රැකියාවක් නොමැතිව සිටි ශ්‍රී ලාංකිකයකු ලුකා නගරයේ අතහැර දැමූ ශාලාවක නිදා සිටියදී අධික සීතලෙන් මියගිය බව ඉතාලි රෝහලක් කියයි. වර්ණකුල ප්‍රනාන්දු (38) නම් මෙම පුද්ගලයාගේ ශරීර උෂ්ණත්වය අස්වාභාවික ලෙස පහත වැටීමෙන් ඇතිවූ හෘදයාබාධයකින් මියගිය බව වෛද්‍යවරු කියති. ලුකා නාගරයේ සිටින සහෝදරයා සොයා 2011 පෙබරවාරියේ දී සිය බිරිය හා දරුවන්දෙදෙනා සමග ඕලන්දයේ සිට නීති විරෝධි ලෙස ආ බව ඉතාලි පොලිසිය පවසයි. ඉතාලියට එන ඇතැමුන් මත්පැනට ගිජුවී බේබද්දන් වී සිටිතියි ද පොලිසිය පවසයි. පසුගිය දින තුනේ දී සීතල නිසා ඉතාලියේ 18 දෙනකු මියගිය බවත් ඉදිරියේ දී සීතල තවත් වැඩිවිය හැකි බවත් ඉතාලි බලධරයෝ අනතුරු අඟවති. සීතල නිසා යුරෝපයේ පමණක් 300 මරුමුවට පත්වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුයි ඒ මරණය ගැන
මුදල් හොයාගෙන ගිහින් සීතලේ මැරුණ කියලා අහන්නත් දුකයි. ඒ වේදනාව අපේ හදවත් වලටත් දැනෙනවා.
දැන දැන අමාරුවෙ වැටිච්ච කෙනෙක්..
අපේ ලංකාවේ අය මොනතරම් ඉතාලියේ ඉන්නවාද?මේ සොහොදරයට පිහිට වෙන්න කවුරුත්ම ඔය ඉතාලියේ හිටියෙ නැද්ද?
අනිච්ඡාවත සංඛාරා
කවුද මේවට වග කියන්න ඕන? ඉතාලියද? අපිද?
හරිම දුකයි. මොන කරදර තිබුණත් අපේ රට හොදයි කියන්නේ ඒකයි..
ඔක තමයි සල්ලි පස්සෙම දුවන්නැතුව තීරණ ගන්න ඕන. සිද්ධිය ගැන කණගාටුයි. පාඩමක් ඉගෙන ගමු..