IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විජයදාස රාජපක්ෂට තවත් ආචාර්ය උපාධියක්

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාට කොළඹ විශ්ව විද්‍යාලය ආචාර්ය උපාධියක් පිරිනැමීය.

එහි කුලපති ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරද ගුරු තුමන් අතින් ඔහු අචාර්ය උපාධිය ලබා ගත්තේය.

මීට පෙර  ඔහු කැලණි විශ්ව විද්‍යාලයයෙන් ද ආචාර්ය උපාධියක් හිමි කැර ගත්තේය.

‘1978 දෙවැනි ජන රජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  විධායක ජනපති ක්‍රමය  යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තහවුරු කිරීමට යොදා ඇති තුලනාත්මක සුරක්ෂිතතාවන්හි සළුලතාව‘ ඔහුගේ නිබන්ධනය විය.

කැලණි විශ්ව විද්‍යාලයයෙන් හිමි වු උපාධියේ නිබන්ධනය වුයේ  ‘බෞද්ධ ධාර්මිකත්ව සංකල්පය හා නූතන යුක්ති  විනිශ්චය ක්‍රමෝපායන් පිළිබඳ  තුලනාත්මක අධ්‍යයනයයි.‘

මීට පෙර අචාර්ය උපාධි දෙකක් හිමි කැර ගත් පාර්ලිමේනතු මන්ත්‍රීවරයා වුයේ ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන් එම් පෙරේරා පමණි.

rajapaksa

 

 



අදහස් (44)

විජයදාස රාජපක්ෂට තවත් ආචාර්ය උපාධියක්

ටෙනිසන් Thursday, 25 September 2014 04:38 AM

පාට කන්නාඩි වලින් බලල බුද්දීමතුන්ට අවනම්බු කරන්න තරම් අපේ මිනිස්සු අනුවන වීම ගැන කනගාටුයි .(දී)

:       0       0

විජිත Thursday, 25 September 2014 04:39 AM

මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද (දී)

:       0       0

නලිනි Thursday, 25 September 2014 05:20 AM

මේ තරම් මිනිස්සු ඊර්ෂ්‍යා මොකද (දී)

:       0       0

රංජිත් Wednesday, 24 September 2014 07:16 PM

මගේ.සුභ පැතුම් (නදී)

:       0       0

නලී Thursday, 25 September 2014 05:22 AM

දේසපාලන කුහක කමෙන් ඊර්ෂ්‍යාවෙන් මෙම සිදුවීම් දෙස බලන්න එපා. අද රටේ ප්‍රසිද්ද බොහෝ දෙනා පිටරටවලට ගිහින් විවිධ උපාධි ආචාර්ය පට්ටම් සල්ලිවලට අරගෙන එනවා. මෙවන් උගතුන්ට අපි ගරු කරන්නට තරම් සුන්දර සිතිවිලි වලින් පොහොසත් මිනිස් කැලක් වෙමු. (දී)

:       0       0

වසන්ත Wednesday, 24 September 2014 07:20 PM

මගේ සුබ.පැතුම් (නදී)

:       0       1

රජරට රත්නායක Thursday, 25 September 2014 05:33 AM

ආචාර්ය උපාදී දෙන ක්‍රම 3ක් වේ. එකක් නම් පරික්ෂන නිභන්ධනයක් හා ඒ සම්බන්ද සම්මුක පරීක්ෂණයක් සමත්වීම මගින්, අනෙක විෂයානුබද්ද ලිකිත විභාග මගින් සහ මේ දෙවර්ගයම මිශ්‍ර ක්‍රමය මගින්. ඩීඑස්සි සහ පිඑච්ඩී ලෙස ආචාර්ය උපාධියද වර්ග දෙකකි. පිළිගත් විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාදී සඳහා ලියාපදිංචි වීමටනම් සිසුවා පශ්චාත් උපාදී සමතෙක් වී සිටිය යුතුය. මෙයයි ඇත්ත... (දී)

:       0       0

රූපසිංහ Wednesday, 24 September 2014 07:50 PM

දර්ශන පති උපාධිය සමත් සිසුවකු ඉන් අනතුරුව, තම අධ්‍යාපන ආයතනය තුල වසර කිහිපයක් ආචාර්යවරුන් යටතේ ඔවුන්ගේ මග පෙන්වීම යටතේ කරනු ලබන පර්යේෂණාත්මක නිබන්දනයකට කොමිසමක් ඉදිරියේ තම නිබන්දනය කෙසේ කළාදැයි කියා කොමිසමේ සිටින ආචාර්ය වරුන්ට කරුණු ද්ක්වීමෙන් අනතුරුව ඒවා සැලකිල්ලට ගෙන ඔවුන් තම ශිෂ්‍යයාට ආචාර්ය උපාධිය පිරිනමනු ලැබේ. කිසියම් අධ්‍යාපන ආයතනයක් නැතිනම් විශ්වවිද්‍යාලයක් විසින් පිරිනමනු ලබන ආචාර්ය උපාධි ඒවා පිරිනමනු ලැබූ ගෞරව උපාධි ලෙස ගනු ලැබේ. උදාහරණයක් ලෙස, අප සුනිල් ආරියරත්නයන් ගෙන දැක් වියහැකියි. ඒ මක් නිසාද ඔහු විසින් සිංහල සහ ද්‍රවිඩ සාහිත්‍යට සහ රටට ඉදිරිපත් කල සහ කල සේවය නිසා ඔහු එවැන්නක් ලැබීමට සුදුස්සෙකු විය. නැතිනම් කුලපතිවරයකු කාලීනව බලපා ඇති මාතෘකා නිසා හෝ ඉදිරියේදී කිසියම් වෙනසක් ඇතිවේ යයි කියා සිතා පිරිනමනවා. විජේදාස රාජපක්‍ෂ මහතා පසු ගිය දිනවලදී ජනාධිපතිවරයාගේ ඇති බලතල ගැන විවිධ මත ඉදිරිපත් කලබව කව්රුත් දනී. (නදී)

:       0       0

ප්‍රභාත් Thursday, 25 September 2014 09:49 AM

ඔහු දක්ෂයෙක් (දී)

:       0       0

සනත් Wednesday, 24 September 2014 08:25 PM

නිබන්දනයක් ලියූ පමණින් ලබා දෙන ආචාර්ය උපාධිය නිර්වචනය විය යුතුයි. (දී)

:       0       0

උපාලි Thursday, 25 September 2014 06:17 AM

විශිෂ්ට බුද්ධිමතෙකුට ලැබුන, ලැබිය යුතු, නිසි ගෞරවයක් මේක. එතුමාට සුබ පතමි. (අ)

:       0       0

රත්නවීර Thursday, 25 September 2014 10:07 AM

ආචාර්ය උපාධියට ගිය කල (දී)

:       0       0

ලුම්බිණි Thursday, 25 September 2014 12:21 AM

ජී එල් පීරිස් මැතිතුමාගේ වැඩ දැක්කම මම හිතුවේ එතුමාට ආචාර්ය උපාධි තුනක් වත් ඇති කියල. (දී)

:       0       0

පුෂ්ප Thursday, 25 September 2014 12:36 AM

මොකක් සම්භාන්ධාවද මේ නිබන්දනය (දී)

:       0       0

බමුණු Thursday, 25 September 2014 12:48 AM

"ආචාර්ය උපාධියට ගිය කලක්," අයි එහෙම කියන්නේ ඔබට ඔය පොටෝඑකේ ඉන්න අය සමග වාඩිවෙන්න තරම් සුදුසු කමක් තිබෙනවද? දේසපාලනය බල්ලට දාන්න, ඒමහතත් බුද්දිමතුන් සමග ඉන්න බුද්දීමතෙක්. (දී)

:       0       0

සුනිල් මාපලගම Thursday, 25 September 2014 06:54 AM

නිකන් ලොකු තනතුරු දරන අයට දේශපාලකයන්ට සක්විතිලා වාගේ අයට අර අපේ අමතිලට දෙන උපාධි ඔක්කොම එකයි , මහන්සියෙන් ඉගෙන ලාබාගන උපාධිය තරම් වටින්නේ නැහැ (දී)

:       0       0

දෙවරක්කිත නාහිමි - Thursday, 25 September 2014 01:04 AM

ඔබ අප රටට අතිශයින් ආදරය කරන ගුණවත් නැණවත් බහුසුතයෙකි . ඔබගේ ග්‍රන්ථ නීතිය කලාව ආගම සාහිත්‍ය පෝසනයට මහත් දායාදයකි . පක්ෂ ගැන නොසිතා යහපත් මිනිසුනට ආශීර්වාද කිරීම යහපත් මිනිසුන් ගේ යුතු කම යි. ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු (දී)

:       0       0

උඩුමලගල ගමගේ Thursday, 25 September 2014 06:58 AM

මේ ආණ්ඩුවට කඩේ යන සම්පත්ලා වගේ අයගේ දැනුම සහ අවබෝදය මේකෙන්ම පේනවා. ... (දී)

:       0       0

ලක්මාල් Thursday, 25 September 2014 02:15 AM

බුද්ධියට නිසි තැන! (නි)

:       0       0

සම්පත් Wednesday, 24 September 2014 12:11 PM

ආචාර්ය උපාධියට ගිය කලක්,, (දී)

:       0       0

හේමන්ත Wednesday, 24 September 2014 12:19 PM

ඇයි, අරයට නැද්ද? (නදී)

:       0       0

ගමරාල Wednesday, 24 September 2014 12:34 PM

සම්පත් මහත්තයෝ, මර්වින් සිල්වාගේ ආචාර්ය උපාධියට සමාන කරලද ඔහොම කතාකරන්නේ? විජේදාස රාජපක්ෂ මන්ත්‍රී තුමා ගැඹුරු විදියට අධ්‍යනය කරලා නිබන්ධන ලියල එහෙම නේ ආචාර්ය උපාධි දෙකම අරන් තියන්නේ. මොලේ උඩ වාඩිවෙලා කතාකරන එක දැන්වත් නවත්තන්නකො.(දී)

:       0       0

ගංගා Wednesday, 24 September 2014 12:32 PM

ඔබතුමා ඉගෙන ගත්තු මිනිහෙක්නේ (දී)

:       0       0

නන්දන Wednesday, 24 September 2014 12:41 PM

ඔබතුමාට මගේ සුබ පැතුම් (දී)

:       0       0

රෝහණ Wednesday, 24 September 2014 12:56 PM

ගමරාල කියන කෙනා හරි. සම්පත් කියන කෙනා හරියට බන්දුල වගේ (දී)

:       0       0

රිකාස් Wednesday, 24 September 2014 12:58 PM

ඇති යාන්තන් පාර්ලිමේන්තුවට සුදුසු පුද්ගලයෙක් ආව. (දී)

:       0       0

ප්‍රින්ස් Wednesday, 24 September 2014 12:59 PM

නිබන්දනයක් ලියලා එ්කෙන් ලැබෙන උපාධිය පී.එච්.ඩී එක. පී.එච්.ඩී එකක් ගන්න ඉස්සෙල්ලම සාමාන්‍ය උපාධිය ශාස්ත්‍ර වේදී පාස් වෙලා ඊට පස්සේ ශාස්ත්‍රපති පාස් වෙන්න ඕනා. ඊට පස්සේ දර්ශනපති පාස් වෙන්න ඕනා. අවසාන උපාධිය තමයි ආචාර්ය උපාධිය. මේ හැම උපාධියකටම පොතක් ලියන්න ඕනා. නිබන්දනයක් ලෙස අර නිකන් දෙන්නේ ගෞරව උපාධි. ඒවා නමට මුලින් සිංහලෙන් දාන්න පුළුවන් එ්ත් ඩොක්ටර් කියල කියන්න වෙන්නේ නැහැ (නදී)

:       0       0

ධම්ම Wednesday, 24 September 2014 01:04 PM

ආචාර්ය උපාධිය පිළිබඳව මහ ජනතාවගේ ආකල්පය මොන තරම් සාපරාධී අයුරින් විකෘති කරලාද කියා හිතා ගන්න හොඳම ප්‍රකාශය කර ඇත්තේ සම්පත්. (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 24 September 2014 01:05 PM

මගේ සුභපැතුම්! (නදී)

:       0       0

කුෂාන්ත Wednesday, 24 September 2014 01:11 PM

මෙතුමා ඉගෙන ගත්තු කෙනෙක් කාටවත් මෙතුමාගේ උපාදිය හෑල්ලු කරන්න බැහැ (දී)

:       0       0

සිවරත්න තෙර Wednesday, 24 September 2014 01:33 PM

සුදුස්සාට සුදුසු තැන ලැබුුණු අාචාර්ය උපාධියක්. නියම උගත් බුද්ධිමත් තැනැත්තෙක් කියන්න වචන නැහැ ඒතුමාට තවත් බොහෝ කලක් වැඩ කරන්නට යෝධ ශක්තිය ලැබේවා (නදී)

:       0       0

සේන Wednesday, 24 September 2014 02:07 PM

සම්පත් මහත්මයා හිතාගෙන ඉන්නේ අර ඇමති තුමාගේ ආචාර්ය පට්ටම වගේ කියලා මේකත් (නදී)

:       0       0

අජන්ත Wednesday, 24 September 2014 02:21 PM

සම්පත්, "ආචාර්ය උපාධියට ගිය කලක්" යන ඔබේ අදහස ගැන පුදුම නොවෙමි. සිරස්තලේ දැක්ක ගමන් මටත් හිතුනේ එහෙම තමයි. නමුත් මෙම ආචාර්ය උපාධිය පිරිනමා තියෙන්නේ ඔහු විසින් රචිත නිබන්ධනයකටයි. (නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Wednesday, 24 September 2014 02:26 PM

ගමරාල, රෝහණ මහත්තයෝ ඔයාල දන්නේ නැද්ද සම්පත් සහ බන්දුල පෙරේරා කියන දෙන්න ආණ්ඩුවට කඩේ යන දෙන්නෙක් කියලා. විජේදාස රාජපක්ෂ කියන්නේ විරුද්ධ පක්ෂයේ ඉන්න උගත් මන්ත්‍රී කෙනෙක් කියල දන්නේ නැතුව ඇති. මෝඩකමට අපි සමාව දෙමු. (නදී)

:       0       0

සිල්වා Wednesday, 24 September 2014 02:35 PM

ඔබ තුමාට සුභපැතුම් (දී)

:       0       0

බුද්ධික Wednesday, 24 September 2014 03:59 PM

මෙතුමා දැනුම් සම්භාරයක් ඒක අපි පිලි ගන්න ඕනේ (දී)

:       0       0

මාගෙ දරගමගේ Wednesday, 24 September 2014 04:07 PM

මහාචාර්ය ජී එල් පිරිස් මහතාට ආචාර්ය උපාධි දෙකක් තියනවා (දී)

:       0       0

ජයලත් Thursday, 25 September 2014 04:08 AM

මිනිහෙක් අධ්‍යාපනයෙන් ඉදිරියට යනකොට අපි සතුටු වෙන්න ඕනේ (දී)

:       0       0

රවි ගනපතිපිල්ලේ Wednesday, 24 September 2014 05:44 PM

විවුර්ත ආර්ථික ක්‍රමය තුල ව්‍යාකුල උන මිනිසුන්ගේ තර්කානුකුල සිතීමේ කමය දැන් අබාවයට ගිහින්. මේ සමන් ...බන්දුල ...කියන පුද්ගලයන්ගේ සිතීමේ ක්‍රමවේදයත් අබාවයට ගිහින්.(දී)

:       0       0

රොහාන් Wednesday, 24 September 2014 05:56 PM

ඒ මනුස්සයා ඒ උපාදිය ගත්තේ පන්දම් අල්ලලා නොවෙයි (දී)

:       0       0

සෙනාරා සදුනි දහනායක . Monday, 05 April 2021 06:16 PM

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යනු , නීතිය, රට, දැය ,සමය වෙනුවෙන් කැපවී කටයුතු කළ අයෙකි. හෙතෙම ද්විත්ව ආචාර්ය ලෙසින් ද හදුන්වයි . ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද නිදහසෙ පියා ඩි . ඇස් නාට්‍ය පුරවැසි අධ්‍යාපනය විශයේ නියැළෙන සිසුන්ට ඉතා වැදගත්ය . ස්තුතියි ජනාධිපති නීතීඥ තුමනි ...

:       0       1

senara sanduni . Monday, 05 April 2021 07:40 PM

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා යනු නිතිය පිළිබඳ හසළ දැනුමක් ඇත්තෙකි . විටෙක ඔහු ජන දුක හදුනන සත් පුරුෂයෙකි . හෙතෙම ද්විත්ව ආචාර්ය ලෙසින් ද හදුන්වයි . එතුමා විසින් අධ්‍යක්ෂණය කරන ලද නිදහසේ පියා නාට්‍ය පුරවැසි අධ්‍යාපන විෂය හදාර ළමුන්ට ද වැදගත් වේ .

:       0       1

සෙනාරා සදුනි Thursday, 08 April 2021 07:54 PM

ආචාර්ය විජෙදාස රාජපක්ෂ මහතා නිතිය , කලාව , බුද්ධ ධර්මය , මාධ්‍ය අධ්‍යනය යන ක්ෂේත්‍ර පිළිබඳ හසළ දැනුමක් ලැබුවෙකි . ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන රුවන් වැකිය පැරණි පඩිවරයකු විසින් කියන ලද රුවන් වැකියකි . ලොකයේ පවත්නා ක්ෂේත්‍ර බොහොමයක් අතික්‍රමණය කළ ඔබවැන්නවුන් සොයා ගැනිම ඉතා විරලය .

:       0       0

සෙනාරා සදූනි Thursday, 08 April 2021 08:09 PM

බොහොමයක් මිනිසුන් දුරාචාර වලට පෙළබෙන්නේ ඉක්මන් හදිසි කෝපය ,එක් අයෙක් අනිකාට වඩා දක්ෂ නම් දක්ෂ පුද්ගලයාට ඉරිසියා කිරිමට පටන් ගනි . මෙය සමාජයේ කුමන ආයතනයක උවද අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ . කලාවට , ආගමට දහමට ලැදි පුද්ගලයකු සමාජයට පහළ විමෙන් ලංකාවේ සමාජ ක්‍රමයේ පවත්නා දුරාචාර අඩු කර ගත හැක . ඔබතුමා ද එවැන්නෙකි ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 339 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 171 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 404 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 1400 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 371 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 167 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38093 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 810 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site