Thursday, 22 November 2012 04:43 PM

අපි වගේ රටකට මෙතරම් මුදලක් දරාගන්න අමාරු බවයි මගේ නම් අදහස වෙන්නේ. (නි)

:       0       0

රුවන් Thursday, 22 November 2012 12:05 PM

දකුණු කොරියාව රුසියාව සමග එකතු වී හදපු නාරෝ චන්ද්‍රිකාව දෙපාරක් යවලා, දෙවැනිපාර කඩාගෙන වැ‍ටුණාලු නේද ගිය අවුරුද්දේ? පොඩ්ඩක් පහුවෙලා හරි අපේ චන්ද්‍රිකාව කොහොමහරි සාර්ථකව යවන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

රාජා Thursday, 22 November 2012 12:06 PM

ප්‍රමාද උනාට කමක්නැහැ. වැඩේ හරියට කරනවා නම්. භවතු සබ්බ මංගලම් රක්කන්තු සබ්බ දේවතා. අපේ රට දිනෙන් දින දිනේවා!!!!! (නි)

:       0       0

සිදත් Thursday, 22 November 2012 12:21 PM

හැම දේම සුභවාදීව හිතන්න.. පරක්කු උනේ හොදට කියලා හිතන්න..(නු)

:       0       0

රංග Thursday, 22 November 2012 12:30 PM

මේකෙ දාල තියන කමෙන්ට් වලින් පේන්නෙ අපේ රට සුරපුරයක් තරමට දියුණු කලත්,මිනිස්සුගෙ ආකල්ප නම් කවමදාවත් දියුණු කරන්න බැරි බවයි.(ස)

:       0       0

සනත් Thursday, 22 November 2012 05:01 PM

දිලංක (ලා) හිතං ඉන්නෙ සරුංගලයක් යවනවා කියලා.... බාලයෝ වගෙ අනුන්ගෙ සරුංගලේ වැටියන් කියන නොදරුවෙක්. රටේ දියුණුවට යමක් වෙද්දි පාට කණ්නාඩි ගලවන්න. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 22 November 2012 05:03 PM

මේකේ අදහස් දාන දේශප්‍රේමීන්ට මෙතුවක් කල් ලංකාවට අඩු වෙලා තිබිලා තියෙන්නේ චන්ද්‍රිකාවක් විතරයි වගේ. දැන් ඉතින් මේක යැවුවම ලංකාව කිසි කිසි ගාලා දියුණු වෙයි! නොරොච්චෝලේ බලාගාරේ හදපු දා ඉඳන් කැඩෙනවා. චීනය මැදිහත් වෙලා මෑතකදී අපේ රටේ කළ කිසිදු කටයුත්තක් හිතු තරම් ප්‍රතිඵල දායක වී නැහැ. කාගේවත් සිහින ඉටු කරගන්න වැය කරන ඔය කෝටි ගණනෙන් විසඳිය යුතු අනිවාර්ය හදිසි ගැටළු මේ රටේ නැද්ද? කෑම ගැන කතාකිරීම වැරදියි කියමු. අඩුගානේ රෝහල් වල බෙහෙත් ටික තියෙනවාද? (නි)

:       0       0

තුල්සි Thursday, 22 November 2012 05:05 PM

"රංග 2012-11-22 12:30:58 මේකෙ දාල තියන කමෙන්ට් වලින් පේන්නෙ අපේ රට සුරපුරයක් තරමට දියුණු කළත්,මිනිස්සුගෙ ආකල්ප නම් කවමදාවත් දියුණු කරන්න බැරි බවයි." දැන් ඔය මහත්තයා කියන්න චීනෙන් චන්ද්‍රිකාවක් ඇරියහම කොහොමද මේ රට සුරපුරයක් වෙන්න ඒක දායක වෙන්නේ කියලා? (නි)

:       0       0

අමල් Thursday, 22 November 2012 12:49 PM

රටට හොදක් වෙනකොට මේකේ ඉන්න අය ඉරිසියාවේ පැලෙනවා. කාට තදියම තිබ්බත් ප්‍රශ්න තියෙනවා නම් උඩ යවල හරියන්නේ නෑනේ . දවස් පහක් නෙමේ මාස පහක් හරි අරන් හරියට යවන්න ඕනේ (ස)

:       0       0

හේමාල් Thursday, 22 November 2012 12:42 PM

එකෙත් අපේ අයගේ පිංතූර ගහලාද යවන්නේ..?(නු)

:       0       0

කිවි Friday, 23 November 2012 08:10 AM

චීනේ චන්ද්‍රිකාවක් වුණත් ලංකාවේ කොඩිය ගහලනේ. ඒ මදැයි. (නි)

:       0       0

නලින් Thursday, 22 November 2012 12:53 PM

අති විශාල මුදලක් වියදමි කරලා කරන මේ වැඩ අපේ රටට ගැලෙපන්ෙන් නෑ ෙමක සුළු පිරිසකගේ අාසාවක් මේ මුදලින් කොපමණ දේවල් කරන්න තිබුනද ලග බලලා දුර බලන්න තිබුණෙ කරන්න දෙයක් නෑ සුභ අපි සුභ පතනවා.(නු)

:       0       0

සිල්වා Thursday, 22 November 2012 01:05 PM

මොනවා කරන්නද

:       0       0

සමන්ත Thursday, 22 November 2012 01:06 PM

රුපියල් කෝටි 750 ක් නේද? කට්ටියගේ සිහින සැබෑ කරන්න? අනේ දුප්පත් අපි බදු ගෙවන සල්ලි. (ස)

:       0       0

ෆෙරෝස් Thursday, 22 November 2012 05:48 PM

ප්‍රමාද වුණාට කමක් නැහැ. සුභ ගමන්! (නි)

:       0       0

කැටවල Thursday, 22 November 2012 01:04 PM

ලංකාවට ලොකු ආඩම්බරයක් අමල් ඔබේ කියමන සම්පූර්ණ ඇත්ත (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 52 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 407 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 238 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 831 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 331 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 53 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site