ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා සෝකා විශ්ව විද්‍යාලයේ දී පසුගිය දා නිමා වූ “නිපෝන් කරාටේදෝ ඉටෝසු කායි 2014” තරගාවලියේ දී ජයග්‍රහණ රැසක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත් කරදීමට සමත් වූ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළසිසුන් 19 දෙනා ඇතුළු කණ්ඩායම අද (29) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලින් ශ්‍රී ලංකාවට පැමිණියහ.
මෙහිදී රන් පදක්කම් දහයක්, රිදී පදක්කම් හතක් සහ ලෝකඩ පදක්කම් නමයක් දිනා ගැනීමට ලයිසියම් කරාටේ ක්‍රීඩකයන් සමත් වූ අතරහැදල ඩෝ ජෝ පාසැල් ක්‍රීඩකයෙකු එයට අමතරව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ.
ජයග්‍රාහී පදක්කම් ලාභී ක්‍රිඩකයෝ
හසංක මලින්ද බණ්ඩාර (රන් 02), මනුක ඩිල්ෂාන් (රන් 02), මින්තක ගමගේ (රන් 02), පුමුදු මිත්සුක ගමගේ(රන් 02), දෙවංක නමිදු පෝරගේ (රන් 01 / රිදී 01), තරිඳු ලංකා සමරකෝන් (රන් 01), ඉෂාන් අබ්දුල් රහමන් (රන් 01 / ලෝකඩ 01), සනුර රන්සික (රිදී - 02), විහඟ ඔමෙත් රොද්‍රිගූ (රිදී - 01 / ලෝකඩ 01), නිතේෂ් ප්‍රනාන්දු (රිදී 01), ආර් තුෂාන් (රිදී 01) දුලාජ් කළු ආරච්චි (රිදී 1 / ලෝකඩ 01), තාහා ශිරාඩ් ෆලල්ඩීන්(ලෝකඩ 02), තිවිණ හේමරත්න (ලෝකඩ 02), මිලිඳු උදාර (ලෝකඩ 01), යූනුස් රිස්මි (ලෝකඩ 01), ඉෂාන් අබ්දුල් ගෙමන් (රන් 01 / ලෝකඩ 01)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ දස්කම්පාන ලද මෙම දරුවන්ගේ අනාගතය දෙස වගකිවයුතු අය ඇස් හැර බැලුවොත් අනාගත ලෝක මට්ටමේ කරාටේ ක්‍රීඩකයන් අපේ රටින් බිහිවනු නොඅනුමානයි. ආසියාවේ ආඩම්බරකාර ක්‍රීඩාතරු වන්නට අපිට පුලුවන් බව මේ දරුවන් පෙන්නුම් කර තිබෙනවා. දරුවනි, ඔබ අපේ රටට ආඩම්බරයක්. හදවතින්ම සුබ පතමි. (නි)
රටට කීර්තියක් ගෙනාපු දරුවන්ට සුබ පතනවා !!! ඉදිරියේදීත් මෙවන් දක්ෂ තා පෙවීමට ශක්තිය ලැබේවා. (දී)
සුභපතනවා (දී)
අපේ රටේ සියලුම පාසල් දරුවන්ට ලොකුම ආදර්ශයක් මේ ළමයින්ට මගේ සුභ පැතුම් (දී)
ලංකාව බබලවන ළමයි මේ (දී)
රටට කීර්තියක් ගෙන ලයිසියම් ජාත්‍යන්තර පාසලේ මෙම දරුවන්ගේ අනාගතයට සුබ පතමි.(දී)