IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ලොව නීතිවිරෝධී චිත්‍රපට නැරඹීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 12 වැනි තැන

2016-08-16-ent-95

අන්තර්ජාල චිත්‍රපට කොල්ලකරුවන්ට එරෙහිව සුනිල් ටී. සටනට

 

2016-08-16-ent-96අන්තර්ජාලයේ සිදුවන නීති විරෝධී චිත්‍රපට මංකොල්ලයට එරෙහි වෙමින් ප්‍රකට චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී. ප්‍රනාන්දු මහතා තමාගේ MPI ප්‍රදර්ශන මණ්ඩලයේ ප්‍රදර්ශන ප්‍රවර්ධනය හා ඉදිරි සිනමාවේ ඩිජිටල් තාක්ෂණය භාවිතයේදී එහි නිෂ්පාදන ක්‍රියාවලියට සිදුවන විශාල පාඩුව මඟහැරීම සඳහා ඉන්දියාවේ AiPlex Software Pvt.Ltd සමග බද්ධ වී කරන ක්‍රියාවලියක් පිළිබදව නිෂ්පාදකවරු දැනුවත් කිරීමේ හමුවක් පසුගිය අගෝස්තු 09 වැනිදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. එච්.ඩී. ප්‍රේමසිරි, බෙනට් රත්නායක, ජනිත මාරසිංහ, රසිත ජිනසේන, සමන් වීරමන් යන නිෂ්පාදක මහතුන් මෙන්ම, ටී.වී.ටී. ආයතනය නියෝජනය කරමින් එහි අනුබද්ධිත ආයතනයක් වන ඩිජිටල් පෝස්ට් සර්විසස් (DPS) ආයතනයේ දිනිඳු ජාගොඩ සහ අධ්‍යක්ෂවරුන් වන උදයකාන්ත වර්ණසූරිය, විමුක්ති ජයසුන්දර, කල්පන හා වින්දන ආරියවංශ මෙන්ම මෙම ව්‍යාපෘතියේ මැදිහත්කරු වන අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ හා බිරිය දමයන්ති ෆොන්සේකා හා ඇඩ් ඉන්ෆිනිටි ආයතනයේ අධ්‍යක්ෂිකා සංජනා ජයසිංහ මෙනෙවියද සහභාගී වූහ. තම ආයතනයේ කටයුතු පිළිබඳව පිරිස දැනුවත් කළ භාරතයේ AiPlex Software Pvt. Ltd ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගිරිෂ් කුමාර් (Girish Kumar N.) මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“නීතිවිරෝධී ලෙස අන්තර්ජාලයේ සංසරණය වන චිත්‍රපට මූලාශ්‍ර ඉවත් කිරීමයි අප ආයතනයේ කටයුත්ත. මෙය පිහිටා තිබෙන්නේ බැංගලෝරයේ. අපේ සහය භාරත චිත්‍රපට නිෂ්පාදකවරුන් හා නිෂ්පාදන ආයතන විශාල සංඛ්‍යාවක් දැන් ලබා ගනිමින් පවතිනවා. මේ තුළින් නිෂ්පාදකරුවන්ගෙන් අපතේ යන විශාල ධනයක් ඉතිරි කරන්න පුළුවන්. ලොව සතර දිග්භාගයෙන්ම අනුන්ගේ චිත්‍රපට නීතිවිරෝධී ලෙස අන්තර්ජාලයට මුදාහරිනවා. ඇතැම්විට මේවා කරන්නේ කුඩා ළමයි වෙන්න පුළුවන්.

අන්තර්ජාලයේ සංසරණය වන මේ නීතිවිරෝධී ක්‍රියාකාරිකයන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමට අප ආයතනය තුළ විශාල සේවක සංඛ්‍යාවක් යොදවා තිබෙනවා. එහිදී අන්තර්ජාලයට චිත්‍රපට මුදාහරින්නන් මෙන්ම ඒවා මිලදී ගන්නන්ද මානසිකව අසහනයට පත්කළ හැකි සූක්ෂම ක්‍රම‘වේදයක් අප ආයතනය තුළ ක්‍රියාත්මකයි. උදාහරණයකට අප ගනිමු අන්තර්ජාලයේ නීතිවිරෝධී ලෙස චිත්‍රපට අලෙවි කරන මූලාශ්‍රයක් ඇතැයි කියා. අප ආයතනය විසිනුත් ඊට සමානම වූ දත්ත ගොනුකර නීතිවිරෝධී ස්වරූපය දැනෙන මූලාශ්‍ර අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. අපේ මූලාශ්‍රයට පිවිසෙන චිත්‍රපට ගැනුම්කරුවා තමා ගෙවූ මුදලට චිත්‍රපටය නොලැබෙන බව දැනගත් විට කෙදිනකවත් ඊට සමාන කිසිදු මූලාශ්‍රයකට තම ගෙවීම් කිරීමෙන් වළකිනවා. මේක එක අවස්ථාවක් විතරයි.

අපේ දත්ත සමීක්ෂණවලට අනුව ලොව වැඩිම අන්තර්ජාලයේ නීතිවිරෝධී ලෙස චිත්‍රපට ලබාගන්නන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටින්නේ දොළොස්වෙනි ස්ථානයේ. ලංකාවෙත්, ඉන්දියාවෙත් වයස අවුරුදු 15-35 දක්වා වයස්වල අය මෙම නීතිවිරෝධී නැරඹුම්වලට යොමුවෙලා තියෙනවා. අපේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ මිලියන හයක ජනතාව අන්තර්ජාලයෙන් චිත්‍රපට නරඹනවා. එය ලංකාවේ ජනගහනයෙන් සියයට විසිදෙකක්. මින් සියයට හතළික පිරිසක් චිත්‍රපට නරඹන්නේ නීතිවිරෝධී මූලාශ්‍ර භාවිතයෙන්.

අන්තර්ජාලයේ මෙම නීතිවිරෝධී චිත්‍රපට බෙදාහැරීමේ මූලාශ්‍ර ඉවත් කිරීමේ සංවිධානාත්මක ක්‍රම‘වේදයක් අප ආයතනය සතුයි. අප ඒ සඳහා මුදලක් අය කරනවා. චිත්‍රපටයට ඇති රසික අවධානය අනුව මූලාශ්‍ර අහුරා දැමීමට සිදුවන කාලය හා ශ්‍රමය අනුව අපේ අය කිරීම් වෙනස් වෙනවා. අපේ ආයතනය විසින් එම නීතිවිරෝධී මූලාශ්‍ර දම්වැල මර්දනය කරන අන්දම අපූරු ක්‍රම‘වේදයක්. මෙහෙම කියනවට වැඩිය ඔබ අප ආයතනයට (බැංගලෝරයට) ඇවිත් එය නැරඹුවොත් එහි ඇති සංකීර්ණ බවත්, ඒ සඳහා වන අපේ කැපවීමත් දැකගන්න පුළුවන්. මෙම නීතිවිරෝධී මූලාශ්‍ර මර්දනය ඉතා වෙහෙසකර කටයුත්තක්. අප ආයතනය තුළින් චිත්‍රපට නිෂ්පාදකරුවන්ට ලැබෙන ප්‍රතිලාභ විශාලයි. අප ආයතනයේ ආගමනය ශ්‍රී ලංකාවට අලුත් මාවතක් විවෘත කරාවි කියලා මම විශ්වාස කරනවා. අප ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස සම්බන්ධ වූ සුනිල් ටී. ප්‍රනාන්දු මහතාටත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළ ප්‍රසන්න විතානගේ මහතාටත් මම ස්තූතිවන්ත වෙනවා"

 

සටහන - පද්ම කුමා පී.මෙත්තසේන / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

2016-08-16-ent-94
2016-08-16-ent-93



අදහස් (0)

ලොව නීතිවිරෝධී චිත්‍රපට නැරඹීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 12 වැනි තැන

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 921 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 804 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 441 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 302 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site