ඓතිහාසික ලංකාතිලක රජ මහා විහාරයේ සිංහාසනයට ලොරි රථයක් ගැටීමෙන් වහලයට හා එහි කනු වලට හානි සිදුවි ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇති බවත් දවුලගල පොලිසිය පවසයි.
ලංකාතිලක විහාරයේ සිංහාසනයට සිදුවි ඇති අලාභය සම්බන්ධව පුරා විද්‍යා නිලධාරින් නිරික්ෂණය කර ඇති අතර පුරා විද්‍යා ගවේෂණ නිලධාරිනි සුනීතා නවරත්න මහත්මිය එහි අලාභය රුපියල් එක්ලක්ෂ තිස් හය දහහසක් බවට වාර්තා කර ඇති බවත් ලොරිය පැදවු රියදුරා එම මුදල පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට ගෙවා එහි රිසිට් පත දවුලගල පොලිසියට එවා ඇති අතර පුරා විද්‍යා දෙපාර්තුමේන්තු ගිණුමට මෙම මුදල බැරවූ බවට පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව දවුලගල පොලිසියට දන්වා ඇති බවද කියති.
අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය හා අනතුරක් වලක්වා නොගැනීම සම්බන්ධව ලොරි රථයේ රියදුරුට 16 දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස දැන්වූ බවත් පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මුදලුත් ලැබිලා තියන එකේ වහාම පිළිසකර කළා නම් නේද හොඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව! (නි)
දැන් ඉතින් මෙය සොයාගෙන එන හොරුන්ගෙන් ගැළවීමටත් බාරකරුවන්ට වගබලාගන්න වෙයිද දන්නෙ නැහැ (නි)
මේකේ හැප්පූ එක වරදක්. අපේ රටේ රියදුරන්ගේ හැටියට මෙච්චර කාලයක් තිබුණු එක පුදුමයි. (නි)
මොන මෝඩයද මේක ඇතුළේ ලොරි එළෙව්වේ?? (නි)
කරුණාකර මෙම සිංහාසනය ගැන දන්නා කෙනෙක් විස්තරයක් කරන්න. නොදන්නා නිසා අහන්නේ, දැනගන්න........ (නි)
මෙතරම් වටිනා පුරා වස්තුන් රැක ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යොදා ඇති වැඩ පිළිවෙල කුමක්ද? . පොටෝ වල තියන හැටියට අඩු ගන්නේ ආරක්ෂක වැටක් නාම පුවරුවක්වත් නැහැ . ඔයිට වඩා දරුණු අනතුරක් වෙලා ඔය ගොඩනැගිල්ල විනාශ වෙලාම ගියානම් රියදුරාට මොන දඬුවමක් දුන්නත් වැඩක් තියනවද ? (ම)
මට පුදුම මේක මෙචරකල් තිබුනේ කොහොමද කියල. ටිකිරිගේ කතාව හරි.ඔය දෙපාර්තමේන්තුව කොහෙද හිටියේ මේක වටේ පාරවල් හදනකන්. (ම)
මේකත් හරියටම තියෙන්නේ පාරේ මැදනේ.පුදුමයි මෙච්චර කාලයක් ඕක බේරිලා තිබ්බා.අඩුම තරමේ ආරක්ෂක වැටක්වත් තිබ්බනම්... (ම)
කාට බැන්නත් වැඩක් නැහැ, අපේ රටේ පුරාවස්තු ආරක්ෂා කරන්න වෙන්කරන මුදල් ප්‍රතිපාදන මදි.... (නි)