(ෂේන් සෙනෙවිරත්න)
ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරයේ අද (17) උදේ පැවති උත්සවයේදී එහි පැමිණ සිටි පිරිසකට පිළුණු වූ කෙටි ආහාර සමග තේ පැන් ලබාදී ඇතැයි වාර්තා වේ.
මහනුවර නගරයේ ප්‍රසිද්ධ හෝටලයකින් ලබාගෙන තිබූ එම කෙටි ආහාරවල තිබූ සැමන් දැඩි ලෙස පිළුණු වී ගඳ වහනය වෙමින් තිබූ අතර, මේ හේතුවෙන් එහි සිටි බොහෝ දෙනෙක් දැඩි අපහසුතාවට පත්වූහ.
මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසක් සිටින උත්සවයකදී ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර ආහාර ලබාදීම සම්බන්ධයෙන් එහි සිටි පිරිස් දැඩි විරෝධය දැක්වූ අතර, සිද්ධිය සමථයට පත්කිරීමට එහි සංවිධායක මණ්ඩලය දැඩි උත්සාහයක නිරත විය.
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ලෝක හෙද දින උත්සවයේ කෑම පිළිණු වෙලා
SL Thursday, 18 May 2023 04:29 AM
පවු අප්ප PHI මහත්තුරු.අපිට කක්ක හොදන අත්වලින් හෝටල් වල උදවියට කෑම බෙදන්න දීලා .පරන තෙල්වලින් උයපු කෑම කන්න දිලා කුණු මාලු කන්න දීලා ඒ උදවිය අපේ ප්‍රතිශක්තිය වැඩි කරනවා .එතුමන්ලත් බලා ඉන්දැද්දී දියුනු වෙනවා. කොලඹ නගර සභාවට සහ නුවර නගර සභා වලට පිං
A.A.M.Shyamali Thursday, 18 May 2023 08:21 AM
උදේ සහ දහවල් ආහාර පිලුනු වී තිබුන බැවින් මේ පිලිබදව සොයාබලා අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුමයි
සහම් Thursday, 18 May 2023 09:11 AM
බදු මුදල් නාස්තිකිරීම තාමත් එහෙමමයි.
Pradeep Kumara Thursday, 18 May 2023 09:58 AM
මහජන සෞඛ්‍යය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන් පිරිසක් සිටින උත්සවයකදී ඔහොම නම් සාමාන්‍ය ජනතාව ගැන කවර කතාද? කිසිම දේකට නිසි යාන්ත්‍රණයක් නැති නිසා ව්‍යාපාරිකයෝ හැමතැනකම අසරණ ජනතාව පීඩාවට පත් කරනවා.
Sunil Thursday, 18 May 2023 10:07 AM
කෑම ටිකක්වත් හරියට දෙන්න බැරි රජ්ය ආයතන.
himalThursday, 18 May 2023 11:02 AM
ඔය කෑම දෙන්නේ කොහෙන් හරි ඇණවුම් කරලානේ. ඇයි ඒ හෝටලයේ නම දාන්නෙ නැත්තෙ?
Persi Thursday, 18 May 2023 11:36 AM
කෑම දීපු හෝටලේ අයිතිකාරයාත් ඇමති පුතාලු..
ජයම්පති Thursday, 18 May 2023 12:04 PM
හෝටලයේ නම සිරි රම්‍යා
අබිලින් Thursday, 18 May 2023 02:34 PM
මහින්ද රාජපක්ෂට අයත් දේපොළ කොතරම් තියෙනවාද කියලා හිතාගන්න බැහැ. මෙතන උත්සවය කරල තියෙන්නෙ ඔහුට අයත් තැනක නිසා . මොකද කෙනෙකුගේ නමින් තියෙන සියලු දේවල් ඔහුගේ නිසා .ඇත්තටම රට හදන්න මුදල් සෙවීම හරිම පහසුයි කියලා කියන්න පුළුවන් කොහොමද කිව්වොත් ජනතා මුදල් යොදාගෙන ඉදිකර කෙනෙකුගේ නමින් පවතින සෑම ආයතන වලින්ම සංවර්ධන බද්දක් නමට අයිතිවාසිකම් කියන පුද්ගලයා ගෙන් හෝ ඔහු නැත්නම් උරුමක්කාරයන්ගෙන් අයකරන්න ඕන