ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්ව විද්‍යාලයයේ නීති මහාචාර්ය අනුරුද්ධ උදේනි ධම්මික ධර්මපාල (41) චිකාගෝ දුම්රියපොළකදී පිහි ඇනුම් කා රෝහල් ගත කරනු ලැබීය. ආර්ථික විද්‍යාව හා බදු ප්‍රතිපත්තිය පිළිබඳව ද විශාරදයකු වූ ඔහු ඇම්ට්‍රැක් දුම්රියක් බලාපොරොත්තුවෙන් සිටිය දී ජොෂුආ ස්කැග්ස් (23) නම් තරුණයකු පිහියකින් ඔහුගේ බෙල්ලට පහරදී ඇතැයි ද ‘තම රට බේරා ගැනීම සඳහා මේ ක්‍රියාව කළ බව ද ඔහු පවසා ඇත. එයින් පෙනෙනුයේ මහාචාර්යවරයා වෙනත් ජාතිකයකු නිසා පළිගැනීමට සඳහා පිහියෙන් අනින්නට ඇති බව යැයි ඇමෙරිකා පොලිසිය කියයි. මිනී මැරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දෙකක් යටතේ සැකකරුට චෝදනා නඟා ඩොලර් 500000ක ඇප මහත මුදා හැර ඇත. තේරුමක් නැති ප්‍රකෝපකාරී සිද්ධියකින් තම සරසවියේ සාමාජිකයකු බරපතල තුවාල ලැබූ බවත් ඔහු බේරා ගැනීමට උදව්කළ හැමට ස්තුති කරන බවත් කීය. ඉලනෝයි සරසවියේ සභාපති මයිකල් හෝගන්, සරසවි කාර්ය මණ්ඩලයට දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 04
763
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලාංකික මහැදුරුට චිකාගෝ නුවරදී පිහි පහර
ෆ්‍රන්සි Wednesday, 14 December 2011 11:43 AM
තමන්ගේ දැනුමින් තමන්ගේ රටට සේවයක් කළා නම් ඔය කරදර නැහැ.