සංහිඳියාව ළගාකර ගැනීමේ රජයේ ප‍්‍රයත්නය ගැන විවේචන එල්ල කරන්නන් හමුවේ ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙතෙක් පැවති අවිශ්වාසය දුරු කිරීමටත්, නැතිවී ගිය දේශපාලන ප‍්‍රතිරූපය යළි ගොඩනඟා ගනිමින් ජාත්‍යන්තර ප‍්‍රජාවේ සහාය දිනා ගැනීමටත් රජයට හැකි වූ බව විදේශ ඇමැති මංගල සමරවීර අද (6) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
රටේ සංහිඳියාව, සංවර්ධනය අත් කර ගැනීමටත් ,නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීමටත් රජය ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙළ ලබන ජනවාරියේ සිට නිල වශයෙන් ඇරැඹෙන බවද අමාත්‍යවරයා එහිදී කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්. ලංකාවේ ස්වාධීනත්වය පාවා දීලා, සුද්දට දණගහලා ලංකාව කොටින්ගෙන් බේරාගත් හමුදාව පාවාදීලයි සමහරු උදම් අනන්නේ. එහෙම අය ඉන්නකම් ලංකාවට ඉදිරියේ අගතියක් මිස හොඳක් වෙන්නේ නැත. (නි)
හතර වටේ ගිහින් කියන කතාවලට ඔලුව වනල ඇවිත් මෙහෙ පොර ටෝක් දෙනවා (බ)
ඔය දිනා ගත්තු රටවලින් ලැබුණු එකක් කියන්නකෝ. චීනේ පස්සේ හිගමනේ යනවා. මේ සැරේ චීනේ තිබ්බ එක්ස්පෝ ප්‍රදර්ශනේට චීන්නු ඇවිත් නැහැ. එ්කට ගිය වෙළෙඳ සමාගම්වලට ගිය වියදමවත් හොයා ගන්න බැරි වෙලා. හොඳයි නේද ඇමති තුමෝ. (බ)
හරි ලේසියෙන් තමන් කැමති ඕනදෙයක් කියල කරව ගන්න පුළුවන්. දැන් මහලොකුවට කියවනවා ජාත්‍යන්තරේ දිනුව කියල. (බ)
මාරයිනේ ඔබතුමාද ඒක කළේ (බ)
මහින්දලා චීනයෙන් ණය අරගෙන හොරා කෑවා. යහපාලන රජය ජාත්‍යන්තරෙන් ණය අරගෙන ඒකම කරනවා වගෙයි. ජනතාවයි මෝඩයෝ. (නි)
මේ කතා අහනකොට අපේ ලේ රත්වෙනවා (නි)
කොහොමද එහෙනම් අපේ රටට ඔය කියන මිත්‍ර රටවල් 12 ක් විරුද්ධ වුණේ? ඕස්ට්‍රේලියාව විතරයි විරුද්ධ නොවුණේ. (නි)
මොකක්ද මේ අවිශ්වාසය? චීනය සමග මිතුරුවී ණය අරගෙන රට තරමක් දියුණු තත්වයට ගෙනඒම බටහිර රටවල් නුරුස්සන්නේ ඇයි? ඔය ඔක්කොම බටහිර රටවල් චීනෙට ණය නම් අපි ණය ගත්තහම එ්කේ ඇති වැරැද්ද මොකක්ද? ඇයි ඇමතිතුමා මේක බටහිර නායකයන්ට පහදලා දෙන්නේ නැත්තේ? (නි)
ශ්රී ලංකාව සහ එහි ජනතාවට සුපුරුදු බේගල් කියමින් 60% මොවුන්ට ඡන්දය දුන් අය මුලාකරමින් සිටීම නොවේද තවත් කරන්නේ? (නි)
රටේ අවාසනාවට මේවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ලෝකේ ඇතුළේ ලංකාව තියෙන්නේ කියලා හිතන්නේ නැහැ (නි)
ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ 32 වැනි සැසියේදී ද්‍රවිඩ අන්තවාදී කණ්ඩායම් සමඟ රජය සාකච්ඡා කළ බව කියනවා නේද? සිංහල ජාතිය වෙනුවෙන් හඬ නඟන කණ්ඩායම් වලටත් මෙවැනි අවස්ථාවක් රජය ලබානොදෙන්නේ ඇයි? (නි)
බදු අඩු කරන්න මහත්තයෝ, ජීවත් වෙන්න අමාරුයි (ම)
ලබන ජනවාරියේ සිට කරන්න යන්නේ කුමක්ද? (නි)
ඒක වෙන්න ඇති ඊයෙ ජිනිවා වලදි අපිට වැරදුනේ (නි)
යුද්ධය දිනා දී පසුගිය රජයේ රාජපක්ෂ ආණ්ඩුවට ලැබුණු ගෞරවය නිසා සමහරුන්ට හමුදාව පේන්න බැහැ. (නි)
දැන් උඩ පැන්නේ ජාත්‍යන්තරය දිනා ගත්තා කියලා. බැරිද ෂේප් එකක් දා ගන්න. (නි)
අපි නොදන්න සංහිඳියාව... (ර)
රට පවා දුන්න නම් ගිය ආණ්ඩුවත් ඔය ටික කියාවී (ම)
ජාත්‍යන්තරයේ අවිශ්වාසය දුරුවෙන්න වෙන්න මේ අය කෙරෙහි ඇති ජනතා අවිශ්වාසය වැඩි වෙනවා (ම)
මෙයාට මේක හැර වෙන මොනා කියන්නද ?? (බ)
අපි නොදන්නවයැ ඉතින් (බ)
ගොඩක් සතුටුයි.(හේ)
කියන කියන හැමදේටම එහෙයි කියන රුකඩ පාලනයකට මොන ජාත්‍යන්තරයද අකමැති? (හේ)