IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ලොව පිළිගත් සෞඛ්‍ය සේවය පිරිහිලා-විදෙස් මාධ්‍ය

(විමුක්ති එස් රුද්‍රිගු)

ලොව පිළිගත් සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ආර්ථික අර්බුදයත් සමඟ රෝහල් තුල උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවී තිබෙන බවත් ව්‍යාජ බෙහෙත් මිලදී ගැනීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

අයවැයෙන් සියයට 4 ක් ශ්‍රී ලංකාව සෞඛ්‍යයට වෙන් කරන බවත් මෙරට සෞඛ්‍ය සේවය කලාපයේ හොඳම සෞඛ්‍ය සේවයන්ගෙන් එකක් ලෙස නමක් දිනා සිටි බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

මේ වනවිට වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව අත්හැර යාමටද පෙළඹී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

පිළිකා රෝගීන් විශාල පිරිසකට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ලබා දෙන මහරගම අපේක්ෂා රෝහලටද ඖෂධ හිඟය බලපා ඇති බවත් කිලෝ මීටර 100 ගණනක් ගෙවා ගෙන අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට එය විශාල ගැටලුවක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

තවමත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම රෝහල තුළ සිදුවුණත් ඇතැම් ඖෂධ පුද්ගලික ඔසුසල් වලින් මිලදී ගෙන පැමිණෙන ලෙස රෝගීන්ට නියම කරන බවත් ඒ සඳහා මසකට ලක්ෂයක පමණ මුදලක් රෝගීන්ට වැය කිරීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.ගැටලුව නම් එලෙස මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කිරීමට හැකියාවක් නොමැති රෝගීන්ද සිටීම බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

බෙහෙත් මිලදී ගැනීම සඳහා නෑදෑයන්ට සහ මිතුරන්ට ණය වීමට පිළිකා රෝගීන්ට සිදුව ඇති බවත් නොදැනුවත්මව ඇතැම් ඖෂධවල මිලද ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

 



අදහස් (12)

ලොව පිළිගත් සෞඛ්‍ය සේවය පිරිහිලා-විදෙස් මාධ්‍ය

Rawana Sunday, 17 March 2024 07:14 AM

අවුරුද්දකට එහා තත්වය දැන් නෑ, විදෙස් මාධ්‍ය වලට පිස්සු, බොරුව තමයි ලෝකේ කොහේත් රජ කරවන්නේ...

:       26       10

Rasika Sunday, 17 March 2024 11:38 AM

ගිහින් බලන්න...

:       2       13

Nimal Sunday, 17 March 2024 08:14 AM

රනිල්, කෙහෙළිය සහ ඔවුන්ගේ හෙංචයියලාගේ කෙරුවාව. කෙහෙළියට ගෙන ආ ඒ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් හැම කෙනෙක්ම කණගාටුදායක තත්වයට වගකිව යුතු නොවේද? මේ ඔක්කොම තවමත් හොරාකෑම අත්හැර නැති, එකම හොර නඩයකි. ඔවුන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ ලැබී තිබෙන අවසන් මාස කීපයේදී තවතවත් ගසා කෑමයි.

:       3       24

Lalla Sunday, 17 March 2024 11:48 AM

රාජපක්ෂ පවුල කළ හැම වැඩක්ම රනිල්ට බැරකිරීම... ඇත්තටම කෙහෙළිය සහ කණ්ඩායම කළ හොරකම් රාජපක්ෂ පවුල බලයේ හිටියා නම් කවදාවත්ම එළියට එන්න දෙන්නේ නෑ...

:       4       16

de silva Sunday, 17 March 2024 10:45 AM

කෙහෙළිය ප්‍රමුඛ ඖෂධ මාෆියාවට මරණ දඬුවම දීලා, ඔවුන්ගේ සියලුම දේපල වෙන්දේසි කර මුදල් සෞඛ්‍ය සේවයට ගත්තා නම් හරි...!

:       0       22

ranjith Sunday, 17 March 2024 11:24 AM

රට බංකොළොත් කරපු අය තමයි... ලැජ්ජා නැතිව ඡන්දෙ ඉල්ලන්න හදනවා.

:       1       19

siri Sunday, 17 March 2024 11:26 AM

බෙහෙත්වලින් ගසාකන මේවගේ රටක් ලෝකයේ කොහේවත් නැතිව ඇති...

:       1       16

බයියා Sunday, 17 March 2024 12:00 PM

අයවැයෙන් 4% සෞඛ්‍ය සේවයට වෙන්කරන්නේ, ඒත් බයියෝ කියන්නේ මිනිසුන්ට නිකන් කන්න දීලා බෙහෙත් දීලා රට බංකොලොත් වුණා වගේ, 2023 රජයේ ආදායමෙන් 77%ක් වැයකරලා රනිලුයි, මහින්දයි ඉවක් බවක් නැතිව ගත්තු ණය වල පොලී විතරක් ගෙවන්න. ඉතින්මෙහෙම රටක් කොහොමද මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරන්නේ?

:       2       13

කෙලවෙච්ච ළිය Sunday, 17 March 2024 12:37 PM

මේ වෙනකොටත් ඇමතිකමේ හිටියා නම්, ලෝකෙම හොඳම සෞඛ්‍ය ඇමැති වෙන්න තිබුණා...!

:       0       9

Cha Sunday, 17 March 2024 04:14 PM

දොස්තරලාගේ පඩිය ලක්ෂ 10ක්වත් කළ යුතුයි. නැත්නම් ඉතිරි වෛද්‍යවරුත් නියම වටිනාකමක් දෙන රටවලට සංක්‍රමණය වෙයි.

:       4       11

Perera Monday, 18 March 2024 06:21 AM

ඒකට මොකද ඔය තත්වයට රට පත්කරපු අය නැවත වරක් ඡන්දෙ ඉල්ලනවා රට ගොඩගන්න.

:       0       1

ranjith Monday, 18 March 2024 10:21 AM

ඔක්කොම පිරිහිලා.පැරණි දාගැබක් පවා පුපුරවලා කියලා අද පත්තරේ තිබුනා .රාජා බවතු දම්මිකෝ කියලා තමා කියන්න තියෙන්නේ .මේ රටේ දෙවිවරු වගේ රජවරු හිටපු රටක .ඒකට අද ??

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 426 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1738 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 1083 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1825 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 1275 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38530 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25367 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 921 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site