මෝටර් රථයක ගණිකා වෘත්තියේ යෙදුන බව කියන තරුණියන් තිදෙනෙකු සහ එය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු කරදියාන පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
එම තරුණියන් අවුරුදු 19ත් 21ත් අතර පසු වන බව පොලිසිය පවසයි.
මෝටර් රථයක ගණිකා වෘත්තියේ යෙදුන බව කියන තරුණියන් තිදෙනෙකු සහ එය පවත්වාගෙන ගිය පුද්ගලයින් දෙදෙනකු කරදියාන පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි.
එම තරුණියන් අවුරුදු 19ත් 21ත් අතර පසු වන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් හම්බකරන්න ලේසිම ක්‍රමයක්නේ (නදී)
ඉල්ලුමට අනුව සැපයුම. එ්ත් ලංකාවේ කාන්තාවන් මෙම රැකියාවට යොමුවන්නේ ලංකාවේ රැකියා නැති හින්ද නම් නොවෙයි. ඕනෑම තැනක තියන ඇඟලුම් කම්හලක පුහුණු , නුපුහුණු රැකියා ඇබෑර්තු ගැන දැන්වීම් පලකරලා තියනවා බලන්න පුළුවනි වැටුපත් නරක නැහැ. අනික ඔවුන්ට දැන් ආහාර, ප්‍රවාහන සහ වෛද්‍ය ඇතුළු සියලුම පහසුකම් දැන් කාලේ ලැබෙනවා. අනික නිකමට හිතන්න ගෙදර වැඩට සේවිකාවක් ලංකාවෙන් හොයාගන්න කොපමණ අපහසුද කියලා. හැබැයි පාසල් යනකාලේ සිටම නොමගට යොමුවී ඉගැනුමත් කඩාකප්පල් කරගෙන දඩාවතේ ගිය ගැහැනුන් නම් එම ජීවිතයෙන් තෘප්තිමත් වන්නේ නැහැ. කූඩැල්ල මෙට්ටේ තියන්න බැහැ වගේ ඔවුන් කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න පෙළඹෙනවා. එ්ක මානසික ප්‍රශ්නයක් මිස මානුෂික ප්‍රශ්නයක් නොවෙයි.(නදී)
පිටරටවල් ගණිකා වෘත්තීය නීති ගත කලත් ගණිකා නිවාස සාමාන්‍ය නිවාස පවතින පෙදෙස් වල පවත්වා ගෙන යන්න අවසර තිබෙනවා කියන මමත් හිතන්නේ නැහැ. මෙවැනි රටවල වුනත් එවැනි දේට යොමු වෙන්නේ වෙනත් කිසිම උගත් වෘත්තිමය තත්ත්වයක් ඇති කර ගැනීමට නොහැකි වුන කාන්තාවන් . විශේෂයෙන්ම තායිලන්තය රුසියාව, වැනි රටවලින් කෙටි කාලින රැකියා විසා රැගෙන ඇවිත් එහි නිරත වෙන්න පවා අවසරය තිබෙනවා. (නදී)
ජගත් ..තව තියෙනවා ලෝකේ දියුණුම යයි කියන මහබලවතා ' ඇමරිකාව?'සියල්ල දත් වෙන්න ඕනේ නැහැ යන්න ඕනෙත් නැහැ අන්තර්ජාලයෙන් විමසා බලන්න සමාජ තත්වය. මෝඩ කතා කියන්න එපා. (නදී)
ලලිත්, මම දන්නා විදියට නම් සංවර්ධිත රටවල ගණිකා නිවාස පාසල අවට, සාමාන්‍ය නිවාස අසළ පවත්වාගෙන යාමට එම නගර සභාවන් ඉඩ දෙන්නේ නැහැ.බොහෝවිට ඒවා පවත්වාගෙන යාමට අවසර දී ඇත්තේ කර්මාන්තශාලා ඇති ප්‍රදේශ වල සහ නගරයේ කඩ සාප්පු ඇති ප්‍රදේශ වල පමණයි. (නි)
වැඩේ නම් වැරදියි. එහෙත් මහජන මුදල් ගසාකනවාට වැඩිය නම් හොඳයි (නදී)
ආර්ථික ප්‍රශ්න සර්ව සාදරනව විසඳා ඇති මනෝ මුලික සමාජයක් ගැන සිතුවත් මෙය සමාජයේ ලිංගික ප්‍රශ්නයක් ලෙස බොහෝ කල් තිබිය හැකියි . අද ප්‍රශ්නය වන්නේ, මෙය ලිංගික ප්‍රශ්නයක් නොව රැකියා ප්‍රස්නයක් වීමයි. ධනය, බලය සහ නීතිය විශාල වශයෙන් ඇසමතුලිත වූ සමාජයක, කාම සුකල්ලිකානු පැවැත්මට ඇති බලවත් ඉල්ලීමත්, දුප්පතුන්ගේ අසහනයත් විසින් මෙය නීතිමය හෝ නීති විරෝදී ලෙස බොහෝ කල් පවත්වා ගෙන යනු ලැබෙනු ඇත. කෙසේ නමුත් "කෙනෙකුගේ ආර්ථික ප්‍රශ්න විසදුණු විට මානසික ප්‍රශ්න බොහොමයක් ඉබේම විසෙදෙනු ඇත." (නදී)
මේ ක්‍රමය නම් ටිකක් නම්බුකාරයි වගේ (නි)
අපේ රටින් මැද පෙරදිගට රැකියාව සඳහා යන කාන්තාවන් 99%ක්ම වාගේ සුජාතයි. නමුත් මහලු ස්වාමිවරුන් හා ඔවුන්ගේ සල්ලාල පුතුන්ගේ කෙළි බඩු බවට පත්වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට කිසිම හව්හරණයක් නැහැ. ඉතින් තත්වය ඔහොම නම් තවත් මොන කතාද? (නි)
පිස්සුවක් ඇතැයි (නදී)
මේවා නීති ගතකරලා බලපත්‍ර දුන්නා නම් රජයට ආදායමක් නේද? (නදී)
ගණිකා වෘත්තිය නීති ගත කලා කියල මොකක්ද ඇතිවෙන වෙනස? රටේ සමාජ සංසකෘතික රාමුව තුල එය පිළිගනීද? නැහැ! මම ජිවත් වෙන්නේ නවසීලන්තයේ. එහි මෙය වෘත්තියක් ලෙස පිළිගන්නා අතර ගණිකාවන්ගේ අයිතිවාසිකම් සුරකින වෘත්තිය සමිතිත් පවතිනවා. ඒ කෙසේ වුවත්, ගණිකා වෘත්තිය තවමත් සමාජයේ අසම්මත රැකියාවක්. මෙහි කියා වෙනසක් වෙනසක් නැහැ. බොහෝ ගණිකාවන් නිශාචරව වීථි තුල සැරිසරමිනුයි තමන්ගේ රැකියාව කරන්නේ. ඊට අමතරව, එවන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ස්ථානයක නිවසක් මිලදී ගැනීමට මිනීසුන් මැලි කමක් දක්වන අතර, පාසලක් ආසන්නයේ එවැන්නක් ආරම්භ කිරිමට උත්සාහ ගතහොත් ඒ වෙනුවෙන් බලවත් විරෝධතාවන් එල්ලවෙනවා (නදී)
බන්ටි හරියට බුදුවෙලා වගෙයිනේ කතාව (නි)
සේරම්ගේ අදහසට මමත් එකඟ වෙනව (නි)
මුදල් උපයන්න තිබෙන පහසුම ක්‍රමය! (නි)
දේශපාලන වෘත්තියට වඩා උසස් ස්වයං රැකියාවක්. නීතිවිරෝධී වී ඇත්තේ තරු පහේ හෝටලයක සිදුනොවීමද? (නි)
මෙය ලෝකයේ පැරණිම රැකියාව නම් ඇයි එයට ලැබිය යුතු තත්වය ලබා නොදෙන්නේ? අන්න එතැන් පටන් මෙය කථිකාවකට ( ගල් මුගුරු වලින් තොර )යොමු කරමු. (නදී)
සඳුනි ඔයා හරියට හරි.මේ වගේ දේවල් අඩුකරන්න නම් ජනතාව තුල ආකල්පමය වෙනසක් ඇති කරන්න ඕනා. ඉගෙන ගන්න වයසේ, ඉන්න මේ වගේ නංගිලා තමන්ගේ ඇග විකුණා ගෙන කන්න තරම් පහත් තත්වෙකට වැටෙන්න හේතුව විදියට මම නම් දකින්නේ අපේ රටේ පාලකයන්ගේ වැරැද්ද. ඉගෙන ගත්ත ළමයෙකුට රැකියාවක් නෑ. සමහර උපාධි රැකියාවකට සරිලන විදියට ප්‍රායෝගික නෑ. ඒ විතරක් නෙවෙයි දැන් තියෙන ඉගෙනුම් ක්‍රමය තුල දරුවන්ගේ ආකල්ප වර්දනය කිරීමක් කරන්නේ නෑ. මේ හැමදේම මේකට හේතුවක් විදියට මම දකිනවා. අද ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ නම් කරන්න ඕනේ කොහෙන්වත් ණය අරගෙන මුහුද ගොඩ කරන එක නෙමෙයි කෘෂි කර්මාන්තය වැනි දේවල් දියුණු කරලා නවීන ලෝකයට ගැලපෙන ලෙස ඉගෙනුම් ක්‍රියාවලිය යාවත්කාලින කරන එක. (නදී)
සදුනි, ඉන්දියාව ගැන ඔයතරම් කියවන්නේත්, මේ රැකියාව නිත්‍යානුකූල කරලා තියෙන සංවර්ධිත රටවල් ගැන ඔබගේ උදාහරන නැත්තේත් මොකද...? ඒ රටවලත් ස්ත්‍රී දුෂණ ආදිය බොහෝ අධිකද....? කරුණාකර නොදන්නා දේවල් කතා නොකර,සියල්ල දත් නොවී ඉන්න. (නි)
ලංකාවේ දුප්පත්කම, නුගත්කම දෙකම් නැතිකොට ගැහැනුන් පිටරට රැකියාවට අරින එක නවත්වන්න කියා ඡන්ද පොරොන්දුවක් දුන්නොත් හොඳයි. ඒ වගේම ක්‍රියාත්මක කරන්න. (නදී)
අපේ රජය යටතේ මේ රැකියාව නීති ගතකරන්න කෙටුම්පත් හදමින් තියෙන්නේ. මේක හොද අදායම් මාර්ගයක් රටට (නදී)
කෙනෙකුගේ සතුට සහ කෙනෙකුගේ රැකියාව. තවත් කෙනෙකුගේ අසම්මතයක් සහ නීති විරෝදී ක්‍රියාවක්. දියුණු රටවල නම් මේවා ජිවිතයේ කොටසක් නීති විරෝදී නොවන (නදී)
හැමෝටම රස්සාවක් තියනවා නම් මේ ප්‍රශ්නේ නැහැනේ. මන් නම් හිතන්නේ මේ වගේ දේවල් වලට පෙලඹෙන්නේ දුප්පත් කම නිසා. ඒ ගොල්ලොත් කැමති ඇති වැදගත් රස්සාවක් කරන්න. ඒත් මේ දනවාදී ක්‍රමය තුල දුප්පතාට තැනක් නෑ. මේකත් රටක්ද (නදී)
ජංගම ජැක්පොට් (නදී)
අනේ අර කුරුටු ගාමින්ගේ උදුල්ට කියන්න නඩුව වෙනුවෙන් කතා කරන්න කියලා. ඔය උඳුල් කාලයක් අන්තරය දැක්කුවා. දැන් ගණිකාවන් වෙනුවෙන් කඩේ යනවා (නදී)
මේ රස්සාවට මේ නම කියනවාට මම නම් කැමති නැහැ. ගෑනු ජීවත්වෙන්න මේකද ඉස්සර වෙලාම කලේ? (නදී)
ෂුවර් එකටම මේකට ආදර්ශ ගන්න ඇත්තේ මෙවැනි ක්‍රියා සඳහා ප්‍රසිද්ධ, දැන් ටී.වී වලින් සුදනා වගේ කතා කරන හිටපු නීතියට සම්බන්ධ පුද්ගලයෙක්ගෙන් වෙන්න ඕනේ (නදී)
බන්ටිට කියන්න තියෙන්නේ ලංකාවෙ මිනිසුන්ගෙ ආකල්ප මෙවැනි රැකියාවක් පිලිගැනීමට තරම් තාම හැඩගැහිල නෑ. අපි තාම පවුල කියන දෙයට ගොඩාක් ලොකු වැදගත් කමක් දෙනවා. ලිංගිකත්වය කියන දෙය ප්‍රසිද්ධියේ කතා කරන්න තරම් ලංකාව තාම හැඩ ගැහිල නෑ. එතකන් ඉතින් ඔක්කොම සෙල්ලම් හැංගිලා තමා කරන්න වෙන්නේ. (නදී)
බන්ටි, මේ රැකියාව ලෝකයේ බොහෝ රටවල නීතයානුකූලයි. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඒ තුලින් ස්ත්‍රී දූෂණ අපචාර ආදිය අවම වන බව. කිසිසේත්ම නැහැ. අසල්වැසි ඉන්දියාව උදාහරණයක්. ගණිකා සේවය නීතිගත කලත් ස්ත්‍රී දූෂණ වැහි වැහැලා. අපේ රට ඒ තරම් පහලට වැටිලා නැහැ. දැනගන්න තියෙන ආකාරයට එබදු අතවරයකට පත් ස්ත්‍රීන් පොලිසියට ගියාම නැවත දූෂණය වීම ඉන්දියාවේ සාමාන්‍ය දෙයක්. (නදී)
ලංකාවේ නොමිලේම ඉගෙනගන්න ඉඩ දීල තියනවා කොයි තරම් රටේ අග හිඟකම් තිබුනත්. එහෙම කරලත් අන්තිමට ඇඟ විකුණගන කන්න වෙනවා නම් එ්කට තමා "කාලකන්නිකම" කියන්නේ! (නදී)
බන්ටි, ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන ඉංග්‍රීසි කියමන මතක් වුණාද? ඒක හැම දේටම අදාළ නෑ කියන එකත් මතක තියාගන්න. (නදී)