මහා බ්‍රිතාන්‍යයේ ලෙස්ටර් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. භික්ෂුන් වහන්සේ 13 නමක් වැඩම කළහ. පිංකමේ ප්‍රධාන දායකත්වය වෛද්‍ය කපුගම සහ වෛද්‍ය හන්වෑල්ල දෙපවුලෙනි.
මැන්චෙස්ටර් කේතුමතී විහාරාධිපති පිදිවීල්ලේ පියතිස්ස නාහිමි, ලෙස්ටර් බෞද්ධ විහාරාධිපති දුනුකයවත්තේ රතනජෝති හිමි, ලේච්වර්ත් ධර්මායතනාධිපති අකුරල සමිත නාහිමි, ලන්ඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන හිමි, බර්මින්හැම් ජේතවන විහාරවාසී මාපලගම සෝරත හිමි ඇතුලුව බර්මින්හැම් මහා විහාරය, තේම්ස් බෞද්ධ විහාරය සහ වුල්වර්හැම්ටන් බෞද්ධ විහාරය නියෝජනය කරමින් මහා සංඝරත්නය මෙම පින්කමට සහභාගී වුහ.
"ඊස්ට් මිඩ්ලන්ඩ්" බෞද්ධ සංගමයේ වෛද්‍ය ටෝනි ෆ්ලෙචර් විසින් ලියන ලද බෞද්ධ ග්‍රන්ථයක් ද එදින එළිදැක්විණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාමත් කඨින පින්කම් තියෙනවද ? මෙහෙනම් ඉවරයි මේ වෙනකොට. විනය නීති වලට එකඟයිද ? (ස)
අනේද කියන්නේ මෙහෙම පින්කමකටවත් දායක දායිකාවන්ට බිම වාඩිවෙන්න බැරිද මන්ද.දැන් කොහොමත් ආගම නවීකරණය වෙලා... (ස)
සාධු....සාධු....සාධු.... (දී)