IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ලන්ඩන් බෝමළුවේ සුදු වැලි කැට

ලන්ඩන් විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචිත "බෝ මළුවේ සුදු වැලි කැට" නම්වූ ළමා ගීත ඇතුළත් පොතක් සහ සංයුක්ත ගී තැටි දෙකක් දොරට වැඩුම පසුගියදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී පසුගියදා දොරට වැඩිණි.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමි, කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරවාසී ආචාර්ය හාඳුපැල්පොළ මහින්ද හිමි, නොටින්හැම් ශාන්ති බෞද්ධ විහාරාධිපති තෙල්දෙණියේ අමිත හිමි, ආචාර්ය දඹර අමිල හිමි ඇතුළු මහා සංඝ රත්නය, වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය චානක තල්පහෙවා ඇතුළු ආරාධිත අමුත්තෝ විශාල පිරිසක් උත්සවය සඳහා සහභාගී වුහ.

ලන්ඩන් විහාරවාසී තවලම බන්දුල හිමි පැමිණ සිටි සියල්ල තිසරණ සහිත පංච ශීලයෙහි පිහිටුවීමෙන් අනතුරුව ආරියරතන හිමියෝ වේදිකාවේ තැන්පත් කරතිබූ තම දෙමාපියන්ගේ සේයාරුවක් අභියස පහනක් දල්වා උපහාර දැක්වූහ.

අරියරතන හිමියන් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දෛනික වැඩ කටයුතු වලට අමතරව දහම් පාසලේ සහ විදේශිකයින් බොහෝ දෙනෙකු සහභාගිවන බුදුදහම උගන්වන පන්ති පැවැත්වීමෙන් විශාල සේවයක් කරතියි සීලවිමල නාහිමියෝ කීහ.

ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ ධර්ම ප්‍රචාරක වැඩ කටයුතු සඳහා කොළඹ අනගාරික ධර්මපාල පදනමේ මෙහෙයවීමෙන් අරියරතන හිමියන් තෝරාගැනීමට ලැබීම ගැන ඉතා සතුටුවන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

'බෝ මළුවේ සුදු වැලි කැට' ග්‍රන්ථය සහ සංයුක්ත තැටි  මහා සංඝයා වහන්සේලාට සහ ආරාධිත අමුත්තන්ට පිළිගැන්විණි.

එක්සත් රාජධානියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ආචාර්ය චානක තල්පහේවා මහතා කතා කරමින් අරියරතන හිමියන්ගේ මෙම ව්‍යායාමය අපගේ අනාගත පරපුර වෙනුවෙන් කළ කාලෝචිත හා ඉතාමත්ම වටිනා සමාජ සත්කාරයක් බව පැවසීය.

ලන්ඩන් නුවර ආසියානු හා අප්‍රිකානු විෂයන් පිළිබඳ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමල් ගුණසේන ප්‍රධාන දේශනය පැවැත්වීය.

වෛද්‍ය උපාලි අබේසිරි, මදාරා කුමාර්, උදේන ද සිල්වා, කුමාරි විජේරත්න සහ කුමාරි පේරැසිංහ යන අයද අරියරතන හිමියන්ගේ නිර්මාණ පිළිබඳව අදහස් දැක්වුහ.

ස්තූති කතාව කළ අරියරතන හිමි පැමිණ සිටි සහ නන් අයුරින් උදව් උපකාර කළ සැමටම ස්තූති කළහ.

අනුරාධපුරයේ කෝන්වැව ඉපදුණු අරියරතන හිමි ලන්ඩන් බෞද්ධ විහාරයේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නිරතවෙමින් වැඩ වාසය කරති. 

1A 6 7 7-copy 8 9 12 17 24

 

 



අදහස් (0)

ලන්ඩන් බෝමළුවේ සුදු වැලි කැට

ශාන්ත සේනාධීර Friday, 24 April 2015 02:20 PM

සිංහල සාහිත්‍යයේ පෝෂණයට ඉතා විශාල සේවාවක් සඟ පරපුරෙන් අපේ රටේ සිදුවුණා.සිංහල සංගීතයේ ගී නිර්මාණකරනයේදී රඹුක්කන සිද්ධාර්ථ හිමියන් කලෙක සිට පෙරමුණ ගෙන තිබෙනවා.කොන්වැවේ අරියරත්න හිමියන් කලක පටන් කරන නිහඬ සේවය රසික අපි කවුරුත් අගය කළයුතුයි.මගේ සුබ පැතුම් උන්වහසේට මෙයින් පුද කරන්නේ තවත් එවැනි නිර්මාණ පළකිරීමට හේතු වාසනා වේවායි පතමින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2567 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 436 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1748 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5110 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3418 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3772 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site