IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ලන්ඩනයේ දම්පල් සමරු සතියක්

ලන්ඩන් බෞද්ධ විහාරයේ මුලිකත්වයෙන් අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වෙනි ජන්මෝත්සවය වෙනුවෙන් සතියක් පුරා පැවැත්වෙන පුළුල් වැඩසටහනක් සංවිධානය කර ඇත.

දුර දක්නා නුවනින් යුතුව අනගාරික ධර්මපාල තුමන් විසින් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරනු ලැබුවේ 1926 දීය.

 එවකට යුරෝපයේ ආරම්භ කළ ප්‍රථම ථෙරවාද බෞද්ධ මධ්‍යස්ථානය එයයි. එදා සිට මේ දක්වා අඛණ්ඩව පවත්වාගෙන ලන්ඩන් බෞද්ධ විහාරය අද යුරෝපයේ ප්‍රමුඛ තම ථෙරවාදබෞද්ධ මධ්‍යස්ථානය බවට පත්වී ඇත්තේය.

ධර්මපාලතුමන්ගේ 150 වෙනි ජන්ම දිනය සිහිපත්කිරීම සඳහා සතියක් පුරා ලන්ඩන් බෞද්ධ විහාර ශාලාවේදී සහ හැමර්ස්මිත් නගර ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

 වැඩ සටහනට මෑතයුගයෙදී නිර්මලබුදු දහමේ පුනරුත්ථාපනය උදෙසා ධර්මපාල තුමන් අතින් සිදු වු අනුපමේය සේවාවන් විදහා දැක්වෙන ප්‍රදර්ශනයක්, ධර්මපාල තුමාගේ අගය විස්තර කෙරෙන දහම් පාසල් සිසු සිසුවියන් අතර පැවැත්වෙන රචනා, දේශනා සහ සන්නිවේදන වැඩසටහන්, එතුමාට පිං පැමිණවීමේ පිංකම් සහ පරිත්ත්‍රාන ධර්ම දේශනා සහ සංස්කෘතික වැඩසටහන් ඇතුළත් වෙයි.

මෙම භාරධුර කර්තව්‍යය සාර්ථකව ඉටු කරගැනීම සඳහා ලන්ඩන් බෞද්ධ විහාර දායක සභාව, දායක කාරකාදීන්, ධර්මපාල භාරකාර මණ්ඩලය, මහාබෝධි සංවිධානය, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, අනෙකුත් බෞද්ධ රටවල තානාපති කාර්යාල, විහාරස්ථාන සහ යුරෝපීය බෞද්ධ කණ්ඩායම් සහ සංවිධාන වල පුර්ණ සහයෝගය සහ සහභාගීත්වය ලැබෙනු ඇත.

සංස්කෘතික වැඩ සටහනේදී අනගාරික ධර්මපාල තුමන් පිළිබඳව ප්‍රධාන  දේශනය ආචාර්ය ආනන්ද ගුරුගේ ගෙනි.

ධර්මපාල තුමන්ගේ ගුණ සමුදායයත් ලන්ඩන් බෞද්ධ විහාරය ස්ථාපිත කිරීමෙන් බුදු දහමේ ව්‍යාප්තිය උදෙසා ඉටුවුණ යුග මෙහෙවරත් පිළිබඳව ලියවුන සමරු ගීතයක් දහම් පාසල් දරු දැරියන්ද සහ ඔවුනගේ දෙමාපියන් ද ගායනා කිරීමට නියමිතය.

ලන්ඩන් බෞද්ධ විහාරවාසී කොන්වැවේ අරියරතන හිමියන් විසින් රචනා කර ඇති එම ගීතයේ තනුව සහ සංගීතය අචාර්ය රෝහණ වීරසිංහයන් විසින් නිර්මාණය කර ඇත.

ධර්මපාලතුමන් ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කිරීමත් එමගින්  සිදුකෙරෙන ආගමික හා සමාජීය මෙහෙවරත් විදහා දැක්වෙන වාර්තා චිත්‍ර පටයක්ද නිෂ්පාදනය කිරීමට  යයි.

ලන්ඩනයේ දම්පල් සමරු වැඩ සටහන සැප්තැම්බර් මස 14 වෙනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙයි.

මෙම වැඩසටහනෙහි සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡාව පසුගිය සිකුරාදා ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.

එදින ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක  බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයේ අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම පිණිස ඒ ඒ විෂයන් පිලිබඳ දැනුමක් සහ පළපුරුද්දක් ඇති කණ්ඩායම්  තෝරා පත්කරගනු ලැබීය.

 

 



අදහස් (0)

ලන්ඩනයේ දම්පල් සමරු සතියක්

සත්‍යයා Monday, 24 February 2014 07:05 AM

ධර්මපාල සමරු දේශනය පවත්වන්න ගුරු ගේ "විද්වතා" තරම් හොඳ දේශකයෙක් ගැන අපට හිතන්නත් අමාරුයි. මන්ද ඒ මහතා ධර්මපාල තුමාගේ "අඩි පාරේ" යමින් ඉතාමත් "දැහැමි" ජීවිතයක් ගෙවන "සත් පුරුෂයෙක්" නිසා. (නදී)

:       0       0

අක්ෂි Sunday, 23 February 2014 02:55 PM

ධර්මපාල තුමා නැවත අප රටේ ඉපදේවා කියා ප්‍රාර්ථනා කරන්න. (දිල්)

:       0       0

පහන් මඩුගල්ලේ Sunday, 23 February 2014 03:30 PM

සාධු සාධු සාධු !!!(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5078 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 330 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


ජනපති රනිල් සියල්ල භාර දෙයි
2024 සැප්තැම්බර් මස 22 218 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22)වැනි දා බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 984 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


රුවන් නව ජනපතිට සුබපතයි
2024 සැප්තැම්බර් මස 22 1523 0

අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි


නවවන විධායක ජනාධිපති ලෙස අනුර හෙට දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 22 3257 0

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16071 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 78 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site