මෙම මස 21 වැනිදා සිදුවේ යැයි කියන ලෝක විනාශය පදනම් විරහිත ප්‍රකාශයක් බව ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජටාකාශ ආයතනය (නාසා) කියයි.
එදිනට ඇතිවන විශේෂ ග්‍රහ පිහිටීමක් නිසා ලොව පුරා ස්වභාවික ව්‍යසන ඇතිවී පෘථීවිය විනාශ වනු ඇතැයි ඇතැම්හු විශ්වාස කරති.තවත් අය විශ්වාස කරන්නේ හිරුගේ ආයු කාලය ඉක්ම ගොස් හිරු මරණයට පත්වීමෙන් පෘථීවියත් සමග මුළු සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වනු ඇති බවයි. මෙම මතයට පාදක වී ඇත්තේ ලොව දියුණුතම ශිෂ්ඨාචාරයක් වූ මායාවරුන් සකස් කළේ යැයි සැළකෙන දින දර්ශනයේ ඔවුන් දින සටහන් කර ඇත්තේ 2012 දෙසැම්බර් මස 21 වැනි දින දක්වා පමණක් වීමයි.
මේ සියලූ මත බැහැර කරන නාසා ආයතනය පවසන්නේ කෙදිනක හෝ කිසියම් ආපදාවක් නිසාවෙන් ලෝක විනාශය සිදු විය හැකි වුවද එය එළැඹෙන දෙසැම්බර් 21 වැනි දා නම් කොහෙත්ම සිදු නොවන බවයි.
මේ අතර තව දෙසතියකින් පමණ එළැඹෙන්නේයැයි කියන ලෝක විනාශයෙන් බේරීමට විවිධාකාර උපාංග හා නිමැවුම් ඉදිරිපත් කරන අයගේද අඩුවක් නම් නැත.එවැන් නිමැවුමක් හදුන්වාදෙන ගොවියකු පිළිබඳව වාර්තා වන්නේ චීනයෙනි.
මිනිසෙක් සුරක්ෂිතව රැදැවිය හැකි ගෝලාකාර කුටියක් ඔහු නිර්මාණය කර තිබේ.මේ කුටියට ජලය මත පාවීමේ හැකියාවද තිබේ. ලෝක විනාශය හෝ වේවා සුනාමි හෝ ගංවතුර තත්ත්වයක් හෝ වේවා සිය නිපැයුමෙන් මිනිස් ජීවිත ගලවාගත හැකි බව ඔහු කියයි.මේ කුටීරය ඇතුළත ඔක්සිජන් සිලින්ඩර ආහාර ජලය ආදී හදිසි අවස්ථාවක දිවි රැක ගැනීමට අවශ්‍ය දේ ද ගබඩා කර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා හරි ලෝක විනාස කරන්නේ අර කට්ටිය තමයි (ස)
අන්තෝනි, පොඩ්ඩක් අහලා බලන්න කවදද කියලා (ස)
මේක මහා බොරු කථාවක්.වැඩ නැති මිනිසුන්ට ඕව හොදයි. (ස)
බොරු අනේ (ස)
චරිත් , කල්ප විනාසය ගැන බුදු පියාණන් වදාරා ඇත (ස)
මොකක් හරි ස්වාභාවික අනතුරතදි සතුන්ගෙ විශේෂ හැසිරීම් සිදු වෙනව. මඩකලුපුව කලපුවේ අස්වාභාවික ලෙස මුහුදු නයින් විශාල ප්‍රමාණයක් දැක ගන්නට ලැබුනායි කියන්නේ අනතුරක පෙර නිමිත්තක්ද? (ස)
විනාශ නොවී තියෙන ලොකයේ වෙන අනතුරු හා අපරාධ වලින් දවසට කී දෙනෙක් නම් මැරෙනවද? අයෙ ලෝක විනාශ අමුතුවෙන් ඔනෙද? (දී)
ලෝක විනාසය ????? (ස)
දැන් පේනවනේ තරම (දී)
අනේ මන්දා මටනම් පිස්සු වගේ (ස)
රුවන්, ඉතුරුවෙන එක තමයි ඔක්කොටම වැඩිය භයානක. (නි)
හැබැයි ලෝක විනාසය වෙන දාට ඔයාලට කිය කිය සිද්ධවෙන එකක් නෑ (ස)
රටේ සිදුවන්නේ අපරාද වරුසාවයි මේ වසින්නේ මුරුගසං වරුසාවයි (ස)
මමයි ජසික යි විතරලු ඉතිරිවෙන්න්නෙ.. නසා එකෙන් මැසේජ් එකක් ආව.(ස)
මිනිසුනේ, මේ ලෝකයේ පහල වුණ මහා උගතා වෙච්ච, මිනිස් ජීවිතය ගෑන මීට අවුරුදු දහස් ගානකට කලින් දේශනා කරල අදටත් ඒ දේවල් ඇත්ත වුණ අපේ සම්මා සම්බුදුරජාණන්ටත් හරියටම මෙන්න මෙදාට මේක වෙනවා කියන්න බැරි වුණ මේ ලෝක විනශය කියන එක. එහෙනම් මේ එක එක මිත්‍යාගමිකයන්ට වගේම වැඩකට නැති කේන්දර කාරයනට පුලුවන්ද? රෑවටෙන්න එපා....(ස)
ලෝක විනාසය කෙසේ වෙතත් ලංකාවේ විනාසයනම් වෙලා ඉවරයි (ස)
මම නම් මැරෙන්න බයයි. (නි)
ලෝක විනාශය යනු මිනිසා විසින්ම ඇතිකරගන්නාවූ විනාශයකි. (නි)
ලෝක විනාසය කෙසේ වෙතත් මේ නිරිමාණයන්ම් හොඳයි වගේ (ස)
ලංකාවේ මෙහෙම පුද්ගලයින් නැත්තේ අපේ වාසනාවට... (නි)
ලෝක විනාශය තීරණය කරන්නේ ස්වභාව ධර්මය විසිනුයි. (නි)
අපේ සිංහල අය හැමදාම කළේ අනුන්ගේ පදයට නටන එකනේ. (නි)
ලෝක විනාශය කියන්නේ බොරුවක්. නියම බෞද්ධයෝ නම් ඇත්ත දන්නවා. (නි)
මොන විනාශය ආවත් ඉතුරුවෙන කට්ටියකුත් ඉන්නවා. (නි)
ඉක්මණට අපි අද රෑට කොහේට හරි එකතුවෙලා හොද පාටියක් දාමු. (නි)
අනේ මන්දා !! (ස)
ජා-ඇළට මොකක් වෙයිද? (නි)
අපේ සිංහල අය හැමදාම කළේ අනුන්ගේ පදයට නටන එකනේ. (නි)
මායි මගේ අරයයි ඉතුරු වුණොත් හොදටම ඇති. (නි)
බාල කාලේ අහපු ලබු ගෙඩියේ තොවිලය කතාව මතක් වෙනවා (ස)
අඵත්ම වාර්තාව අනුව ශ්‍රී ලංකාව පමණක් මෙම 21 වෙනිදා හටගන්නා පළමු ලෝක විනාශයට අහුනොවෙන රටක් බවට ප්‍රකාශ කර තිබේ. නමුත් 23 වෙනිදා පවතින දෙවන විනාශයේදී පාර්ලිමේන්තුවේ සභා ගැබය සහ මුළුතැන්ගෙය (කුස්සිය)හැර අනෙකුත් රටේ සියළු ප්‍රදේශයම විනාශයට පත්වන බව නාසා ආයතනය වැඩි දුරටත් වාර්තා කරයි. පුළුවන් නම් ඔන්න ! දෙන්න ට්‍රයි එකක් ! (ස)
මේක අඩමානෙන් තියෙන්නේ අනිවර්යයෙන් ඇගිල්ලෙන් ඇන්නත් පෙරලෙනවා. ඒක හින්දා ඔක්කොම එක්ක මැරෙන එක හොඳයි. (ස)
ලෝක විනාශය ගැන ඕනවට වඩා අවධානය ගන්න දඟලන කවුරු වුනත් එකෙන් කරන්න හදන්නේ ළඟ ළඟ එන ලංකා විනාශය වෙත මහජනයාගේ අවධානය යොමුවීම වැලැක්වීමයි. ඉතිහාසයේ විශාලතම ආර්ථික අර්බුදයට අද හෙටම අපේ රට මුහුණදීමට නියමිතයි. මගේ රටට දළදා හිමි සරණයි.... (ස)
එකපාර ලෝකේ විනාශ නොවුනත් දැන්නම් ටික ටික විනාශ වීගෙන යනවා.....මේක එක පාරම බලපාන්නේ නෑ. කොහොම උනත් අද වෙනකොට කොචිචිර ලොකු විනාශයක් රටට වෙලා තියෙනවද ? ඒත් තාම සමහරු නින්දේ (ස)
ලෝකේ විනාස උනාට පස්සෙ කියන්නම්?අයියො, එතකොට කාටද කියන්නේ? (අ)
බලන්නකෝ 21 (දී)
බොරු නොවේ බලන්නකෝ (දී)
ඔය තියෙන්නේ සයුරෙන් එතෙරට තීරයේ ලෝකේ රටවල් විනාස වෙනහැටි තව මොනවද ? (දී)
ඇයි දන්නේ නැද්ද ?අයහපත් කාලගුණය නිසා ලෝක විනාශය කල්ගිහින්ලු .(නු)
ලංකාවේ ටියුෂන් ගුරුවරුන්ට තමයි ලෝක විනාසය නැත්තේ.2015ටත් බැනර් ගහල ඉවරයි (දී)
මායාවරුන්ගේ මායාව... (නි)
මෝඩයා හත් පොළේ ගා ගාගෙන (අ)
දුප්පත් අපි කොහේද හැංගෙන්නේ (අ)
ඇයි අනේ දන්නේ නැද්ද 23ට කල් ගියා කියලා..!(නු)
මම නම් හිතන්නේ ලෝක විනාසේ 2012 සිද්ධ වෙන්නේ නෑ කියලයි. (අ)
ඔය 21 වැනිදා නම් ඕක සිදුනොවෙන බව පැහැදිලි සත්‍යයක්. (නි)
ලෝක විනාශය වෙන දවස හරියටම කියන්න බැරි වුණත්, කවදාහරි ලෝකය විනාශ කරන්නේ මිනිසාමයි. (නි)
ලෝක විනාශය වුණොත් ඔය කියන එක පමණක් ඉතුරු වෙයිද? (නි)
වෙනකල් පිළිගන්නේ නැහැ (දී)
උන දවසට උනානේ කියයි (දී)
අපි තවමත් ඇත්ත නොදනිමු. (නි)
අපිට නම් කෝකත් එකයි. අපි සතුටින් ඉන්නවා. (නි)
"මේ අතර තව දෙසතියකින් පමණ එළැඹෙන්නේ යැයි කියන ලෝක විනාශයෙන් බේරීමට විවිධාකාර..." යනුවෙන් සදහන් වෙන්නේ ඇයි? (නි)
ඇන්තනී කොහෙද ඔය කියන දෙවියො ඉන්නෙ..?(නු)
ලෝකේ විනාශ උනත් නැතත් අපි හැමෝම මැරෙනවා නේද? එහෙනම් ඔය අද මැරෙන අය කිසිවකු ලෝක විනාශය ගැන බයවුනාද? ඒ උදවියට යන්න තැනක් තිබුනානම් අපටත් ඇතිනේ. එහෙනම් මොකට බයවෙනවද?(නු)
ලෝක විනාශ්‍ය වෙන්නේ අපේ පැවැත්ම අනුවයි..!(නු)
තව මොනවා විනාශ වෙන්නද? (නි)
කුණූ කසළ හැමතැනම. ගස් කපලා දාලා වනාන්තර වනසලා. මිනිස්සුන්ම තමයි ලෝකය විනාශ කරන්නේ. (නි)
මට හිතෙන විදිහට දැන් රටවල්වල යුද්ධ තියෙනවානේ. සමහරවිට මිසයිල පාරක් එහෙම ආවොත් ඒකෙන් බේරෙන්න ක්‍රමවේදයක් මේ අය සැලසුම් කරනවා වගෙයි. (නි)
චීනගේ වැඩෙත් නරක නැහැ. මේ කාලේ හැමතැනම ගංවතුරනේ. (නි)
ලෝකයම විනාශ වුණොත් එක්කෙනෙක් බේරිලා මොනවා කරන්නද? (නි)
ඔය ලෝක විනාශයට බයවෙලා අපේ රටේ අය දැගලුවට සෞදි වල ඉන්න අය නම් ලෝක විනාශය කියන්නේ මොකක්ද කියලාවත් දන්නෙ නැහැ. (නි)
මේක බොරු කතාවක් තමයි. (නි)
ලෝක විනාශය වෙනකම් අපි සතුටින් ඉමු . මැරෙන එක කාටවත් කවදාවත් නවත්වන්න බෑ (ස)
ලෝක විනාශය ගැන කියන්න පුලුවන් දෙවියන් වහන්සේට විතරයි. (නි)
ලෝක විනාශයට තව කල් තියෙනවා. හැබැයි ඒකට වග කියන්න ඕනෑ මිනිසාම තමයි. කොහොමත් අපි ඉන්නෙ වේගයෙන් විනාශය කරා යන ලෝකයක. කොහේ බැලුවත් අහන්න දකින්න ලැබෙන්නෙ හොඳ දේවල් නෙවෙයි. (නි)
කාලා බීලා සතුටින් ඉමු. (නි)
එක් කෙනෙකුයි, මායි බේරුණොත් හොදයි. (නි)