පානදුර රෝහලේ ඉවත් කළ භාණ්ඩ වෙන්දේසියකදී එක්ස්රේ යන්ත්‍ර තුනක් එහි සේවකයකු සුළු මුදලකට ලබා ගෙන ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති.
පරණ එක්ස්රේ යන්ත්‍රයක් රුපියල් අටදහස බැගින් වෙන්දේසියේ විකුණා ඇතැයි ද එය සැකකටයුතු බව ද කියති.
බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වසන්ති රත්නපාල මහත්මිය පැවසුයේ වෙන්දෙසියක් වු බව දන්නා නමුත් වංචාවක් සිදු වු බව නොදන්නා බවයි.ඒ ගැන සොයා බලන බවද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ කාර්යාලවලින් වෙන්දේසි කරන භාණ්ඩ විකිණන්නේ අඩු මිලකට. මෙම වෙන්දේසි ගැන පුළුල් ප්‍රචාරයක් දෙන්නේ නැහැ. නීතියෙන් බේරෙන්න අවශ්‍ය නිසා කිට්ටුව අැති රජයේ අායතන කීපයක කුඩා අකුෙරන් ටයිප් කළ දැන්වීම් කීපයක් අලවනවා. දන්න කියන කීපදෙනා අඩු මිලට බඩු අරගන්නවා. (නදී)
මේක ලේනාට පෙර ගහ බාර දීමකට වඩා නරියාට කුකුල් කොටුවක් භාර දුන්න වාගේ වැඩක්. හැබැයි කුකුල් කොටුව භාරගන්න මහා නරියා ඇවිත් නැහැ වගේ. පොඩි නරියෙක්ව එවලා (නදී)
රජයේ ආයතන වල පාවිච්චියෙන් ඉවත් කරන භාණ්ඩ වෙන්දේසියට පෙර ඇස්තමේන්තු මිලක් නියම කරනවා. වෙන්දේසි වලදී ගැනුම් කරුවන්ට ඉල්ලන්න එපා කියනවා. සමහර විට දැලිපිහි පෙන්වා භය කර බඩුටික රැගෙන නැවත වෙන්දේසි කරනවා එළියේ. මෙතැන පොඩි එකෙක් කීයක් හරි නීත්‍යානු කුලව හම්බ කර ගත්තාට මක් වේද ? (නදී)
ඒ සුළු සේවකයාට වැරදි කියන්ඩ බැහැ. ලොකු මිනිස්සු කරන වැරදි වැඩ සහ ගහන ගැහිලි ගැන බලද්දී. මම එක්තරා සිදුවීමක් කියන්නම්. පොලොන්නරුව ප්‍රදේශයේ වසා තිබු හෝටලයක් ටෙන්ඩර් කළා. ඉල්ලුම් කරුවන්ට ඉල්ලන්ඩ දුන්නේ නැහැ. දැලි පිහි ඇතුළු වෙනත් තර්ජන කොට එලෙව්වා. අන්තිම ලන්සුව ලක්ෂ 25 යි සොච්චමක්. ගෙයක් ගන්ඩ පුළුවන් සල්ලි. අපි මේවා නිසයි රට (දේශපාලනය) ගැන කල කිරිලා ඉන්නේ. කොහොමද බාල ඉන්දන ගෙනාවේ. බාල සේලයින්, බාල බෙහෙත්, මේවායි හෙවිය යුත්තේ. අනේ අපේ අවාසනාව. ටෙන්ඩරය වැරදි නම් දැන් අහෝසි කරන්ඩ (නදී)
එක්ස් රේ යන්ත්‍ර රෝහලෙන් ඉවත්කර වෙන්දේසි කර ඇත්තේ ඒවා නැවත භාවිතයට සුුදුසු නැති හෝ අලුත්වැඩියාකර පවත්වාගෙන යාම නොවටිනා නිසයි. නමුත් මේ යන්ත්‍ර තව ටික දවසකින් එක්ස්රේ ලබාදෙන පුද්ගලික ආයතන වලින් එලියට එයි. ඒව නිසි පරිදි ක්‍රියාකරයිද යන්න පිලිබදව කිසිම සහතිකයක් නැතිව. දිනක් මා හට පානදුර රෝහල අසල පිහිටි මෙවැනි ස්තානයකට යාමට සිදුවුනා. එහි තිබුනේ මලබැදුන අඩ තැබූ එක්ස්රේ යන්ත්‍රයක්. (නදී)
හෝව් හෝව්, මෙතන ඉස්සරහ ඉන්නේ සුලුසේවකයා උනාට, පිටිපස්සෙන් ඉන්න කෙනා ගැන කතා කරන්නේ නැත්තේ දැලි පිහි පාර හින්දද? (නදී)
මමත් දැකල තිබෙනවා විශ්ව විද්‍යාලෙදී අබලි භාණ්ඩ වෙන්දේසියේදී සුළු සේවකයන් ඉතා අධි තාක්ෂණික යන්ත්‍ර සුළු මුදලකට මිලදී ගන්නවා. මේක සැක සිතුන නිසා සොයා බැලුවම දැක්කේ හරිම කණගාටුදායක විදියට ඒවා කෑලි කෑලි වලට කඩලා පරණ යකඩ වලට විකුනන්න දාල තිබුන හැටි. ඔවුන්ට ඒවගෙන් ඊට වැඩිය වටිනාකමක් තිබුනේ නැහැ. (නදී)
මම දන්නා තරමින් මෙවැනි විකිරණශීලී අබලි දේවල් ප්‍රසිද්ධ වෙන්දේසි වල විකුණන්නේ නැත. එබැවින් මේ වෙන්දේසියම වැරදි ක්‍රියාවකි. මෙවැනි දේ අයථා පුද්ගලයින් අතට යාම මහජන ජීවිත වලට ලොකු තර්ජනයකි. (නි)
මේක අලුත් කතාවක් නෙමෙයි. කලකට පෙර එක්තරා රාජ්‍ය ගමනාගමන ආයතනයක අබලන් වූ ධාවනයට නොසුදුසු යැයි තීරණය කළ බස් රථ මේ වගේ විකුණුවා. කොන්දේසියේ තිබුනේ ආයතන භූමියෙන් පිටට මිලදී ගනු ලබන්නාට ඇදගෙනවිත් භාරදෙන ලෙසටයි. එහෙම එළියට ගෙනා වාහන කිහිපයකම යටට රිංගා ඇණ තදකොට පණගන්වා කට්ටියම හිනාවෙවී බස් එකේ නැඟලා ගියා. (නි)
තිලක්, ඔබ හරි. මේකත් යන්නේ එතනටම තමා (නි)
පරණ ඒවා අත්හරිමුකෝ. දැන් ඔතනට එන අලුත් ඒවා ගැන බලමු (නි)
සමහරවිට මේ යන්ත්‍ර තුන එක ජාතියේ නම් වැඩකරන එකක්වත් හදාගන්න පුළුවන්. (නි)
බැර ලෝහ ඇති උපකරණ වෙන්දේසියේ විකිණීම තහනම් නේද? (නි)
නියම පුවත් පතක් (නදී)
බඩු වෙන්දෙිසි කරන්නට පෙර ටෙන්ඩර් කැඳවන්න ඕනේ නේද? (නදී)