සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රචාරක කටයුතු කිරීමට ‘ඩී ටූ එස් ටූ‘ නමැති ප්‍රචාරක ආයතනයට ලබාදීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද සිදුකළැයි එහි හිටපු සභාපති ජයසුමන චන්ද්‍රවංශ පතිරාජට එරෙහි අල්ලස් නඩුව ජූලි 26 වැනිදා නැවත කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (30) නියෝග කළාය.
නඩුවේ ප්‍රධෘන සාක්කිකරු ලෙස නම් කර සිටි පැලවත්ත බත්තරමුල්ලේ පදිංචි ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සාක්කි ලබා දුන්නේය. තමන්ට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඇතුළින්ම ලැබුණු තොරතුරකට අනුව තමන් අල්ලස් කොමිසමට ගොස් පැමිණිලි කළ බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ දුෂණ මර්දනයට අවංක උත්සාහයක් ගන්න බව අපි දන්නවා. ඔබ නිසා ටිකක් හරි හොරකම් අඩුවෙනවා. ඒකට නම් අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. (ර)
අල්ලස ගැන හොයනවාට වඩා නරකද මේ තොරතුරු ලැබුනේ කොහොමද කියා හොයන එක. (ර)
රෝහිනී හරි. අල්ලස් ගන්න එක කොහොමත් වෙනවනේ. එ්ත් ඒවා එළිවෙන එක නතර කරන්න ඕනෑ. එතකොට අල්ලස් ගන්න බව කවුරුවත් දන්නේ නැහැනේ. (නි)
ජේවීපී එකෙන් මරපු අහිංසක මිනිස්සු වෙනුවෙන් සාධාරණය ඉටු වෙන්නේ නැද්ද ? (බ)