IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලංකා මුස්ලිම් කවුන්සිලය අයිඑස්අයිඑස් වැඩ හෙළා දකියි

ඉස්ලාම් දහමේ නාමයෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වහාම නවතන ලෙස ඉස්ලාම් රජ්‍යක් සඳහා සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානයේ නායක අබු බක්‍රාල් බැග්ඩාඩිගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කියයි.

ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය පිහිටුවන බව කියමින් තමන් විසින්ම පත් කර ගන්නා ලද එම සංවිධානයේ ඝාතන තරයේ හෙළා දිකින බවත්, අහිංසක වැසියන්, මාධ්‍යවේදීන් සහන සේවකයන් හා නිලධරයන් ඝාතනය කිරීමේ ඔවුන්ගේ ක්‍රියාව මහමද්තුමාගේ ඉගැන්වීම්වලට පටහැනි බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සඳහන් කරයි.

 



අදහස් (0)

ලංකා මුස්ලිම් කවුන්සිලය අයිඑස්අයිඑස් වැඩ හෙළා දකියි

සත්‍යපාල Friday, 05 September 2014 07:14 AM

ප්‍රකාශ නිකුත්කලාට විතරක් මදි, ඒ පිළිබඳව තමන්ගේ සහෝදර ජනතාව දැනුවත් කරමින්, සංවිධානය කරමින් මේ පිළිබඳව රට තුලත් ජාත්‍යන්තරවත් උද්ඝෝෂණය කරලා ත්‍රස්ත්‍රවාදය මේ ලෝකයෙන් තුරන් කරන්න පෙරමුණ ගන්න යයි අපි ලංකා මුස්ලිම් කෞන්සලයෙන් ඉල්ලා සිටිනවා. (ස)

:       0       0

කිංස්ලි පෙරේරා බහරේන් Friday, 05 September 2014 07:02 PM

ලොකු දෙයක්. ඕවා කියලා විතරක් වැඩක් නැහැ. කරලත් පෙන්නන්න ඕනෑ (නි)

:       0       0

කසුන් ධර්මවංශ Friday, 05 September 2014 08:55 PM

ඔව් සඳුනි, ඔයා හරි. මේ නිකුත් කරන ප්‍රකාශ ක්‍රියාවෙන්ම එක්වරම විශ්වාස කළයුතුත් නැහැ (නි)

:       0       0

කමල් Friday, 05 September 2014 08:07 AM

මෙරට වර්ෂ ගණනාවක් පැවැති සිතුම් පැතුම් වෙනස් කිරීමට ගන්නා උත්සාහයත් හෙළා දැකිය යුතුයි නේද?(දිල්)

:       0       0

අනුර Friday, 05 September 2014 08:46 AM

ප්‍රකාශ නිකුත් කළාට මදි. ක්‍රියාවෙනුත් කර පෙන්වන්න (නි)

:       0       0

රණතුංග Friday, 05 September 2014 09:09 AM

සත්‍යපාල හරි, ප්‍රකාශ වලින් පෙන්වන්න පුළුවන් අපි ඕවට නැහැ කියලා. ඒ වුණත් මෙවැනි අපරාධ කරන ත්‍රස්තවන්දිගේ කටයුතු සිතින් හෝ අනුමත කරන සමහර කොටස් ඉන්න පුළුවන්. ඔවුන් හඳුනාගෙන දැනුවත් කරන්න ඕනෑ. අපේ ශ්‍රී ලංකාවේ ඔවැනි වැරදි දේවලට ඉඩ නැති බව පෙන්වා දියයුතුයි. (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 05 September 2014 09:55 AM

මුස්ලිම් කවුන්සිලයට ස්තූතියි! (නි)

:       0       0

එරංග Saturday, 06 September 2014 03:17 AM

අනවශ්‍ය ගැටුම් ඇතිකර නොගෙන ඕනෑ දෙයක් (නි)

:       0       0

මහේෂ්‍ Saturday, 06 September 2014 03:21 AM

බොහොම හොඳයි (නි)

:       0       0

දිල්ෂාන් චතුරංග Friday, 05 September 2014 11:41 AM

මේ දේවල් ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්වන්න (නි)

:       0       0

බටු ගෙදර Saturday, 06 September 2014 04:00 AM

කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දාන්න එපා යම් දෙයක් කරොත් අගේ කරන්න දැනගන්න (නදී)

:       0       0

රිෂාර්ඩ් Saturday, 06 September 2014 04:08 AM

ළමයි මරණ ඒවත් හෙළා දකින්න ඕනි කව්රු කව්රුත් (නදී)

:       0       0

අබ්දුල් Saturday, 06 September 2014 04:24 AM

ක්‍රියාවෙන් කිව්වේ ආයුධ අතට ගන්න ද ? මෙතන සැවොම අදහස් දාල තියෙන්නේ සැකයෙන්, අවිස්වාසෙන් මෙහෙම කොහොමද එක ලාංකික ජාතියක් ලෙස රටක් ඉදිරියට යන්නේ. (නදී)

:       0       0

ඉන්දික Friday, 05 September 2014 12:56 PM

ඇත්තටමද ඔය කීවේ? (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 06 September 2014 05:28 AM

අපේ රටට නම් මේ කරුම ලෙඩ බෝකරන්න දෙන්න එපා මුස්ලිම් සහෝදරවරුනි. අපිට මේ තියෙන නිදහසත් නැතිවෙන පොටක් ඕවට උඩගෙඩි දුන්නොත්. (නදී)

:       0       0

සත්‍යා Saturday, 06 September 2014 05:47 AM

දැන් මේක හෙලා දැකපු එකත් වැරදිද? ක්‍රියාවෙන් පෙන්වන්න ලංකාවේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ කියා. එහෙම වෙනවා කියල හිතාගෙන කතා කරන අය නිසයි මේ රටේ තාම ස්ථාවර සමගියක් නැත්තේ. අයි.එස්.අයි.එස් කියන්නේ එල්.ටී.ටී.ඊ වගේ තමන්ගේ අරමුණු සදහා ජාතිය ආගම විකුණන් කන සංවිදානයක්. (නදී)

:       0       0

මනුෂ Friday, 05 September 2014 01:43 PM

සෞදියත් මේ ගැන හෙලා දැකල තිබුනා එ්ත් සිරියාවට විරුද්දව සටන් කරන ත්‍රස්තවාදීන්ට මුදල් දෙන්නේ කව්ද? තවමත් මරණිය දණ්ඩනයට බෙල්ල කපන්නේ මොන රටේද? (නදී)

:       0       0

සඳුනි Friday, 05 September 2014 02:20 PM

සත්‍යපාල හරි කතාව නවත්වා ක්‍රියාවෙන්ම පෙන්නන්න. මුස්ලිම් බහුතරය වසන ප්‍රදේස අරාබියේ කොපියක් ලෙස සලකා කටයුතු කිරීම දැන්වත් නවත්තන්න. සිංහලයෝ කියන්නේ නිවටයෝ පිරිසක්ම නෙමෙයි.(නදී)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Saturday, 06 September 2014 07:06 AM

කෞන්සලේ මහත්තුරු අයි.එස්.අයි.එස් විතරක් කොන්ට්‍රෝල් කරන්න ගියාට මදි. ලංකාවෙත් ඉන්නවා පොඩි දෙයක් උනත් දගලන කට්ටියක්. එයාලවත් දැනුවත් කරන්න ශ්‍රී ලාංකීය බෞද්ධයෝ බහුතරය තවමත් මිනිස්කමට ගරු කරනවා කියලා (නදී)

:       0       0

රාසික් කටාර් Friday, 12 September 2014 06:52 AM

ඕකට කවුරුත් ආයුද ගන්න අවශ්‍ය නැහැ. හොඳම ආයුදය තමා පෑන. මුස්ලිම් ජාතිකයෙක් වශයෙනුත්, ශ්‍රී ලාංකිකයෙක් වශයෙනුත් අයි.එස්.අයි.එස් ක්‍රියා පටිපාටිය කිසිසේත්ම අනුමත කල නොහැකිය. බල්ලෝ බළල්ලු ගානට මිනිමරලා අහිංසක කිරිසප්පයන්ව අමු අමුවේ මරලා, මුස්ලිම් රාජ්ජයක් ඉල්ලන අයට අපි කිසිසේත්ම සහයෝගය දෙන්නේ නැහැ. ලංකාවේ පහුගිය දවස් වල වෙච්ච දෙයටත් අපි ලජ්ජා වෙනවා. අපිට වෙනම රාජ්ජයක්,හෝ වෙනම ප්‍රාන්තයක් අවශ්‍ය නැහැ, අපේ සහෝදර සිංහල අය සමග එදා හිටිය වාගේ සැමදාමත් එකට ජීවත්වීමයි අපේ අරමුණ. ඔය අයි.එස්.අයි.එස් වගේ කල්ලි ලංකාවෙත් ඇතිකරන්ඩ හැදුවොත් ඔය සමහර මෝඩ දේශපාලන උඩ ගෙඩි උල්පන්දම් කාරයින්ට නම් වැඩ වරදීවි. උදාහරණයක් තමා එදා අශ්රොෆ් මුස්ලිම් කොන්ග්‍රස් කියල පක්ෂයක් ඇති කරපු හින්ද තමා අදත් අපි දෙස රටේ බහුතර ජනතාව වැරදි කෝණයකින් බලන්නේ. අපිට වෙනම පක්ෂයක් අවශ්‍ය නැහැ. මොකටද ? මොනවා ලබා ගන්නද ? අපේ ආගමේ හැටියට මෙය ස්ථීර ලෝකයක් නොව අපි කවදා හෝ මෙය ඇත හැර යනවා. ජීවිතං අනියතන් -මරණන් නියතන්. සියලුම දෙනා මේ විදිහට සිතුවිලි හිතේ දරාගෙන ජීවිතේ ගෙවනවා නම් ඉතාමත් අගනේය. ලංකාවේ ඉපදීල පකිස්තාන්වලට ආවඩන මුස්ලිම් අයගේද දැනගැනීම පිණිසයි. රටේ ධජයට සලකමු. ඉපදිච්ච දේශය ඉතාමත් අගේ කොට කතාකරමු. හැමෝම එක වගේ සාමයෙන් ජීවත්වෙමු. (නදී)

:       0       0

මිලින්ද Friday, 05 September 2014 04:38 PM

මනුෂ්‍ය ඝාතන කිසිවෙක් අනුමත කරන්නේ නැහැ (දී)

:       0       0

විජේසිංහ Friday, 05 September 2014 06:44 AM

ලංකාවේ ඉන්න අපේ සහෝදරයින්ට ඒක තේරුම් ගිය එක හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කූට ලේඛන සකසා මෝටර් රියක් අලෙවි කළ දෙන්නෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 29 7 0

කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල


අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 231 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 136 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 758 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 513 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3187 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37994 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site