ශ්රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව විසින් ජිනීවාහිදී ඉදිරිපත් කිරීමට නියමිත ‘අසාධාරණ චෝදනාවලිය ‘ පරදවාලීම උදෙසා අධ්‍යාත්මික බලවේගයක් නිර්මාණය කිරීම සහ එම සැසි වාරයට සහභාගීවන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස දිරිමත් කිරීමත් ඔවුනට සෙත් පැතීමත් අරමුණු කර ගනිමින් දිනපතා ජය පිරිත් සහ චක්ක පිරිත් දේශනා පැවැත්වීම සඳහා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය අරඹා ඇත.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් මුදවා ගත් පෙබරවාරි මස 4 වැනි දින ආරම්භ කැරුණු මෙම විශේෂි පිරිත් සජ්ජායනා වැඩපිළිවෙල පැවැත්වෙන්නේ මෙතෙක් දෛනික පැවැත්වුණු සෙත්පිරිත් සජ්ජායනාවට අමතරවය.
ඒ සඳහා විහාරධිපති තවලම ධම්මික සහ විහාරවාසී හල්විටිගල සුජාත යන හිමිවරු සහභාගී වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි ආගමික කටයුත්තක් කර ලොවට සත්‍ය පැහැදිලි කිරීම ඉතා වැදගත්.බෞද්ධ විහාරස්ථාන ඇති ඇමෙරිකාවේද සෑම විහාරස්ථානයකම මෙම පිළිවෙත අනුගමනය කර ඔබාමාත්,දැනුවත් කිරීම වටිනා දෙයක්. (අ)
හොඳ වැඩක් අපේ හාමුදුරුවනේ ! (අ)
හරිම ශාන්ත පෙනුම.සදු සදු සාදු. (අ)
ශ්රී ලංකාවට ජයවේවා. බටහිර යටිකුට්ටුවන්ගේ කුර අදහස් ඔවුන්ගේ හිත්වලින් තුරන් වේවා . ශ්‍රී ලාංකිකයකු හැටියට මගේ පැතුම එයයි.(දිල්)
ඇති වී තිබෙන සාමය හැමෝම භුක්ති විඳින අතර ,හැමෝගෙම සහයත් ලැබිය යුතුයි . කවුරු මොනවා කළත් මේක අපි හැමෝගෙම ප්‍රශ්නයක් ,දේශපාලන පාට පක්ෂ කෙසේ උවත් (අ)
බුදු ගුණ හා සත්‍යක්‍රියා බලය ගැන බුදුන් පැහැදිලිව වදාලා. මෙය හොඳම පියවරක්. හොඳ දහම් දැනුමක් තියෙන සංඝ පිරිසක්. හරි සතුටුයි. මෙයටම රටේ ලෙඩ දුක් හා වස විසෙන් රැක ගන්න රතන / වට්ටක පිරිතුත් දේශනා කළොත් වඩා වටිනවා. මෙය රට හා ලෝකය පුරාම කරන්න පියවර ගන්න.? (අ)
නොපෙනන බලවේග විස්වාස කරන්න එපා . (දිල්)
අපේ තවලම ධම්මික හාමුදුරුවෝ රටට ජාතියට ගොඩක් කැපවීමෙන් ඉන්නා බව මම හොදින් දනිමි. ()
පිරිත්වල අනුහස කියල නිම කරන්න බැහැ. රට ත්‍රස්තවාදයෙන් මුදා ගන්න අපේ රණවිරුවන් ට ආශීර්වාද කරමින් සජ්ජායනා කළ පිරිතෙන්ද පිහිටක් උනා. (අ)
පිරිත් දේශනා,ආශිර්වාද පුජාවන් වැනි දේ මෙවන් අවස්ථාවක යොදා ගැනීම අපේ බෞද්ධ මහා සංඝ රත්නයේ යුතුකමක් ලෙසින් මම දකිමි. මෙය ම වෙනත් ආගමික යතිවරයන් වහන්සේලාද තම ආගමට අනුව කරන්නේ නම් විශ්ව ශක්තිය විසින් අප රටට රැකවරණය ලබා දෙනු ඇත. (දිල්)
මේ පාර නම් බැනර් උස්සන් ජිනීවා එන්නේ නැහැ...අපිමයි රැවටෙන්නේ.(දිල්)