අගය එකතු කිරීමේ වැට් බද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන ලෙස කාලි දෙවඟනගෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අද (25) මෝදර කාලි කෝවිලේ දී පොල් ගැසීය.
වීඩියෝ - ශාන්ත සෙනවිරත්න
අගය එකතු කිරීමේ වැට් බද්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වන ලෙස කාලි දෙවඟනගෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය අද (25) මෝදර කාලි කෝවිලේ දී පොල් ගැසීය.
වීඩියෝ - ශාන්ත සෙනවිරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ වැඩ කරන එකෙත් සීමාවක් තියෙනවා (නි)
අනේ මේ විහිළුකාරයෝ ටික දැන් පොල් ගහනවා. ඉස්සර වැට් වැඩිකරනකොට කට වහගෙන හිටපු මේ බහුශ්‍රැතයෝ දැන් පොල් ගහනවා (නි)
මේ අයද ආයෙත් බලය ඉල්ලන්නේ? (නි)
වැට් සහ දෙවියෝ අතර සම්බන්ධය කුමක්ද? (නි)
මෝදර කාලි කෝවිල අසල විශාල පොල් වත්තක් තියෙනවාද? දැන් මේ ගොල්ලෝ ගහන්නේ වතුවලින් කඩාගන්නා හොර පොල් වලින් නිසයි මං එහෙම අහන්නේ (නි)
මේ මිනිසුන්ට පිස්සුද පොල් ගහන්නේ? ලැජ්ජයි. දේශපාලකයන් වෙලත් කරන බොළඳ වැඩ දැක්කම. මේ මිනිසුන්වද පාර්ලිමේන්තුවට මහජනයා යැවුවේ? (නි)
අනේ මෙහෙමත් විකාර! (නි)
දෙවිවරු විහිලුවට ලක්කරන්න එපා (නි)
අනේ දෙයියනේ! මේ පොල් ගෙඩි ටික රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිසුන්ට බෙදලා දුන්නා නම්....ඒ මිනිස්සු වේලක් සරිකර ගන්නවා.... (නි)
වැට් බද්දට විරුද්ධ වීම අගය කරන්න ඕනෑ. නමුත් අපරාදේ පොල් නාස්ති කරනවට වඩා හොඳයි ඔලුව ගලේ ගහගත්තා නම්. (නි)
මෙතන ඉන්න දේශපාලකයින් ඔක්කොම වගේ බෞද්ධයන්. ඔවුන් තමන්ගේ ආගමෙන් පිහිටක් ඉල්ලන්නේ නැතුව වෙනත් ආගමකින් පිහිට ඉල්ලන්නේ අැයි? (නි)
අපරාදේ පොල් ටික! (නි)
ප්‍රවේශමෙන් මැතිතුමනි! කාලි මෑණියන් සමඟ සෙල්ලම් නොකරන්න. කටයුතු කළයුත්තේ හොඳට දැනගෙනය (නි)
ප්‍රවේශමෙන් මැතිතුමනි ! , කාලි මෑණියන් සමග සෙල්ලම් නොකරනු .කටයුතු කළ යුත්තේ හොදට දැනගෙනය (බ)
මහත්තයෝ ඔයා උගතෙකේ නේද ඇයි මේවගේ බාල වැඩ කරන්නේ. (බ)
මේවට දෙන ප්‍රචාර නවත්තන්ඩ ඕන. එතකොට හරි (බ)
හොර පොල් ද? (බ)
රටක් පාලනය කිරීමට සිටින දේශපාලකයන් මෙවැනි බොළඳ ක්‍රියාවල යෙදීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. දේශපාලකයන් අවස්ථාවාදීන් නොවන්නේ නම් ආගම ධර්මය තම දේශපාලන ගමනට යොදා ගන්නේ නැත. (බ)
ඔබ බෞද්ධයේ ක්ද? හින්දු කෙනෙක්ද? කාලි කියන්නේ යක්සනියක්. දේශයට සාප කරගන්නේ අපිමය . දුස්ටයන් රජවන විට සෙනග දුක්විදි. (බ)
මෝඩකමටත් සීමාවක් තියෙන්න ඕනේ මහත්තයෝ (බ)
මේ..වගේ අය ඉන්නේ ලංකාවේ විතරක් බව අපි අමතක නොකරමු .... ! (බ)
හබකෙන් බැරිනම් කෙමනෙන් කිව්වලු. කව්රු මොනවා කරලා හරි වැට් බද්ද නවතාගන්න පුළුවන් නම් ලොකු දෙයක්. (බ)
මේ බුද්ධිමතා සුදු පිරුවට ඇදලා කළොත් කරන්නෙම මෙවැනි වැඩක් ,ඉන්පසුව සිංහලලු , බෞද්ධලු .(බ)
මෙයාල ගිහින්පොල් ගහල රටට වැඩක් වෙයිද? (බ)
මෙයාලද සිංහල බෞද්ධ , මොනා කියන්නද මන්දා (බ)
කාලි දෙවඟනට බෑ ඕක නවත්තන්න එක පරාද කරන්න පුලුවන් දියවන්නාවෙි බූතයෝ 2/3ට විතරයි (බ)
මේ වගේ අන්ධ භක්තික අය ඉන්න රටක්. (බ)
ජය වේවා (අ)
රු 2500/= කින් ජීවත් වෙන්න පුළුවන් කිව්ව අය තමා මෙහෙම මෝඩ වැඩ කරන්නේ. (අ)
ගොන් බුරුවෝ ගහපියව් පොල්, හතර වරිගෙම නැතිවෙලා යන්න? මේ වගේ බෞද්ධයන් ඉන්න කම් රටට සෙතක් වෙන්නේ නැහැ. ඇත්තටම මුන්ට දහමක් තියනවද? මේ බෞද්ධයන් ද? අනුගමනය කරන්නේ බුදුන්වහන්සේගේ ඒ උතුම් දර්ශනයද? (අ)
මේවානම් රට හිනස්සන වැඩ ,ඒ කාලේ හරියට රට පාලනයකරනම් අද කෝවිල් ගානේ ලගින්න වෙන්නේ නැහැ . දැන්වත් ඔය විපක්ෂයේ ඉන්න ඇත්තෝ පාඩමක් ඉගෙනගත්තොත් හොදයි (බ)
මුන් පොල් ගහනවා නිකම් ඉන්න බැරුවට රටේ මිනිස්සුනට එලොව පොල් පෙනිලා මුන් දෙගොල්ලම කරපු සහ කරන හොරකම් වල අපරාධවල නිමක් නැතිව (බ)
මෙයා මොකද මෙච්චර දගලන්නේ 2500 කාල ඉන්න පුළුවන්නේ , මුන් මිනිස්ස්සු ගොනාට අන්දනවා, ඒ කාලේ කියන හැම දේටම හරි සර් කිව්වා, මේ වගේ වැඩකට නැති අයට වටිනා ඡන්දය දෙන්න එපා මිනිසුනේ (බ)
අනේ අපරාදේ මේ පොල්. ලංකාවේ පොල් සම්බෝලයක් එක්ක බත් කන්න ලැබෙන්නේ නැති කියක් ඉන්නවද? (බ)
දැන් මේකෙන් බලාගන්න පුලුවන්වෙයි කාලි මෑනියෝ ඉන්නවද කියල (අ)
අයියෝ මෝඩ හරක් රැලක් පොල් ගහනෝ ...(අ)
රු 2500ක් පවුලකට හොඳටෝම ඇති කියලා තර්ක කරපු හිටපු ඇමතිලා නේද මේ. මොනවද මේ කරන විකාර වැඩ? (අ)
තමන්ගේම ඔලුවේ ගහගත්තා නම් තමා හොඳ, රට නය උගුලක හිරකරේ මේ කට්ටියනේ (අ)
මේ ලංකාවේ උගත්තු යයි කියාගන්නා අයද? හිනා යනවා මේ වගේ මෝඩ වැඩ වලට. (අ)
කාලිඅම්මා පොල්ගෙඩියක් ගැහැව්ව කියල වඩින්නේ නැහැ ,ඔය වයසට ගිය හොඳට මෝරපු ,පැහිච්ච ඔලු ගෙඩි තුන ට කපුවට කියල හොඳ සවල් පාරක් කෑවනම් ඔය සේරම නවතියි (බ)
පොල් ගහන්න ඕනේ මුන්ගේ ඔලුවේ මොලේ පැදෙන්න (බ)
රෝහිතල වගේ පොල් සම්බෝල කාරයින්ට චුන් වෙන්න නම් කියාපු පොල් ගැහිල්ල. අනේ මෙහෙමත් අඥාන දේශපාලුවෝ ඉන්න රටක් ලෝකේ තවත් තියනවද? (බ)
ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව අඩුයි නේද මන්ත්‍රී තුමා? (බ)
උසාවි ගිහින් බැරිවෙච්ච පාර පොල් ගහල නවත්ත ගන්න හදන්නේ (බ)
ව්වා නම් නිකම් හිනා යන දේවල් හරියට උස කට්ටියට සිකුරිටි මිටි කට්ටියට කම්කරු කිව්වා වාගේ. (බ)
යකෝ එතකොට දැන් කාලි මෑණියොද අපට වැට් බද්ද දාලා තියෙන්නේ ඕං බලන්නකෝ ඒකෙත් හැටි හැබැයි ඇහුවොත් මුන් ඔක්කොම බෞද්ධ (බ)
මේ වැඩ මිත්‍යාවන් කියල මේ අය හොඳාකාරවම දැන ගෙන තමා කරන්නේ ජනතාව ගොනාට අන්දන්න පුළුවන් කියල ...මීළඟ බල හුවමාරුවට සැරසෙන හැටි තමා මේ...(බ)
ඔය මොට්ටු තියාගෙන දෙමල දෙවියන්ගේ පිහිට පතන්නේ ජාති ආලය වැඩි වෙලා වගෙයි (බ)
පොල් නාස්තිය වලකා, කන්ට නැති මිනිස්සුට දෙමු(බ)
ගුණවර්ධන අහිංසක දෙමව්පියන්ගේ ළමයින්ට බොරු උගන්නවපු බාහිර පන්ති තියල හොරට ගරපුව මිනිසුන්ට රුපියල් දෙදාස් පන්සීයක් ඇති කියල කියපු කෙනා (බ)
මේවට තමයි මෝඩ චූන් කියන්නේ (බ)
මේ කෝවිලේ ඉන්න කාලිදේවතාවියට කිසිම බලයක් නැහැ. මගේ වැඩපලට හොරුපැනල මට විශාල අලාභයක්වුණා . මගේ සමහර යාලුවො, නෑදෑයෝ මට පෙරැත්ත කළා මෝදර කාලිකෝවිලේ පොල් ගැහුවොත් හොරකම එලිදරව් කරගන්න පුළුවන්කියල. මම ථේරවාදී බුදුදහම අනුව ජීවත්වන පුද්ගලයෙක් නිසා කෝවිල්, දේවාලගානේ යන්නෙ නැහැ පිළිසරනක් බලාපොරොත්තුවෙන්. (බ)
ඇමතිතුමා, පාර්ලිමේන්තුවේ ඉන්න ටික අතුගෑවිලා යන්න පොල් ගෙඩියක් ගහන්න බැරිද? (බ)
මේ වගේ ඔලුවක් නැති අය රටක් පාලනය කරද්දී මේ රට දියුනු වෙයිද ඉතින්? අවුරුදු 10-15 රටේ වගකිය යුතු අමාත්‍යංශ කියක් නම් කළාද? නිකන් රටේ සල්ලි ගිල ගිල උන්න මිසක් මෙයාලගෙන් වුන සේවය කුමක්ද? (බ)
තුෂාර ඩුබායි වෙත 2500 න් කාලා ඉන්නේ කොහොමද මෙහෙම වැට් බදු ගහද්දි .. ඒකනේ මේ නවත්වන්න දෙයියන්ටවත් කියන්නේ .. අපි කවුරුවත් කැමති නැහැ මෙහෙම බදු වැඩිකරන එකට .. සහනාධාර දෙනවා වෙනුවට කරන්නේ බදු වැඩි කරන එකද ? (බ)
යකෝ කැමරා අරගෙන මුන් පස්සේ යන රැලකුත් ඉන්නවනේ මේ රටේ? මෝඩ මිනිසුනේ, කරන්න වැඩක් ඇත්තේම නැත්නම් ගෙදර බිම් කොටලා ගොටුකොල පාත්තියක් දා ගනිල්ලකෝ (බ)
ලංකාවේ මෝඩ අය හිතන්නේ පොල් ගහන්නේ හොඳකට කියල. වෛරය පිරිමහන්න ගිහින් තමන් තවත් අගාදෙට ඇදගෙන යනවා කියල මේ මිනිස්සු දන්නේ නැති හැටි....(බ)
ලොව සිටින හෝ සිටිය හෝ බුද්ධිමත්ම මිනිසා වු බුදුන් වහන්සේ ගේ ධර්මයවත් හරි හැටි නොදන්නා රැලක් මේ රට පාලනය කරද්දී අපි අසරණයි කියල දැනෙනවා අපේ හාමුදුරුවනේ (බ)
2500 කම පොල් ගහන්න ..(බ)
මාසෙටම වියදම 2500, 15% වැට් සමග 2875, මොකට පොල් පලනවද මන්ද (බ)
මේ ගොන් කම් කවදා නවතීද ? ලංකාවේ ඉන්න අසමත්ම දේශපාලකයින්ගෙන් කෙනෙක් (බ)
පහුගිය කාලේ කරපුවට ඔක්කොටම ඔලුව වනපු එවුන් අද ගිහින් ගහන පොල් උන්ටම තමයි ආපහු වදින්න ඕනේ (බ)
ඔබ වෙනුවෙන් පොල් ගැසීමට ලබන වරත් මාව පර්ලිමේන්තුවට යවන්න.. මට කළ හැක්කේ එපමණයි. (බ)
දෙවියන්ටත් නිකං ඉන්න දෙන්නේ නැහැ වගේ (බ)
පර්ස් එක තියනවද බලන්න (බ)
බන්දුල උපකාරක පන්ති වලදී ඉගැන්වුවෙත් විභාගය සමත් වෙන්ට පොල් ගසන්ට ඕන කියලද,(බ)
එදා හරියට වැඩ කළා නම් මෙහෙම පොල් ගහන්න වෙන්නේ නැහැ. දැන් කළ යුත්තේ ඔය පොල් තමන්ගේම ඔළුවල ගසා ගෙන තමන්ගේ ඔලු හරියට හදා ගන්න එකය. (බ)
මේ මිනිසුන්ට පිස්සුද පොල් ගහන්නේ මිත්‍යා වැඩ ලැජ්ජයි දේශපාලකයන් වෙලත් කරන බොලඳ වැඩ දැක්කම මේ මිනිසුන්වද පාර්ලිමේන්තුවට මහජනයා යැවුවේ (බ)
කකුල් දෙකේ හරක්. (බ)
දැන් රට ගෙවන්නේ මුන්ගේ පවු. (බ)
කුස රජතුමා මහරජාගේ ගෝලයෝ සමග ...දෙමල මිනිසුන්ට බැන බැන ඒ අයගේ කෝවිලේ (බ)
මේ වගේ අයද මන්ත්‍රී කම් කරන්නේ. තවම ගල් යුගේ ඉන්න අය (බ)
මෙතන කට්ටියගේ කතාව හරියට පොල් ගහන්නේ නැති, ඒ ගැන අහලාවත් නැති අය වගේනේ? කතාවේදී නම් ඔක්කොම බුද්ධිමත්තු. අනේ, අපි නොදන්නා ලයිව්? (බ)
බන්දුල දැන් සුමානයකට කලින් ඇමරිකාවේ රස්තිදු වෙව්ව් හිටිය කියල ආරංචියක් ලැබුන. ලොස් අන්ජෙලිස් පන්සලක කටිනෙට ඇවිත් හිටියලු. මේ දේශපාලුවෝ මිනිස්සු රවටන වැඩ කරන්නේ. හින්දු දෙවිවරුන්ට පොල්ගහල වැඩක් වෙනවනම් කල්කටව හතර මහා අපායක් වගේ තියෙන්නේ මොකද (අ)
දෙවියොත් කොපවෙයි මේ වගේ වැඩවලට. (අ)
මොන ගොබ්බයෝ රැලක්ද මේ? මුන් මොන ශත වර්ශයේද ජීවත් වෙන්නේ? (අ)
දෙවියන්ට ගහලා තියෙන්නේ කුරුවල් වෙච්චපොල් ,ගහන අයගේ ඔලුත් කුරුවල්වෙලා ,ගහපු පොලුත් කුරුවල්වෙලා .(අ)
මහජන මුදලින් නඩත්තු කරන මේ වගේ දේශපාලකයෝ මොකට පත් කරගන්නවද මන්ද (අ)
මේක මොඩ වැඩක් බනින්නත් කට්ටිය පොලිමේ නේද (අ)
පිස්සු නැත්නම් ෂෝක් අයියෝ සල්ලි (බ)
අනේ අනේ කිරිකොකා වගේ රෙද්ද ඇන්දට බොරු කියල රටේ ආර්ථිකය විනාශ කරපු කෙනෙක් දැන් පොල්ගහනවා ඕව එන්නේ තමන්ට වැට් එක ක්‍රියාත්මක කරන ක්‍රමවේදය වැරදි අත්‍යවශ්‍ය ආහාර වලට 1% දැනට පවතින බද්ද 2% දක්වා වැඩිකිරීමට යෝජනා කර ඇත (බ)
අපි අපිටම මඩු වලිගෙන් තලාගන්නට ඕනෑ. මේ වාගේ පටු අදහස්, බොළඳ දේවල් විශ්වාස කරන, දේවාල කෝවිල් පසුපස දුවන, පළිගැනීම වෙනුවෙන් පොල් ගසන තරමට පිරිහුණු දේශපාලකයන් පාර්ලිමේන්තුවට යවනවාට. රටක් දියුණු කිරීමට බුද්ධිමත් මනසක් තිබෙන 17 වෙනි සියවසේ අදහස් නොදරන කොටසක් අපේ රටේ නැද්ද කියා සිතෙනවා (නි)
අනේ ඇත්තට මෙහෙම ඇමතිලත් අපේ රටේ හිටියා නේද? (නි)
මෙයාලට සිංහල බෞද්ධයෝ කියන්නත් ලැජ්ජයි (නි)
මහින්ද මහත්තයා විනාශකළේ මේ කට්ටිය තමයි (නි)
දැන් කීපාරක් ඔහොම ගැහුවද? (නි)
කාලි දෙවගන දෙමළ ජාතීන්ගේ විශ්වාසක් බව සත්‍යයකි. අපේ දැනට අදහන හැම ආගමක්ම විදේශයකින් ඉම්පෝට් කළ ආගම්ය. ආගම යනු තම පුද්ගලික විශ්වාසයකි. මහජන මුදලින් රැකෙන වාහනයකින්, මේ තම විශ්වාසය තහවුරු කිරීමට ආගමික සිද්ධස්ථානයකට යාම, මගේ කළකිරීමට හේතුවේ. (නි)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්, විෂය කරුණු සල්ලි වලට ළමයින්ට විකුණලා තැනකට ආ මෙවැන්නන්ට කාලි මෑණියන්ගේ සෙනෙහස නෙමෙයි, ලැබෙන්නේ උදහස බව ඔවුන්ට නොවැටහේ (නි)
බන්දුල මහත්තයා ගහපු පොල් ගෙඩිය කැඩිලා නැහැ වගෙයි. පව්! (නි)
පොල් ගහන්න ඕනෑ මෙයාලා නෙමෙයි අපි (නි)
මේ රට හදන්න ඉන්න දේශපාලක උතුමෝ නේද? (නි)
අනේ හැබෑටම මෙහෙමත් විහිළු? (නි)
මේ එක්කෙනෙක් අර පාවිච්චි කළ බයිසිකල් කියලා බහාලුම් කීපයක් නිදහස් කරගෙන ගිය කෙනෙක් නේද? (නි)
මෙහෙමත් දේශපාලුවෝ? මීට කලිනුත් පොල් ගැහුවනේ. වැඩක් වුණාද? අපරාදේ පොල්! (නි)
මෙතුමා ඒ කාලේ අධ්‍යාපන ඇමතිකම කොහොම කරන්න ඇද්ද? (නි)
අද රටේ මිනිස්සු බුද්ධිමත්. ඔබතුමා කරපු දේවල් අපට අමතක නැහැ, පිරුවට ඇන්දට (නි)
වැඩක් ඇත්තේම නැත්නම් රටට බරක් නොවී, ගෙදරට වෙලා ඉන්නකෝ. අපි කන්න දෙන්නම්. ලෝකේ හිනස්සන්නේ නැතුව ඉන්න (නි)
මේ ඔක්කොටම ගහලා එළවන්න මිනිස්සු නැද්ද ලංකාවේ? (නි)
රු 2500/=න් ජීවත්වෙන්න කියපු අය අද මෙහෙම මෝඩ වැඩ කරනකොට බුද්ධිමත් ජනතාව තේරුම් ගනීවි කව්ද හරි කියලා (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මේ අයට නම් හොඳටම පිස්සු හැදිලා වගේ පෙනෙන්නේ. අනේ අපේ රටට ගිය කලක්. (නි)
බලයේ ඉන්නකොටත් මෙවැනි දේ කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
අනේ අපේ මේ මිථ්‍යා මතධාරී දේශපාලුවන්ට දැන්වත් නුවණ පෑදේවා! (නි)
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමාට පොල් ගහලා හොඳ පුරුද්දක් තියෙනවා වගෙයි. (නි)
ඒ වුණාට කියන්නේ නම් බෞද්ධ කියලා (නි)
කවුරු කළත් මේවා බොහොම බාල හා බොළඳ වැඩ (නි)
මෙයාලා ආගම දහමවත් හරයට අදහන්නේ නැහැ. දැන් දෙවියන්ට පගාව දෙන්න හදන්න වගේ යන්නේ. (නි)
මොවුන්ගේ කාලේ වැට් ගැහුවේ නැහැ වගේ හැසිරෙන්නේ. අප්පොච්චි 22% ගහනකොට කොහෙද හිටියේ (නි)
මේවා බලාගෙන කාලි අම්මා උදහස්වෙයි මේ කරන මෝඩ වැඩ දැකලා. (නි)
මේ කෝවිලේ ඉන්න දෙයියො අලුත් වැට් එක ගැන හොඳට දන්නවද? එහෙම නැත්නම් වැරදි විදියට තීන්දුව දෙයි. එහෙම වුණොත් පොල් ගණන් දවස්වල පොල්වලට ගිය සල්ලි අපරාදේ. (නි)
මමනම් අපේ දරුවන්ගේ රැකියාවල් පහත හෙලන්න එන ඉන්දියානුවන් එපා කියල පොල්ගහල සීනිගම ගිහිල්ල මිරිස් අඹරනවා ඉන්දියානු බඩුත් වර්ජනය කරනවා (බ)
බොහොම ස්තුතී අදහස් පල කෙරුවට. ජැටිය පවරා දීමට තිබුන ටෙන්ඩර් කොන්දේසි අැසුවානම් පොලව පලාගෙන යන්න හිතේවි. අනේ දෙවියනේ ඇයි අපේ මිනිස්සු මේවා කියවන්නේ අහන්නේ නැත්තේ. (බ)
ලංකාවේ තවම ජීවත්වන්නේ නුගත් ගෝත්‍රිකයින් පිරිසක්. (නි)