IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ලෝක සම්මේලන කැරම් අනුශූරතාව ශ්‍රී ලංකාවට

අන්තර්ජාතික කැරම් සම්මේලනය සහ මැලේසියානු කැරම් සංගමය එක්ව සංවිධානය කළ 6 වැනි ලෝක කැරම් සම්මේලන කුසලාන කැරම් තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ (පිරිමි/කාන්තා) අනුශුරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කැරම් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වුහ. ලෝක කැරම් ශූරතාවලියට පමණක් දෙවැනි වන මෙම තරගාවලියේදී වත්මන් ලෝක ශූරයන් වන ඉන්දියාව සහ අනුශූරයන් වන ශ්‍රී ලංකාව අතර සමස්ත ශූරතාව සඳහා තියුණු සටනක් දැක්වුණි. තරගාවලියේ කණ්ඩායම් ඉසව්වේ ශූරතාව මෙන්ම විවෘත ඉසව්වල රන් සහ රිදී පදක්කම් (පිරිමි/කාන්තා) ඉන්දියාව දිනා ගැනීම කැපී පෙනේ. පිරිමි කණ්ඩායම් ඉසව්වේ තුන්වැනි ස්ථානය මාලදිවයිනට ද, සිවුවැනි ස්ථානය පාකිස්තානයට ද හිමිවිය. මාලදිවයින සහ මැලේසියාව පිළිවෙලින් කාන්තා කණ්ඩායම් තරගාවලියේදී තෙවැනි සහ සිවුවැනි ස්ථාන ලැබීය. මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී පැවැති මෙම තරගාවලියේ සියලූ ගෞරවය දකුණු ආසියානු රටවල් හිමිකර ගත්තේය. විවෘත පිරිමි කේවළ ඉසව්වේ ලෝකඩ පදක්කම නිශාන්ත ප‍්‍රනාන්දු දිනාගත් අතර නිශාන්ත සහ චමිල් කුරේ පිරිමි යුගල ඉසව්වේ ලෝකඩ පදක්කමද දිනා ගැනීමට සමත්වුහ. නිශාන්ත ප‍්‍රනාන්දු අවසන් පුර්ව තරගයේදී ලෝක ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින ඉන්දීය ක‍්‍රීඩක ප‍්‍රකාශ් ගයික්වාල්ඞ් හමුවේ පරාජයට පත්විය. ලෝක ශූර ඉන්දීය ක‍්‍රීඩක යෝගේෂ් පර්දේශී හමුවේ පරාජය ලැබු ජාතික ශූර චමිල් කුරේ විවෘත පිරිමි ඉසව්වේදී සිවුවැනි ස්ථානයට පත්විය. එම්. ෂෙරිෆ්ඞීන්ට හිමි වුයේ 7 වැනි ස්ථානයයි. මධුෂිකා කාංචනමාලා සහ ජෝශප් රොෂිටා විවෘත කාන්තා යුගල ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දුන්හ. විවෘත කාන්තා කේවළ ඉසව්වේදී මධුෂිකා කාංචනමාලා, ජෝශප් රොෂිටා, චලනි ලක්මාලි සහ අරෝෂා වික‍්‍රමසිංහ යන ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පිළිවෙලින් පස්වැනි ස්ථානයේ සිට අට වැනි ස්ථානයට පත්වුහ. ලෝක කැරම් සම්මේලන කුසලාන තරගාවලියට සමගාමීව පැවැති ස්විස් ලීග් කැරම් තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට චමිල් කුරේ සමත්විය. යුරෝපයේ ජනප‍්‍රිය මෙම කැරම් ක‍්‍රීඩා ක‍්‍රමවේදයේ ක‍්‍රීඩක කී‍්‍රඩිකාවෝ එක්ව තරග වදිති. ඉන්දීය කී‍්‍රඩක රාද ක‍්‍රිෂ්ණා රන් පදක්කම දිනාගත් අතර ඉන්දීය කී‍්‍රඩිකා කවීතා සොමන්ජි ලෝකඩ පදක්කම ලැබීය. චමිල් කුරේනිශාන්ත ප‍්‍රනාන්දු



අදහස් (0)

ලෝක සම්මේලන කැරම් අනුශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 75 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 81 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 110 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 228 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල


මාලිමාවට ගොඩක් තැන්වල බහුතරයක් ලැබෙන්නේ නෑ
2025 අප්‍රේල් මස 21 1456 6

මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ


සමහරුන්ට නියම වන දඬුවම් මේ ආත්මෙ ගෙවන්න බැරිවෙයි
2025 අප්‍රේල් මස 21 860 3

ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 457 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 277 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site