එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත් අඩංගුවට පත්ව රිමාන්ඞ් බාරයට පත් කෙරුණු මෙරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයා මේ වන විට මුදාහැර ඇතැයි ඩුබායි ආරංචි පවසයි.
සාජා බලධාරීන් සඳුදා (24) ඔහු මුදා හරිනු ලැබ ඇතැයි කියති.
නෙදර්ලන්තයේ සංචාරයක් සදහා එම ව්‍යාපාරිකයා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඉකුත් 22 වැනිදා රාත‍්‍රියේ ඔහු ඩුබායි ගුවන්තොටපළෙන් වෙනත් ගුවන් යානයකට පිවසීමට ගිය අවස්ථාවේදී අත්අඩංගුවට පත් විණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවර පිහිටි තම්හලක අවුලක් සම්බන්ධයෙන් සමීපතම නෑයෙකු සමග පැවති නඩුවකදී කූට ලේඛන ඉදිරිපත් කිරීම මොහු අත්අඩංගුවට ගැනීමට හේතුව බව වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එමිරේට්ස් රාජ්‍යයත් අපේ ලංකාවේ වාගේ, රිමාන්ඩ් කරනවා. උසාවි ගෙනාවා. ආපහු අරිනවා. වැරදි නැත්නම් මොකටද රිමාන්ඩ් කළේ? කාගේවත් උවමනාවකට වාගේ (නි)
බලාගෙන යනකොට ශ්‍රී ලංකාවෙත්, ඩුබායි වලත් තියෙන්නේ එක විදියේම නීති. මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. පහුවදා නිදහස් කරලා ගෙදර යවනවා. අපේ රටේ කූඨ ලේඛනයන් හැදුවා කියලා කූඩු කරපු කෙනා තාම ඇතුළෙද, නැත්නම් ඇප මත ගියාද කියලා දන්නේ නැහැ. එ්කයි අහන්නේ.... (නි)
ධර්මයෙන් ජීවත්වෙනවා සේ පෙන්නා කූට ලේඛන හැදුවත් නීතියෙන් බේරීමක් නැහැ. (නි)
ඒ රටවල නීතියත් එක්ක සෙල්ලම් බැහැ (නි)
තිබුණු ආණ්ඩුවල අනුහසින් කැලේ තිබුන ගස් ටික කපලා ව්‍යාපාරිකයෝ වුණා හොරු. අද තියෙන්නේ නියම යහපාලනයක් (නි)
මේ ව්‍යාපාරිකයාට නව ලෝකයේ ප්‍රවණතාවයන් ගැන වැටහීමක් නැහැ වගේ. ඕවා ඔක්කොම 'පරිගණකගත' කරලා තියෙන්නේ. (නි)
නම කියන්න බැරිද?
ආනන්ද , ඔබට සහ බොහෝ අයට නීතිය ගැන මුලික දැනුමක් නැ. වරදකට අත් අඩංගුවට ගත්තට පස්සේ ඇප මත නිදහස් කල හැකි සහ නොහැකි වැරදි දෙවර්ගයක් ඇත. එසේ කිරීම කාර්ය පටිපාටියක්. මහින්ද ගේ කාලයේ එසේ නොවුණු නිසා ඔබ වෙනි අය ඒවා දන්නේ නැ. (අ)
මේක නවලෝක අයිය මලෝ හටනක්? (අ)