IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ලක්ෂ 40 ක සල්ලි පස්සෙන් වැටේ

 රුපියල්  හතලිස් ලක්ෂ අසු දහසක් වටිනා විදේශ මුදල් සහිත පාර්සල් දෙකක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඩුබායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින්  අද  අලූයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

සැකකරු 48 හැවිරිදි වියේ පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචි රෙදිපිලි ව්‍යාපාරිකයෙකි.

අත් අඩංගුවට ගනු ලැබු විදේශ මුදල් අතර බහරේන් ඩිනාර් 150, යුරෝ 6500, සෞදි රියාල් 31500, කුවෙට් ඩිනාර් 400,  කටාර් රියාල් 2000,  ස්විස්  ෆ්‍රෑන්ක් 8000, ඕමාන් රියාල් 180 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිනාර් 11400 තිබු බව රේගුව කියයි.  

සැකකරු මෙම මුදල් තොගය පාර්සල් දෙකකට සකස් කර මුලින්ම  සුදු පැහැ කොළ වල  ඔතා පසුව එයට  උඩින් කළු පැහැ කොලවළ ඔතා උපත් පාලන කොපු තුළ බහා ගුද මාර්ගයේ සගවා තිබු බව රේගුව කියයි.
සැකකරු එමිරේට්ස් ගුවන්සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා යාමට  අද අලූයම තුනයි කාලට පමණ කටුනායකට පැමිණ ඇත. සැකකරුගේ ගුවන් ගමන් විස්තරය පිළිබඳ ඇතිවු සැකයක් මත රේගු නිලධාරීන් විසින් ඔහු පරීක්ෂා කර ඇත.

එහිදී සැකකරු මුලින්ම පවසා ඇත්තේ තමන් ලග කිිසිවක් සගවාගෙන නැති බවයි. පසුව රේගු නිලධාරීන් විසින් එක්ස්  කිරණ පරික්ෂාවට යොමු කරන බව සැකකරුට පවසා ඇති අතර එම අවස්ථාවේ ඔහු බියට පත්ව ගුද මාර්ගයේ මුදල් සගවාගෙන ඇති බව රේගුවට පවසා ඇත.

රේගුව විසික් දීර්ග ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මෙම මුදල් මිතුරෙකු විසින් ලබා දුන් බවත් මෙම මුදල් ගෙනයාම වෙනුවෙන්  තමන්ට ගුවන්ටිකට් පත සහ රුපියල්  විසිපන්දහසක කොමිස් මුදලක් ඔහු විසින් ලබා දුන් බවයි.

සැකකරුගේ ගුවන් ගමන් විස්තරයට අනුව ඔහු  අද  ඩුබායි ගොස්  හෙට  ආපසු දිවයිනට පැමිණීමට නියමිතව තිබුන බව රේගුව කියයි.  

මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතා විසින් සිදු කර සැකකරුට රුපියල් ලක්ෂයක දඩයක් නියම කර එම විදේශ මුදල් තොගය රාජසන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ජී.ජී

ප්‍රේමසිරි මහතාගේ මුලිකත්වයෙන්  සහකාර රේගු අධිකාරීවරුන් වන තුෂාර පෙරේරා, සමිත ප්‍රේමතිලක, සිසිර පෙරේරා, සිසිර කුමාර, චින්තක කොට්ටච්චි, දිල්රුක්ෂි ගුණතිලක සහ ඩිලාන් වීරරත්න යන නිලධාරීහු සිදු කළහ.

1 2



අදහස් (0)

ලක්ෂ 40 ක සල්ලි පස්සෙන් වැටේ

යහම්පත් Sunday, 19 October 2014 11:54 AM

මොහු කියන කතාව සත්‍ය දෙයක් නම් ඔහුට පාඩුව නිකන් ලැබෙන රුපියල් 25000 ක් සහ නිකන් ලැබුන ගුවන් ටිකට් පත පමණි. එහෙත් මුදල් දුන් තැනැත්තා මොහු දන්නා කෙනෙක් වෙන්න ඕනේ. මොකද මෙම මුදල් ඔහු ඩුබායි වලදී ඔහුට දෙන්න ඕනේ නිසා. කෙසේ වෙතත් රුපියල් 25000 ට ගුද මාර්ගය විකුණා කරගත් දෙය අශෝබනයි (නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Sunday, 19 October 2014 12:09 PM

වාසනාවන්ත ගුද මාර්ගයක් , නිකන් ගුවන් ටිකට් පතක් සහ රුපියල් 25000ක් ගන්නට මෙම ගුද මාර්ගය කොපමණ පින් කරලා ඇතිද ? (නදී)

:       0       0

අරුණ අබේරත්න Sunday, 19 October 2014 06:43 AM

මිනිස්සු ගුද මාර්ගය මේ විදිහට භාවිතා කරනවා කියල දන්නවා නම්, මහා බ්‍රහමයා මේකට වෙනත් විසදුමක් සකස් කරනවා. මම කියන්නේ කාටත් පේන තැනක හයි කරනවා. (නදී)

:       0       0

බාලසුරිය කොලොන්නාව Sunday, 19 October 2014 02:47 PM

අප වෙනි බහුතරයක් ලංකාදීප පුවත් පත අන්තර ජාලයෙන් කියවා , අපට සිතෙන ප්‍රතිචාර දමනට ඉඩ දීම අපේ වාසනාවක් , එහෙත් ප්‍රශ්නය අප දමන මෙම ප්‍රතිචාර මෙම වෙරදී කරනා අය කියවනවද කියන එකයි. ඔවුන් මෙම ප්‍රතිචාර කියවනවා නම් , උසාවියෙන් ලබන දඬුවමට වඩා ලැජ්ජාවක් දඬුවමක් මේවා කියවා ලබනවා කියා මම සිතනවා (නදී)

:       0       0

චමින්ද Sunday, 19 October 2014 07:30 AM

මෙච්චර ප්‍රමාණයක් ඔය ගබඩාවේ හැන්ගුවේ කොහොමද අප්පා. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 19 October 2014 07:37 AM

ගුද මාර්ගය ආදායම් මාර්ගයක් උනේ අද ඊයේ ඉදල නෙමෙයිනේ. (නදී)

:       0       0

අප්පුහාමි Monday, 20 October 2014 05:40 AM

මට ආවා මාරු අයිඩියා එකක්! මේවගේ කිහිපදෙනෙක් හොයාගෙන රට තුල ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කිරීමේ සේවයක් ආරම්භ කලානම් හොරුන්ට අසු නොවී සේවා දායකයන්ගේ මුදල් සාධාරණ ගාස්තුවකට ගෙනගොස් දෙන්න පුළුවන්. රැකියා ප්‍රශ්නෙටත් විසඳුමක්. (ස)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 19 October 2014 08:41 AM

ගුද මාර්ගයේ සඟවා ගෙන ගියත් , බලන්න අපේ මුදල් වාගෙද කියලා. නොහැකිලී , පොඩිනොවී ලස්සනට තියෙන හැටි (නදී)

:       0       0

අශෝක Sunday, 19 October 2014 07:54 PM

අපේ මහත්තයෝ, ඕක ඇතුළේදීම මුදල් ගණන් කරන මැෂිමක් එහෙමත් තියෙනවද? (නි)

:       0       0

සත්‍යපාල Sunday, 19 October 2014 09:40 AM

වාහම ගුද මාර්ගය ඇතුල සියලු මාර්ග පරීක්ෂා කිරීමට හැකි යන්ත්‍ර ලංකාවට ආනයනය කිරීමට කටයුතු කල යුතුයි. (නදී)

:       0       0

ශ්‍රීලාල් Sunday, 19 October 2014 09:29 PM

මේ දේවල් වලින් අපි ඉගෙනගන්න ඕනෑ දෙයක් තිබෙනවා. අද ලංකාවේ බැංකුවලට ගෙනයන මුදල් කොල්ලකනවා. වැටුප් ගෙවන්න ගෙනයන මුදල් කොල්ලකනවා. දිනපතාම අපට කොපමණ දේවල් අහන්න ලැබෙනවාද? ඉතින් මේ වගේ කට්ටිය හිරේ විලංගුවේ නොදමා සම්මාන දීලා ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කිරීමට යොදාගත යුතුයි නේද? යතුරුපැදියෙන් පැමිණ උදුරාගෙන යන්න බැහැ. තුවක්කු පෙන්නලා වෙඩිතියලා උදුරාගන්නත් බැහැ. (නි)

:       0       0

උපුල් Sunday, 19 October 2014 09:50 AM

මිනිහට බඩ යන්න බෙහෙත් දීලා බැලුවානම් හරි. තව මොනවා හන්ගන්න තියෙනවද දන්නේ නැහැ (නදී)

:       0       0

චාන්දනී Sunday, 19 October 2014 10:41 PM

මින් ඉදිරියට ගුද මාර්ගය පරික්ෂා කරන්න සීසීටීවී කැමරා සවිකරන්න වෙයි (නි)

:       0       0

ඉන්දික ප‍්‍රසන්න Friday, 24 October 2014 09:47 AM

මේ වගේ අය කොච්චර අහුවෙන්නැතුව යනවා ඇත්ද. මීට වැඩිය ආරක්‍ෂක විධිවිදාන වැඩි කරන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 80 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2133 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 312 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 398 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1609 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1581 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site