IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ලෝකෙ දක්ෂතම කලාකරුවන් ඉන්නෙ ලංකාවේ

2016-06-10-ent-152

 

2016-06-10-ent-153නම

රනිල් කුලසිංහ

 

ගම

කඩවත

 

පාසල

ගම්පහ මහා විද්‍යාලය

 

පවුලේ විස්තර

මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. දැන් ඉන්නේ අම්මා. අක්කලා හතර දෙනයි. අයියලා දෙන්නයි මමයි. මම පවුලේ බාලයා.

 

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?

මගේ තාත්තා නර්තන ගුරුවරයෙක්. ඉතිං කලාව මට අලුත් දෙයක් වුණේ නැහැ. ගෙදර පොඩි කාලේ ඉඳන්ම මම කලාව දැක්කා. ඊට පස්සෙ මගේ ලොකු අයියා හරහා මහේන්ද්‍ර පෙරේරා මහතා කරපු Work shop වලට සම්බන්ධ වුණා. ඒ වගේම අනෝජා වීරසිංහ මහත්මිය යටතේත් මම ඉගෙන ගත්තා.

 

මුල් නාට්‍ය මොකක්ද?

මෙහේන්ද්‍ර පෙරේරා අයියා මට විමලරත්න අධිකාරි මහතාව හඳුන්වා දුන්නා. ඊට පස්සෙ තමයි මට ඉසිවරුණ නාට්‍යයේ රඟපාන්න ලැබුණේ. එහි මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ගෙ චරිතයක් කළා. ඒ තමයි ආරම්භය.

 

ප්‍රධාන චරිතයක් ලැබුණු නාට්‍ය?

ප්‍රධාන චරිතයක් මුලින්ම කළේ ආර්.කේ. අලුත්වීදියගේ අධ්‍යක්ෂණය කළ දූවිලි මල් නාට්‍යයේ භානු කියන චරිතය.

 

සල්සපුනා නාට්‍යය සම්බන්ධ වුණේ කොහොමද?

ඇත්තෙන්ම මතක් කරන්න ඕන මාව සල්සපුනාවලට සම්බන්ධ කරගත්තෙ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය. තුෂාරි අබේසේකර සහ ඉරේෂ් ලොකු බණ්ඩාරත් දැන් නාට්‍ය අධ්‍යක්ෂණය කරන නාලන් මෙන්ඩිස් මහතාවත් ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ අය මා කෙරෙහි තැබූ විශ්වාසය නිසා තමයි මේ චරිතය ලැබුණේ.

 

ඔබ රඟපාන්නේ සුරේන්ද්‍ර කියන චරිතය.

ඔව්. මේක ටිකක් සංකීර්ණ චරිතයක්. තාත්තා ගුරුවරයෙක්. මව පවුල රැකගත් ආදරණීය මවක්. සුරේන්ද්‍රට දේශපාලනය කිරීමත් සමඟ තමන්ගේ ආදරය නවත්තලා ප්‍රසිද්ධ පවුලකින් විවාහයක් කර ගන්න සිද්ධ වෙනවා. එතැන්සිට ජීවිතේට එන ප්‍රශ්නවලට මුහුණ දෙමින් ඉදිරියට යන චරිතයක්.

 

කොහොමද ලැබෙන ප්‍රතිචාර

ඉතාමත් හොඳයි. ක්ෂේත්‍රය තුළින් වගේම ආදරණීය රසික රසිකාවියන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ තුළින් මම දෙයක් කරලා තියෙනවා කියන ආත්ම තෘප්තිය මම ලබනවා.

 

මෙතෙක් ආ ගමන් මඟ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මම ගෙදරින් කලාව දැක්කා. හරි වැරුද්ද මොකක්ද කියලා මට පොඩි කාලේ ඉඳන්ම අවබෝධ වුණා. අනිත් දේ තමයි මගේ අරමුණ සහ බලාපොරොත්තු රඟපෑම නොවෙයි.

 

මොකක්ද ඔබේ අරමුණ?

මගේ එකම අරමුණ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම. ඒ සඳහා අවශ්‍ය දේ මේ වනවිටත් සකසා ගනිමින් ඉන්න කාලයක්.

 

ලංකාවේ කලාව ගැන රනිල්ගෙ අදහස?

මම හැමවෙලාවෙම හිතන්නේ ලෝකේ ඉන්න දක්ෂතම කලාකරුවන් ඉන්නේ ලංකාවේ කියලා. හැබැයි ඒ අයගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියලත් මට දැනිලා තියෙනවා.

 

ඔබ ජනප්‍රියම ටෙලි නළුවන් අතර අවසන් තිදෙනාට පැමිණියා. සම්මාන ගැන තියෙන අදහස?

සම්මාන ගැන බලාපොරොත්තු තියාගෙන රඟපාන්නේ නැහැ. නමුත් ලැබෙන්න ඕන කාලේදී ඒ නිසි ඇගයීම ලැබෙයි.

 

ආදරය දකින්නේ කොහොමද?

ආදරය ජීවිතයට අවශ්‍යම දෙයක්. මිනිසුන් වන අපට විතරක් නෙවෙයි සතුන්ට ගහකොළ වලට පවා ආදරය අවශ්‍යයි. මම පවුලේ බාලයා විදියට ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක්.

 

රනිල් දැන් පෙම්වතෙක්ද?

දැන් පෙම්වතෙක් නෙවෙයි. නමුත් ආදර සබඳතා තිබිලා තියෙනවා.

 

ඉදිරි නිර්මාණ මොනවාද?

ඉදිරි නිර්මාණ කිහිපයක් ලැබිලා තියෙනවා. මට චරිත කරන්න ඕන කියලා ලොකු ආසාවක් නැහැ. හොඳ චරිතයකට ආරාධනා ලැබුණොත් ඒවා භාර ගන්නවා. ලැබෙන හැම චරිතයක්ම මම භාර ගන්නේ නැහැ.

 

මෙතෙක් ආ ගමනේදී උදව් කළ අය ගැන කිව්වොත්?

ඇත්තටම මගේ වීරයා මගේ තාත්තා. එයාව හැමෝම දන්නේ අලුත්වීදියගේ කුලසිංහ කියලා. තාත්තා සතු කලාව ගැන ලොකු දැනුමක් තිබුණා. අදටත් මම උත්සාහ කරනවා ඒ දේ වර්තමානයට ගළපාගන්නට. ඒ වගේම මගේ දැන් ගුරුවරයා මගේ ලොකු අයියා. මට කලාව ගැන ඕන සියලු ගුරුහරුකම් ගෙදරින්ම ලැබෙනවා. ඒ වගේම අද මෙතනට එන්න වචනයකින් හරි උදව් කළ සැමට ස්තූතියි කියන්නත් අවස්ථාවක් කරගන්නවා.

 

අනාගත බලාපොරොත්තු?

කලාව තුළ මගේ එකම ඉලක්කය අධ්‍යක්ෂවරයෙක් වීම. ඒක අද හෙට නොවෙන්න පුළුවන්. නමුත් වසර 10ක් ගිහිල්ලා හරි මම ඒ තැනට එනවා.

 

අනූ

 



අදහස් (0)

ලෝකෙ දක්ෂතම කලාකරුවන් ඉන්නෙ ලංකාවේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 66 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 54 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 213 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 523 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1128 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1282 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site