IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ලෙස්ටර්ගේ සම්මානය කඩුවෙල-කොල්ලුපිටිය බසයකින් හමු වෙයි

(දිල්රුක්ෂි ග්‍රේරු සහ ඉන්දිකා රාමනායක)

අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමි අතුරුදන් වු "රණ මයුර"සම්මානය කඩුවෙල කොල්ලුපිටිය බසයක තිබි අද (05) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.
ඉකුත් (02)දා එතුමාගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර නිවසේ පැවැති ආගමික වතාවත් අතුරතුරදී මෙම සම්මානය කිසියම් පුද්ගලයකු සොරාගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන්  පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී  අතුරුදන් වු සම්මානය මාර්ග අංක  177 කඩුවෙල -කොල්ලුපිටිය බසයක ඇති බවට ලැබුණු තොරතුරු අනුව එම ස්ථානයට ගිය  කොල්ලුපිටිය පොලිසිය  සම්මානය පොලිස් බාරයට ගෙන තිබේ.

බසයේ රියදුරු හා කොන්දොස්තරවරයා මේ සම්බන්ධයෙන්  තොරතුරු ලබා දුන් බව පොලීසිය සඳහන් කළේය.

සොයාගත් මෙම සම්මානය නිවසින් අතුරුදන්වු සම්මානය බව ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ බිරිඳ සුමිත්‍රා පීරීස් මහත්මිය හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.  


සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.
 



අදහස් (14)

ලෙස්ටර්ගේ සම්මානය කඩුවෙල-කොල්ලුපිටිය බසයකින් හමු වෙයි

Jehaan Saturday, 05 May 2018 05:29 AM

පදක්කමට කකුල් ඇවිත් වෙන්න ඇති. ටිකක් වාතාශ්‍රයක් ලැබිලා විවේක සුවයෙන් ඉන්න ගෝල්ෆේස් යන්න හිතාගෙන කොල්ලුපිටියේ බස් එකට නැගලා.

:       1       19

sanath Saturday, 05 May 2018 05:40 AM

ලෙස්ටර් ජේම්ස් පීරීස් පදනම කියලා එකක් හදලා ඔය සම්මාන සහතික ඇඳුම්, පැළඳුම් පොත්පත් කඩුකස්ථාන ඔක්කොම මහජන ප්‍රදර්ශනයට දාලා තියන්න පුළුවන්... අර මීගමුවේ තියෙන රුක්මනී දේවි පදනම වගේ.

:       3       36

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Saturday, 05 May 2018 05:56 AM

මොනවා වුණත් හිත හොඳ හොරෙක්...

:       53       52

Picchar pissaSaturday, 05 May 2018 07:35 AM

ලැබුණු සම්මාන සහතිකය වේදිකාවේදීම ඉරන අධ්‍යක්ෂවරු සිටින රටක සම්මානය ලෙස්ටර්ට අවසාන ආචාරයට නිදහස් චතුරස්‍රයට යන්න ඇති 177 බසයේ...

:       1       7

Mahee Saturday, 05 May 2018 07:10 AM

කඩුවෙල වසන්ත, රණාලේ සමයං, ආදී වශයෙන් කඩුවෙල සහ අවට හුඟක් ප්‍රසිද්ධ හින්දා කවුරු හරි මේක අපේ ගමේ බස් එකක් ඇතුලේ තැන්පත් කරන්න ඇති...

:       13       16

rohan Saturday, 05 May 2018 08:12 AM

ලැජ්ජාවක් නැති මිනිස්සු.. මේ මහා කලාකරුවගේ සම්මානය හොරකම් කරන්න තරම් රටේ මිනිසුන් ඉතාම පහත් තත්වයට වැටිලා. සාරධර්ම නැතිවෙලා. මුදලට ලෝභ වෙලා. බොහොම කණගාටුදායක තත්වයක්...

:       0       124

nirmala Saturday, 05 May 2018 08:27 AM

සාමාන්‍ය මිනිහෙක් හෝ කීපදෙනෙකු මෙය හොරකම් කරන්න ඇතියි සිතිය හැකිය. මොකද නීතිය ක්‍රියාත්මක වන්නේ පොඩි මිනිස්සුන්ට නිසා...? වැදගතුන් කළා නම් යට ගහනවා..

:       4       91

ජගත් ලියනගේ Saturday, 05 May 2018 08:33 AM

මොකක්ද ඕකේ ඇත්ත කතාව? ඉස්සෙල්ලා කිව්වා ඕක නැති වුණේ ලෙස්ටර් මහතා නැතිවුණු වේලාවේ කියලා. ඊට පස්සෙ කිව්වා අවුරුදු 25 කට ඉස්සෙල්ලා කියලා. දැන් කියනවා 177 බස් එකක් ඇතුළේ තිබිලා හම්බ වුනයි කියලා. අපිට උභතෝකෝටික ප්‍රශ්නයක්...

:       111       5

tommy Saturday, 05 May 2018 11:10 AM

මෙය පැහැදිලිවම අවමගුලකට පැමිණ කල පහත් ගණයේ හොරකමක්... මෙයින් උගත යුතු පාඩම නම්, අද කාලයේ නිවසේ අවමගුලක් හෝ වෙනයම් උත්සවයක් තිබෙන අවස්ථාවක, නිවසේ ඇති වටිනා භාණ්ඩ "අමුත්තන්ගේ" ඇසට නොපෙනෙන සේ සඟවා තැබීමයි.

:       0       76

පිටිගල මිලානෝ Saturday, 05 May 2018 11:21 AM

කන්කොටාද දාලා ගිහිල්ලා තියෙන්නේ?

:       0       3

minipe Saturday, 05 May 2018 07:36 PM

සම්මානයක්, මිල මුදලින් ඇති වටිනාකමක් නැත. වටිනාකම තිබෙන්නේ එය ලැබුණු එක ගැනයි. ඔන්න ඔහේ ඕක ගැන කතා කරන එක ගැන අත්හරින්න.

:       0       0

padmini Saturday, 05 May 2018 07:41 PM

බස් ඩ්‍රයිවර් ඉස්සුවා වෙන්න බැරිද..? ඔය අය හොරු..

:       0       0

sirimal Saturday, 05 May 2018 09:49 PM

ලෙස්ටර් මැතිඳුන්ගේ "ගම්පෙරළිය" සඳහා නවදිල්ලි චිත්‍රපට උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙසට එහි නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහ මහතාට පිරිනැමූ රණ මයුර සම්මානය චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරය දැරූ කාලයේ එතුමා විසින්ම චිත්‍රපට සංස්ථාවට බාර දුන් අතර එය සංස්ථාව සතුව තිබියදී අතුරුදහන්ව ඇති බව ප්‍රවීණ සිනමා රංගන ශිල්පියෙකු පැවසීය. ලෙස්ටර් මැතිඳුන්ගේ අවමංගල්‍ය දිනයදා පටිගත කරන ලද වීඩියෝ පරීක්ෂා කරද්දී එතුමන්ගේ ඥාති සොයුරියක් සතුව තිබූ දුරකථනයක් හොරා ගන්නා සිද්ධියක්ද හෙළිවිය. මේ වනවිට ලංකාව හොරුන්ගේ පාරාදීසයක් බවට පත්ව ඇති බවට මේවායින් පෙනෙයි. පෙරදා රොබට් නොක්ස් ලියූ ‘එදා හෙළදිව‘ නමැති සුප්‍රකට ග්‍රන්ථයේ එවකට අප රටේ සිටි සිංහල මිනිසා ගැන ලියා ඇත්තේ “සිංහලයෝ උදේ, සවස පිළිම වහන්සේලා ඉදිරියේ මල් පූජා කරති. භාවනාවේ යෙදෙති. හොරකම් අතිශයින්ම පිළිකුල් කොට සළකති. කිසිම සිංහලයකු කවරදාවත් හොරකමක් කළ බවක් මම නොදනිමි " කියාය. ඒ එදාය. අද රටේ ඉහළ සිට පහළ දක්වාම සියල්ලෝම හොරකම් කරති. එසේ කරමින් නොකළා යැයි බොරුකියති. ලෙස්ටර් මැතිතුමාගේ සම්මානය යලි හමුවීම ගැන කෙනෙක් මෙසේ ලියා තිබුණි. “දේශපාලන හොරුන්ට වඩා ඔබ ශ්‍රේෂ්ඨ හොරෙකි"

:       0       2

sumudu Sunday, 06 May 2018 12:51 AM

ඔය වගේ දේවල් ප්‍රසිද්ධ කරන්න එපා... සිංහලයා කියන්නේ අශීලාචාර ජාතියක් කියලා එළිවෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 93 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 184 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2616 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 754 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 244 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 605 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site