නොවැම්බරයේ අයවැය සමග වැට් යෝජනා යළි ගෙන ඒමට රජය සැරසෙන බවත් ජාවාරම්කරුවනට වාසි වන විදියට දේශීය ආදායම් බදු එකතු කිරීම පෞද්ගලික අංශයට පවරන්නට යන බවත් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා අද(14) පැවසීය.
කොටුව දුම්රියපොළ ඉදිරිපිට අත්පත්‍රිකා බෙදා දෙමින් ඔහු පැවසූයේ රාජ්‍ය ආයතන විකුණා විශ්‍රාම වැටුප් කපා ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කැර, මාලබේ වෛද්‍ය විද්‍යාලය අහෝසි නොකර රජය ගෙන යන රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව දිගටම සටන් කරන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි මෙච්චර කල් තිබුණ වැට් බද්ද දැක්කේ නැත්තේ අප්පච්චි ඇස් දෙක බැදලද තිබුනේ. දැන්ද සේරම පේන්න අරගෙන තියෙන්නේ.(අ)
සහෝදරයා, ඕක තමයි ඔය සහෝදරවරුම ගෝනි නැතුව කඩේ ගිහින් උදා කරපු " යහපාලනය" . ඔබට සතුටුයිද දැන් ? (අ)
ඔබතුමාලගේ කතාව විතරයි, අන්න වැට් ගෙනල්ලත් ඉවරයි!දැන් සනීප ඇති! (අ)
මේවා ඉතින් අපිට පේන්න කරන වැඩ (අ)
යථාර්ථය තේරුම් බේරුම් කරගන්න ඕනෑ. ඇත්තට මුහුණ දෙන්න ඕනෑ. එහෙනම් රටකට බදු නැතුව කොහොමද රටේ ප්‍රශ්න විසඳන්නේ? හැමදාම නිකන් කන්න බලාගෙන අත් බැඳගෙන පොරවාගෙන හිටියොත් හැමදාම කම්මැලියන් බිහිවෙන සමාජයක් තමයි අපට ඉතුරු වෙන්නේ. අපි අපේ රට වෙනුවෙන් යම්කිසි කැපකිරීමක් කරමු. එ්ක කාලීන අවශ්‍යතාවයක්. (නි)
බදු නැතුව කොහොමද රටක් දුවන්නේ? ජවිපෙට මාසයක් දීලා බලන්න කරන්න පුලුවන්ද කියලා. මේ බදු කොහොමද මහජන ප්‍රයෝජනයට ගන්නේ කියලා හොයලා බලන්න. පසුගිය කාලේ හොරකම් කරලා ණයවුණාම, මේ වගේ බදු වැඩිකරන්න වෙනවා. අනික පාඩු ලබන ආයතන නඩත්තු කරන්න ඕනෑ (නි)
කඩේ ඇතුළේ ඉඳගෙන කඩේ බඩු කිරන ගමන් සමහරු පාරිභෝගිකයාට කියනවා බඩු ටිකක් විතර හොඳ නැහැ කියලා. ඔය පොත දැන් කවුරුවත් කියවන්නේ නැහැ (නි)
ඔයාලත් මේක දැනගත්තේ පත්තරෙන්ද? (නි)
ටියුෂන් ගුරුවරු, ලෝයර්ස්ලා, සමහර දොස්තරලා හම්බ කරන ඒවා මේවට අහුවෙන්නේ නැනේ. (බ)
අපිව ගොනාට අන්දවන්නද හදන්නේ? අනේ මෙහෙමත් දේශපාලකයෝ! (නි)
කෝ අර අදහස් දාන දේශප්‍රේමී චතුරි, පද්මිණී? (නි)