
ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා, දින 12 ක ලතින් ඇමෙරිකා සංචාරයක් ආරම්භ කරමින් උරුගුවේ රාජ්‍යයට පැමිණියේය.
පෙණහල්ලේ පිළිකා ගැටිත්තක් ඉවත් කිරීමේ සැත්කමකින් පසු පාප්තුමා සහභාගී වන පළමු විදෙස් සංචාරය මෙයයි. පාප්තුමා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
අවුරුදු 71 ක් වන ඇමෙරිකන් ජාතික 14 වැනි ලියෝ පාප්තුමා, උරුගුවේ රාජ්‍යයේ මොන්ටෙවීඩියෝ නුවරට පැමිණි අවස්ථාවේදී එතුමන්ට මහත් ඉහළ පිළිගැනීමක් හිමිවිය.
එහිදී රැස්ව සිටි ජනතාව හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳව මෙන්ම, තමන් මුහුණ දුන් පිළිකා තත්ත්වය සහ සිදු කළ සැත්කම ගැන ද පාප්තුමෝ සඳහන් කළහ.
පාප් ධුරයට පත්වීමෙන් පසු 14 වැනි ලියෝ පාප්තුමා සහභාගී වන 6 වැනි විදෙස් සංචාරය මෙය ලෙස සැලකෙයි.
උරුගුවේ සංචාරයෙන් පසුව උන්වහන්සේ ආර්ජන්ටිනාව සහ පේරු රාජ්‍යය වෙත යාමට ද නියමිතය. මීට පෙර පාප්තුමා වසර ගණනාවක් පේරු රාජ්‍යයේ මිෂනාරිවරයකු සහ බිෂොප්වරයකු ලෙස කටයුතු කර ඇති බැවින්, එතුමාගේ මෙම පේරු සංචාරය ඉතා වැදගත් එකක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd