IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ලොව පිළිගත් විද්‍යාඥයන් අතරට අපේ 24ක්

(සුජිත් හේවාජුලිගේ )

ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට ( සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව සිටිති.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශන ආයතනය ලොව පුරා විද්‍යාඥයන්ගේ පර්යේෂණ,ප්‍රකාශනවල ප්‍රගතිය සහ තවත් සාධක ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම ඉහළම විද්‍යාඥයන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ති ෙබ්.

මෙම ඉහළම පිරිසට රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය කරන විද්‍යාඥයෝ 22ක් සහ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනය නියෝජනය කරන විද්‍යාඥයෝ දෙදෙනෙක්ද ඇතුළත් වෙති.

මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටින ශ්‍රී ලාංකිකයන් 24 දෙනා අතර ඉහළින්ම සිටින්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියයි.

රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. ඔහු එම ශ්‍රී ලාංකිකයන් පිරිස අතර එකොළොස් වැනි ස්ථානයේ පසුවෙයි.

ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් පිරිසට ඇතුළත් වන මෙරට සෙසු විද්වතුන් වන්නේ අන්තර් ජාතික ජල කළමනාකරණ ආයතනයේ ව්ලද්මීර් සමක්තින්, ස්ටෙෆන් යූහෙලන්බෲක්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජානක ඒකනායක, වයඹ විශ්වවිද්‍යාලයේ අනෝමා චන්ද්‍රසේකර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අනුෂ්කා උපමාලි රාජපක්ෂ, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේනක රාජපක්ෂ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ චන්ද්‍රසේකර බී දිසානායක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ එස්.ඒ.එම් කුලරත්න , කැලණිය විශ්වවිද්‍යාලයේ නිලන්ති ද සිල්වා , කැලණිය විශ්වවිද්‍යාලයේ එච්.ජේ ඩී සිල්වා, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිරන්ජන් රාජපක්ෂ , කැලණිය විශ්ව විද්‍යාලයේ අනුරාධනී කස්තුරිරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ රන්ජන් රාමසාමි , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉරේශා මෙන්ඩිස් , ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නීලිකා මලවිගේ , කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කාමිණී මෙන්ඩිස් , පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නිමල් සේනානායක , රජරට විශ්ව විද්‍යාලයේ සුනෙත් අගම්පොඩි, කොළඹ විශ්වවිද්‍යාලයේ සරෝජ් ජයසිංහ , කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නදීරා කරුණාවීර,කැලණිය විශ්වවිද්‍යාලයෙහි අසිත ද සිල්වා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සචිත් මෙත්තානන්ද යන මහත්ව මහත්මීහු ඇතුළත් වෙති.

 



අදහස් (26)

ලොව පිළිගත් විද්‍යාඥයන් අතරට අපේ 24ක්

gagana Thursday, 28 October 2021 06:28 PM

චීන පොහොරවල බැක්ටීරියා තියෙනවා කියලා හොයාගත්ත මහාචාර්යතුමාත් මේ ලිස්ට් එකේ ඉන්නවද?

:       9       12

කිරි පුතා Thursday, 28 October 2021 06:36 PM

අපේ රටට උගතුන්, බුද්ධිමතුන් අඩුවක් තිබුනේ නෑ කවදාවත්. රටට ආදරේ නැති අය රට දාලා යනවා. රටට ආදරේ අය රටේ ඉන්නවා. එයාලාගෙන් රටට විශාල වැඩක් කෙරෙනවා. තවත් වැඩ ගන්නට පාලකයින්ට මේ වාර්තාව හේතුවක් වේවා...!

:       6       33

ranjith Thursday, 28 October 2021 07:21 PM

අපේ රටේ අභිමානය නේද මේ පෙන්නුම් කරන්නේ? ඒ වුණාට සමහර රටවල අය අපේ අය ගණන් ගන්නේ නෑ... අපි නිවට නැත..

:       6       35

සුමිත් Thursday, 28 October 2021 08:07 PM

ලංකාවේ විශ්වවිද්‍යාලවල ඉන්නේ පොතේ උගතුන් විතරයි. කිසිම ප්‍රායෝගික වැඩක් බැහැ. පර්යේෂණ පත්‍රිකා පලකළ පමණින් රටට වෙච්ච සෙතක් නැහැ. ඒවා රාමු කරලා අනුන්ට පෙන්නලා තමන් අනුන්ට වඩා උසස් කියලා පෙන්වන්න පුලුවන්. නියම ප්‍රායෝගික උගතුන් තමන්ගේ පර්යේෂණවල ප්‍රථිපල නිෂ්පාදන බවට පත්කරලා ලෝකයේ සියලු දෙනාගේම අභිවෘද්ධිය සලසනවා. ඒ මගින් විදේශ විනිමයත් ලැබෙනවා. මේ ලිස්ට්එකේ ඉන්න උගතුන්ගෙන් පර්යේෂණ පත්‍රිකාවක් ලිවීමට අමතරව සිද්ද වෙච්ච එක ප්‍රායෝගික නිෂ්පාදනයක් නම් කරන්න කියලා මම අභියෝග කරනවා...

:       28       59

NihalThursday, 28 October 2021 10:45 PM

රජ යුගයේ නියම ඉංජිනේරුවරුන් හිටියා. ජර්මන් ජාතිකයා බයිසිකලේ හොයාගෙන අවුරුදු 200ක් පමණ වෙනවා. පුළුවන් නම් එහෙම දෙයක්වත් කරලා පෙන්නන්න.

:       0       0

SamanThursday, 28 October 2021 10:58 PM

ඔබ මොකද්ද කරපු අලුත් නිෂ්පාදනය ?ඔබට තියන ඉරිසියාවට ඒ විද්වතුන්ට කරන්න දෙයක් නෑ .ලෝකය පුරාම පරීක්ෂණ කරන අයම නෙමේ නිෂ්පාදනය කරන්නේ.කෙනෙක්ගේ පරීක්ෂණ ප්‍රතිපල තව කෙනෙක් ඉදිරියට ගෙන යනවා .ව්‍යවසායකයෙක් අන්තිමට එම සොයා ගැනීමෙන් නිෂ්පාදනයක් බිහි කරනවා .ලංකාවට තියන ප්‍රශ්නය උගතුන් නැති වීම නෙමේ.ඔබ වගේ නූගතුන් උගතුන් ලෙස පෙනී සිටීමට කරන උත්සාහය හා එයට ජනතාව රැවටීමයි

:       0       0

Nethmi De Silva Friday, 29 October 2021 03:18 PM

ලංකාවට කියන්නේ ඉතින් අමුතු රටක් නෙවෙයිනේ. මේක මේ රට මේ වගේ රටක් වෙලා තියෙන්නේ මේ ගොඩක් මිනිස්සුන්ගේ තියෙන හිස් ආකල්ප නිසා තමයි. රටක්, ජාතියක් වශයෙන් සතුටු වෙන්න ඕනේ දෙයක් මේක... මුස්ලිම් කෙනෙක් මේ වගේ ජයග්‍රහණයක් කරා නම් අද ඔවුන් ජාතියක් වශයෙන් ඔහුව ඇගයීමට ලක්කරලා. අන්න සිංහලයාගේ තියෙන කුහක කම... මේ අභියෝග කරන කෙනා ලෝකයෙන්ම හොඳම එකම උගත් පුද්ගලයා වෙන්න ඇති..

:       0       0

siri Thursday, 28 October 2021 08:39 PM

සමහරු කියන කතා මොන මානසික තත්වයකින් කියනවද කියලා හිතාගන්න බැහැ..

:       3       25

මැක්ස් Thursday, 28 October 2021 09:15 PM

මහාචාර්ය චන්න ජයසුමන මහත්තයත් මේ ලැයිස්තුවේ ඉන්න නිසා අපේ ජවිපෙ සහ සජබ, යූඇන්පී හිතවතුන් කියන්න බැරි නැහැ මේ තෝරා ගැනීම සඳහා ආණ්ඩුව බලපෑම් කරලා කියලා...

:       39       30

DasunThursday, 28 October 2021 10:43 PM

නාථ දෙවියන් පිළිබඳ විද්‍යාඥයෙක් එතුමා...

:       0       0

චන්දන Friday, 29 October 2021 05:52 AM

ඇත්තටම චන්න ජයසුමන යනු සැබෑ විද්‍යාඥයෙක්... ඔහු දේශපාලනයට කොතරම් ගැලපේදැයි ගැටළුවක්... නමුත් ඔහු එකල සිට කල කාර්ය භාරය අති විශාලයි. මෙම ලැයිස්තුවේ ඉන්න අනෙකුත් අයත් එහෙමයි. මොවුන්ගේ පර්යේෂණ පත්‍රිකාවලින් ඔබ්බට ගොස් එ්වා ඵලදායි ලෙස යොදා ගැනීම ට කිසිඳු වැඩ පිළිවෙළක් ලංකාවේ නැහැ. එය කණගාටුදායකයි.

:       0       0

RaveendraFriday, 29 October 2021 06:38 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය... අප නම් මෙය කිසිසේත්ම පිළිගන්නේ නැත. මේ නම් ධනවාදී ඊනියා කොල්ලකරුවන්ගේ උප්පරවැට්ටියක් බැවින් අප මෙම ලේඛනය පිළිනොගන්නා බව සඳහන් කරන්නෙමු. මීට.. උගත් බුද්ධිමත් දියව් දියව් "කුමාර" ප්‍රමුඛ රැල...

:       0       0

අම්බලමේ පිනාFriday, 29 October 2021 06:43 AM

ඒක දේශපාලුවෝ නොකිව්වාට මොළේ කළඳක් තියෙන ඕනම එකෙකුට තේරුම් ගන්න පුලුවන් දෙයක් මැක්ස්...

:       0       0

දර්ශණFriday, 29 October 2021 09:09 AM

ඒක නම් ඇත්ත... මොන දේට වුණත් විරුද්ධ පිරිසක් මේ රටේ ඉන්නවානේ ...

:       0       0

Raveendra Friday, 29 October 2021 06:33 AM

ලංකා මාතාවගේ දුදරුවන් වන මේ සියලුම ලාංකිකයන්ට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමන අතර මෙම පැනය ඔබ සැමගෙන් ඍජුවම විමසීමට කැමැත්තෙමු. ඔබලා රටේ තිබෙන නිදහස් අධ්‍යපනයෙන් ඉහලටම ඉගෙන ගෙන තමන් උපන් ඒ තමන්ගේ මතෘභූමියට කිනම් සේවයක් කලේද යන්න දැනගැනුමට කැමැත්තෙමු.

:       0       0

දර්ශණ Friday, 29 October 2021 09:10 AM

සුබ පැතුම් !....

:       0       0

Bamunuarachchi Friday, 29 October 2021 09:11 AM

ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට (සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව සිටිති. රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාද මෙම ලැයිස්තුවට ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. මෙවා කියන විට ජෙප්පනට ඌරු ජුවල් ඇති. සජබයෝ නොදැක්කා වගේ ඉන්නවා ඇති. එජාපයෝ බීරන් වගේ ඉන්නවා ඇති...

:       0       0

ජනතාව Friday, 29 October 2021 10:09 AM

මෙම සංඛ්‍යාව මීට වඩා වැඩියි. මෙහි බොහෝ දෙනෙකුට නොපෙනෙන පැතිකඩ වන්නේ පිළිකාව සඳහා බෙහෙත් සොයා ගැනීමට දායක වූ ශ්‍රී ලාංකාවේ උපත ලද විද්‍යාඥයින් කිහිප දෙනෙකුම විකිරණවලට නිරාවරණය වූ නිසා යැයි අනුමානය පවුලේ අයට ඉතිරිකර ඉතා ආසන්න කාල වකවානුවලම පිළිකාවෙන්ම මිය යාමයි. මොවුන්ට අවශ්‍ය ගෞරවය පිරිනමන්න රටේ ඉහළ තැන්වල අයට අවශ්‍ය නැති අතර දේශපාලකයින්ගේ පාද පාමුල වැටෙන අයට පමණක් සලකන බව කොවිඩ් වකවානුවේ සියළු දෙනා දැනගත්තා. ඒ වගේම එක එක සංවිධානවලින් බොරු ආචාර්ය පදවි ගත්ත අයත් ලංකාවේ අඩුවක් නෑ. සැබෑ වියතුන් දැන් හඳුනා ගැනීමත්... ඒ නිසා අභියෝගයක් වෙලා....

:       0       0

JAYATH Friday, 29 October 2021 11:42 AM

මේ ඔක්කොම හරි ඔක්කොම උගතුන්ට මගේ හදපිරි සුබපැතුම්... නමුත් මේ නාථ දෙවියන් පස්සේ ගිය, හොර පැණි කාරයින් ප්‍රමෝට් කරපු, දේශපාලකයින්ට රෙදි නැතුව කඩේ යන ඊනියා මහාචාර්යවරුනුත් මේ ලිස්ට් එකේ ඉන්නේ කොහොමද? සුද්දන්ටත් පිස්සුද?

:       3       9

Royfedricks Friday, 29 October 2021 01:57 PM

චන්න ජයසුමනගේ නම තිබෙනවා නම් මර්වින් සිලවාත්, තිලංග සුමතිපාලත් මේ ලැයිස්තුවේ සිටිය යුතුයි. මේ සියලු දෙනාම එකම ප්‍රමාණයට උගත් අය.

:       2       5

රංජිත් විජේසිංහ Friday, 29 October 2021 02:29 PM

කෝ දැන් මේ ලිස්ට් එකේ ඔය පාර්ලිමේන්තුවේ මෙතුමා ගැන කියපු කොහෙන්ද උපාධී ගත්තේ කියලා අහපු අය...? මේ සල්ලි දීලා ගත්ත දේවල් කියලා කියයිද දන්නේ නෑ. ඔන්න ඒකට උත්තරේ හම්බවෙලා තියෙනවා. ඔබතුමාට ජය..!.

:       3       0

Sunil Perera Friday, 29 October 2021 02:34 PM

ලංකාවේ මිනිස්සු තමන්ගේ රටේදී මෙතුමන් පිළිගත්තේ නැති වුණාට මේ තමයි මෙතුමාට ලෝකයෙන්ම තියෙන පිළිගැනීම... තව කාරණා මොකටද? කාගෙකාගෙත් කටවල් දැන් වැහෙයි. කටවල් දැන් වැහෙයි. කතාකරානම් දේකුත් නැහැ.. දැන් ලේසි පහසු නෑ... 2%ක අතරට තේරිලා තියෙන්නේ. මෙතුමන්ට ඒ හොඳටම ඇති... ඇමැතිධුරය දරන්න. තව විවේචන මොකටද?

:       2       0

Sagarika Alvis Friday, 29 October 2021 02:38 PM

බඩගෝස්තරවාදී විපක්ෂය සහ ඔවුන්ට කඩේ යන වහලුන් මෙතුමන්ට විවිධ මඩ ප්‍රහාරයන් දියත් කළා... ඒ මොනවා වුණත් නිහඬවම ඒ සියල්ල විඳගනිමින් සියලු දෙනාටම ඔහුගේ හැකියාවන් ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. ඒ හැර තව කියන්න දෙයක් තියෙනවද? පෙරළා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ ඔවුන් උපාධිය ලබාගත්තේ මුදලටද යන්න පමණි.. ඔබතුමාගේ ජයග්‍රහණයට ජය ඇමැතිතුමනි...

:       4       0

රුක්ෂාන් සිල්වා Friday, 29 October 2021 02:41 PM

ලංකාව තරම් පුංචි රටකට මේ වගේ තැනක් හම්බවෙනවා කියන්නේම රටේ වාසනාව... ඒ අතරිනුත් දේශපාලනඥයකු මෙවැනි තැනකට පැමිණිම ගොඩක් සතුටු හිතෙන කාරණාවක්... ඔබතුමාට දේශපාලඥයකු විදියට පහුගිය කාලේ විශාල බලපෑම් ගොන්නකට මුහුණ දෙන්න වුණා. ඒත් එක්කම ඔබතුමාට මෙවැනි ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවීම මගින් දැන් ඔවුන්ගේ ගැටලුවලට ලෝකයා විසින්ම පිළිතුරු ලබා දී තිබෙනවා. ඔබේ ඉදිරි ගමනට සුබ පැතුම්...!!!

:       3       0

Chathura Gunarathna Friday, 29 October 2021 02:55 PM

රටටම ආඩම්බරයක් ගෙනාපු ඔබතුමා වගේ විද්වතෙකු අමාත්‍ය මණ්ඩලේ ඉන්න එක ගැන ගොඩක් සතුටුයි. ඔබට සුබ පැතුම්...!!!

:       2       0

Pushpa Ekanayake Friday, 29 October 2021 03:24 PM

ගොඩක් සතුටුයි ලංකාවේ ඉඳන් පරීක්ෂණ කරලා ලෝකයෙන්ම අපේ රටට කීර්තියක් ලබා දුන්නාට. ඔබලා වගේ අයගේ වටිනාකම අපේ රටේ සිංහල මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අපේ ගොඩක් අය ඉරිසියයි... කුහකයි...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1346 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2823 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 676 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 448 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1435 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 414 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site