උතුරු ඉන්දියාවේ රාමනාධපුරම් සිට බෝට්ටුවකින් රුපියල් ලක්ෂ හැත්තෑ හතක හෙරොයින් මත් කුඩු ගෙන ආ බව කියන ශ්‍රී ලාංකිකයෙක් හා ඉන්දියා ජාතිකයෙක් මන්නාරම පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ. උතුරු පළාත් බුද්ධි අංශයට ඉන්දියාවෙන් ලැබුණු තොරතුරක් අනුව කළ මේ වැටලීමේ දී කුඩු ග්‍රෑම් 750කට වැඩි ප්‍රමාණයක් සොයාගත් බවත් උතුරු පළාත් බාර බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂක සිසිරසේන මෙම වැටලීම මෙහෙයැවූ බවත් දැන ගන්නට ඇත. ඉන්දියාවේ සිට තලේමන්නාරමට මීට පෙර ආ ඉන්දියා ජාතිකයකු කලකට පෙර මන්නාරමේ තරුණියක හා ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇත්තේ මෙම කුඩු ජාවාරම කරගෙන යෑමේ අරමුණින් බව පොලිසියට තොරතුරු ලැබී ඇත. සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් හරි ඔය ටික වික්කොත් තවත් නගරයකට ගුවන් පාලමක් දාන්න පුළුවන් වෙයි...වාහන තදබදයත් අඩු වෙයි...
වැරදි වැඩ හැමදාම කරන්න බෑ... කවදා හරි විපාක දෙනවා..යථාර්තය ඒකයි..
අනිවාර්යයෙන්ම මරණ දඩුවම දෙන්න
කුඩු මුදලාලිලාට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුමය.
ඉන්දියාවෙ සීයක් එවල එකකට ඔත්තුව දෙනවා..
මේ අල්ලන කට්ටිය දැක්කම මට හිතෙන්නේ ලංකාවේ බහුතරයක් මතට ඇබ්බැහි වෙලා කියලා.කිරිපිටි වෙනුවට දිය කරලා බොන්න තරම් කුඩු මේ රටට ගේනවනේ
අන්තිමට මේවත් දහයියා කුඩු වෙයිද දන්නේ නෑ..
සරත් 2012-06-18 21:35:22 "විශිශ්ටයි!! කුඩු තමයි මේ රටේම අපරාද වලට මුල.." සරත් අයියා ඔයාට පොඩ්ඩක් වැරදිලා.. රටේ අපරාධවලට මුල කුඩු නොවේ.. කුඩු මුදලාලිලට සහ පාතාලයට රැකවරණය දෙන අයගෙ
ගියපාරත් හලාවත පැත්තෙන් ආපු කුඩු බාන්න ගිහින් මාට්ටු උනා ලොක්කෙක්.. මේ පාර එයා නැතිව කවුද ගෙනාවෙ?? ගෝලයෙක්වත් ද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-18 19:46:43 "මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා අලෙවි කටයුතු නරක දෙයක්.එසේම එවැනි නරක දෙයක් සඳහා අහිංසක තරුණියකගේ හැඟීම් ප්‍රකාශනය මාධ්‍යය කරගැනීම ඊටත් වඩා නරක දෙයකි." ඕකනෙ කියන්නේ ආචාර්ය හැම තිස්සෙම මොලය bypass කරල තමයි comments දාන්නෙ.. ඔහේ කොහොමද දන්නෙ ඒ තරැණිය අහිංසකයි කියලා.. ??
තිලක් කියන කථාව ඇත්ත නමුත් ජනාධිපති තුමා එම වැඩේ කළොත් හරි අඩක් මැති ඇමති වරුන්ව පෝරකයට නියම කරන්න සිද්ද වේවි.එහෙම වුනොත් රට කරන්නේ කව්ද?
උගත් කමින් වැඩක් කරන්න බැරිද ඔය මහත්තයට....
අපි හිතුවේ දැන් ලංකාවේ කුඩු නැතිව ඇති කියලා.. තාම බිස්නස් එක නැගල යනවානේ...
කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ කියලා හොයන්න ඕනි
ඉන්දියාව එහෙම තොරතුරු දෙන්නැහැ. උන් මේවට කැමතියි. මොන ජාවාරමෙන් උනත් රටටනෙ සල්ලි එන්නෙ. කොහොමද අපේ මුහුදු සීමාවට හොරෙන් ඇතුල් වන හොර ධීවරයො එහෙම අහු උනහම කෙලින්ම රාජ්‍ය මැදිහත් වෙනව. මැද පෙරදිග රස්සාවක් කරන කෙනෙක්නම් දන්නව කොහොමද ඉන්දියන්කාරයො ඒ රටට සල්ලි පොම්ප කරන්නෙ කියල. තේ කඩේ ඉඳල ලොකූ සමාගම් වෙනකල් ඔක්කොම ඉන්දියන් එවුන්ගෙ. ඒ වගේ තමා ඉන්දියන් ඉංජිනේරුවො එහෙම. ඉන්දියාව කරන්නෙ යන්තම් සහතිකයක් දීල උන්ව මැද පෙරදිගට දක්කන එක. උන් මෙහෙ ඇවිල්ල ඉගෙනත්ගෙන රස්සාවත් කරල සල්ලි ටික රටට යවනව. ඒකට අපෙ (සාඩම්බර) ඇමති වාහෙල, උන් කරන්න හදන්නෙ NVQ එක එක බාධක දාල එන එකාවත් නවත්තන්න හදන එක, ඔන්න ඉන්දියාවේ ආණ්ඩුවෙයි අපේ පාණ්ඩුවෙයි වෙනස....
ප්‍රේමෙත් කුඩු නේද?
අපි නම් අහලා තිබුණේ කුඩු කාපු කතාව විතරයි.ඕවා ගමරාළලා අතරට ගියොත් මොකද වෙන්නේ?
මන්නාරමේ ටික නම් ඇල්ලුවට කමක් නෑ.හැබැයි රජෝ අපේ පැත්තට නම් එන්න එපා හොදේ
ගාල්ලෙ බෝයි සරත් ඔබ දෙපල හරි (නියම අලිබබා)
කුඩු ඇල්ලුව වගේම නීතියත් ක්‍රියාත්මක කරානම් තමයි හොඳ....
ආයෙත් එහෙනම් කුඩු මිල උද්දමනය වෙයි වගේ
විශිශ්ටයි!! කුඩු තමයි මේ රටේම අපරාද වලට මුල..
ඉන්දියාවෙන් තොරතුරු ලැබුණු නිසා ඇල්ලුවෙ නැත්නම් ඔක්කොම ලංකාවෙ.......
කුඩු ජාවාරම නවත්වන්න ගොඩක් කල් යයි...
ජනාධිපතිතුමනි! කුඩු මුදලාලිලාට මරණ දඬුවම ක්‍රියාත්මක කල යුතුමය. ඔබතුමා එසේ නොකරන විට අපට හිතෙන්නේ ඔබතුමා ඔවුන් ආරක්ෂා කරන බවකි. අධිකරණය මගින් මරණ දඬුවම නියම වූ කුඩුකාරයින් බොහෝ සිටී. ඔවුන් තවමත් ජීවත් වෙන්නේ ඔබතුමා එම දඬුවම ක්‍රියාත්මක කිරීමට දිනයක් දමා අත්සන් නොකරන බැවිනි. මෙම නිහඬ පිළිවෙත නිසා අධිකරණය පිළිබද ජනතාව තුල ඇති බිය හා ගෞරවය හීන වී ගොසිනි. එය රට තුල අපරාධ ඉහළයාමට හේතු වී ඇති බව පැහැදිලිව පෙනේ.
යවන්න ඇතුලට ජීවිත කාලෙටම....
උසාවියෙන් වැරදි කාරයා උනොත් ජීවිතේම කුඩු තමයි...
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හා අලෙවි කටයුතු නරක දෙයක්.එසේම එවැනි නරක දෙයක් සඳහා අහිංසක තරුණියකගේ හැඟීම් ප්‍රකාශනය මාධ්‍යය කරගැනීම ඊටත් වඩා නරක දෙයකි.
ඉන්දියන් අයයි පාකිස්තාන් අයයි තමා ඔක්කොම ජරාවල් ගේන්නෙ. මෙයාලට විසිට් වීසා එකක්වත් දෙන්න නරකයි.
කුඩු විතරමද අහු වුණේ?