(ඩයනා උදයංගනී)
විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවත් ජාතික විගණන සේවය මෙතෙක් ස්ථාපිත නොකිරීම නිසා ඇතිවූ කළකිරීම් මත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම නිලධාරීන් 80 දෙනකු පමණ පසුගිය මාසයේදී ඉන් ඉවත්ව වෙනත් තනතුරු සඳහා ගිය බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
එදා විගණන පනතට බාධා කළ අයම දැන් විගණන සේවය ගොඩනැගීමට බාධා කරන බව කී විගණකාධිපතිවරයා එය සම්මත කරගැනීමට ජනාධිපතිවරයා කොතෙක් උත්සාහ කළත් නිලධාරීන් මැලිකමක් දක්වන බව පෙනෙන්නට ඇතැයි ද සඳහන් කළේය.
ජාතික විගණන සේවය ගොඩනැගුණු පසු විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණ ස්වාධීන ආයතනයක් බවට පත්වන බව කී ගාමිණී විජේසිංහ මහතා විගණන සේවය ශක්තිමත් වීම තමන්ගේ වංචා දූෂණවලට බාධාවක් නිසා ඇතැම් නිලධාරීන් එයට විරුද්ධ බව ද කීවේය.
රාජ්‍ය විගණන සේවය ස්ථාපිතවීම හරහා නිලධාරීන්ට දිය යුතු පහසුකම් දීමට නොහැකි වීමෙන් ඇතැම් නිලධාරීන් තුළ කළකිරීමක් ඇතිව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
විගණකාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී අද (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට එක්වෙමිනි.
විගණන සේවා කොමිෂන් සභාව සම්බන්ධ යම් ගැටලූ තිබෙන බව කී විගණකාධිපතිවරයා මේ වන විට එයට තිබෙන්නේ අඩු රාජකාරී ප්‍රමාණයක් බැවින් විශාල මුදලක් වැය කර කාර්ය සාධනයක් නොමැති ආයතන පවත්වාගෙන යාමේ තේරුමක් නැතැයි ද කීවේය.
එය ගැන ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී නැවත සිතා බැලිය යුතු බව තමන් යෝජනා කරන බව ද ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේය.
මූල්‍ය විනය ආරක්ෂා කිරීම දාමයක් බව කී විගණකාධිපතිවරයා විගණනය යනු එහි එක් පුරුකක් පමණක් බැවින් එම පුරුක කොතරම් ශක්තිමත් වුවත් දාමයේ වෙනත් පුරුකක් දුර්වල වුවහොත් ප්‍රතිඵල ලැබිය නොහැකි බව ද කීවේය.
දේශපාලන ඇ`ගිලි ගැසීමකින් තොරව කටයුතු කරගෙනයාමේ හැකියාව විගණකාධිපති කාර්යාලයට ලබාදී එය ශක්තිමත් කළා සේම දාමයේ සියලූ පුරුක් ශක්තිමත් කළ යුතුයැයි හෙතෙම කියා සිටියේය.
දෙපාර්තමේන්තුව මගින් වසරකට වාර්තා 1500ක් පමණ නිකුත් කළත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ වාර්තා දෙකක් වැනි ප්‍රමාණයක්. බව කී විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු රැුස්වන දිනවලින් මාසයකට දින දෙකක්වත් විගණකාධිපති වෙනුවෙන් වෙන් කළ යුතු බව තමා යෝජනා කරන්නේ යැයිද කීවේය.
තම දෙපාර්තමේන්තු වාර්තා මගින් වරදකරුවන් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට ඊළඟ දවසේ උසස්වීම් ලැබෙන අවස්ථාත් තිබෙන බව කී විගණකාධිපතිවරයා එවිට වාර්තාවල වටිනාකම නැතිවන බව ද ප්‍රකාශ කළේය.
පසුගිය දශක දෙකක කාලයේ රටේ මූල්‍ය විනය කඩාවැටීමට දේශපාලන අධිකාරියත් හේතුවූ බව කී විජේසිංහ මහත දූෂණ වංචා නැතිකර මුදල් අවභාවිතය වැළැක්වුවහොත් රාජ්‍ය වියදම්වලින් සියයට 25ක් අවම වශයෙන් ඉතිරි කරගත හැක බවත් එවිට ණය අර්බුදයෙන් පවා ගොඩ ආ හැකි බවත් කීවේය.
තමාගේ විශ්‍රාම ලබන කාලය එළඹී ඇතැයි ද කී විගණකාධිපතිවරයා ඒ වෙනුවට නව විගණකාධිපතිවරයෙක් කඩිනමින් පත්කර එවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එවිට තමා අතරමග නවත්වා ඇති කටයුතු ගැන ඔහු දැනුවත් කර විශ්‍රාම යා හැකි බවත් කියා සිටියේය.
පුත්තලම අධ්‍යාපන කලාපයෙ උසස් පෙළ මධ්‍යස්ථාන දෙකක මහ වැසි හේතුවෙන් සිසුන්ට යම් බාධා එල්ල වු බව පුත්තලම කලාප අධ්‍යාපන අධ්යක්ෂ අර්ජූන අබේරත්න මහතා අද ප
පාදුක්ක වටරැක හල්බරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි එකසිය පණහකට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අම
උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විගණන සේවය නැති නිසා දක්ෂයෝ 80ක් දෙපාර්තමේන්තුව හැරයති
d.upul Wednesday, 27 February 2019 11:56 AM
ඔය කාගෙන්වත් එහෙම ස්ථාපිත කිරීමක් බලාපොරොත්තු වෙන්න එපා. මහින්ද සිරිසේන රනිල් නඩය 2020 දී වත් පලවා හරිමු.
japanaWednesday, 27 February 2019 12:08 PM
ඔයාගේ හිතේ තියෙන සෙට් එක අවංක පුද්ගලයෝද?
d.upulWednesday, 27 February 2019 12:39 PM
ඇයි ඔයාගේ හිතේ ඉන්නේ ලපයද?
UpulWednesday, 27 February 2019 12:49 PM
ඔව්, නීතිවේදී නාගනන්ද මහතා...
smnWednesday, 27 February 2019 12:36 PM
ඇත්තෙන්ම ඔය සෙට් එක ජොබ් එකට දේශපාලනය කරන උදවිය.. ඔය පරණ හංකඩ එපාවෙලයි අපි ඉන්නේ... සේරම රැවටිලිකාරයන්.. වෙලාව එනකොට විකල්ප අපේක්ෂකයෝ ඉස්මතු වේවිද කියා බලමු.
RaveendraWednesday, 27 February 2019 01:06 PM
ඔබ අදහස් කලේ රතු හැට්ටකාරයෝ නොහොත් රතු චීත්ත කාරයන්වද? අපට නම් "දියවන්නා ඔයේ 225ම කැලෑ වෙච්ච කුළුහරක් රෑනක් " විතරයි.
MaheeWednesday, 27 February 2019 04:33 PM
හරියට හරි. ක්‍රියාවෙන් තමන්ගේ අවංකකම ඔප්පුකර ඇති නාගානන්ද තමයි අපේත් පැතුම...
විජිත් Wednesday, 27 February 2019 08:10 PM
මමත් එතුමා ගැන ගොඩක් පැහැදිලා ඉන්නේ.පසුගිය කාලයේ මම චන්ද ' මිස් ' කළා කැමැත්තෙන්ම. ඒ මොකවත් නිසා නොවෙයි , චාන්ද දායකයින්ගේ නම් දැක්කම අප්පිරියා නිසා..දියවන්නාවේ දැනට ඉන්න එකෙකුටවත් මමනම් චන්දය දෙන්නේ නැහැ.මම ජීවිතයේදී චන්දය පාවිච්චි කරලා තියෙන්නේ එකම එක වතාවකයි.මම චන්දය දීපු අපේක්ෂකයා බොහොම ඉහලින් දිනුවා.ඊට පස්සේ ඔහුට රට වැසියන් පමණක් නොව ඔහුවත් අමතක වුනා.එයින් පස්සේ මම කාටවත් චන්දය දීලා නැහැ.මේ සැරේනම් චන්දයක් තිබ්බොත් ලෝකයේ කොහේ හිටියත් ලංකාවට ඇවිත් නගානන්දට චන්දය දෙනවා.මේ කතාවේදී සමහර මහත්වරුන් මගෙන් අහන්න පුළුවන්.." ඔබට නාගානන්ද අවංක කෙනෙක් කියලා ෂුවර්ද ..? " කියලා..මම අහනවා " එතකොට අවුරුදු 70ක් රට කාපු ඇම්ඩන් ලා ටික අවංකද..? " කියලා.හැබැයි...මට හිතෙනවා මේ තමයි අපිට ලැබෙන අන්තිම ' චාන්ස් ' එක. මේ සැරේ අපිට වැරදුනොත් ..නාකි ඇම්ඩන්ලා හෙවත් පොලිටිකල් ඔස්තාර්ලා බලයට එන අන්තිම වතාව වේවි සමහරවිට...ඊට පස්සේ රට හමුදාව පාලනය කරාවි, මොකද වෙනත් විකල්පයක් නැතිනිසා.
tdSaturday, 02 March 2019 02:19 PM
අවංක යමක් රට වෙනුවෙන් කිරීමට කැපවෙන සහ උවමනාවත් තිබෙන විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට සේවා දිගුවක් ලබාදීමට හැකියාවක් නැතිද
Raveendra Wednesday, 27 February 2019 12:30 PM
ජාතික විගණන සේවය ස්ථාපිත කලොත් ගවයන් 225ටම ඇඩ්රස් නැතිවෙන නිසා කිසිදිනක මෙවන් තක්කඩින්ගෙන් එවන් දෙයක් බලාපොරොත්තු විය නොහැක. ඉහළ සිට පහළම තනතුර දක්වා හොරකම, ජඩකම හොඳින් ව්‍යාප්ත වී ඇති අවධියක " ඔබ වැනි අවංක නිලදරුවකු රජයේ සේවයේ යෙදී සිටීමත් ආශ්චර්යයකි. " වංකයන් " දිනෙන් දින හතු පිපෙන්නා සේ බිහිවීම ඉතාම කණගාටුදායකයි.
සිරිබිරිස්Wednesday, 27 February 2019 02:30 PM
විගණකාධිපතිතුමා කියන්නේ අදාල පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවත් එය ක්‍රියාත්මක කලයුතු ඉහළ නිලධාරීන් එය කරන්න දෙන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් ක්‍රියාත්මක කළයුත්තේ මන්ත්‍රීලා නොවෙයි, රජයේ නිලධාරීන් කියන කණ්ඩායමයි එය තේරුම් ගෙන අදහස් දක්වන්න.
BamunuarachchiThursday, 28 February 2019 04:41 AM
සිරිබිරිස් උන්න්හේ මෙතන කතා කරන්නේ රාජ්‍ය විගණන සේවය ස්ථාපිතවීම ගැන. රාජ්‍ය විගණන සේවය කියන්නේ කුමක්ද කියා දනගෙනද ඔය කතා කොරන්නේ. රාජ්‍ය විගණන සේවය ඇති උනොත් එය ස්වාදීනයි එයට ඇඟිලි ගහන්න කිසිවෙකුට බැහැ. උදා. වෛද්‍ය සේවය, මිනින්දෝරු සේවය වැනි ඒවා. මේවා වෙනම කවුන්සල් මගින් පාලනය වෙන ඒවා. ඒවාට ඇඟිලි ගැසීමට දේශපාලුවන්ට ඉඩ නැත. වෘත්තියට පිටින් රිංගවන්නත් බැරිය. එනිසයි දේශපාලුවෝ රාජ්‍ය විගණන සේවය ඇති කරන්න භය. විශ්‍රාම ගිය ආමි කාරයින්ව රිංග වන්න බැරිය.
RaveendraWednesday, 27 February 2019 03:48 PM
සිරිබිරිස් මයා වෙත, ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. ඉහළ නිලධාරීන් යනු එක එක දේශපාලකයන්ගේ ඇම්බැට්ටයන් නොවේද? මෙය ක්‍රියාත්මක වුවහොත් මූලිකවම බඩට වදින්නේ දේශපාලකයන්ට මෙන්ම ඔබ පවසන ඉහළ නිලධාරීන් ට නොවේද? එමගින් ගම්‍ය වන්නේ "දේශය පාලු කරන නිවටයන් තිරය පිටුපස සිටින ගමන් ඉහළ නිලධාරීන් යයි කියන හෙන්චයියන් සමග " නාටකය රඟදක්වනවා නොවේද?
Ramendra Wednesday, 27 February 2019 12:46 PM
ජනාධිපතිතුමාගේ මල්ලි ඉන්න ටෙලිකොම් එක කරුණාකරලා ඉක්මනට විගණනය කරන්න පුලුවන්නම්. ටෙලිකොම් සේවකයන්ගේ ඉල්ලීමක්...
Mahee Wednesday, 27 February 2019 05:15 PM
දක්ෂතා තියෙන කෙනා විගණන දෙපාර්තමේන්තුව පමණක් නොව හැකිනම් රටත් හැර යනවා. එහෙම යන්න බැරි පිරිස රටේ රැඳිලා මොන මොනවා කරලා ජීවිකාව කරගන්නවා. වංචාව හොරකම හැර වෙන මොකකටවත් දක්ෂතා නැති පිරිස දේශපාලනේට ඇවිත් අර දෙගොල්ලන්ටම වඩා හොඳින් ජීවත්වෙනවා.
kandy Thursday, 28 February 2019 05:18 AM
මෙයාගේත් කයිවාරුව විතරයි කරන දෙයක් නෑ....