IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ලොකු පුටු හිස්- පිරිසක් කයිවාරුවේ

“ ලොකු ලොක්කන් පුටුවල නැහැ. අනිත් අය කයිවාරු ගහමින් ඉන්නවා  තව සමහරුන් දුරකථනයේ එල්ලිලා. මහජනතාව රස්තියාදු වෙනවා. අද බදාදා මහජන දිනය. මහජනතාවට සේවා ඉටු කරන්නේ මෙහෙමද?‘යි බදාදා පස්වරුවේ හදිසියේම, මහනුවර නව මහ ලේකම් කාර්යාලයයේ රාජ්‍ය ආයතන කිහිපයකට ගිය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා එහි සේවකයනට අවවාද කරමින් ඇසුවේය.   මහනුවර දිස්ත්‍රික්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධයක්ෂ හා මූල්‍ය අධ්‍යක්ෂ යන තිදෙනාම කාර්යාලයයේ නැති බව දැකගත් ආණ්ඩුකාරවරයා ඔවුන්ගේ නිදහසට කරුණු විමසන ලෙසද උපදෙස් දුන්නේය. ඉඩම් රෙජිස්ටාර් කාර්යාලය වෙත ගිය ආණ්ඩුකාරවයා එහිදී සියවසකටත් වඩා පැරණි ඉඩම් ඔප්පු සහිත ලේඛනාගාරය පරීක්ෂා කෙළේය. වැසි දිනවලට එහි පියස්සෙන් ජලය  කාන්දුවීම හේතුවෙන් එහි ඇති වටිනා පැරණි ලේඛන විනාශ වීමේ තර්ජනයට ලක්වී ඇතැයි මධ්‍යම පළාත් සහාකාර රෙජිස්ටාර් ජනරාල් එම්.එස්. උපාලි මහතා පෙන්වා දුන්නේය. මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය, තක්සේරු දෙපාර්තමේන්තුව, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයය යන කාර්යල ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය.



අදහස් (0)

ලොකු පුටු හිස්- පිරිසක් කයිවාරුවේ

සිරිනි Thursday, 11 October 2012 09:28 PM

හැම කාර්යාලයෙම ඔහොම තමයි. රජයේ කාර්යාලවලින් කරදරයක් නැතිව වැඩක් කරගන්න පුලුවන් බැංකුවලින් විතරයි. අනෙක් හැම තැනම වැඩබැරි ටාසන්ලා තමයි ඉන්නේ. මෙ කුකුලේගම ගමහත්තය ඇත්තටම කුකුලේ ගම මද (අ)

:       0       0

ආනන්ද Friday, 12 October 2012 03:19 PM

ඕක තමයි ආණ්ඩුවේ කන්තෝරු හැමඑකේම වගේ තත්ත්වය. (නි)

:       0       0

තිලක් Thursday, 11 October 2012 11:37 PM

එතුමා කළ දේ නම් ගොඩක් හොදයි. අනෙක් මැතිඇමතිවරුනුත් මෙය ආදර්ශයට ගත්තොත් හොදයි. (නි)

:       0       0

රෝහිත් Friday, 12 October 2012 12:03 AM

ඡන්දයක්වත් ළගයිද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 11 October 2012 05:49 PM

එගොල්ලන් යන්නේ ඔයගොල්ලන් යන පාරෙමයි.. දොස් කියලා වැඩක් නැහැ.. පළමුව ඔයගොල්ල හරියට වැඩ කරලා පෙන්නන්න.. නිළ බලේ විතරක් පෙන්නලා මදි..(නු)

:       0       0

අරියරත්න Friday, 12 October 2012 12:17 AM

අහිංසක මිනිස්සු තමයි දුක් විදින්නේ

:       0       0

කුමුදු දි වාස් ගුණසේකර Thursday, 11 October 2012 05:59 PM

ආණ්ඩුකාරතුමනි ඔබට මගේ ප්‍රනාමය.. ඔක තමයි රජයේ කාර්යාලවල තත්ත්වය.. මේ කරපු වැඩේ සියළුම ඉහළ නිලධාරීන්ට හොද පාඩමක්. අහිංසක මිනිසුන් ගැන බලපු එකට ස්තුතියි.. සැබෑ තත්ත්වය ඔබතුමාට අවබෝධ කර ගැනිමට හැකිවූවා යැයි සිතමි..!(නු)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 11 October 2012 06:16 PM

මහනුවර පැත්තේ රජයේ ආයතන ඉතාම දූෂිතයි.. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ගැන ජනමාධ්‍ය මගින්ද ප්‍රචාරය කළා.. ඉතාලියෙ ඉන්න අපට මේ අකටුයුත්ත හොදින් දැනෙනවා.. පක්ෂ භේදයකින් තොරව දූෂිත නිළධාරින් ගෙදර යවන්න..!(නු)

:       0       0

හිරන්ත Thursday, 11 October 2012 06:15 PM

රජයේ සේවකයන්ට වැටුප් වැඩි නොකිරීම සාධාරණයි..!(නු)

:       0       0

තුෂාර Thursday, 11 October 2012 06:41 PM

එතුමාගේ පැමිණීමත් සමග මේ කාර්යාල ඉතාම කාර්යශූරත්වයෙන් වැඩ කරනවා.. (නු)

:       0       0

චන්දුසිරි Thursday, 11 October 2012 07:00 PM

එදාට පස්සේ ආයෙත් ඒ විදියටම තමයි වැඩ...!(නු)

:       0       0

ගයා Thursday, 11 October 2012 07:10 PM

මම පසුගිය බදාදා ඔය කියන දවසේ ආණ්ඩුකාරතුමා හමුවීමට ගියා වැඩක් කරගන්න.. කෝ ඉතිං ආණ්ඩුකාරතුමාත් පුටුවෙ හිටියෙ නැහැනේ..!(නු)

:       0       0

සුරාජ් Friday, 12 October 2012 06:04 AM

ආ... දැන්ද ඇහැරුණේ? (නි)

:       0       0

නන්දලාල් Thursday, 11 October 2012 07:08 PM

මාසයකට වතාවක්වත් ඔය විදියට කාර්යාලවලට යන්නකෝ.. වැඩක් නොකර නිලධාරින් පන්නා දමන්න ඕන..!(නු)

:       0       0

වන්නි Friday, 12 October 2012 07:39 AM

දේව ශාප මේවා

:       0       0

කුමාර Friday, 12 October 2012 06:10 PM

ප්‍රේමදාස මහත්තයාගේ කාලේ නම් ඔය සෙල්ලම් බැහැ. ඒත් ඉතිං දැන්..? (නි)

:       0       0

කුරුවිට Saturday, 13 October 2012 03:21 PM

ආණ්ඩුවේ හැම කන්තෝරුවකම වෙන්න ඔය ටිකමයි. ඔබතුමා කිසිම දෙයක් දන්නේ නැහැ වගේනේ. (අ)

:       0       0

මුතුකුඩ Thursday, 11 October 2012 07:36 PM

ඡන්දයක්වත් ආයේ ඒනවාද?(නු)

:       0       0

ජයසිරි Friday, 12 October 2012 08:23 AM

මුලු රටේම තියෙන ර‍ජයේ ආයතන වැඩිහරිය ඔහොම තමයි. මේවා කාටකියන්නද? (නි)

:       0       0

චානක Friday, 12 October 2012 08:31 AM

මහ කකුලුවො පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. (නි)

:       0       0

අශෝක Friday, 12 October 2012 08:25 AM

ඕක සාමාන්‍ය දෙයක්නේ. (නි)

:       0       0

කපුගේ Friday, 12 October 2012 06:38 PM

අයියෝ දෙයියනේ

:       0       0

ආරි Saturday, 13 October 2012 03:36 PM

මේක විවස්ථාවට අදාලද ??? (ස)

:       0       0

තිලාන් Friday, 12 October 2012 08:39 AM

ලංකාවේ සියලුම රාජ්‍ය ආයතන වලින් මිනිස්සුන්ව පත්කරන්නේ පුදුම පීඩාවකට. (නි)

:       0       0

හේරත් Thursday, 11 October 2012 07:54 PM

ටිකිරි ටිකිරි ටිකිරිලියා කළෙත් අරන් ළිදට ගියා ළිද වටකර කබරගොයා ටිකිරි දැකලා ‍පැනලා ගියා... (නි)

:       0       0

මොහාන් Friday, 12 October 2012 01:30 PM

නියමයි රංජිත් (ස)

:       0       0

නිශාන්ත Friday, 12 October 2012 08:53 AM

සමස්ත රාජ්‍ය සේවයේ ස්වභාවය මෙයයි. එය පාලනයට මෙවැනි හදිසි ක්‍රියා පමණක් ප්‍රමාණවත් නැහැ. (නි)

:       0       0

ජගත් Thursday, 11 October 2012 07:58 PM

කියන අයත් එහෙමනේ (දී)

:       0       0

රංජිත් Friday, 12 October 2012 09:07 AM

වැඩි පඩි - වැඩි නිවාඩු - වැඩි කථා - අඩු පැය - අඩු වැඩ පුද්ගලික අංශයේ අපි නැත්නම් රටේ දළ ජාතික නිෂ්පාදිතයට දෙයියන්ගේම පිහිටයි ! (ස)

:       0       0

සරත් Friday, 12 October 2012 09:02 AM

අයේ ලබන අවුරුද්දෙදිවත් එන්නකෝ ... (ස)

:       0       0

කුකුලේගම ගුණරතන Thursday, 11 October 2012 08:44 PM

ඕක අදද ඔබතුමා දන්නේ (ත)

:       0       0

මොහමඩ් රිස්වින් සෞදි අරාබිය Thursday, 11 October 2012 08:46 PM

බොහොම හොඳ වැඩක්. අනෙක් පළාත්වල ආණ්ඩුකාර වරු ඉන්නවද කියලවත් දන්නේ නැහැ.(අ)

:       0       0

ලසන්ත Friday, 12 October 2012 02:28 PM

කවුරු ආවත් වැඩක් නැහැ. නැවතත් සුපුරුදු ජීවිතයටම රජයේ සේවකයන් බහිනවා. (නි)

:       0       0

ජානක Thursday, 11 October 2012 09:03 PM

ඔක අලුත් දෙයක් නෙමෙයි ප්‍රසිද්ධ රහසක්..!(නු)

:       0       0

චන්දි Friday, 12 October 2012 02:50 PM

මටත් හිතෙන්නේ චින්තක හරි (ස)

:       0       0

චන්දි Friday, 12 October 2012 02:50 PM

මටත් හිතෙන්නේ චානක හරි (ස)

:       0       0

රාළ Friday, 12 October 2012 09:31 AM

ඔහොමවත් ක්‍රියාත්මක වුණ එක කොච්චර දෙයක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 224 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1065 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2859 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 337 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site