හිමාලයේ සිට ඉන්දියාවේ ගොඩබිම ඔස්සේ හමා එන සීතල සුළං දහරාවක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා දැඩි සීතල කාලගුණික තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ දිශාවෙන් දිවයිනට ඇතුළුවන මෙම සීත සුළඟ හේතුවෙන් නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 ක් දක්වා පහළ වැටෙනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති. .ගොඩබිම ඔස්සේ පැමිණෙන බැවින් මෙම සුළඟේ ජල වාෂ්ප අවම මට්ටමක පවතී. ඒ හේතුවෙන් දෙසැම්බර් 15 දාට පසු ඊසාන මෝසම් සුළං ආරම්භවන තුරු වැසි නොලැබෙන බවද කාලගුණ විද්‍යාඥ පබෝදා කරුණාපාල මහත්මිය කීයන්නීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිට ඉස්සරත් තිබ්බා විශාල හිතලක් , මතකද (දී)
හිතල ආනයනය කරනවා (දී)
මේක බොරුවක්. හිමාලේ තියෙන්නේ කොහෙද ? ලංකාව තියෙන්නේ කොහෙද ?? (ස)
උඳුවප් මාසේ සීතල දවසක ... (ස)
ඒගොල්ලෝ එහෙම කියනවානම්, ගොඩක් වෙලාවට වසරේ උණුසුම වැඩිම කාලය ඉදිරි දින කිහිපයේ වෙන්න පුළුවන්.. (ස)
එපා කියන්නත් බෑනේ කොහෙන් ආවත් , පිළිගන්නයි වෙන්නේ උණුසුම් ඇදුමෙන් හැඩවෙලා (ස)
අපොයි.. ලෝක විනාසෙද මේ ? (ස)
කාලගුණේ එහෙම කියනවානම් හෙට ඉඳලා වහීවි (ස)
ඕක එන්නේ ලබන අවුරුද්දේ (ස)
ඕය තත්වය පෙරේද ඉදන් තියෙනවා. කාලගුණේ හැමදාම වුනාට පස්සේ තමා කියන්නෙ (ස)
කාලයක් තිබ්බ මතකද දවල්ටත් සීතල කාලයක් (දී)
කාලයක් තිබුණා දවල්ටත් හීතල 1988 ,1989 දි (ස)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා
එක අතකට සීතල හොඳයි උහුලන්න බැරි රස්නයට වඩා