දෙවැනි ශ්‍රේණියට සිසුවකු ඇතුළත් කැර ගැනීම සඳහා රුපියල් ලක්ෂ එකහමාරක අල්ලස් මුදලක් ගත් බව කියන මාතලේ විජය ජාතික පාසලේ විදුහල්පතිනි දයා කළුආරච්චි ලබන 4 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි මාතලේ ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
විදුහල්පතිනිය වෙනුවෙන් මාතලේ තැපැල් කාර්යාලය අසලදී මුදල් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ඇයගේ හිතවතා රජයේ සාක්කිකරුවකු ලෙස මුදාහළ බව අල්ලස් කොමිසම අධිකරණයට දැන්වීය.
ඡායාරූප විරාජ් අබේසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන් හිනාව, හරිම සැහැලුවෙන් යනවා, ඔහොම යන් (අ)
පුර්නිමා කෙනෙක්ගේ ඇදුමෙන් මුදල් ඇති නැති බව කියන්නේ කොහොමද.?ලස්සනට ඇදලා හිටපු පලියට ඔය ඔක්කොම ප්‍රබුවරු නෙමේ.(දී)
කවුරු හරි කියන්න බලන්න අල්ලස් වසයෙන් ත්‍යාග හෝ මුදල් ලබා නොගන්න කෙනෙක් ලංකාවේ අද ඉන්නවද කියලා .(දී)
තමුන්ගේ ගරුත්වය කෙලෙස ගන්නේ කුමක් නිසාද. සාක්කි ඇත්නම් හිරේ යවන්න ඕනේ අනෙක් අයට පාඩමක් ලෙස.
එන විදියටම පේනවා කප්පන් කාක්කෙක් කියල සාරියත් ඔන්න ඔහේ ඇදගෙන (දී)
මේවා පෙන්න දුන්න කෙනාට පින්සිදුවෙව (අ)
විදුහල්පති මුදල් ගත්ත වෙන්නපුළුවන් නමුත් මෙතුමිය ලඟදි පාසලට පැමිනි අයෙක් වියහැකියි මෙහෙමදේවල් වෙන්නේ අංශ ප්‍රධාන ගුරුභවතුන්ගේ ඉල්ලීම මත කියලය් මම හිතනේ පුළුල් පරීක්ෂණයක් කලොත් හොඳයි (දී)
අල්ලස, දූෂණය, වංචාව, ගසා කෑම අපේ රටේ එන්න එන්නම වැඩිවෙනවා.(දිල්)
මැය මිට කලිනුත් මේ වගේ වැඩ කරලා තියනවා....... මේ පාර කෙසෙල් ගහට කොටලා හොට පටල ගත්තා.(අ)
''ඕවා දෙනු පරහට..තමා සම්මතයෙහි පිහිටා සිට..'' (අ)
ඇත්තටම මෙය මගේත් එක්ක එකට ඉගන ගත්ත කෙනෙක් ,නමුත් මෙය මේ වගේ දෙයක් කරන කෙනෙක් නම් නෙවි ,එත් අද මුදල් පස්සේ හබා යන කාලයක් නිසා මේක වෙන්න ඇතිද කියල මට හිතා ගන්න බෑ (අ)
මදැයි. හිතන්න ඇති මේවා කවදාවත් අල්ලන්න බෑ කියල. අනික මේ අල්ලස දුන්නු කෙනානේ පුදුම. නෑ මන් කියන්නේ ඔච්චර ගානක් දීල දානන්ත් ඉස්කෝලයක්ද....(දී)
අහිංසක බවක් මුහුණෙන් පෙනෙනවා වගේමයි ඇඳුමෙන් පෙනෙන්නේ වැඩිය සරු පාටක් නැති බවයි. (අ)
හැමෝම බලන්නේ ලෙහෙසියෙන් සල්ලි හොයන්න (දිල්)
කරන කලට පවු මිහිරිය මීසේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ ඇදින එපවූ දුරලන උප දේසේ නොදුන මැනවි තුන් දොර අවකාසේ (දිල්)
මේවත් වැරදි නිසා අල්ලන්ට ඕන නං තමයි. නමුත් මේවට වඩා ලොකු ගණන් පුරුද්දට වගේ පාගා ගන්න කෙරුං කාරයෝ නිදැල්ලේ අප්පා.(දී)
මෙහෙම වෙනකොට අනිත් කොට්ටෝරුවොත් බය වෙනවා. ඒ වගේම සල්ලි දෙන පිදේනි කාරයොත් අල්ලන්ට ඕන.(දී)
දැන් ළමයින්ට වඩා දඩුවම් කරන වෙලා තියෙන්නේ විදුහල්පති වරුන්ට. (ත)
මෙහෙම දේවල් වෙද්දි කොහොමද දරුවන් නිසි මග යවන්නේ (දිල්)
ගම්බද ඉස්කෝලවල එහෙම උනත් කොළඹ ඉස්කෝලවල එහෙම වෙන්නේ නැහැ (දිල්)
නමින් දයා උනාට ඇති දයාවක් නැහැ වගේ. තව ටික දවසක් යනකොට රිමාන්ඩ් එක පිරෙන්නේ විදුහල් පති වරුන්ගෙන්.(දී)
මීට කළිනුත් මේ විදියට කරලා ඇති.කෙසෙල් ගහට කෙටුවදාට හොට පැටලෙනවා කියන්නේ ඕක තමයි (දිල්)