සිංගප්පූරුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ශ්‍රී ලංකාව ආ විගස අත් අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන බව රහස් පොලිසිය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට අද දැනුම් දුන්නේය. ඔහු ලංකාවට ආ විට අත්අඩංගුවට ගන් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වන්නැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණයට දැන්වූ විට එසේ අවශ්‍ය නැති බවත් තමා ඔහු ඉදිරිපත් කිරීමට පොරොන්දු වන බවත් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසුරිය මහතා කීවේය. පසුගිය පළාත් පාලන ඡන්දය දා කොලොන්නාවේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු නියෝජ්‍ය ඇමැති ඇතුළු සිවු දෙනකු මරාදැමී යැයි කියන සිද්ධිය අද විභාගයට ගැනුනු අවස්ථාවේ මහෙස්ත්‍රාත් පැවැසුයේ විත්තියෙන් ඉල්ලා සිටි ලියවිලි ලබා ගැනීමට විත්තියට අවසර ඇත්තේ මහාධිකරණයේ නඩු පැවැරූ පසුව බවයි. එම ඉල්ලීම කළ හේමන්ත වර්ණකුලසුරිය මහතා දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටීම ද ප්‍රශ්නයක් බව කී මහේස්ත්‍රාත් රටේ නැති සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයකුට ඒ සඳහා ඔහුගෙන් ලිඛිත අවසරයක් තිබිය යුතු යැයි ද එවැන්නක් උසාවියට ඉදිරිපත් කැර නැතැයි ද ප්‍රකාශ කෙළේය. එහෙත් මේ ගැන ඉහළ උසාවි තීන්දුවක් ඇතැයි නීතිඥයා කීවේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද මැතිතුමා ලංකාවට අයෙ පා තබයිද?
ලංකාවට ඇවිත් වෙනදා වගේ ජීවිතේ ගත කරයි
දඩුවම් නොදී ආරක්ෂා කළත් ස්වභාව ධර්මය වෙලාවට නිසි දඩුවම් දෙනවා
අනේ දුමින්ද, ඔයා ආයෙ ලංකාවට එන්න එපා
මේක තවත් එක කතාවක් විතරයි
ඔන්න ආණ්ඩුවට වැඩ පෙන්නන්න අවස්ථාවක්. පුළුවන්නම් අල්ලල පෙන්නන්න.
හිනා යනවා
දුමින්දව නිතීය ඉදිරියට ගෙනල්‍ලා දඩුවම් දිමට හැකි නම් ඒදාට තමයි ශ්‍රි ලංකාව ප්‍රජාතන්‍ත්‍රවාදි කියලා පිලිගන්‍න පුලුවන්.
අල්ලන් ලංකාවට එන්න එපැයි. කවුද දන්නෙ වෙන නමකින් එයිද කියලා
හිනා යනවා මේවා කියවල...
දුමින්දට ඉක්මනින් සුව වේවා!!
අපිට ඉතින් මුකුත් තේරෙන්නේ නැතිලු ඉතින්..
හිනා යනව ....
අල්ලයි අල්ලයි
දුමින්ද ලංකාවට එද්දි මේවා අමතක වෙලා තියෙයි.
දුමින්ද ඉන්නේ සිංගප්පූරුවෙ නෙමේ. ඕස්ට්‍රේලියාවෙ
ලංකාවට ආපු ගමන්ම අල්ලා ගන්න බව දන්න නිසා, බලමු අපි මොකද වෙන්නෙ කියලා.....
කවුද මේ දුමින්ද සිල්වා?
හිනා යනවා මේවා කියවල
මොකක්ද? දුමින්දව අල්ලනවා?
ඇත්තද?