IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ලාංකිකයෙකු බඳින්නත් කැමතියි

ශ්‍රී ලංකිකයෙකු හා විවාහ වී මෙරට පදිංචි  වීමට බලාපොරොත්තු වන බව  දිවයිනට පැමිණ සිටින 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ  කිරුළ හිමි කරගත් ජින් යී මෙනවිය එසැණට පැවසුවාය.

ඇය මේ දිනවල මෙහි පැමිණ ඇත්තේ දැනට ශ්‍රී ලංකාවේ සංචාරයක  නියත 2014 චීන විශ්ව රූ රැජිණ තරඟාවලියේ  අවසන් වටයේ තරඟකාරියන් විසින් සිදුකරනු ලබන  වැඩසටහන් කිහිපයකට එක් වීමටය.

  වෘත්තීය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස සේවය කරන ඇය 26 හැවිරිදිය.

‘‘මම ලංකාවට ගොඩක් ආදරෙයි. මෙහි ඇති එළවලු, පලතුරු හරි රසයි.  ඒ වගේම මම ශ්‍රී ලාංකිකයෙකු හා විවාහ  වෙන්න කැමතියි. ලංකාවේ පදිංචි වෙන්නත් කැමතියි.

මම මුදල් ඉතිරි  කරනවා  ශ්‍රී ලංකාවේ අසරණයන්ට උදව් කරන්න. මම කැමතියි පින් කම් සහ සමාජ සේවය කරමින් ලෝකේ වටේ සංචාරය කරන්න‘‘  .

    DSCF8631  DSCF8673 DSCF8677 DSCF8680 DSCF8684



අදහස් (0)

ලාංකිකයෙකු බඳින්නත් කැමතියි

ද සොයිසා Saturday, 30 August 2014 11:29 AM

මම කැමති නැහැ , චීනුන් ලංකර ගන්න කොට පරිස්සම් වීම රටේ කොයි දේටත් හොඳයි. (ස)

:       0       0

ශාන්ත Saturday, 30 August 2014 11:34 AM

මෙයා අමාරුවෙ වැටෙන්න යන්නෙ. (ස)

:       0       0

ජයරත්න-කරුවලගස්වැව Thursday, 09 October 2014 07:11 AM

මොන කෙන්ගෙඩියක්ද මේ වෙන්න යන්නේ.ඉවරයක් නෑ මේ අය ගෙ මේ ඇඬියාව.ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවෝ.එහෙව් එකේ අපේ කොල්ලො කසාද බදින්න ඕන චීන කෙල්ලො නෙවෙයි අපේ රටේ කෙල්ලොයි.දීපා ඔයා මේ ඒ අයට ඒක පහදල දෙන්න.(අ)

:       0       0

තරිදු Monday, 01 September 2014 04:59 PM

අපි දෙන්නා චිවාහ වෙමු (නි)

:       0       0

පාලිත කුමාර Sunday, 31 August 2014 07:59 AM

මම කැමතියි එයාව අඳුනාගන්න (නි)

:       0       0

රසික කටාර් Saturday, 30 August 2014 12:35 PM

වැඩි විස්තර සඳහා උදාහරණයකට සිංගප්පුරුව අරන් බලන්න.තනිකරම චීන්නුගේ පාලනයක් යන්නේ,මටනම් පෙන්නේ ලංකාවේ ඉන්න ඔය සත්තුටික දැකල වෙන්ඩ ඇති නේද. (අ)

:       0       0

ශාන්ති Saturday, 30 August 2014 12:56 PM

ලසිත් වගේ අය ලබපු ඒ බිරිද කොච්චාර වාසනාවන්තද ? (අ)

:       0       0

රජිව් Monday, 01 September 2014 06:19 PM

නියමයිනේ! (නි)

:       0       0

බුද්ධික පෙරේරා Friday, 29 August 2014 05:27 PM

මමත් ඉල්ලුම් කරන්න ඕනෑ. (නි)

:       0       0

කමල් Friday, 29 August 2014 05:30 PM

මම කැමැතියි චීනිට, චීනි කැමැති නෑ මට! (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 29 August 2014 05:40 PM

මේකට හොඳ හොඳ ප්‍රතිචාර ලැබෙයි කියා හිතෙනවා. ආසාවෙ බැහැ අපේ මල්ලිලාගේ ප්‍රතිචාර බලනකම් (නි)

:       0       0

ශම්මි Sunday, 31 August 2014 10:12 PM

ලංකාව හොඳට හිතට අල්ලලා වගේ (නි)

:       0       0

සමන්ත Saturday, 30 August 2014 01:46 PM

චීන බඩු බාල බඩු නේ. මල්ලිලා බලාගෙන (අ)

:       0       0

රජින්ද Friday, 29 August 2014 06:26 PM

අදහස නම් හොඳයි. ඒත් තනිපංගලමේ එළිපහළියට එහෙම යනවා නෙමෙයි (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 29 August 2014 06:42 PM

කමක් නැහැ නංගී (නි)

:       0       0

මංජුල Saturday, 30 August 2014 02:05 PM

මටත් පුලුවන් නේද මේකට අයදුම් කරන්න? (නි)

:       0       0

ටෙනිසන් Friday, 29 August 2014 07:04 PM

හොඳයි,කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 30 August 2014 02:06 PM

අශේන් තවම බැඳලා නැද්ද? (නි)

:       0       0

සරත් Friday, 29 August 2014 07:18 PM

නංගි, ඔයා ලංකාවේ කටිටියගේ සැබෑ තත්වය දන්නේ නැති නිසා තමයි, ඔහොම හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

ලලිත් Friday, 29 August 2014 07:22 PM

චීනයේ කාන්තාවෝ කවුරුත් පිටරැටියන්ව බැඳලා පිටරටක පදිංචි වෙන්න කැමතියි. (නි)

:       0       0

වසන්ති Saturday, 30 August 2014 02:11 PM

අපේ රට චීනයට සම්බන්ධ වෙනවට බොහොම කැමතියි. (නි)

:       0       0

සුනිල් Friday, 29 August 2014 07:24 PM

ලංකාව කියන්නේ හොඳම රටක් (නි)

:       0       0

නිමල් Friday, 29 August 2014 07:30 PM

අනේ වාසනාවන්...එහෙනම් මව බදින්නකෝ...මාත් කැමති චීන කෙල්ලෙක්ව බදින්න...(අ)

:       0       0

හේවාවිතාරණ Friday, 29 August 2014 07:52 PM

දෙශපාලකයෙකු හැර ඕනෑම කෙනෙක් බැඳ ගන්න (අ)

:       0       0

සචිත් Saturday, 30 August 2014 03:05 PM

නෝනාගෙන් අහලා මමත් උත්තරයක් දෙන්නම්කෝ (නි)

:       0       0

මිනිපෙ Friday, 29 August 2014 08:03 PM

ඔය කතා වැඩිය ගන්නන් ගන්න එපා .(අ)

:       0       0

මංජුල Saturday, 30 August 2014 03:05 PM

හරිම හොඳයි. ලංකාවෙන් විවාහ වෙන්න. දුප්පත් අයට උදව් කරන්න (නි)

:       0       0

මිනිපෙ Saturday, 30 August 2014 03:14 PM

මට නම් චීන හරි ජපන් හරි කමක් නැහැ. මට ඕනෑ රස්සාවක් තියෙන කෙනෙක්. (නි)

:       0       0

මිගිද Friday, 29 August 2014 08:50 PM

නියමයි ,ජාතිවාදය තුරන් කරන්න නියමයි.ඔන්න මම ඉන්නවා,මමයි ඔන්න මුලින්ම කිව්වේ.(අ)

:       0       0

අරුණ Saturday, 30 August 2014 03:40 PM

ඕවා කිවුවා වගේ නෙමෙයි, කොල්ලන්ගෙන් බේරුමක් නැතිවෙයි (නි)

:       0       0

මාලන් Saturday, 30 August 2014 03:42 PM

මම ඉන්නවා නංගී ඕනෑදේකට (නි)

:       0       0

චමින්ද Friday, 29 August 2014 09:10 PM

ඉල්ලුම්පත් නම් දැනටමත් සැහෙන්න ඇවිල්ලා ඇති, මේ පුවත අහපු ගමන්.කෝකටත්, ....බබාලගෙන් ප්‍රවේසම් වුනොත් හොදයි. (අ)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 29 August 2014 09:16 PM

කරුණාකර චීනෙට ගියාම එහි බලධාරීන්ට කියන්න චිනේ සමාගමක් විසින් ඉදිකරණ ලද නොරෝචෝලේ විදුලි බලාගාරය ඉතා කෙටිකලක් තුල ක්‍රියා විරහිත වීම චිනේ නිෂ්පාදන වල නමට කැළලක් නිසා වහාම එය නිසිතත්වයට පත්කර දෙන්න කියල , තවද එම ව්‍යපෘතිය සහ ජනතාවට වියදමේ තරමට ප්‍රතිපලයක් නැති වෙනත් ව්‍යාපෘති සදහා ගෙවන නයපොලි වාරික ගෙවීම සදහා අහර ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට විශාල බද්දක් එකතු වීම නිසා අපි අමාරුවේ වැටිලා කියන්න , ණය මුදල් වලින් වැඩි හරියක් හොර දෙශපාලකයෝ සාක්කුවේ දමාගන්න නිසා ඉදිරියට ණය දීම සිමා කරන්න කියන්න මේක තම ඔබට අපට කරන්න පුළුවන් ලොකුම උපකාරය . (අ)

:       0       0

සිංහ Saturday, 30 August 2014 04:00 PM

චීන හෝටල් ලංකාවේ අඩියෙන් අඩිය තියෙනවා. බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ (නි)

:       0       0

කසුන් Saturday, 30 August 2014 04:06 PM

මම නම් කැමතියි ඇයව කසාද බඳින්න (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 30 August 2014 04:25 PM

බන්දුල පෙරේරාගේ අදහස නම් සහතික ඇත්ත. (නි)

:       0       0

ලක්ෂිත Monday, 01 September 2014 09:18 AM

මම නම් ඔයාට කැමතියි (නි)

:       0       0

සම්පත් Saturday, 30 August 2014 04:46 PM

හැබැයි ප්‍රවේශමෙන්! (නි)

:       0       0

ජනක Monday, 01 September 2014 01:38 AM

කන්දක් මුදුනේ පුංචි පැල්පතක් හදාගෙන ලුණුයි බතුයි කාලා දුකසැප බෙදාගෙන පාඩුවේ ජීවත්වෙන්න කැමති නම් මම කැමතියි ඔයාව බඳින්න (නි)

:       0       0

සෑම් Friday, 29 August 2014 10:34 PM

"මිස් යුනිවර්ස්" ""චයිනා"" කියන්නේ ලෝකය චීනයේ කොටසක් කියලා හිතාගෙන වෙන්න ඇති.මෙයා 2013 විශ්ව රු රැජින තරඟයට චීනය නියෝජනය කල එක්කෙනා. නැතිව විශ්ව රු රැජින නොවේ. (අ)

:       0       0

සුගුනවති Friday, 29 August 2014 10:50 PM

බිලියනකට වඩා ඉන්න රටේ තමන්ගේ ජාතියෙන් කොල්ලෙක් හොයා ගන්නේ නැතුව පිටරැටියන් හොයන්නේ ඒ තරම හොඳ කෙනෙක් වෙන්න බැහැ (අ)

:       0       0

මන්ජුක ginige Friday, 29 August 2014 11:11 PM

තව කාලයක් යද්දී චීනෙන් තමා බදින්න වෙන්නේ නය බේරගන්න අපේ රටේ (අ)

:       0       0

අනුර පනාගොඩ Friday, 29 August 2014 11:29 PM

මම ඉක්මන් වැඩි උනාද මන්දා (අ)

:       0       0

සමන්ති Friday, 29 August 2014 11:40 PM

මෙයාට අපේ හැමතැනම තියෙන චයිනීස හෝටල් දැකල ඇති. චීනේවත් මෙහෙම නැතුව ඇති. (අ)

:       0       0

ටිරෝන් Saturday, 30 August 2014 05:54 PM

අපේ රටේ දැනටමත් වැඩිපුරම තියෙන්නේ චීන දේවල්නේ! (නි)

:       0       0

ජොලි Saturday, 30 August 2014 12:24 AM

මෙන්න අපේ කට්ටියට අවස්ථාවක්. !

:       0       0

ඇසළ Saturday, 30 August 2014 12:27 AM

ඉල්ලන් කන්න හදන්නේ, හැම තැනම පලා බබ්බු. කරුණාකරලා ආපු පාරෙන්ම ආපු වැඩේ කරගෙන ඉක්මනට යන්න අමාරුවේ වැටෙන්නේ නැතුව. (අ)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Saturday, 30 August 2014 01:20 AM

ඔන්න මමත් ඉල්ලුම් පත්තරයක් තැපැල් කළා. හැබැයි අනේ මට ගැරඩි කන්නනම් බැහැ. මෙයාල කකුල් තියෙන ඕනිම සතෙක් කනව. කකුල් තිබිලත් බේරිලා ඉන්නේ මේස පුටු විතරයි. (අ)

:       0       0

ප්‍රසංග Saturday, 30 August 2014 07:43 PM

චීන භාෂාවෙන් චාන් චූන් ගාද්දි හරිම කරච්චලයක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන් කුමාර Saturday, 30 August 2014 01:29 AM

අනේ! අනේ ! මාව. ඔන්න මමයි ඉස්සෙල්ලම ඇහුවෙ. (අ)

:       0       0

කමල් Saturday, 30 August 2014 01:31 AM

අපේ රටේ සැමියන් ගේ හොඳ මෙහෙට ගොඩ බහින්න කලින්ම ආරංචි වෙලා වගේ. (අ)

:       0       0

ප්‍රදීප් වසන්ත කුමාර Saturday, 30 August 2014 01:35 AM

අම්මා දැනගත්තොත් ගහයි (අ)

:       0       0

චමින්ද Saturday, 30 August 2014 09:47 PM

කසාද බදින්න හොදම නැති ජාති දෙකක් තමයි රුසියානු සහ යුක්රේන් ගැහැණු. නිල් පාට,කොළ පාට ඇස් ඇති ඔවුන් ඉතාම ලස්සනයි. නමුත් සමස්තයක් වශයෙන් ගත්කල මේ රටවල් දෙකේ ගැහැණු හරිම නපුරුයි.කේන්ති යාම උපරිමෙන්ම......ආසියානු රටවල ගැහැණු, ඒ අතින් බැලුවහම බොහෝම කරුණාවන්තයි. (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 30 August 2014 02:51 AM

එන කොටම මම නම් දැනගත්ත ඕක වෙයි කියලා...ඇත්තටම සතුටුයි එයාල අපේ රටට ඒ තරම් ආදරය කරන එක ගැන. එත් හැබැයි චීන ආණ්ඩුව යටතේ පාලනය වෙන රටක් වෙන්න නම් දෙන්න බැහැ අපේ ලංකාව..(අ)

:       0       0

සාලිත Saturday, 30 August 2014 03:00 AM

ඉතින් අනේ අපේ ලංකාවේ හොද හැදිච්චා කොල්ලෙක් ව ජෝඩු කරමුකෝ (අ)

:       0       0

සෑම් Saturday, 30 August 2014 03:08 AM

අයියෝ.... මම ඊයේ බන්දනේ (අ)

:       0       0

චානක මධුසංඛ Saturday, 30 August 2014 03:27 AM

මම කැමති මෙයාව බදින්න පුලුවන්නම් පෞද්ගලිකව සම්බන්ද කරන්න ..(අ)

:       0       0

චතුරංග Tuesday, 02 September 2014 01:54 AM

මේ මාත් කැමතියි. දෙනවද අවස්ථාවක්? (නි)

:       0       0

ජානක Saturday, 30 August 2014 03:41 AM

කොහොමද ඉල්ලුම් පත්‍රයක් දාන්නෙ මෙයාගේ යෝජනාවට ? (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 30 August 2014 03:44 AM

නරකද හිතල බැලුවොත් අර තංගල්ලේ හාදය ගැන හරි,කැළණි තුමාගේ පුත්ත්‍ර රත්නය ගැන?? (අ)

:       0       0

අසංක Saturday, 30 August 2014 04:07 AM

අනේ මම නම් කැමති නෑ ඔයා බදින්න ! වෙන කවුරු හරි හොයා ගන්න ! (අ)

:       0       0

ලහිරු Saturday, 30 August 2014 04:12 AM

මෙන්න කට්ටියට චීනෙට යන්න අවස්තාවක් (අ)

:       0       0

සරත් Sunday, 31 August 2014 12:11 AM

මම චන්දනගේ අදහස් වලට කැමතියි (නි)

:       0       0

චාමර Saturday, 30 August 2014 04:21 AM

මම කැමති නෝනට, නෝනා කැමති නෑ මට. (අ)

:       0       0

මහේෂ් Saturday, 30 August 2014 04:36 AM

මේ මල හොන්තුවට වඩා මගේ ගෑනි ගොඩක් වටිනවා

:       0       0

ධර්මපාල Saturday, 30 August 2014 04:49 AM

කොමිනිස්ට් එපා වෙලාවෙන්න ඇති (අ)

:       0       0

දිල්ෂාන් Sunday, 31 August 2014 01:08 AM

ලංකාවේ කොල්ලෙක් හොයාගන්න කලින් ඉංග්‍රීසි හරි සිංහල හරි ඉගෙනගෙන ඉන්න වෙනවා.නැත්තම් ඉතින් බදින කෙනාට චීන ඉගෙනගන්න වෙනවා (නි)

:       0       0

ආනන්ද Saturday, 30 August 2014 05:08 AM

මල්ලිලා පරිස්සමෙන් අර නොරොච්චෝල වගේ කරච්චලයක් වෙන්න බැරි නැහැ.(අ)

:       0       0

ලලිත් රත්නායක Saturday, 30 August 2014 05:13 AM

මම කැමතියි. (අ)

:       0       0

අපොන්සු Saturday, 30 August 2014 05:17 AM

නොමේරු මනසකින් මතුපිටින් බලා කියූ දෙයක්නේ. (අ)

:       0       0

රෙක්ස් Saturday, 30 August 2014 05:40 AM

මම මේ දවස් ටිකේ වැඩිය එලිපහලියට බහින්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්න හිතාගත්තා. (අ)

:       0       0

රාජිත Saturday, 30 August 2014 05:55 AM

යුව රජ තුමාගෙන් ඇහුවනම් එයා කැමති වේවි. (අ)

:       0       0

රංග Sunday, 31 August 2014 02:40 AM

මම නම් ඇයට හරිම කැමතියි (නි)

:       0       0

පියතිස්ස Sunday, 31 August 2014 02:41 AM

ඉතා හොඳයි (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සීෂෙල්ස් Saturday, 30 August 2014 05:58 AM

සංවිදායක මහත්වරුණේ මෙවන් වදන් පැවසු මුවින් ..මෙහෙන් පිටවීමට පෙර ..හෝ පිටව ගියපසු ....රටට අයහපත් ...වදන් පිටවීමට ඉඩ නොතැබීම ඔබ සැමට බාරයි .මන්දයත් ....සහනකාරී සහ අසහනකාරී ... මහත්තුරු රටපුරා සිටිනානිසා. (අ)

:       0       0

අමර Sunday, 31 August 2014 02:39 AM

ගොඩක් හොඳයි. අපේ රටට ආදරය කරන කෙනෙක් වගෙයි (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 31 August 2014 03:03 AM

මම කැමැතියි ඇයව කසාද බඳින්න (නි)

:       0       0

ජීලො Saturday, 30 August 2014 06:15 AM

කොහොමත් ඉස්සරහට මෙයාලගෙන් ගත්ත අපේ ණය වලට හිලව් වෙන්න ගෙවල් වල ඉන්න කෙල්ලෝ කොල්ලෝ ටික දීලා තමයි බේරෙන්න වෙන්නේ. (අ)

:       0       0

අකලංක Sunday, 31 August 2014 01:15 PM

මම කැමතී (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 August 2014 06:22 AM

අපේ කොල්ලෝ දැක්කම මේ අයට පිස්සු හැදිලද කොහෙද?, මේ විරිත්තාගෙන ඉන්නේ අපේ රට ගිලගන්න බලාගෙන ඉන්න රටක කෙල්ලෝ සෙට් එකක්.එසැන කොල්ලනේ මේ අයට නම් අහුවෙන්න එපා. (අ)

:       0       0

අමිල Sunday, 31 August 2014 01:20 PM

මමත් කැමතී ඇත්තටම. (අ)

:       0       0

විහඟ Monday, 01 September 2014 04:00 AM

මම කැමතියි ඔයාව බඳින්න. මගේ නම විහඟ. මම ලංකාවේ අම්බලන්ගොඩින් (නි)

:       0       0

බොතේජු Saturday, 30 August 2014 06:52 AM

මම කැමැති චිනට ...චිනා කැමැති නැ මට

:       0       0

ගිහාන් Saturday, 30 August 2014 07:02 AM

අවිවාහක තරුණ බලවතුන් රැසක් ඉන්නේ! . උඩ පැනලා කැමති වේවි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 30 August 2014 07:04 AM

චීන්නු හරි අපිරිසිදුයි..දත් මදින්නේ නැහැ..ගුවන් හමුදාවේදී චීන්නු කණ්ඩායමක් එක්ක වැඩ කලා..පිරිමිත් එකයි..ගැනුත් එකයි.ගද ඉවසුවත් කන් කරච්චලේ ඉවසන්න බැහැ...කැමතිම නම් ඉතින් ආවට කමක් නැහැ..හැබැයි බදින්නනම් බැහැ..(අ)

:       0       0

නනිත Sunday, 31 August 2014 03:36 AM

කතුමෝ, ඔයා හරි හොඳ එක්කෙනෙක්. (අ)

:       0       0

සාරංග Saturday, 30 August 2014 07:09 AM

අනේ චීන නෝනා හොඳ වෙලාවට හම්බන්තොට පැත්තේ එක්ක යන්නේ නැතිව ඇති..එකනේ මෙහෙම කතාවක් කිව්වේ...(අ)

:       0       0

මදුවන්ති Sunday, 31 August 2014 01:41 PM

ඔය කැමති නම් මට උදව් කරන්න අපේ ගේ හදන්න (අ)

:       0       0

හසිත Saturday, 30 August 2014 07:11 AM

මට පේන හැටියට ඉස්සරහට අපේ රටේ ඉපදෙන ළමයින්ට පුංචි ඇස් පිහිටීමට තිබෙන සම්භාවිතාව වැඩියි වගේ. කොහොමද චීනේ ඔක්කොම ලලනාවන්ට මෙහෙන් කසාද කර ගන්න ආශාවක් පහල වුණොත්. ! (අ)

:       0       0

දමිත් Saturday, 30 August 2014 07:09 AM

මේඩ් ඉන් චයිනා කියන්න වෙයි... මමනම් තවම බැදල නැ.. (අ)

:       0       0

චමල් Saturday, 30 August 2014 07:20 AM

ඔන් මම මගේ පවුලව දික්කසාද කර. අනේ නංගි ලංකාදීප පත්තරෙන් මගේ ඊමේල එක ඉල්ලන් කේන්දර කොපිය එවන්න නැකතක් බලන්න අපිට බඳින්න (අ)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Sunday, 31 August 2014 04:02 AM

මහෙෂ් කටට ආ පලියට මෝඩ කතා කියන්න එපා (අ)

:       0       0

ගාමිණී Sunday, 31 August 2014 04:04 AM

බන්දුල පෙරේරා කිවුවේ සහතික අත්තක්, මම වැඩ කරන්නේ සංචාරක ආයතනයක, නැවතිලා ඉන්නේ ලංකාවෙන් පිට හෝටලයක. අයියෝ (අ)

:       0       0

නිලංග Saturday, 30 August 2014 07:23 AM

චීන ජාතිකයන් යම් රටකට රිංගා ගත්තොත් ඒ රටේ දේවල් සුළු කාලයකින් කන පිට හරවා තමන්ට වාසිදායක අයුරින් හදා ගන්නවා. උදාහරණයක් කියන්නම්. ඕස්ට්‍රේලියාවේ සමහර රැකියා අවස්ථා සඳහා දැන් ප්‍රධාන සුදුසු කමක් වන්නේ චීන භාෂාව දැන ගෙන සිටීම. එපමණක් නෙවෙයි . ඔවුන් ඉංග්‍රීසි භාවිතා කිරීම අවම වුණත් ඔවුන්ට වඩා චතුර ලෙස ඉංග්‍රීසි දැනුම ඇති අනෙකුත් සංක්‍රමණිකයන් අභිබවා රැකියා වෙළඳ පොළ ආක්‍රමණය කරලා. ඒ නිසා චීනුන් ලංකර ගන්න කොට පරිස්සම් වීම රටේ කොයි දේටත් හොඳයි. (අ)

:       0       0

චන්දන Saturday, 30 August 2014 07:34 AM

චීන කාන්තාවන්ගේ සහකරුවන් සොයා ගැනීම ගැන දැන ගන්න ඕන නම් ඔස්ට්‍රේලියාවට එබිලා බලන්න. ශිෂ්‍ය විසා අරගෙන එනවා. ගුවන් යානයෙන් බහින කොටම පුරවැසි භාවය ඇති සුද්දෙක් අල්ල ගෙන එයාගේ ගෙදරට ගාල් වෙලා ඒ මනුස්සයව සුද්ද කරන්න පටන් ගන්නවා. එයාගේ පිහිටෙන් එදිනෙදා වියදම ගොඩ දාගන්නවා. තමන්ට පුරවැසි බව ලැබුණ ගමන් අර මනුස්සයාට චෙරියෝ බායි ! (අ)

:       0       0

කුමාරන Saturday, 30 August 2014 07:56 AM

නෝනාවරුනි මහත්වරුනි,විශ්ව රූ රැජින තරගෙට එන්නේ බාහිර රූපේ විතරක් අරන් නොව,බොහෝ කුසලතා සහ බුද්ධියත් සමගින්‍.අපේ රටේ ස්වභාව සෞන්දර්යට ,සංස්කෘතියට,ගති පැවතුම් වලට පෙම් බැන්ඳ උගතුන්,කලාකරුවන්, ලොව පුරා ඉන්නවා.ආතර් සි . ක්ලාර්ක් මහතා ගැන හිතන්න .ඒවගේ තමා මෙතුමියත්. කුහකයකුට හසු නොවී සැදැහැවත් පින්වතකුට හසු වුණොත් එය අපේ රටට හොඳා.චීනයට ණය අපි විතරත් නොවන බවත් ,බොහොම බටහිර රටවලුත් චීන ණය මත දුවන බවත් දැනගත යුතුය (අ)

:       0       0

සමන් Saturday, 30 August 2014 08:04 AM

වාරියපොළ පැත්තෙන් කෙල්ලෙක් බදිනවට වඩා චීන කෙල්ලෙක් බැන්දොත් හොඳයි. ලංකාවේ කෙල්ලන්ට අගේ නැතුවට කොහොමද ලංකාවේ කොල්ලන්ට ලෝකේ තියන ඉල්ලුම? (අ)

:       0       0

සුනිල් මාපලගම Tuesday, 02 September 2014 04:48 PM

අර තංගල්ල පැත්තෙන් කසාදයක් කරගන්න කැමති නැද්ද? (නි)

:       0       0

අශේන් Saturday, 30 August 2014 08:18 AM

මමත් තවම බැඳල නැහැ (අ)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 30 August 2014 08:37 AM

මමත් කැමතියි. හැබැයි සුදෝ බල්ලෝ, ගැරඬි කන්න නම් බෑ. (අ)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 30 August 2014 09:02 AM

සුබ මංගලම් චමල් ! (අ)

:       0       0

සමන් Sunday, 31 August 2014 05:32 AM

ඔබ පමා වැඩියි,,, ඇය මගේ ලොවට අවා... (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 30 August 2014 09:04 AM

ගණන් ගන්න එපා සඳුන් පෙරේරා, එයාල ඒ කෑම හදන්නේ රස කාරක , තුන පහ, සෝස් එහෙම හොඳට දාල අපි ඔය දැල්ලෝ එහෙම උයනවා වගේ...(අ)

:       0       0

කව්ස්හිල් සිල්වා Sunday, 31 August 2014 05:32 AM

මම කැමතියි .....මටත් පොඩි කාලේ ඉඳල ආශාවක් තිබුණා. විදේශික කාන්තාවකට.ඒ කැමැත්ත තාමත් තියෙනවා. (ස)

:       0       0

දෙනියාය Sunday, 31 August 2014 05:36 AM

පොල් සම්බෝලයි බතුයි කන්න පුළුවන් නම් මම දැන් උනත් බඳිනවා. (ස)

:       0       0

සමරසේකර Monday, 01 September 2014 01:59 PM

අනේ හරිම ෂෝක්! මමත් කැමතියි (නි)

:       0       0

ශාන්ත Saturday, 30 August 2014 09:21 AM

එල කෙල්ලෙක් (අ)

:       0       0

ශාන් Saturday, 30 August 2014 09:24 AM

චීනේ හැම දෙයක්ම බාලයි ඒ නිසා මන් කැමති නෑ මෙයාව බදින්න. (අ)

:       0       0

සෑම් Saturday, 30 August 2014 09:49 AM

වැඩේ තිබෙන්නේ මෙයාගේ උස වැඩිනේ .ඉතින් මෙයට හරියන කෙනෙක් නම් හොයන එක ලෙහෙසි නැහැ . (දී)

:       0       0

චානක Sunday, 31 August 2014 06:02 AM

මං හොඳද? (අ)

:       0       0

නනදනී Saturday, 30 August 2014 09:58 AM

මොකක්ද මේකේ යටි අරුත (දී)

:       0       0

උපුල් Sunday, 31 August 2014 05:10 PM

මමත් කැමතියි (නදී)

:       0       0

හේවාවිතාරණ Saturday, 30 August 2014 10:08 AM

එකත් එකටම ලංකාවෙන් කසාදයක් බැඳගන්න හිතෙන්න ඇත්තේ චීනෙවත් නැති චීන රෙස්ටුරන්ට් තොගයක් ලංකාවේ තිබෙන නිසා වෙන්න ඇති (අ)

:       0       0

ජයරත්න Saturday, 30 August 2014 10:11 AM

ලංකාවේ ජනගහණයෙන් සියයට 56ක් කාන්තාවන් බවයි පැවසෙන්නේ. එහෙව් එකේ අපේ අවිවාහක සහෝදරවරුන්ට චීන තරුණියන් ගැන හිතනවට වඩා වගකීමක් හා යුතුකමක් තියෙනව අපේ රටේ තරුණියන් ගැන. (අ)

:       0       0

අමරේ Saturday, 30 August 2014 10:13 AM

එයාට එකෙන්ම තේරෙන්න ඇති ගෑනු ඔළුව උඩ තියන් දහ දුක් විඳින මෝඩයො ඉන්න රටක් මේක කියලා... සතයක් පිනට නොදෙන පිරිමි ඕන තරම් උඩපැනගෙන එයි ඩාලින්, රත්තරන්, පැටියො මම ඔයාට එව්වා ගෙනත් දෙන්නම් , මෙව්වා ගෙනත් දෙන්නම් කියාගෙන.චීන ගෑනි බැන්දොත් ගෑනි ගෙදර නැහැ කොයි වෙලාවෙත් .. පලතුරු කකා රට වටේ යනවනේ..මිනිහටත් පලතුරු කකා තමා ඉන්න වෙන්නේ. (අ)

:       0       0

හේවාවිතාරණ Saturday, 30 August 2014 10:14 AM

ඊට පස්සේ ලංකාවෙත් චීනේ හා සමාන ජනගහනයක් ඇති වේද ? (අ)

:       0       0

ඉෂාන් Tuesday, 02 September 2014 07:17 AM

මම කැමතියි ඔබට (නි)

:       0       0

ජයත් Saturday, 30 August 2014 10:21 AM

ෂාහ් ! අවාසනාවට මම බැඳලා ඒ වුණාට ශාන් ගේ කතාව නම් මරේ මරු! (අ)

:       0       0

ජයන්ත Saturday, 30 August 2014 10:35 AM

මේ ගොල්ලන් වෙනත් රටවල් වලින් සහකරුවන් සොයන්නේ නිකමට නෙවෙයි. මීයක් කඩන්නේ අත ලෙව කන්නද ? (දී)

:       0       0

ලසිත් Saturday, 30 August 2014 10:40 AM

එයාලාව නඩත්තු කරන්න රස්සාවල් 5 ක් තිබුනත් මදි. කිසිම දෙයක් නොතිබුන කාලේ මාත් එක්ක ඇවිත්, තිබෙන හැටියට සතුටු වෙලා, මාත් එක්ක ජීවත් වෙන මගේ රත්තරන් ගෙදර හාමිනේ හොඳයි. (දී)

:       0       0

ඉසුරන්දි Saturday, 30 August 2014 11:13 AM

මෙයාලට ඔරොත්තු දෙන්නේ තරු පහේ අතු මිසක කිරිකජු කොලුපැටව් නෙමෙයි මයේ හිතේ. (ස)

:       0       0

තරංග Saturday, 30 August 2014 11:13 AM

මම කැමති කෙනා මට කැමති නැහැ. (ස)

:       0       0

මොහාන් Saturday, 30 August 2014 11:25 AM

පිලිපීනෙ අයගෙන් අපේ කොල්ලන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒත් චීන අය එක්ක අමාරුයි. මොකද තාක්ෂණය දියුණු වුනාට චීන මිනිස්සු දියුණු නෑ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1441 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 918 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1395 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 993 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 562 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 1021 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37954 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site