දකුණු පළාත් සභා ඡන්දය සමයේ බෙදා දීම සඳහා සෙවිලි තහඩු, ජංගම දුරකතන, ලැප්ටොප්, බයිසිකල්, අලවංගු, උදලු තල ඇතුළු භාණ්ඩ කන්ටේනර් ගණනින් ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා කියයි.
එම කන්ටේනර අත්අඩංගුවට ගන්නා ලෙස මාතර සහකාර මැතිවරණ කොමසාරිස්ගෙන් හා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" බ්‍රේස්ලට් එහෙමත් මග එනවා" කියලා කවුදෝ කියනවා මම අහගෙන. (දී)
ඡන්දදායකයෝ මේ අය හිතන තරම් මෝඩ නැහැ. මතකද වයඹ ඡන්දෙදී බෙදාපු ටෙලිපෝන් ගානටවත් මනාප ලැබිලා තිබුනේ නැහැනේ.(අ)
විකාර කථා කරන්න එපා , මේ අහිංසකයින්ට දන්සල් වදින්න, ඉඩදෙන්න (අ)
කට්ටිය මරා ගන්නවා වගේ ............. (දී)
ජනතාව රවට්ටන්න බැහැ (දී)
චන්දෙ කාලෙට විතරක් කන බොන ජාතියක් වන චන්ද දායකයිනි, දෙන දෙයක් අරගෙන දීපු කෙනාගේ විරුද්ද පැත්තට චන්දය දීමේ මහා පින්කමේ ඔබත් කොටස් කරුවකු වන්න. (දී)
මටත් මටත් ලැප්ටොප් එකක් දෙන්නේ කවුරුදෝ ගම්පහ පැත්තේ ඔය බඩු බෙදනතන් අපටත් දන්වන්න (දී)
කවද ද මේවා බෙදන්නේ ? මටත් ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද බලන්න ඕන. චන්දෙ දෙනවා නොවරදවාම (දී)
ගම්පහ පැත්තේ අපේක්ෂකයෝ ත්‍රී වීල් මීටර් බෙදනවා. මට ත්‍රී වීල් එකක් නැහැ. මට මුකුත් ලැබුනේ නැහැ .එක නිසා මම චන්දෙ නොදෙන්නැයි හිතාගෙන ඉන්නේ.
චන්දෙට හරි මේවා නිකන් දෙනවානම් කොච්චර හොදද? (දී)
අහිංසක ජනතාවගේ වටිනා චන්දය ලබාගන්ඩ මෙවනි දේ ලබාදී මිනිස්සු රවට්ටා චන්ද ලබාගන්නේ රටට වැඩ කරන්ඩද ? මෙන්න මේ සංස්කෘතිය වහාම නතර කරන්න බැරි උනොත් රටේ අනාගතයක් නැතිවෙනවා. (දී)
මහජන මුදල් නේද මේ විනාස කරන්නේ පුද්ගලික වාසි තකා.මේවට රැවටෙන තාක් කල් රටේ අබාගේ තමා.මේවා කාට කියන්නද.?නඩුත් හාමුදුරුවන්ගේ,බඩුත් හාමුදුරුවන්ගේ වගේ තමා. (දී)
දෙයිය්යනේ අපේ සල්ලිනෙ මේ (දී)
තව මාසයයි තියෙන්නෙ. අනේ ඔය ටික බෙදල දෙන්න. මට ලැප් ටොප් එකක් (දී)
හොරාත් කෑගහනවලු ඔන්න හොරෙක් කියල. මහජනයා අන්ද මන්ද ඇත්ත හොරා කවුද කියල. අන්තිමට පොලිසිය හිරබාරයට ගන්නෙත් අහිංසකයෙක් ව. (දී)
මේවාත් එක්ක කුඩුත් ගෙනල්ලද? (දී)
ආන්න බලන්ඩ මහජනයාගේ අවශ්‍යතා චන්දෙට කලින්ම අදුනාගත්තු නියම සමාජ සේවකයෝ. ඕව අරගන්ඩ. වැඩිපුර එකක් දෙකක් තියෙනවා නම් විකුණලා එදා වෙලා පිරිමහ ගන්ඩ. හැබැයි ඒවා ගත්තනම් චන්දෙදි කැත වැඩ කරන්ඩ එපා. යුතුකමත් ඉටු කරන්ඩ. (දී)
මමත් කියන්නේ නිකන් දෙනවනම් ගන්නකියාල.මොකද චන්දෙන් පස්සේ වල්ගේවත් අල්ලන්න වෙන්නේ නෑ (දී)
ජාතික කොඩිය භාවිතා කළා කියලා කාටවත් එක චන්දයක් වත් වැඩි වෙන්නේ නැහැ නේ (දී)
සමන් දෝහා හරි , නිකන් දෙන දේවල් නේ , අනෙක එයා ලා ඕවා අම්ම තාත්තා ගෙන් ඉල්ලන් ආපුවා නොවේ , ජනතාවගේ ම කොල්ල කාපුවා , ඒක නිසා දෙන දේවල් සියල්ල ලබා ගෙන් චන්දෙදි නිවැරදි තීරණයක් ගන්න (දී)
පුදුම ආදරයක්නේ තියෙන්නේ ජනතාවට (දී)
සහකාර මැතිවරණ කොමසාරිස් තුමනි ,බතුමා කටවුට්,පෝස්ටර් ගැන බලනවා හැර ,ඔය කන්ටේනරය දිහා නම් බලන්නවත් එපා.ඇතුලේ ඇති බඩුවල වටිනාකම හා ගණන් කර ,කර ඉන්න වෙයි.අන්තිමේ චන්ද ගණන් කරන්න වෙලාවකුත් නැතිවෙයි... (දී)
අනේ මේවගේ කන්ටේනර් අපේ පළාතටත් ගෙනල්ලද? (දී)
සත්‍යාගේ කොමෙන්ට් එකේ හැටියට උන්නැහේට බය වෙන්න කාරණයක් නැහැ. මොකද හිරබාරයට ගන්නේ අහින්සකයෝලුනේ. (දී)
සත්‍යාගේ කොමෙන්ට් එකේ හැටියට උන්නැහේට බය වෙන්න කාරණයක් නැහැ. මොකද හිරබාරයට ගන්නේ අහින්සකයෝලුනේ. (දී)
මේ වෙලාවේ දෙන දෙයක් අරගන්න තියෙන්නේ. ඔවා අහිංසක ජනතාවගෙන් කොල්ල කාපු සල්ලි. නමුත් චන්දෙදි හරි තීරණයක් ගන්න (දී)
මේවා චන්දෙදි මිනිස්සුන්ව රවට්ටන්න කරන උප්පර වැට්ටි (දී)