ඉස්ලාම් දහමේ නාමයෙන් අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වහාම නවතන ලෙස ඉස්ලාම් රජ්‍යක් සඳහා සටන් කරන අයිඑස්අයිඑස් සංවිධානයේ නායක අබු බක්‍රාල් බැග්ඩාඩිගෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය කියයි.
ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය පිහිටුවන බව කියමින් තමන් විසින්ම පත් කර ගන්නා ලද එම සංවිධානයේ ඝාතන තරයේ හෙළා දිකින බවත්, අහිංසක වැසියන්, මාධ්‍යවේදීන් සහන සේවකයන් හා නිලධරයන් ඝාතනය කිරීමේ ඔවුන්ගේ ක්‍රියාව මහමද්තුමාගේ ඉගැන්වීම්වලට පටහැනි බවත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක්. ඕවා කියලා විතරක් වැඩක් නැහැ. කරලත් පෙන්නන්න ඕනෑ (නි)
ඕකට කවුරුත් ආයුද ගන්න අවශ්‍ය නැහැ. හොඳම ආයුදය තමා පෑන. මුස්ලිම් ජාතිකයෙක් වශයෙනුත්, ශ්‍රී ලාංකිකයෙක් වශයෙනුත් අයි.එස්.අයි.එස් ක්‍රියා පටිපාටිය කිසිසේත්ම අනුමත කල නොහැකිය. බල්ලෝ බළල්ලු ගානට මිනිමරලා අහිංසක කිරිසප්පයන්ව අමු අමුවේ මරලා, මුස්ලිම් රාජ්ජයක් ඉල්ලන අයට අපි කිසිසේත්ම සහයෝගය දෙන්නේ නැහැ. ලංකාවේ පහුගිය දවස් වල වෙච්ච දෙයටත් අපි ලජ්ජා වෙනවා. අපිට වෙනම රාජ්ජයක්,හෝ වෙනම ප්‍රාන්තයක් අවශ්‍ය නැහැ, අපේ සහෝදර සිංහල අය සමග එදා හිටිය වාගේ සැමදාමත් එකට ජීවත්වීමයි අපේ අරමුණ. ඔය අයි.එස්.අයි.එස් වගේ කල්ලි ලංකාවෙත් ඇතිකරන්ඩ හැදුවොත් ඔය සමහර මෝඩ දේශපාලන උඩ ගෙඩි උල්පන්දම් කාරයින්ට නම් වැඩ වරදීවි. උදාහරණයක් තමා එදා අශ්රොෆ් මුස්ලිම් කොන්ග්‍රස් කියල පක්ෂයක් ඇති කරපු හින්ද තමා අදත් අපි දෙස රටේ බහුතර ජනතාව වැරදි කෝණයකින් බලන්නේ. අපිට වෙනම පක්ෂයක් අවශ්‍ය නැහැ. මොකටද ? මොනවා ලබා ගන්නද ? අපේ ආගමේ හැටියට මෙය ස්ථීර ලෝකයක් නොව අපි කවදා හෝ මෙය ඇත හැර යනවා. ජීවිතං අනියතන් -මරණන් නියතන්. සියලුම දෙනා මේ විදිහට සිතුවිලි හිතේ දරාගෙන ජීවිතේ ගෙවනවා නම් ඉතාමත් අගනේය. ලංකාවේ ඉපදීල පකිස්තාන්වලට ආවඩන මුස්ලිම් අයගේද දැනගැනීම පිණිසයි. රටේ ධජයට සලකමු. ඉපදිච්ච දේශය ඉතාමත් අගේ කොට කතාකරමු. හැමෝම එක වගේ සාමයෙන් ජීවත්වෙමු. (නදී)
කෞන්සලේ මහත්තුරු අයි.එස්.අයි.එස් විතරක් කොන්ට්‍රෝල් කරන්න ගියාට මදි. ලංකාවෙත් ඉන්නවා පොඩි දෙයක් උනත් දගලන කට්ටියක්. එයාලවත් දැනුවත් කරන්න ශ්‍රී ලාංකීය බෞද්ධයෝ බහුතරය තවමත් මිනිස්කමට ගරු කරනවා කියලා (නදී)
දැන් මේක හෙලා දැකපු එකත් වැරදිද? ක්‍රියාවෙන් පෙන්වන්න ලංකාවේ මෙහෙම දේවල් වෙන්නේ නැහැ කියා. එහෙම වෙනවා කියල හිතාගෙන කතා කරන අය නිසයි මේ රටේ තාම ස්ථාවර සමගියක් නැත්තේ. අයි.එස්.අයි.එස් කියන්නේ එල්.ටී.ටී.ඊ වගේ තමන්ගේ අරමුණු සදහා ජාතිය ආගම විකුණන් කන සංවිදානයක්. (නදී)
අපේ රටට නම් මේ කරුම ලෙඩ බෝකරන්න දෙන්න එපා මුස්ලිම් සහෝදරවරුනි. අපිට මේ තියෙන නිදහසත් නැතිවෙන පොටක් ඕවට උඩගෙඩි දුන්නොත්. (නදී)
ක්‍රියාවෙන් කිව්වේ ආයුධ අතට ගන්න ද ? මෙතන සැවොම අදහස් දාල තියෙන්නේ සැකයෙන්, අවිස්වාසෙන් මෙහෙම කොහොමද එක ලාංකික ජාතියක් ලෙස රටක් ඉදිරියට යන්නේ. (නදී)
ළමයි මරණ ඒවත් හෙළා දකින්න ඕනි කව්රු කව්රුත් (නදී)
කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ අදහස් දාන්න එපා යම් දෙයක් කරොත් අගේ කරන්න දැනගන්න (නදී)
බොහොම හොඳයි (නි)
අනවශ්‍ය ගැටුම් ඇතිකර නොගෙන ඕනෑ දෙයක් (නි)
ඔව් සඳුනි, ඔයා හරි. මේ නිකුත් කරන ප්‍රකාශ ක්‍රියාවෙන්ම එක්වරම විශ්වාස කළයුතුත් නැහැ (නි)
ලංකාවේ ඉන්න අපේ සහෝදරයින්ට ඒක තේරුම් ගිය එක හොඳයි (නි)
මනුෂ්‍ය ඝාතන කිසිවෙක් අනුමත කරන්නේ නැහැ (දී)
සත්‍යපාල හරි කතාව නවත්වා ක්‍රියාවෙන්ම පෙන්නන්න. මුස්ලිම් බහුතරය වසන ප්‍රදේස අරාබියේ කොපියක් ලෙස සලකා කටයුතු කිරීම දැන්වත් නවත්තන්න. සිංහලයෝ කියන්නේ නිවටයෝ පිරිසක්ම නෙමෙයි.(නදී)
සෞදියත් මේ ගැන හෙලා දැකල තිබුනා එ්ත් සිරියාවට විරුද්දව සටන් කරන ත්‍රස්තවාදීන්ට මුදල් දෙන්නේ කව්ද? තවමත් මරණිය දණ්ඩනයට බෙල්ල කපන්නේ මොන රටේද? (නදී)
ඇත්තටමද ඔය කීවේ? (අ)
මේ දේවල් ක්‍රියාවෙනුත් ඔප්පු කරලා පෙන්වන්න (නි)
මුස්ලිම් කවුන්සිලයට ස්තූතියි! (නි)
සත්‍යපාල හරි, ප්‍රකාශ වලින් පෙන්වන්න පුළුවන් අපි ඕවට නැහැ කියලා. ඒ වුණත් මෙවැනි අපරාධ කරන ත්‍රස්තවන්දිගේ කටයුතු සිතින් හෝ අනුමත කරන සමහර කොටස් ඉන්න පුළුවන්. ඔවුන් හඳුනාගෙන දැනුවත් කරන්න ඕනෑ. අපේ ශ්‍රී ලංකාවේ ඔවැනි වැරදි දේවලට ඉඩ නැති බව පෙන්වා දියයුතුයි. (නි)
ප්‍රකාශ නිකුත් කළාට මදි. ක්‍රියාවෙනුත් කර පෙන්වන්න (නි)
මෙරට වර්ෂ ගණනාවක් පැවැති සිතුම් පැතුම් වෙනස් කිරීමට ගන්නා උත්සාහයත් හෙළා දැකිය යුතුයි නේද?(දිල්)
ප්‍රකාශ නිකුත්කලාට විතරක් මදි, ඒ පිළිබඳව තමන්ගේ සහෝදර ජනතාව දැනුවත් කරමින්, සංවිධානය කරමින් මේ පිළිබඳව රට තුලත් ජාත්‍යන්තරවත් උද්ඝෝෂණය කරලා ත්‍රස්ත්‍රවාදය මේ ලෝකයෙන් තුරන් කරන්න පෙරමුණ ගන්න යයි අපි ලංකා මුස්ලිම් කෞන්සලයෙන් ඉල්ලා සිටිනවා. (ස)