ලග්ගල පොලිස් ස්ථානාධිපතිට හදිසියේ ලැබුණු ස්ථාන මාරුව අවලංගු කරන්නැයි ප්‍රදේශවාසිහු ලග්ගල නගරය පුරා පෝස්ටර් ඇලැවුහ.
පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගුණසේකර මහතා වසර දෙකක පමණ කාලයක් මෙම පොලිසියේ සේවය කරමින් සිට ඇත .
ප්‍රදේශවාසින් කියා සිටින්නේ පළාතට සේවාවක් ඉටු කරන රජයේ නිලධාරීන්ට ස්ථාන මාරු ලබා දීම දේශපාලන හා ජාවාරම් කරුවන්ගේ ජයග්‍රහණයක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මිනිසුන්ට කවුරුත් ආදරෙයි (නි)
මේකත් අර රත්නපුර සිද්ධිය වගේ එකක්ද? රත්නපුර ත්‍රීරෝද රථ රියදුරන්ගේ විරෝධය ගැන නම් තතුදත්තෝ දනිති. (නි)
"සුභ අනාගතයක්"! මේකට මොකද්ද වෙන්නේ කියලා බලමුකෝ? (නි)
මීට කලින් ලග්ගල පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපති තුමාවත් යැව්වේ දේශපාලකයෙක්ගේ බලපෑමකින් තමයි.(අ)
අපේ වගේ රටවල පොලිසිය කියන්නේ දේශපාලුවන්ට යටත් කරගත හැකි රාජ්‍ය ආයතනයක්. අනිකුත් රාජ්‍ය ආයතනත් එහෙම තමයි. මහජන මතයට වඩා දේශපාලුවන්ගේ මතය වැදගත් ලෙස සැලකෙන තාක් කල් මෙවැනි දේ වලක්වන්න බැහැ. හැබැයි, සමහර තැන්වල රාජ්‍ය නිලධාරීන් කරන අකටයුතු දේවල් බැලුවහම දේශපාලුවෝ ඇඟිලි ගහන එක හොඳයි කියල හිතෙන අවස්ථාත් තියෙනවා. (නදී)
ඕකට කරන්න තියෙන්නේ පොලිසියට පත් වෙලා ආවම ඒ පළාතේ ඉන්න දේශපාලුවගෙන් අහන්න ඕන මම වැඩ කරන්න ඕන නීතියට අනුවද එහෙම නැත්නම් ඔබ තුමාටත් ගෝල බාලයින්ටත් ඕන හැටියටද කියලා. අහල එයා කියන විදිහට වැඩ කළා නම් ඔය මාරු එන්නේ නැහැ.එහෙම පොලිසි ඕන තරම් ඔය තියෙන්නේ. කිසි කරදරයක් නැතුව. (නදී)