IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ලාදුරු වැළඳුණු 22 පොලොන්නරුවෙන්

(චාපා මධුභාෂිණී)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් 22 දෙනකු ලාදුරු රෝගයට මේ වසරේ ලක්වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

මෙම වර්ෂයේ අගෝස්තු මාසය වන විට ලාදුරු රෝගීන් 25 දෙනකු ප්‍රතිකාර ලබන අතර, අලු‍තින් ලාදුරු රෝගය වැළඳී ඇති බවට හඳුනාගත් රෝගීන් 22 දෙනකු හා පසුගිය වසරේ හඳුනාගත් රෝගීන් තිදෙනකු ද තවමත් ප්‍රතිකාර ලබන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.

ඒ අනුව, තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 5ක් ද, මැදිරිගිරිය ප්‍රදේශයෙන් 3ක් ද, ලංකාපුර ප්‍රදේශයෙන් 3ක් ද, වැලිකන්ද ප්‍රදේශයෙන් 4ක් ද, හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් 2ක් ද, අරලගංවිල ප්‍රදේශයෙන් 5ක් ද, සිරිපුර ප්‍රදේශයෙන් 3ක් ද වශයෙන් රෝගීන් හඳුනාගෙන ඇති අතර, ඇලහැර ප්‍රදේශයෙන් මේ වන තුරු කිසිදු රෝගියකු වාර්තා වී නැතැයි එම දත්ත සඳහන් කරයි.

මෙම රෝගීන් අතර වයස අවුරුදු 15ට අඩු රෝගීහු පස්දෙනෙක් ද සිටිති. රෝගය හඳුනා ගැනීමට කල් ගිය, ආබාධිත තත්ත්වයේ පසුවන පස්දෙනකු ද මේඅතර සිටින බව දිස්ත්‍රික් සෞඛ්‍ය ‌සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.එස්. කුමාරවංශ මහතා පැවැසීය.

මෙලෙස හඳුනාගත් රෝගීන් අතුරින් බෝවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 19ක් සහ බෝ නොවන වර්ගයේ රෝග ලක්ෂණ සහිත රෝගීන් 6ක් වශයෙන් වෙන් කොට හඳුනාගෙන ඇත.

මේ වන විට සායනික ලෙස පොළොන්නරුව, මැදිරිගිරිය සහ හිඟු‍රක්ගොඩ රෝහල්වල සමේ රෝග සායනයෙන් ලාදුරු රෝගීන්ට ප්‍රතිකාර කෙරේ. මෙම වසරේ හමු වූ රෝගීන් හා පෙර වසරවල හමු වූ රෝගීන් ද ඇතුළත්ව පොළොන්නරුව රෝහලේ සායනයෙන් රෝගීහු 40ක් ද, මැදිරිගිරිය මූලික රෝහලෙන් රෝගීහු 12ක් ද, හිඟුරක්ගොඩ රෝහලෙන් රෝගීහු 4ක් ද වශයෙන් සායනිකව ප්‍රතිකාර ලබති.

මෙලෙස රෝගය හඳුනාගෙන, එහෙත් ප්‍රතිකාර ලබා නොගෙන හැරගොස්, නැවත රෝගය උත්සන්නව ප්‍රතිකාර ලබන රෝගීහු දෙදෙනෙක් ද ඒ අතර වෙති.

සමෙහි ලා පැහැති ලප, එම ස්ථානවල දැනීම අඩු බව වැනි ලක්ෂණ ඇත්නම් තමන්ටම රෝගය හඳුනා ගැනීමට හැකි අයුරින් සෞඛ්‍ය අංශ මේ වන විට රෝගීන්ට පහසුකම් සලසා ඇතැයි සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

එවැනි සමෙහි ලා පැහැ ලප වැනි ස්ථාන ඇත්නම් ඒවායේ ඡායාරූප ගෙන 0754088604 හෝ 0754434085 යන අංකවලට වට්ස්ඇප් පණිවුඩයක් මගින් යවා, මෙම රෝගය වැළඳී ඇත්ද යන්න තමන්ටම සැක හැර දැනගැනීමේ අවස්ථා සලසා දී ඇත.

එසේත් නැති නම්, මෙම රෝග ලක්ෂණ ඇත්නම්, ආසන්නම රෝහලට ගොස් පෙන්වා, වෛද්‍ය උපදෙස් ලබාගෙන, ප්‍රතිකාරවලට යොමු විය හැකිය.

මෙම රෝගයට අනවශ්‍ය ලෙස බිය නොවිය යුතු බවත්, මේ වන විටත් ඊට ඖෂධ හඳුනාගෙන ඇති අතර, කාලයක් ප්‍රතිකාර කිරීමෙන් රෝගයෙන් මිදීමට හැකි බවත්, පොළොන්නරුවේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බී.ජී. ඔභාෂා එම්.අයි. චන්ද්‍රසිරි මෙනවිය පැවැසුවාය.



අදහස් (1)

ලාදුරු වැළඳුණු 22 පොලොන්නරුවෙන්

ඩඩ්ලි Tuesday, 05 September 2023 11:32 AM

සිරාට ලාදුරු තිබ්බෙ නැත්නම් බෝම්බ ගහනකල් නොදැනෙන්න විදියක් නෑ

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 93 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 310 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2351 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1717 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3299 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1661 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site