ඉතාලියේ මිලානෝ නගරයේ ෆරීනි මාවතේ සුවඳවිලවුන් හළකින් සුවඳ විලවුන් බෝතල් දොළහක් සොරකම්කිරීමට තැත් කළැයි ලාංකිකයෙක් මිලානෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබීය.
සුවඳ විලවුන් හලට ඇතුළුවූ ලාංකිකයා සුවඳ විලවුන් බෝතල්වල ඇති තීරුසංකේත ඉවත්කර ඒවා සොරකම්කරන බව දැනගත් වෙළඳසලේ කලමනාකරු ඔහු අල්ලාගැනිමට තැත්කිරීමේදී ලාංකිකයා ඔවුන්ට තර්ජනයකර පලායාමට තැත්කර ඇත.
ඔහු පොලිසිය කැඳවීය. ලාංකිකයා අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරුණ, ඔය වගේ කතා කියන්න එපා (නි)
මාලන්,ලංකාවේ ගම කොහෙද? මං මේ, නිකමට ඇහුවේ. (නි)
නෑ මාලන් නුඹගේ උගත් කමට හරියන්න කරන්න තියෙන්නේ හොරකම් තමයි. ඉතාලියේ කරන රස්සාව ගැනත් කියන්න ඕන නැහැ (නදී)
පිටිගලගේ තොප්පිය නැති වෙලා ගොඩක් කල් කියලා අපිට වැටහිලත් දැන් ගොඩක් කල්. අපි ඉතාලියේ හොරකම් තමයි කරන්නේ බන්. ඇයි කිචිද? (නදී)
තොප්පිය හරි අය කීප දෙනෙක්ම ඉන්නවානේ හැබෑටම. මම හිතුවා ඕක . ඉතින් මම කියපු එක හරි කියලා ඔප්පු උනා නේ. (නදී)
ඉතාලියේ හොරකම් කරන අය හිතන් ඉන්නේ ලංකාවට ගිහින් බෙන්තර ගඟෙන් නාලා එහා පැත්තට පැන්නම සුවඳ හමනවා කියල වෙන්න ඇති. මෝඩයෝ (නදී)
බන්දුල ඉතාලියේ ගඳ ගහන තැන් සොයන්න කලින් අපේ රට ඇතුලේ තියන ගඳ තැන් සොයා ගන්න. මහා පරිමාන බදු වංචා, මහජන දෙපළ නාස්තිය , රක්ෂිත වනාන්තර එළිකිරීම , ඔන්න ඕවා බලන්නකෝ ටිකක් . ඔයාගේ නහය වැඩ කරන්නේ පිටරට තියන කුණු ගොඩවල් වලට විතරද ? (නදී)
අර හොරු කට්ටිය එක්ක එකතු වෙලා කිසිම කරදරයක් නැතිව ගද නොගහා ගජරාමෙට හොරකම් කරන්න හැම පහසුකමක්ම සපයල තියෙද්දීත් මොන මෝඩයද ඉතාලි ගිහින් මෙහෙම පිස්සු කෙලින්නේ? (නදී)
කොස්වත්ත, මේක ලොකු දෙයක් නොවෙන්නේ කොහොමද ? මට පේන්නේ ඔයත් ඒ ජාතියේම එක්කෙනෙක්ද කොහෙද? පිටිගලට කියන්න එපා තොප්පිය දාගන්න කියලා. ඔයා දාගන්න ඒ තොප්පිය. (නදී)
ඉතාලියේ ඉන්න මිනිස්සු කෙරුවොත් කරන්නේ ගඳ වැඩම තමයි. නැත්නම් ඉතින් අර සුනාමි සහන මණ්ඩලයට ලැබුණු ආධාර මුදල් හොරා කයිද නේද බන්දුල? (නදී)
ලංකාවේ දොළොස් දෙනෙකුටම සෙන්ට් ගෙනත් දෙන්නම් කියල පොරොන්දු දීල තියෙන්න ඇති. (නදී)
මම දන්න කෙනෙකුත් මීට පෙර මේ වගේම වැඩක් කළා (නි)
ඔස්ට්‍රේලියාවට ආපු සමහර ලංකාවේ බෝට්ටු කාරයන්ගේ නොහොබිනා වැඩ සමග බලන කොට ඉතාලියේ මේ කෙරෙන දේවල් ඉතා සුළුයි. (නදී)
ඔය හුඟක් කට්ටිය ඉතාලියට පැනලා ගිහින් ඉන්නේ මෙහෙ ඉන්න බැරි හින්දා. එහෙ ගියත් කොරන්නේ මෙහෙදී කොරපු වැඩම තමයි. (නදී)
කැත වැඩ කරන කෙනා ඉතාලියේ තියා කොහේ හිටියත් කැතම තමා. (නි)
අරුණ, හොරකම් කරලා ජීවත්වෙන්න ඉතාලි යන්න ඕනෑ නැහැ. ලංකාවේ ඉඳගෙන කුලී වැඩක් හරි කරලා ජීවත්වෙන්න පුළුවන් නේද? (නි)
ඔන්න අපේ රට විරුවන්ගේ වීර ක්‍රියා. මාසෙකට සැරයක් ඉතාලියෙන් අපේ අයගේ වීර ක්‍රියාවක් අහන්න ලැබෙනවාමයි. බලු වලිගෙ උන පුරුකේ දැම්මත් ඇදේ අරින්න බැහැනේ. (නදී)
අපේ අය වැඩි හරියක් ගියතැන රට කනවා (නි)
පිටිගල, ඔයාගෙ තොප්පිය ඔයාම දාගන්න. මේක ලොකු දෙයක් නොවේ (නි)
අරුණ,මේ හොරකම් කළ දේවල් විකුණන්න පුළුවන් වෙන්නෙත් විකුණලා ජීවත්වෙන්න පුළුවන් වෙන්නෙත් ලංකාවේ වෙන්න පුළුවන්.ඉතාලි ජාතිකයෝ වගේම අපිත් මේ වගේ බඩුවක් කඩෙන් ගන්නවා ඇරෙන්න ඔය වගේ පිටින් කෙනෙක්ගෙන් ගන්නේ නැහැ.යම් කෙනෙක් මිලදී ගත්තත් එම මුදලින් ඉතාලියේ ජීවත්වෙන්න බැහැ.මේක ලංකාවෙන්ම ගෙනා ජාතික පුරුද්දට කළ දෙයක්. (නි)
ඉතාලියේ ඉන්න බොහෝ අය කළොත් කරන්නෙම ගඳ වැඩම තමා (නි)
අරුණ,ඉතාලි ජීවිතය කොහොමත් සුන්දර නැහැ.ඒ නිසාම නෙමෙයි, ඔය අය ඔය දේවල් කරන්නේ තමන්ගේ නැහැදීච්චකමටයි. හොරකම් කළේ අහිංසකකමට වෙන දෙයක් කරන්න නැතිකමට නම්, මොකටද කළමනාකරුට තර්ජනය කරන්නේ? ඔය වගේ මිනිස්සු කීපදෙනෙක් නිසා තමයි පිටිගල ඔය විදියට චෝදනා කරන්නේ (නි)
පිටිගල, ඔබේ තත්වයේ අය හා ඔබේ තත්වයෙන් හිතන අය වගේම ඔබට සමාන පවුල් පසුබිමක් තිබෙන ශ්‍රී ලාංකිකයින් ඉතාලියට නෙමේ දිව්‍ය ලෝකෙට ගියත් සුවඳ හමන වැඩක් කරයි කියලා හිතන්න බැහැ. (නි)
ඉතාලියේ සිටිනා ලාංකික බහුතරය නිතරම ලංකාවේ නම කැත කරන ගඳ ගස්සවන වැඩ කරන එක සාමාන්‍ය දෙයක් (නි)
පිටිගල මහත්තයෝ, ඉතාලියේ අයව ඔහොම පහත් කරලා කතාකරන්න එපා (නි)
ඒ වැඩේ නම් කැතයි. ඒවුණාට ජීවහ් වෙන්න කරපු දෙයක් වෙන්න පුලවන් ඒ මොකද. නියමිත රැකියාවක් නොමැතිව ජීවත් වෙන්න ඉතාලියේ ජිවිත සුන්දර නැහෑ. බඩ ගින්න නිවා ගන්න.කාමරකුලි ගෙවන්න වෙන්න පුලුවන් ...... ඒ නිසා බුද්දිමත්ව බලන්න.(අ)
ඉතාලිය ඉන්න ලාංකිකයෝ වැඩි දෙනෙක් ගඳ වැඩ වලට දක්ෂ බව දැන් ලෝකයම දන්නා දෙයක්.(තොප්පිය හරි අයට දා ගන්න පුළුවන්) (අ)
වර්තමාන ශ්‍රී ලංකාවේ සාරධර්ම රටාවට අනුව ගඳ වැඩක් නොකළහොත් ඔහු ශ්‍රී ලාංකිකයෙක් නොවේ. හොඳින් බැරි නම් නරකින් හෝ ජාතික අනන්‍යතාවය රැකගැනීමට අපේ අය බොහොම දක්ෂයි. (නි)
ලංකාවට ගෙනියන්න තෑගි එකතු කරනවා වෙන්න ඇති. (නි)
කොහොමත් ඉතින් අපේ අය යන තැන ගඳගස්සලා තමයි පස්ස බලන්නේ. (නි)
ඉතාලියේ ඉන්න බොහෝ ලාංකිකයින් කරන්නේ ගඳ වැඩ තමයි (නි)
එකත් එකටම බෝට්ටුවෙන්, කන්ටේනරෙන් ගිය කෙනෙක්.(නදී)