IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

අක්කර පහකින් යුත් විශාල ගොවිබිමක වගා කළ වට්ටක්කා අස්වැන්න වෙසක් පොහෝ දින (29) දන්දීමට කටයුතු කළ ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පදිංචි පී.ජී. ජයවීර නමැති තරුණ ගොවි මහතකු පිළිබඳව ලංකාදීපයට වාර්තා වේ.

රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වැයකොට වට්ටක්කා වගා කළ ද මේ දිනවල පවතින වෙළෙඳ පොළ තත්ත්වය අනුව ඒවා විකුණා ගත නොහැකි හෙයින් තම මියගිය මාපියන්ට පින් පතා වට්ටක්කා දන්සලක් පැවැත්වීමට පියවර ගත් බව ජයවීර ගොවි මහතා පැවැසීය.

අක්කර පහේම මෙවර වට්ටක්කා අස්වැන්න ඉතා සරුවට තිබුණ බවද අලෙවි කළ නොහැකි හෙයින් ඒවා නෙළීම අතහැර දැමීමට මුලින්කල්පනා කළ නමුත් පසුව දන්සලක් දීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

එම වට්ටක්කා තොගය ප්‍රදේශයේ තවත් ගොවි මහත්වරුන් පිරිසක් සමග එක්ව ටැක්ටර් හා ලොරිවල පටවා ගෙන ගලේවෙල, කලාවැව ප්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්ධියටම ගෙනැවිත් එතන දන්සලක් පැවැත්වූ බවද ඔහු කීය.

මේ අතර වාහනවලින් පැමිණි පිරිස් හා දුරබැහැර ප්‍රදේශවලින් වන්දනා ගමන් යන පිරිස් දන්සැල වෙත පැමිණ වට්ටක්කා රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

ජයවීර මහතාගේ මෙම අපූරු දන්සැලට ගොඩවදින ඇතැම් පිරිස් ඔහුට සුබපතමින් හා තවත් පිරිස් කෘෂිකර්ම බලධාරීන්ට දොස්පවරමින් පිටව යන අයුරුද දැකගත හැකි විය.

ජයවීර මහතාගේ සද්ක්‍රියාව පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී ජයවීර මහතා මෙසේ පැවසීය.

අපේ ප්‍රදේශය ඒ කියන්නේ දේවහූව ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ගොවි ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක්. එහෙත් දැන් දැන් බොහෝ දෙනෙකුට ගොවිතැන් එපා වෙලා. මමත් ඉදිරි කන්නවල ගොවිතැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වෙනත් රැකියාවක් සොයා ගන්නවා යැයිද ඔහු කීය.



අදහස් (21)

ලක්ෂ පහක වට්ටක්කා වගාව දන්දෙයි

Samathasena A . Aluthgama. Monday, 30 April 2018 06:34 AM

ගොවියාට තම වගා අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම මහා ඛේදවාචකයක් . පෙළපාලි ගොසින් පොලීසියෙන් ගුටිකන, පාරවල් අවහිර කරන උද්ඝෝෂකයන්ට මොහු දී ඇත්තේ මහඟු ආදර්ශයක්. වගකිවයුතු සියලු අංශ වලට මෙය හොඳ කනේ පහරක්.

:       1       597

ධනුෂ්කMonday, 30 April 2018 08:24 AM

මොකද්ද එ් කතාවේ තේරුම. මේ මනුස්සයාට ගොඩක් පින් මේ වැඩේට. නමුත් ඔබ කියන්නේ ලක්ෂ ගනන් ණයවෙලා වගා කරලා එ් ඔකකොම දන් දෙන්න කියලද.එ් වගේම පාලකයො අයිතිවාසිකම් කප්පාදු කරද්දි. පාලකයගේ වගකීම් ඉටු නොකරද්දි හිවල්ලු වගේ වලිගේ අකුලගෙන ඉන්න කියලද. පාලකයො දැන ගන්න ඔ්නේ මේ රටේ වෙළඳපලක් නැත්තම්. මේ අතිරික්තයන් අපනයනය කරන්න. එ්ක ටිකක් සංකීර්ණයි. එ්වට තමා තනාතිපතිලා ඉන්නේ එයාලා මොකද කරන්නේ පවුල් පිටින් ගිහින් සැප ගන්නවා. බලන්න මෙහේ ඉන්න චීන තානාතිපති.ඔහු තම රට වෙනුවෙන් ගන්න තියන හැම අවස්ථාවක්ම හොයලා බලලා ගන්නවා.ඔහු තම රටට ණයනෑ. අපේ අයනම් පරම්පරා ගානක් රටට ණයයි.

:       57       335

Samathasena A . Aluthgama Monday, 30 April 2018 12:15 PM

කවුද පින් නැති බව කිව්වේ. මා කීවේ මේ අහිංසක මිනිසුන්ගේ උද්ඝෝශනේ නොවෙයි. වෙනත් ඒවා. වලිගෙ අකුලගෙන හරි වනල හරි උද්ඝෝෂණ කරලා නම්, ප්‍රශ්න දිනන්න බැහැ. ඔයා අනුන්ගේ ලියන ඒවාට එල්ලෙන්නේ නැතිව තමන්ගේ අදහස වෙනම ප්‍රකාශ කරානම් වඩා හොඳයි නේද ? මේ අහිංසක මනුස්සයා පාරේ මොර ගහන අයට යස පාඩමක් කියා දුන්නා අතින් පාඩු විඳගෙන. මා කීවේ එයයි.

:       270       22

lalithMonday, 30 April 2018 03:55 PM

කවුද කියලා තිබුණු තානාපති කාර්යාලය කියන්නේ විශ්‍රාමික දේශපාලකයන්ගේ නිවාඩු නිකේතන කියලා.. බලය තියන කාලේ රටට වැඩක් කරපු නැති දේශපාලකයෝ විශ්‍රාම ගියහම වැඩක් කරයිද?

:       0       0

Sapumal.Monday, 30 April 2018 12:33 PM

"වගකිවයුතු අංශ වලට මෙය හොඳ කනේ පහරක් " යන්නෙන්ම දනුෂ්කගේ අදහස් වලට නිසි පිළිතුරු එහි ගැබ් වෙලා තියෙනවා. ඔහු කරුණු තේරුම් නොගෙන ලියා තියෙන බව පේනවා.

:       105       7

අමා Monday, 30 April 2018 07:34 AM

ඇමතිවරුන්ගේ කයිවාරුව විතරයි. ගොවිතැන් කරන ජනතාවගේ අස්වැන්න හරියට බෙදා හරින වැඩ පිලිවෙලක්වත් නැති රටක අනිත් කරුණු ගැන කවර කතාද.?

:       0       110

de silva berlin Monday, 30 April 2018 07:53 AM

අතරමැදි එළවලු මාෆියාවට දේශපාලන බලය තිබෙනවා, එමනිසා ඔය දඹුල්ලේ තිබෙන ආර්ථික මධ්‍යස්ථානය හරහා ඔවුන් ගොවියා සහ පාරිභෝගිකයා ගසා කනවා, ගොවිසංවිධාන වල සහ කෘෂිකර්ම නිලධාරීන් අතරත් ඔවුන්ගේ ඉත්තන් ඉන්නවා, ඔවුන් සැමටම හැමදාම "සුභ අනාගතයක්" ගොවියාට වෙන්නේ කොහේ හරි ගිහින් කුලී වැඩක් කරගන්න. ගොවියන්ගේ දරුවන්ගේ "අනාගතය හැමදාම අදුරේ".

:       1       152

Dayananda Monday, 30 April 2018 08:09 AM

හොඳ දන්සලක්.

:       21       39

chaminda Monday, 30 April 2018 08:21 AM

රටේ අනෙක් පළාත් වල වට්ටක්ක කිලෝ එකක් කීයද ? හරියට බෙදා හරින යාන්ත්‍රණයක් නැහැ . අපේ රටේ නිෂ්පාදන දිරිගන්වන්න කි දෙනෙක් ඉන්නවද ? දෙපාර්තමේන්තු කියක් තියනවද ? එකෙක්වත් හරියට වැඩක් කරන්නේ නැහැ , මොන පක්ෂේ ආවත් ඔච්චර තමා. හරියට රාජකාරියක් නොකරන රජයේ සේවකයෝ කොච්චර නම් ඉන්නවද ? ඒ ගැන හොයල බලන්න කව්රුත් නැහැ , නිකම් පඩි ගිලිනවා විතරයි.

:       0       230

NuwanMonday, 30 April 2018 09:05 AM

රජයේ සේවකයෝ ඉන්නේ 10 ට ඇවිත් 4 ට යන්නයි බදු රහිත වාහන බලපත්‍ර ගන්නයි විතරයි එයාල හරියට වැඩ කලානම් පහුගිය වසර 60 දී අපේ රට අද කොහිද??

:       0       71

Sanath Monday, 30 April 2018 09:00 AM

දඹුල්ලේ එළවලු මාර්කට් එක පාලනය කරන්න යුධ හමුදාවට බාර දුන්න නම් රටේම එළවලු මිල සමතුලිත වෙලා ගොවියට ඉතා සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට මුදලේ වටිනාකමට එළවලුත් ලබෙනබව මට 100% ක් විශ්වාසයි.

:       0       351

සතයපාල Monday, 30 April 2018 10:13 AM

මේක හැමදාම වෙන දෙයක් කාළයකට එළවළු විකුණගන්න බැහැ තව කාලයකට අර්ථාපල් තව කාලයක බොම්බයි ලූණු , වියලි මිරිස් රටේ කෘෂිකර්මාන්තය ගැන කිසිම සැලසුමක් වැඩපිලිවෙලක් හෝ දැක්මක් බලයට පත් වුන කිසිම රජයකට නැහැ. අඩුම තරමින් ගොවියන් අතරවත් එවැනි අවබෝධයක් නැහැ. ඉතිං හැමදාම මේ ප්‍රශ්න මේ විදියටම තියේවී.මේ රටේ බහුතරයක් වු ගොවි ජනතාව එක්කො ඔවුන් සංවිධාන වෙලා රටේ ප්‍රශ්න විසදන්න පුළුවන් ආණ්ඩුවක් පත්කර ගත යුතුයී නැත්නම් තමන්ගේ ප්‍රශ්න විසදගන්න ශක්තියක් තියෙන බලයක් තියෙන ගොවි සංවිධානයක් හදා ගතයුතුව තිබෙනවා ඇත.

:       0       367

Kota silva Monday, 30 April 2018 12:16 PM

මේවායින් පෙන්නේ ලංකාවේ ගොවියාගේ අසරනකම. වගා කරනවා කියන්නෙ අද අවදානම් වැඩක් වෙලා. ණය, නියගය වෙලද පොල සියල්ලම ගොවියාගේ ප්‍රශ්න. කවුරුවත් ඒවට විසදුම් දෙන්නෙ නෑ

:       0       129

wijeratne Monday, 30 April 2018 02:28 PM

ඉතාම කණගාටුදායකයි. කෘෂිකර්මාන්තය නැතිව මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ. මේ ප්‍රශ්නය අදක ඊයෙක ප්‍රශ්නයක් නෙවෙයි. ගොවිකම ගැන වැඩ කරන්න ආයතන කීයක් මේ රටේ තියෙනවද ?ගොවිකම නගාලීම නිලදාරීන් කොයි තරම රට සවාරි යනවද? ඔවුන් කිසිකෙනෙකුට තවම මේ ප්‍රශ්නයට විසදුමක් දෙන්න පුළුවන් වෙලා තියෙනවද .

:       0       0

Mohammed Oman Monday, 30 April 2018 02:33 PM

දඹුල්ලේ මිල කොච්චර අඩු වුනත් කොළඹ මිල ග්රෑම් 250 රුපියල් 60. එක වෙනස් කරන්න ඔය ආර්ථික නැති කරන්න ඕන.

:       0       0

ධනුෂ්ක Monday, 30 April 2018 02:34 PM

දඹුලුලේ ගොවියගෙන් වට්ටක්කා රුපියල් හතරට අරන් කොළඹ විකුනන්නේ රුපියල් හතලිහට. මම පෙරේදා ගත්තා. මම හොඳටම දන්නවා මිනිස්සු මේවා වගා කරන්න විඳින දුක. අතරමැදියන් කීප දෙනෙක් ගොවියට වඩා ලාභ ලබනවා. රජය මැදිහත් වෙලා එක් පුද්ගලික අායතනයක් හෝ සම්බන්ද කරගෙන රට පුරා මේ අස්වැන්න බෙදා හැරීමට පියවර ගත්තනම් ටිකක් හරි සහනයක්. අනික පුටු රත් කරන නිලධාරීන් දැනගන්න ඕනේ ගොවියන් දැනුවත් කරන්න. ගොවීන් කරන්නේ එක් කන්නයක කෙනෙක් වගාවකින් ලොකු අාදායමක් ගත්තොත් ඊළඟපාර පළාතෙම ගොවියන් එ් වගාව කරනවා ඉතින් මිළ බහිනවා

:       0       1

ROSHAN Monday, 30 April 2018 03:37 PM

අපගේ මනසට මෙම ගොවි මහතාගේ වේදනාව දැනුනට දියවන්නාවේ ඉන්න අයට එය දැනෙන්නේ නැහැ. අවුරුදු 60 ගණනක් අපේ රට ගිහිල්ලා තියෙන්නේ අගාදයට. ඉස්සර ලංකාවේ සමහර අවිධිමත් පැතිවලට "කොරියාව" කියලා නම් පට බැදුනා. දැන් කොරියාව කියන රට කොහොමද ? මේවා මතක් වෙනකොට පිට රටක හිටියත් හිතට අමාරුයි .

:       0       1

THILINA Monday, 30 April 2018 03:46 PM

කාංචනගේ පුවතට ස්තුතියි. දෑසින් කඳුළු වෑහෙන ඛේදවාචකයක්... කෝ මේ අහිංසකයන්ගේ ප්‍රශ්නවලට විසඳුම්? මොවුන්ට කවදා නම් සහනයක් ලැබේවිද? අනේ! මේ අහිංසක ගොවි උත්තමයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!!.

:       0       1

jerry Tuesday, 01 May 2018 05:01 AM

එළවළු අතිරික්ත වී ඇති විට ඒවා කල්තබා ගත හැකි ලෙස සැකසීමට ගොවි සංවිධාන හා ගොවියන්ට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණය ලබා දුන්නානම් ඉතාමත් අගනේය , දන්සැල් දීම මම අගය කොට සලකනවා

:       0       34

bandula Thursday, 03 May 2018 01:11 PM

වට්ටක්කා වලින් කල හැකි දේවල් බොහෝය. අප පොඩි කාලයේ MD වට්ටක්කා ජෑම් වෙළඳ පොලේ තිබුනා. පැසුණු වට්ටක්කා දුමේ දමා කාලයක් තබා ගත හැක. තවම ලංකාවේ පලතුරු සහ එළවලු සීත කර තබා ගැනීමට ශීතාගාර නොමැත. වියදම් රහිත අව්වේ වියලීම හොඳ කල්තබා ගැනීමේ ක්‍රමයකි. චීනය ඉන්දියාව අව්වේ වියලා මේවා පිටරට යවනවා. වතුරේ දමා ගත්තම අලුත් වගෙයි.

:       0       0

Siri Thursday, 03 May 2018 06:59 PM

කව්රුහරි ධානපතියෙක් දඹුල්ල පැත්තේ වට්ටක්ක පෙති වේලලා පැකට් කරන ආයතනයක් පටන්ගත්ත නම් වට්ටක්කත් ගොඩ. ගොවියොත් ගොඩ. රැකියා ප්‍රශ්නෙත් ටිකක් ගොඩ !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 129 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2360 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 702 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 230 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 565 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 977 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site