කෙටි කාලයක් තුළදී රසික ආදරය දිනාගත් ලෝචනා ඉමාෂි වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍යය තුළ පසුගිය කාලයේ නිතරම දකින්නට ලැබුණ යොවුන් ජනප්‍රිය නිළියකි. කලා කටයුතුවලින් තරමක් ඈත්ව පසුගිය කාලයේ විදෙස් ගතව සිටි ඇය නැවතත් ලංකාවට පැමිණ සිටියි. මේ දිනවල අලුත් අවුරුදු සමරන්නට සූදානමින් සිටින ලෝචනා ඉමාෂිගෙන් "සාරවිට" තොරතුරු විමසුවෙමු.
හොඳින් සතුටින් ගෙවිලා යනවා.
මේ දවස්වල මොකද කරන්නේ?
කලා කටයුතුවලට නම් මේ දවස්වල සම්බන්ධ වෙලා වැඩ කරන්නේ නැහැ. අවුරුද්දට සූදානම් වෙන නිසා ඉතින් ඒ වැඩත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා. පසුගිය අවුරුද්දෙ මට ගෙදර ඉඳලා අවුරුද්ද සමරන්න බැරි වුණා. මොකද එක එක නාළිකාවල තිබුණ වැඩසටහන්වලට සහභාගී වුණ නිසා. මේ අවුරුද්දේ නම් ඒ වැඩ මුකුත් භාරගත්තෙ නැහැ. ගෙදර අයත් එක්ක එකතු වෙලා අවුරුද්ද සමරන්න තමයි අදහස් කරමින් ඉන්නේ.
එතකොට අවුරුදු දවස්වල කාලසටහන?
ගෙදර කට්ටියත් එක්ක අවුරුද්ද සමරනවා. ඊට අමතරව හස්බන්ඩ්ගේ ගෙදර යන්නත් දින දාගෙන තියෙනවා. තව අවුරුද්ද ඉවර වෙනවත් එක්ක ගෙදර කට්ටියක් එක්ක පුංචි ට්‍රිප් එකක් දාගෙන තියෙනවා යන්න.
කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
අවුරුද්දෙන් පස්සෙ තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ.
දැනට ආරාධනා ලැබිලා තියෙනවාද?
චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කියලා දැනට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යය දෙකක් තුනක් සඳහාත් සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ. මගේ හස්බන්ඩ් ලංකාවේ ඉන්න කාලය අනුව තමයි මේ වැඩවලට එකතු වෙන්න බලාපොරොත්තු වෙන්න. මීට පෙර ලංකාවට ආවට වඩා වැඩි කාලයක් අපි මේ පාර ලංකාවේ හිටියා.
ඔබ රඟපෑ නිර්මාණ ඉදිරියට එන්න තියෙනවාද?
ඔව්, සුනෙත් මාලිංග අයියා අධ්‍යක්ෂණය කරපු "3 වරක් 3" කියන චිත්‍රපටය. එහි මා රොබෝ කාන්තාවකගේ චරිතය නිරූපණය කරනවා. රෝහණ සමරදිවාකරගේ "මීදුමෙන් එහා" ටෙලි නාට්‍යයට වගේම සුනෙත් කුමාරගේ අධ්‍යක්ෂණය කරන අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කටයුතුවලටත් පසුගිය කාලේ සම්බන්ධ වෙලා වැඩකළා.
විවාහයෙන් පස්සෙත් ලෝචනා කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා?
ලසන්ත වගේ සැමියෙක් ලැබුණ එක ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. මම ඒ වගේ සැමියෙක් ලබන්න තරම් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මොකද, ඔහු මාව හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. ක්ෂේත්‍රයෙදි වගේම ක්ෂේත්‍රයෙන් පිටතත් මට ගොඩක් මිතුරු මිතුරියන් ඉන්නවා. විවාහයෙන් පස්සෙ විදෙස් ගතවෙලා ඉන්න කොට ඒ මිතුරු, මිතුරියන් සමග තිබිච්චි යාළුකම් පවා නැති වුණා. ඒ වගේම කලා කටයුතුවලිනුත් ඈත්වෙන්න සිද්ධ වුණ නිසා ටිකක් විතර තනිකමක්, පාළුවක් මට දැනුණා. ඔහු තේරුම් ගත්තා මගේ ජීවිතේට ඒ දේවල් අවශ්‍යයි කියලා. ඒ නිසාම තමයි ලසන්ත මෙවර ලංකාවට ආවට පස්සෙ මට කලා කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා අවස්ථාව ලබා දුන්නේ.
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ලෝචනාගේ අලුත් අවුරුදු සැලසුම්