IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ලංකාවට මියන්මාරයෙන් සහල්

(ඩයනා උදයංගනී)

වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ යටතේ රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මගින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක්, මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 460ක් බැගින් ආනයනය කිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

 සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් අනුමැතිය ලැබුණු අතර, රජයකින් රජයකට පදනම යටතේ දෙරට අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් ආනයනය කෙරේ.

මෙසේ ගෙන්වනු ලබන සහල් ස.තො.ස අලෙවිසැල් හරහා රුපියල් 98 බැගින් අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (8)

ලංකාවට මියන්මාරයෙන් සහල්

පිටිගල මිලානෝ Tuesday, 30 November 2021 04:41 PM

ක්‍රමවත්ව කරගන්න බැරිවුන කාබනික පෝර සිහිනය නිසා අද ගොවියාත් පාරිබෝගිකයාත් අනාථ වී ඇත.

:       0       1

siri Tuesday, 30 November 2021 05:05 PM

මේ ආණ්ඩුව පිටරටින් හාල් ඇටයක් හරි ගෙන්නුවොත් මම මේ ඇමතිකමේ ඉන්නේ නෑ" කියලා එක්කෙනෙක් කිව්වා වගේ මතකයි.

:       3       20

Bamunuarachchi Tuesday, 30 November 2021 06:34 PM

හැමදාම ඔය මගුල කියනවා විතරයි. මොන තූත්තු කුඩියෙන් හරි හාල් ගෙන්වනවා. අපි හාල් ගෙන්වන රට අවශ්‍ය නැහැ... ඕනේ සහල් පමණයි. සහල් රජයට දෙන්න බැරිනම් අපේ ගොවියන්ට පොහොර දෙන්නත් එපා, වතුර දෙන්නත් එපා... වී මෝල් කාරයින්ගෙන් ඉල්ලා ගන්න කියන්න...

:       2       1

Bamunuarachchi Tuesday, 30 November 2021 06:37 PM

සිරි සහල් මිල සාපේක්ෂව ලාභ කාලේ කියන කතා සහල්මිල වැඩිකාලෙට වලංගු නැහැ...

:       2       0

Royfedricks Tuesday, 30 November 2021 07:19 PM

ඩඩ්ලී සිරිසේන ශ්‍රී ලංකාවේ නිල නොලත් රාජ්‍ය නායකයා 2/3 බලයක් නැතුවම ආණ්ඩුව අල්ලේ නටවනවා. වඩාත්ම පැහැදිලි කාරණය නම් මෙමගින් සහල් ගෙන්වා ඇමතිවරුන්ට කොමිස් ලබා ගැනීමට හැකිවෙනවා. ඒ හැරුණුවිට සුදුළූණු වලට කළ විදියටම සතොසෙන් තොග වෙළෙන්දාට වංචනිකව විකුණනවා මිස සාමාන්‍ය පාරිභෝගිකයාට සහනයක් දෙන්නේ නැහැ. ලංකාවේ ගොවියාට වගාකළ අස්වැන්න සිරිසේනටවත් දීගන්න බැරුව වහ බොන්න සිදුවෙනවා...

:       0       2

බද්රානි Tuesday, 30 November 2021 10:13 PM

කාබනික පොහොර යෙදු මියන්මාර් බත් කාලා තර වෙන්න පුළුවන් දැන්. රැකියාවන් සඳහා ශ්‍රී ලාංකිකයින් මියන්මාරයට යාමට සිදුවෙන දවසත් වැඩි ඈතක නැහැ. අඥාන ජාතියේ ඉරණම කොතනින් කෙලවර වෙයිද කියල මට නම් හිතා ගන්න බැහැ. මෝඩ ජනතාවටම ගැලපෙන පාලකයෝ කමිටු දාන්න නම් හරිම හපන්නු. මම නම් කියන්නේ ඇමරිකාව වගේ රටක පෙට්‍රල් ගහන්නවත් නුසුදුසු මිනිස්සු තමයි අපේ රට පාලනය කරන්නේ??

:       0       2

Demuni Uduwara Wednesday, 01 December 2021 04:37 AM

බුරුමයෙන් සහල් ආනයනය කිරීමේ පිරිවැය ගෝඨාභය රාජපක්ෂ විසින් දැරිය යුතු අතර ඔහුගේ ලාභ නොලබන කාබනික පොහොර වැඩසටහන රට අනතුරේ හෙළයි!

:       0       2

Samira Wednesday, 01 December 2021 06:08 AM

මේ කාබනික සහල් ද ?අමන පාලකයෝ නිකන් ගොවියාත් එක්ක සෙල්ලම් නොකර පොහොර ගෙනවිත් සල්ලි වලට විකිනුවත් අපිට මේ අස්වැන්න මෙහේ ගන්න පුළුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 0 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 253 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 471 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 57 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මුහුදට වැටී ධීවරයෙක් මරුට
2024 නොවැම්බර් මස 19 121 0

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක සිටි ධිවරයෙකු ඈත මුහුදේදි මුහුදට වැටි මියගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා රැස් කරන්නැයි ඉල්ලයි
2024 නොවැම්බර් මස 19 961 0

වහාම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් කරන්නැයි කෘත්‍යාධිකාරී මණ්ඩල සභික ලසන්ත ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27531 38

‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 20603 13


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 393 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 654 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1883 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site