බ්‍රිතාන්‍ය ගුවන්සේවය වන බ්‍රීටිෂ්එයාර්වේස් සමාගම ලබනවසරේ මාර්තු විසි අටවෙනිදා සිට ශ්‍රී ලංකාවට ගන්නා ගුවන්සේවා නතරකිරිමට තීරණය කරඇත. ඒ සමගම මාලදිවයින් ගමනද නතර කළත්,ශීත සෘතුවේදී පමණක් මාලදිවයිනට පියාසර කරන බව කියයි.
ගුවන්සමාගම පවසන අන්දමට ශ්‍රී ලංකා ගමන නතර කරන ලද්දේ ඔවුන්ට මේ ගමනින් පාඩු වන නිසාය.
එවුන් ප්‍රකාශකර සිටී.ගුවන් ටිකට් වෙන්කරවා ගෙන සිටින අයට මුදල්ගෙවන බවද සමාගම දන්වා සිටියි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හපොයි (දී)
මේක සිද්ද උනේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය වන් වර්ල්ඩ් ජලයට ඇතුලත් වීමත් සමගම බ්‍රිතාන්‍ය ගුවන් සේවා මගීන්ට එම ටිකට් පතින්ම ශ්‍රී ලන්කන් ගුවන් සේවා සේවාව ලබාගැනීමට එකඟ තාවය දීමත් සමගය (දී)
ශ්රී ලංකාවට විතරක් නෙමෙයි, හැම රටකටම යන ගුවන් ගමන් නවතා බ්‍රිතාන්‍ය ගුවන් සේවය වසා දැමීමට වාසනාව ලැබේවා!(දී)
ඕන දිහාවකට යන්න මෙහෙ එන්න එපා (දී)
අපි මිහින් ලංකා, ලංකාවේ මත්තල සිට ලන්ඩන් හිත්රෝ ගුවන් තොටුපළට යවමුද? (නි)
දීපක්,මම දන්න විදියට දැනට දශක දෙකකට පෙර හිටියෙත් වයසක අයම තමයි. (නි)
නම ලොකුවට තිබුනට මෙයාලා ගොඩක් ගමනාන්ත පාඩුවට තමයි අපට පෙනෙන විදියට දුවන්නේ. ශ්‍රී ලන්කන් සේවය මීට ගොඩක් හොඳයි. (නි)
වැඩකටම නැති ගුවන් සේවය , නොආවට කමක් නැත (දී)
අපිට මොකද (දී)
නොඑන තරමට හොදයි (දී)
අනේ මෙන්න වැඩක්? අපි රට ගිහින් ඉවරයි! අනේ හලෝ, යනවද යන්න අකුලාගෙන මෙහෙන්!(දී)
නොඑන තරමට හොදයි ඔය වසංගත. (දී)
අනේ හිතාගෙන ඉන්නේ ලෝකේ හොඳම ගුවන් සේවය කියල.එන්නේ නැති එකම තමයි.ඔය රටත් එකයි ඉන්න කට්ටියත් එකයි.මෙලෝ රහක් නෑ.මාත් ඔය රටේ අවුරුද්දක් ඉඳල ආව නිසා දන්නවා. (දී)
ඒ කියන්නේ ලංකාවට එන එක වාණිජ අතින් පාඩුයි. මාලදිවයිනට යන එක ලාබයි. අහෝ අපේ රටට ගිය කලක්! (නි)
නම විතරයි, කිසිම විශේෂත්වයක් නැහැ.(දී)
මේ ගොල්ලෝ ආවේ නැති කාලේ එමිරේට්ස් ඔක්කොම අල්ලලා ඉවරයි. (නි)
ගුවන්යානා ලංකාවට එන්නේ සංචාරකයින් හෝ ව්‍යාපාරිකයින් ඉන්නවා නම් පමණයි.ඉතින් මේ දෙගොල්ලෝ එන්නේ නැත්තේ පසුගිය කාලේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් වල බලපෑම හේතුවෙන් විය හැකියි (නි)
යන්නෙ කොහෙද? අස්ස ගණන්නේ ගන්නේ (නි)
පුදුමයි අපේ අය මේකේ නොයන එක. 'බ්‍රිටිෂ්' කිව්වාම පොඩි 'ගතියකුත්' තියෙනවානේ. (නි)
ඔය වෙලාවට තමයි හොඳ කළමනාකාරිත්වයක් තිබුණා නම් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වැඩ පෙන්වන්න තිබුනේ. (නි)
ඒක නතර කළත් අපේ අය රට යනවමයි. (ස)
එක පාරක් මමත් පවුලත් එක්ක ගැට්වික් එකකින් ලංකාවට අවා ශ්‍රී ලන්කන් එක දැන් හොඳ නැහැ කියල හිතල. එදාම හිතාගත්ත මීට පස්සේ නම් ශ්‍රී ලන්කන් එකේ හැර වෙන එකක යන්නේ නැහැ කියල. නම පමණයි මෙලෝ රහක් නැහැ. නාකි සුද්දියෝ ටිකක් නම් ඉන්නවා. ප්ලේන් එක බාන්න නග්ගන්න පැය ගනනක් ගන්නවා. (ස)
ගොඩක් පරණ ගුවන් සමාගම් බංකොලොත් වේගෙන යනවා.ඉතින් අනාගතයේ ලංකාවට විතරක් නොවේ ,මුළු ගුවන් සේවයම නතරකරන්න වේවි.(දී)
බ්‍රිටිෂ් ගුවන් සමගම ලංකාවට එන්නේ ලන්ඩන් ගත්වික් ගුවන් තොටේ සිට. නමුත් ලන්ඩන් හිත්රෝ සිට අවනම් ඕනි තරම් මිනිස්සු ඉන්නවා යන්න එන්න . (දී)
අපිට ඕනේ නැහැ ඔය කවුරුත් එපා නම් එපා (දී)
වෙළදපොල හදුනා නොගැනීම නිසා තමා මේක වෙලා තියෙන්නේ....(දී)
ටිකට් මිල ශ්‍රිලංකාවේ මගීන්ට දරාගන්න අමාරුයි. අනෙක් එක තමා ගමන් මලු වල බර ගැන තියෙන තද නීති. (දී)
ලොකු දෙයක්....(දී)