(යොහාන් භාසුර)
ආණ්ඩුව වංචා දූෂණ සෙවීමට පත් කරන කමිටුවලින් අපේක්ෂිත අරමුණු ඉටු කළ නොහැකි බවත් එම කමිටු ‘හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ’ වැඩක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
වංචා සහ දූෂණ පිටු දැකීමට නම් අවංක දේශපාලන මැදිහත් වීමක් විය යුතු බවත් අයි.එම්.එෆ්. නියෝජිතයින් දුන් මුදල පිළිබඳව ඔවුන් පසුවිපරමක් කළ යුතු බවත් මහාචාර්යවරයා කීය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නාමයෙන් මහජනතාව අන්ත දුගී බවට පත් ඇති බව කී මාහාචාර්ය ජී. එල්. පීරිස් මහතා වර්තමාන ආණ්ඩුව සමාජ සාධාරණත්වය අමු අමුවේ උල්ලංඝනය කරන බව ද සඳහන් කළේය.
අයි.එම්.එෆ්. ණය යෝජනා ක්‍රමය ඵල දැරීමට නම් ජනතා වරමක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් මැතිවරණ භීතිකාවකින් පෙළෙන වත්මන් ආණ්ඩුවට එය කළ නොහැකි බවත් ඒ මහතා පැවසීය.
ඉහවහා ගිය වංචා දූෂණ හේතුවෙන් අයි.එම්.එෆ්. ණය යෝජනා ක්‍රමයේ ප්‍රතිලාභ සාමාන්‍ය ජනතාවට නොලැබෙන බව කී මහාචාර්යවරයා පැවසුවේ ආණ්ඩුව හදිසි මිලදී ගැනීම් තුළින් වංචා, දූෂණ සහ අක්‍රමිකතා කරන බවත්ය.
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත
මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට
සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
වංචා දූෂණ සොයන කමිටුවලින් අරමුණු ඉටුකළ නොහැකියි
Hafeel Tuesday, 12 September 2023 03:52 PM
ඔයා මේවා කියන්නේ අවංකවමද? ගොඩාක් දූෂණ, වංචා කරලා තියන්නේ ඔයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරද්දී...!
LGP. JATHUNARACHCHI. Wednesday, 13 September 2023 06:47 AM
උදාහරණය - ශ්‍රී ලංකාවේ අල්ලස්