ලොව දෙවැනි බලවතා ලෙස සැලකෙන, කෝටි 140ක් පමණ වන චීන ජනතාවගේ නායක ෂී ජිංපිං ජනපති සිය ආර්යාව ද සමඟ අද (16) විශේෂ චීන ගුවන් යානයකින් අද පෙරවරු 11.50ට පමණ කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණියේය.
පාසල් සිසුහු දෙරටේ කොඩි වනමින් ඔල්වරසන් දෙමින් චීන නායකයා පිළිගත්හ.
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවන් යානය අසලටම ගොස් චීන නායකයා පිළි ගත්තේය.
(ඡායාරූප දීපා අදිකාරි)

























COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට බැලුවොත් මෙයා තමයි ලොව පළමුවැනි බලවතා. හැබැයි ඇමෙරිකාව වගේ රටවල්වල ස්වාදිපත්යට ඇගිලිගහන නායකයෙක් නෙවයි. යුද්ධය සමයේත් අපේ රටට අවංකව උදව් කල රටක්. (අ)
ණය දෙනවානම් ගුවන් යානය අසලට නෙමේ ගුවන් යානයෙන් වඩාගෙන වුණත් එන්නම්කෝ.... නේද? (අ)
හැකිකමක් තිබේනම් චීන නායකයාගෙන් අහල බලන්න කෝටි 140 ජනතාව පාලනය කරන්න ඇමතිමණ්ඩලය කීයද ඒ අයගේ ලේකම්වරු කීයද කියල ? (අ)
මේ ලෝකයේ දෙවැනි බලවතාද? (අ)
හොඳම හොඳ දෙයක් ජයවේවා (අ)
අර එක්සත් ජාතින්ගෙ සංගමයේ කවුරු හරි නිලධාරියෙක් ලංකාවට එනකොට විමල් ඇමැතිතුමා ඇඳ යට කියලා කියන/ අදින අය අද ඇඳන් යටද දන්නෙත් නැහැ.චීනකරණය,චීනයට රට විකුණනවා කියාගත්ත ගමන්මනේ ඉන්නෙ.(අ)
මේක ලංකාව ලබන හොඳ ජයක්. නමුත් ඉන්දියාව තරහ කර ගන්නත් හොඳ නැහැ.(අ)
අනේ කොච්චර ආශ් චර්යක්ද. තව දවස් කීයද ණය ටික අරං පොලී ගෙවන්න පාං කාලේ ඉදන් ගාණ වැඩි කරන්නේ.(අ)
ලංකාවේ රජයට තියෙන සුඛෝපභෝගී වාහන දැක්කම මේ මිනිහ ලංකාවෙන් ණයක් ඉල්ලයි. (අ)
ජනාධිපති තුමාගේ සහ චීනයේ ශ්‍රීලංකා තානාපති රන්ජිත් උයන්ගොඩ මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව පෙන්නුම් කීරීමක්.(අ)
ඉතා හොඳයි. (අ)
මේ ටිකට සාරිය මාරු කලේ කොහොමද අප්පා (අ)
චීනය දෙවන බලවතා තියා පළමු හය හත්දෙනා අතරවත් නැහැ. මානව හිමිකම් කැඩීම සහ දුෂණය අතින් නම් පළමු ස්ථානයේම ඉන්නවා. (අ)
චීනය ඉතිහාසයේ කවදාවත් යටි අරමුණු තියාගෙන අපට උදව් කල රටක් නෙමෙයි.සේද මාවතෙන් එන කල්‍යාන මිත්‍රයෙක්. (අ)
හරිම අාශ්චර්යමත් අවස්ථාවක් .එමෙන්ම අතිගරු චීන ජනාධිපති තුමා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පැමිණියානම් තවත් අාශ්චර්යමත් අවස්ථාවක් වනුඇත .මන්ද චීන රජයේ අධාරමත කළ දැවැන්ත සංවර්ධන වැඩපිළිවලක් නිසා. .එතුමා කටුනායක - කොළඹ අදිවේගී මාර්ගය දිගේ ගමන් කිරීම පැසසිය යුතුය . (අ) .
එකේ දෙයක් ගැන බයයි, මෙහෙම ගියොත් අපේ ජාතික කොඩියේ සිංහයා එහා පැත්තෙන් තරුවක් වැටෙයිදෝ කියල. (අ)
මම මේ කල්පනා කරන්නේ ඊලඟ බබාට නම දාන්නෙ මොකක්ද කියල. මටනම් හිතෙන්නේ බබානිස් අප්පුගේ චින් චුන් කියල හොඳයි කියල. (අ)
හප්පා, සෑම්ට තරහ ගිහින් නේ, සෑම් පිළි නොගත්තට අමෙරිකාවත් හිතන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන ප්‍රතිමල්ලවයා චීනය කියලය්. forbs සගරාව අනුව සෑම නිෂ්පාදන දහයකින්ම හතක් නිපදවන්නේ චිනයයි.(අ)
සඳුනි/බන්දුල පෙරේරා ට සත්‍ය තේරෙනකොට අපේ රටත් චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි.දැනටමත් එවැනි ලක්ෂන මතු වෙලත් ඉවරයි.අන්තර්ජාලයේ වැඩි විස්තර ෆොටෝ සහිතව තියෙනවා පුලුවන්නම් බලන්න.(අ)
රේමන් පහුගිය අවුරුදු 20 ම බදු පිට බදු ගහල ජනතාව බඩගින්නේ තියල රටට පරම්පරා ගාණකින් ගෙවන්න බැරි ණය බරක් පටවල පාරවල් දෙක තුනකුයි කැලෑව මැද ගුවන් තොටුපලක් හදපු එක ඔයාට හපන්කමක් වගේද පෙන්නේ ???(අ)
චීන ගුවන් යානයකින් අද පෙරවරු 11.50ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාතියන්තර ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට පැමිණියේය. හදපු අයවත් මත්තලින් යන්නේ/එන්නේ නැති කොට මේ අපිටද මත්තලින් යන්න /එන්න කියන්නේ. (අ)
අර පාසල් සිසුහු අද පාසල් යන්නේ නැද්ද ? (අ)
අර්ජුන රණතුංග ලෝක කුසලානය දිනන විට රටේ නායකත්වය දැරුවේ චන්ද්‍රිකා මැතිනිය. සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදාව යුද්ධය දිනන විට රටේ නායකත්ව දැරුවේ අපේ අති ගරු ජනාදිපතිතුමා. ක්‍රිකට් ශුරතාවයේ සැලකියයුතු විශාල ගෞරවයක් චන්ද්‍රිකා මැතිනියට හිමිවිය යුතුවා සේම යුධ ජයග්‍රහණයේ විශාල ගෞරවයක් අපේ ජනාදිපතිතුමාට හිමිවිය යුතුයි.(අ)
බබානිස් ඔබ දකින සිහිනය මමත් දැකල ඉවරයි.එ්ත් තවම ලංකාවේ "බත් කන උදවියට" එතරම් තේරුමක් නැති ගානයි.දැනටමත් පිලිපීනයේ චීනයේ යටත් විජිතයක් වෙලා ඉවරයි.(අ)
ලංකාව චීනයේ යටත් විජිතයක් කළ ඔබ සැම ඉතිහාස ගත වෙනවා.(අ)
මෙතුමා ඇවිත් ගියාට නම් කමක් නැහැ. බය තියෙන්නේ අපේ කට්ටිය තවත් ප්‍රකෝටි ගාණක් අපිව ණය කරලා වැඩකට නැති මොකක් හරි අටවයිද කියලා. (අ)
අලුතෙන් ගත්ත ඉඩම බලල යන්න ඇවිත් වගේ (නදී)
එන රාජ්‍ය නායකයෝ ඔක්කොම එන්නේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන්. මොකෝ මත්තල ගුවන් තොටුපොල දැන් වහලද? (නදී)
මගේ ඊලඟ බබාට දාන නම කල් ඇතිවම කියන්නම් "ටිකිරි බණ්ඩා මුදියන්සේලහේ චීන ෂුන්". (නදී)
ලොව දෙවන බලවතා ත්‍රස්තවාදය විනාශ කල ලොව එකම රටට ඇවිල්ලා (නදී)
තිලකසිරි, තව තව ගෞරවය ලැබෙමින් පවතිනවා. ලංකාව කන්න අදින්න නැති සෝමලියාවක්, ඉතියෝපියාවක්, බංගලිදේශසයක් කල ගෞරවය. ලංකාව චීනයේ යටත් විජිතයක් කල ගෞරවය.......(නදී)
චීන ජනාඩිපති නොවෙයි ලෝකේ ඉන්න හැම රාජ්‍ය නායකුම ලංකාවට ආවත් වැඩක් නැහැ, කොච්චර ණය දුන්නත් වැඩක් නැහැ මේ රටේ තියෙන වංචාව දුෂණය නාස්තිය නවත්වන්න වැඩපිළිවෙලක් යෙදුවේ නැත්නම් රට හැමදාම මෙහෙම තමයි! (නදී)
ලෝක බලවතා ඇමරිකාව (දී)
ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම තවතවත් ඉදිරියට ගෙනියමට වර්තමාන රජයට ශක්තිය ලැබේවා !! ලෝකේ දෙවන ආර්ථිකය හොබවන චීනය තව වසර 2 කින් පෙරමුණ ගන්නවා නිසැකයි ඒ හෙයින් අපි චීනය සමග තව තවත් මිත්ත්‍ර සිලිව ඉන්නෙක රටට වාසි සහගතය රටවල් දෙක අතර නිදහස් වෙළද ගිවිසුම තුලින් ශ්‍රී ලංකාව ලෝකේ ප්‍රධාන වෙළද මධ්‍යස්ථානය බවට පත්වීම නිසැකය මෙතුමාගේ පැමිණීම ඉතිහාස ගතවන දවසක් ඒ රටට සහ ජනතාවට ආඩම්බරයක් !! (දී)
චීනය තමයි වර්තමාන ලෝක බලවතා, ඉතින් හොද දෙයක් කරගන්න පුළුවන්, එත් නයගැනීම ගැන දෙපාරක් නෙවෙයි දහපාරක් හිතන්න වෙනවා, ඒ වගේම විදේශ සම්බන්දතා අපි වගේ පොඩි රටවලට ගොඩක් වැදගත් වෙනවා,(දී)
තව වසර 2කින් චීනය ලෝක බලවතා අපි ඔහු සමගයි !!!(දී)
දැන් ඇමරිකාව නය ගන්නෙත් චීනෙන් තමයි !!! (දී)
සුගත් බණ්ඩාර, නිශාන්ත ඩබ්ලිව්.ජි, පාලිත, සඳුනි, රේමන්, තවම අාශ්චර්ය ඉවර නැහැ. ඉස්සරහට තව ගොඩක් බලන්න පුළුවනි. (දී)
සෑම් මෝඩ කතා කියන්න එපා දුෂණය අතින් ලෝකේ පළමු ස්ථානය චීනයට තියනවානම් ඒ රට කොහොමද මෙතරමට දියුණුවෙන්නේ.එහෙමනම් අපේ රටත් චීනය තරමටම දියුණු වෙන්න එපැය! (දී)
ලුම්බිණි- චීනය ලෝකේ දෙවැනි බලවතා වගේම දෙවන ආර්ථිකය දැන් තව වසරකින් චීනය ලෝක බලවතා වෙනවා දැන් ඇමරිකාව සහ යුරෝපය මේ ගැන විමතියට පත්වෙලා තියෙන්නේ. (දී)
කෝ අපේ බන්දුල තුමා ? සංවිධාන කටයුතු වලට බැහැර ගිහින් ද ? නැතිනම් අර ගරු කල යුතු කෙනෙක්ට කට හොලවන්න ගිහින් සභාවෙන් ලුණු ඇඹුල් ඇතිව අහගත්ත නිසා මේ දවස් වල පරිවාස කාලයක්වත් ගත කරනවද ? (නදී)
XI靖平-歡迎向斯里蘭卡。 ( චීන ජනාධිපති තුමාව සාදරයෙන් පිළිගනිමු.) (නදී)
චින්තක,මම අදහස් කලේ "ලොව දෙවන බලවතා " චීනය නොවන බවයි. ඔබ කියන ආකාරයට චීනය ලොව නිපැයුම් වලින් දහයෙන් හතක් නිපදවුවාට එයින් 50% ෆැක්ටරි වොරන්ටිය පහු කරන්නේ නැහැ. (නදී)
බබානිස්/ ටිකිරි බණ්ඩා අහෝ නොදුටි රටේ සංවර්දනය. එකැස් කන ගොනුන් කවදා දකීද සංවර්දනයේ අරණුලු? (නදී)
නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාව චීන රජයේ අනුග්‍රහය ඇතිව ලෝකයේ බලවත්ම, දියුණුම රාජ්‍යයක් බවට පත් වීම ඒකාන්තයි. (නදී)
ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගුවන් යානය අසලටම ගොස් චීන නායකයා පිළි ගත්තේය. දෙන ණයෙන් අපි තවත් ණය කාරයෝ කරලා ලොක්ක නහුතෙට කොමිස් ගහයි එ්කයි ඔච්චර ආදරේ (නදී)
ටිකිරි බංඩා මහත්තයා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මගෙත් එක්ක වැඩ කරන මගේ පිලිපීන මිත්‍රයෝ ඔක්කොම කියනවා ඒ රටේ ඔක්කොම ලොකු බිස්නස් අල්ලාගෙන ඉන්නේ චීන්නුලු. එයාලා ලොකුම රස්සාවේ ඉදලා පොඩිම රස්සාව දක්වා කිරීමට ගෙනත් තියාගෙන ඉන්නේ චීන්නුලු. ඉතින් පිලිපීන ජාතිකයන්ට රස්සාවල් නැහැ (නදී)
මට නම් බය චීනෙන් ආපු පරිවාර ඇත්තෝ පිළිකන්න පැත්තෙන් අපේ ගෙවල් වලට වත් රිංගාවිද කියලා. අපේ ගමේ එක්කෙනෙකුට ලඟදි ඇස් පුංචි බබෙක් හම්බු වුනා. (නදී)
අපිට දෙන නය මුදල් වලින් වැඩි හරියක් ගසාකම් වලට තමයි හසු වන්නේ (දී)
කෝ මේ බන්දුල පෙරේරා ? කොඩි වනන්න ගිහිල්ලද ?(දී)
වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්නවා මම (දී)
මෙතුමා නිසා මම දවස් දෙකක් නො පේ ගියා (දී)
සෑම් ඔහේ ලෝකයේ තුන්වෙනි මෝඩයා (දී)
සාදරයෙන් පිලි ගන්නවා (දී)
බලන් ඉන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ මොකද මම එපා කියුව කියලා නවත්තනවද (දී)
ලංකාව චීනෙට යටත් වෙලා (දී)
සුබ පතමි. හැබැයි වීඩියෝ එක දැක්කම හිතුනේ මහා කලබලයක් වගේ. කිසිම චාම් ගතියක් නැහැ. හැම තැනම කට්ටි කට්ටි නටනවා. ඊට පිටිපස්සෙන් ළමයි කොඩි වනනවා. ආරක්ෂකයෝ හැම තැනම දුවනවා. පිස්සුවක් වගේ. අදහස කාගෙද ? (නදී)
ඇත්තටම අපේ රටේ අය කොච්චර කුහකද ? හරියට පිට රට පත්තර වගේ. ගොඩක් රටවල් පුරාණ සේද මාවත ඇති වෙනවට කැමති නැහැ. ලෝකේ ප්‍රදාන වෙබ් වලටත් කොටලා බලන්න මේ ගැන මොනවද කියල තියෙන්නේ කියල. (නදී)
තිලකසිරි,හිගන්නාගේ තුවාලේ වගේ,හැමදාම ඕකම කියන්න ඕනෙද. දැන් අවුරුදු ගානක් තිස්සේ කිව්වනේ. කවදද ඔය එකම කතාව, කියවිල්ල නවතින්නේ ? (නදී)
ටිකිරි බන්ඩගෙ ටිකිරි මොලේ. පව් පුංචි කාලේ වැටිලා ඹළුව වැදුන වෙලාවට අම්මා ඹ්ඩිකොලොන් දාලා නැහැ වගේ. මහවැලිය හදන්න අධාර කරපුු අය ඇවිත් නාලා යනවා ඇති කියලා හිතාගෙන ඉන්නෙ. (නදී)
චීනය ගැන සුභ සිහින දකින ඔබ කී දෙනෙක් චීනයට ගිහින් එහි ඇතුලත දැකල තිබෙනවද ? අහල නැද්ද, ලිපගිනි මොලවනතෙක් දිය සැලියේ, සැපයක් යයි කකුළුවා දිය කෙලියේ. (නදී)
බලන්න අරුමය පාපැදි වලින් තම ජනයා හට ප්‍රවාහන කටයුතු සලසා දී ලෝකයේ දෙවැනි බලවතා වූ හැටි (නදී)
අනාගත ලංකාවේ අයිතිකරු ! (නදී)
අපිට ආදරේට නෙමෙයි නය දෙන්නේ. අපේ පොඩි එකාගේ ඉදන් ගෙවන්න වෙනවා. අපේ එවන්ට නිකන් දෙනවා නම් ඕන දෙයක් ගනීවි (නදී)
ඔය එන්නේ හොදකට නොවෙයි (දී)
අපේ බන්දුල උන්නැහේට මොකද වුනේ ? (දී)
යටත් නොවන අපේ ජාතියට මට කියන්න තියන්නේ චීනෙට යට වෙන එකත් වාසනාවක් . (දී)
ලංකාව චිනේ යටත් විජිතයක් වෙලා (දී)
ලංකාව චීනයේ යටත් විජිතයක් වෙනවා ......... බන්දුල සහ කඩේ යන සියලු දෙනා මේ පරිහානියට වගකිව උතුය (දී)
ලංකාව ලෝකේ ඉදිරියේ බය නැතුව වැඩ කරන්නේ ඒ නිසයි (දී)
චිනේ කොහොමද ඔය තරම් බලවත් උනේ (දී)
ආවට කමක් නැහැ නය දෙන්නනම් එපා..(දී)
ටිකිරි බන්ඩා, බන්දුල පෙරේරා ගැන කතාකරලා කාලය නාස්තිකරන්න එපා.බන්දුල පෙරේරා කියන්නේ උපන්ගෙයි මෝඩයෙක්.ලෝකේ ගැන කිසිම දෙයක් නොදන්නා ඔහේ කතා කරන කෙනෙක් (දී)
චීනය වැනි ප්‍රබල රටවල් නිසා අපේ පුංචි රට බේරුනා. අපිට ජාත්‍යන්තරව තිබෙන ලොකුම හයියක් චීනය. ඉන්දියාව, රුසියාව අනික් අපේ මිතුරන්. ඇමෙරිකාව අපේ පරම හතුරා. අපේ බොහෝ උගත් හෙළයන්ට පවා මේක තේරෙන්නේ නෑ. මිතුරා කවුද හතුරා කවුද කියලා. එක්කෝ ආත්මාර්ථය නැත්නම් අවස්ථාවාදය හෝ කුහකකම. (නදී)
නය නැතුව ආදාර දෙන නයෙකයෙකු ගෙන්න ගන්නකෝ (නදී)
මෙය ඉතා හොඳ දෙයක් එතුමාට ලොව ඕනෙම රටකට නිදහසේ යන්න පුළුවන්. නමුත් අපිට යන්න බැරි රටවලුත් ලොව තිබෙනවා නේද? (නදී)
මේ ගන්න ණය ගෙවන්නේ කවද්ද (දී)
අපේ දරුවන් තමයි මේවයින් දුක් විදින්නේ (දී)
අපේ රටට විශිෂ්ට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා (දී)
ඒක හොඳ වැඩක් වෙයි (දී)
මේ බදු ගෙවන්න වෙන්නේ අහිංසක අපිට අන්න එකයි වරද (දී)
ලංකාවට යහපතක්ම වේවා (දී)
ආපු එක නම් හොඳයි. ඒත් අපේ රට චීන කොළණියක් වෙන එක තමයි හොඳ නැත්තේ (නදී)
චීනයේ ගොඩක් දෙනා ගුණාත්මක දේවල් මිලට ගන්නේ ජපානෙට ඇවිල්ල.බෞද්ද රටක් වශයෙන් මිතුරන් වෙන එක හොද දෙයකි .නමුත් කල්පවතින දෙයක් හදාගන්නනම් සුදුසු ජපානයි .දන්නෝ දනිති.(දී)
ඔය මොනවා කලත් අන්තිමට අපි අසරණ වෙනවා (දී)
දෙවෙනි බලවතා..... මම පිලි ගන්නේ නැහැ (දී)
එදා මහවැලියට වියදන් කරනකොට සැහෙන්න බැන්නා ණය වෙනවා කියලා. අද වියදම් කරපු මුදල මෙන් කීප ගුණයක් ජල විදුලියෙන් විතරක් හොයාගත්තා.(දී)
ෆොටෝස් ටිකක් පැහැදිලි මදි නේද , මෙය වැදගත් අවස්තාවක් .(අ)
ඔච්චර බලවත් චීන ජනපති මොකද බෝයින්ග් ප්ලේන් භාවිතා කරන්නේ (අ)
පාසල් වල ළමයිනට මේ කාර්යට ගෙන්වා ගැනීම බරපතල වරදක්. (අ)
අපේ ජනාදිපති නෝනයි සහ චීනේ නෝනයි එකට ඉන්නකොට අක්කා සහ නංගී වගෙයි නේද අනේ. බලන්න මම කියන්නේ බොරුද කියල (අ)
සමහර අයට රිදිලා වගේ.. ! (අ)
චිනෙත් හොදයි ජනාධිපතිත් එහි මිනිසුන්ද හොදයි නයගන්න එකත් හොදයි මොකද ලංකාවාසි අපිනෙ ගෙවන්නෙ.නමුත් ගන්න බඩු බාන්ඩ වෙනකොහේහරි රටකින් ගන්නවා නම් අඩුගානෙ මාසයකට වඩා පාවිච්චිකරන්න පුලුවන්. (අ)
රදික පුතාගේ වයස කියද?.ඔය කියන 20 ට කලින් පුතා කොහෙද හිටියේ..මට හිතෙන්නේ එක්කෝ පුතා මොන්ටිසෝරි යනවා..නැත්නම් ඕපපාතිකයි,,..දන්නේ නැත්නම් හපන් කම් කියන්නේ මොනවද කියල අම්ම තාත්තාගෙන් අහගන්න..කුහක කම තිබුනට ඒවා වමාරන්න එපා..අඩු පාඩු තිබුනට මේ රජය මේ රටට දැනෙන දෙයක් කරලා තියෙනවා 30 අවුරුදු යුද්ධය අවසන් කිරීමත් සමගම..යුද්ධය ඉවර වෙලා තාම වසර පහයි.මේ කරලා තියෙන තරම් මදිද ඒ කාලෙට.. තමන්ට දරුවෙක් මල්ලෙක් ඉන්නවනම් ඒ දරුවට හෙටක් කියල දවසක් ඉතුරු වුනේ දරුවෝ ලබන්න වයසක් නෙමෙයිනම් තමන්ට හෙටක් කියල දෙයක් ඉතුරු වුනේ කොහොමද කියල අම්ම අප්පගෙන් ලජ්ජා නොවී අහල දැන ගන්න.. මේ විධියේ දේශපාලන කුහකයෝ ඉන්න රටකටනේ අම්මප මේ ඉර හද පායන්නේ....(ස)
විජයාගමනය 2 කොටස .... ක්‍රිස්තු වර්ෂ 2014 / 9 / 16 (ස)
අපේ එකම බලා පොරොත්තුව නම් ලෝකයේ පලවෙනි බලවතා ගැනයි ! (ස)
ලොව දෙවෙනි බලවතා කියලා මම නම් පිලි ගන්නේ නැහැ (දී)
මටනම් ඔය කවුරුත් එකයි (දී)
ටිකිරි බන්ඩාගේ චීන විරෝධය හිස් ටින් එකක් වගෙයි.ඔබ පිලිපීනය ගැන කතා කරන්නේ එහෙ ජීවත්වුණ නිසාවද්ද?මමත් පිලිපීනෙට ගිහින් තියෙනවා. මම දන්නා පිලිපීනය පැහැදිලිවම ඇමරිකානු යටත් විජිතයක්.ඒ නිසාම බොහෝ දෙනෙකු තුළ ජාතික හැගීම් අඩු දීන බවකුයි පෙනෙන්නේ. මේ සියල්ල ඇමරිකන් සංස්කෘතික ආක්‍රමණයේ ප්‍රතිඵල (නි)
ලුම්බිණි, සාදිරිස්, සෑම්, ටිකිරි බණ්ඩා, ඔබතුමන්ලා ලංකාවේ මොන වගේ දියුණුවක්ද බලාපොරොත්තු වෙන්නේ? ක්ෂණික නූඩ්ල්ස් වගේ එකක්ද? දියුණුකළ පාරක ගිහිල්ලාවත් නැද්ද කවදාවත්? මොන දේ කළත් ඒවායේ ඇත්තක් දකින්න ඔයාලගේ ඇස් පින් කරලා නැතුව ඇති. මේ ගොඩ නැඟෙන්නේ අපේ දරුවන්ගේ ලෝකය කියලාවත් හිත හදාගන්න. ඔච්චර කුහක වෙන්න එපා (නි)
ටිකිරි බණ්ඩාර, ඔයත් ගොංගාලේගොඩ බණ්ඩා, පුරන් අප්පු වගේද හිතාගෙන ඉන්නේ? ඒ වීරයන්ට අවමං නොකර අදට ඔබින ලෙස රටේ සංවර්ධනයට අතදෙන්න වගබලාගන්න (නි)
ටිකිරි බණ්ඩාර කියන නමටත් ලැජ්ජයි ඔය කියන කතා වලට (නි)
අපිට සතුටුයි! (නි)
බයවෙන්න දෙයක් නැහැ. ණය ගත්තත් අපිට ඉක්මනට ඒවා ගෙවාගන්න පුළුවන් (නි)
ඇත්තට අපේ බන්දුල පෙරේරා මේ සභාවේ නැත්තේ ඇයි? අමුත්තන් පිළිගන්න ගිහිල්ලද? එහෙම නැත්නම් අර පසුගියදා කට කැඩිච්ච වචනයක් කියල හැමෝගෙන්ම ලුණු ඇඹුල් ඇතුව අහගත් නිසාද ? (නි)
චීනයේ කෝටි 140 ට ඉන්න ඇමති මණ්ඩලය ලංකාවේ ඇමති මණ්ඩලයට වඩා ගොඩක් අඩුයි. චීනය දියුණු වෙන්නේ ඒකයි. අපේ රටේ මිනිස්සු මහන්සි වී ඇමති මණ්ඩලයට සැප ලබාදෙනවා.මිනිස්සු සදාකල් දුක් විඳිනවා. (නි)
සාදරයෙන් පිළිගන්නවා! (නි)
මෙතන අදහස් පළකළ සමහරුන්ට ලෝකය පිළිබඳ දැනුමක් නැහැ වගෙයි. සමහරු හිතනවා ලංකාව විතරයි චීනයෙන් ණය ගන්නෙ කියලා. ඇමරිකාව, ඉන්දියාව යුරෝපය ණය ගන්න බව දන්නෙ නැහැ. චීනය ලෝකයම ආක්‍රමණය කරලයි තියෙන්නෙ. (නි)
රදික පුතාගේ වයස කීයද? ඔය කියන 20 ට කලින් පුතා කොහෙද හිටියේ? කුහකකම තිබුනට ඒවා වමාරන්න එපා. අඩුපාඩු තිබුනට මේ රජය මේ රටට දැනෙන දෙයක් කරලා තියෙනවා (නි)
අඩුපාඩු මොනවාද කියලා කියන්න කෙනෙක් නැති එකයි ප්‍රශ්නය. යනකොට මත්තලින් පිටත්වෙන්න හදලා දුන්නොත් නේද හොඳ? (නි)
ඔහු හොඳ ජනාධිපතිවරයෙක් (නි)
රටේ සම්පත් සැවොම අතරේ සාධාරණව නොබෙදුනත්, ණය නම් නූපන් එකාටත් බෙදී යන ක්‍රමයට තමයි වැඩ සිද්ධ වෙන්නේ. (නි)
වැඩක් නැහැ ඕව ගැන කතා කරලා (දී)
සන්තෝසයි (දී)
ඉදිරියේදී අපේ සිංහ කොඩිය උස්සන්නත් චීනාගෙන් අවසර ගන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
සත්‍ය මහත්තයා, ඔය කියන සැමට සාධාරණව බෙදෙන සමාජයක් කොහෙද මහත්තයෝ තියෙන්නේ? (නි)
රටේ පහසුකම් ඒ කියන්නෙ පාරවල්,විදුලිය,ජලය,අධ්‍යාපනය,රෝහල් වැඩි දියුනු වුනාම ඒක කාගෙත් අතරේ බෙදෙනවා. අපි පොඩි කාලේ ගිය පාරවල් වලට වඩා හොද පාරවල් අද තියනවා. අනිත් සෑම දෙයක්ම එහෙම තමයිි. ඒවා භුක්තිවිදින ගමන් අපි ණය,ණය කිය කිය බනිනවා නම් ඒ දෙශපාලන කුහකකම. (නදී)
මෙතුමා ලොවේ දෙවෙනි බලවතා වෙන්නේ රටේ ජනගහනය අනුවයි. ඒ උනාට අපේ රටේ ඇති ලොවේ ධනය අතින් පළමු වෙනි බලවතා. ගොඩක් ඉන්න නිසා හොයා ගන්න තමයි බැරි. (නදී)
බන්දුල පෙරේරා,එතකොට මේ රජය විතරද රටට දැනෙන දෙයක් කරලා තියෙන්නේ. රදික කියන්නේ ඇත්ත. බන්දුලලට ඔය පක්ෂේ පාට කන්නාඩියෙන් රට දිහා බැලුවට වැරදි නම් කොහොමත් පේන්නේ නැහැ. රදික වගේ තරුණයින්ට ඔය අසාධාරනකම් හොඳට පේනවා. දැන් තරුණයින්ව අන්දන්න බැහැ. උන්ට හොඳට මොලේ තියෙනවා. (නදී)
චීන ජනාදිපති කියන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති. ලංකාව චීනයේ යටත් විජිතයක්. (නදී)
ඡායාරූප අතර ප්‍රධාන පෙළේ කොමිස් කාක්කෙක් නම් ඉන්න බව පේනවා.(නදී)
හරියට බැලුවොත් මෙයා තමයි ලොව පළමුවැනි බලවතා. (නදී)
අපේ සිංහලයා මොනවා හරි ලියනවා කියනවා. පඹගාලක පැටලිලා දේශපාලන දැනීම හරිම අඩුයි. මාද්‍ය ගොඩක් තිබුනට බැලුවට වැඩක් නැහැ. මාද්‍ය විසින්ම සියල්ල පටලවල තියෙන්නේ. (නදී)
බන්දුල පෙරේරා වගේ කඩේ යන අදහස් දැම්ම නම්...... (ස)
පාලකයන්ටවත් හෙන්චයියන්ටවත් සුදු හුණු ගාන්න මගේ අදහසක් නැහැ, ඒත් විදේශීය අමුත්තකු ගැන පරිකථනය කරනකොට ශීලාචාර විය යුතුයි. රාජ්‍යතාන්ත්‍රික හේතූන් මත හෙළි නොකළට චීන රජයෙන් ලංකාවට ලැබුණු උපකාර අප අමතක නොකල යුතුයි. ලංකාවට එන්න කලින් මාලදිවයිනටත් ඔය නායකය ආව, මොනම ආකාරයකවත් අපහාසාත්මක පරිකථනයක් කොතනකවත් කාගෙවත් ලඟ තිබුණෙ නැහැ. (ස)
රටක දියුණුව කියන්නේ එම රටේ ජීවත්වෙන මිනිස්සුන්ගේ ජීවන තත්වය නගාසිටුවීම. රටේ ළමයින්ගෙන් වැඩි කොටසක් මන්දපෝෂණයෙන් පෙළෙනවා නම් උසස් පෙළ පාස් වෙන සිසුන්ගෙන් 90% විශ්ව විද්‍යාල නැතිනම්, කිරි බොන දරුවෝ දාල අම්මලා රට යනවානම්, මහා පාරවල් කන්නද? (නදී)
ත්‍රස්ත වාදයෙන් විනාශ වෙලා ගිය අපේ රටේ සංවර්දනයට චීනය වාගේ දියණු රටක් අපට අත දෙනවානම් අපි එ් ගැන සතුටු විය යුතුය. නැතිනම් අපිට වෙන්නේ හැමදාමත් බිම බලා ගෙන ඉන්න. (නදී)
සාදරයෙන් පිලිගන්නවා. අපේ රටට උදව් කරන හොද මනුස්සයෙක් (නදී)
බන්දුල පෙරේරාව 21න් පස්සේ හොයාගන්නත් නැති වෙයි. ඌව යු එන් පි එක දිනපු ගමන් අනෙක් ඒවා එක දිගට දිනාවී. යු එන් පි එකක් මැතිවරණයක් දිනන්න යන්නේ අවරුදු 12 කට පස්සේ. රජයෙන් 4 දෙනෙක් ඌව දිනුවොත් විපක්ෂයට එකතු වෙනවලු. ජය වේවා (නදී)
බණ්ඩාර දන්නේ දන්නේ නැද්ද චීන ජනාධිපති ඊළඟට යන්නේ ඉන්දියාවට කියල (නදී)
මෙතුමාව ජනාධිපති හැටියට තෝරන්නේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් මිසක් ජනතාව නොවෙයි. එහෙ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කලත් මරණ කාලයක් තිබුනා. 90-92 අතර කාලයේදී මාත් සමග එකට ඉගෙන ගත චීන තරුණයෙක් චීනෙන් පැනලා ඔස්ට්‍රේලියාවට එන්න හේතුව, එයා ඉංග්‍රීසි ඉගෙනගන්න බව බලධාරීන්ට අසු වීමයි. ඔහුගේ මුළු පව්ලම අතුරුදහන් උනා.එයා පමණක් පන බේරාගෙන ඔස්ට්‍රේලියාවට පැනගෙන තිබුනා. චීනය ගැන ඔහු මට කියපුවා පත්තර වල දාන්න බැහැ (නදී)
දැන්වත් මේක අයින් කරලා අපේ රටේ වෙන දේවල් ටිකක් පින්තුර මගින් දාන්නකෝ . මේක දකින කොට බත් ටික ගිලෙන්නෙත් නැහැ ණය ගෙවන්නේ කොහොමද කියල මතක් වෙන කොට. මොකද අපිට චීනෙන් දෙන්නේ ඔලුව අතගාල කනේ පහරක් වගෙයි. (අ)
ජනිත්,එයා අද මෙතන මුලටම වගේ පෙනී ඉන්නවා වෙන නමකින්.ඕනේ නම් නමත් කියතහැකි.(අ)
බන්දුල අනුන්ගේ කුහකකම් සොයනවා. නොම්මර එකේ පීචන් එහෙයියෙක් වෙනවාට වඩා කුහකයෙක් වීම නම්බුයි කියල මට හිතෙන්නේ. (ස)